ඉතින් කොහොමද කට්ටියට, ඔන්න මං අදත් අරගෙන ආව තවත් ජපන් හොල්මන් චිත්‍රපටයක්. හැමෝම මේක ගැන දන්නව ඇති. මේක තමයි ප්‍රසිද්ධ The Ring චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය. ඒ කියන්නේ Original ජපන් නිර්මාණය. මේක ආශ්‍රයෙන් තමයි Remake සියල්ලම හදල තියෙන්නේ. මේකට පස්සේ The Ring (2002), The Ring 2 (2005), Rings (201…

ඉතින් කොහොමද කට්ටියට, ඔන්න මං අදත් අරගෙන ආව තවත් ජපන් හොල්මන් චිත්‍රපටයක්. හැමෝම මේක ගැන දන්නව ඇති. මේක තමයි ප්‍රසිද්ධ The Ring චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටය. ඒ කියන්නේ Original ජපන් නිර්මාණය. මේක ආශ්‍රයෙන් තමයි Remake සියල්ලම හදල තියෙන්නේ. මේකට පස්සේ The Ring (2002), The Ring 2 (2005), Rings (2017) වගේ ප්‍රතිනිර්මාණ ගොඩක් ඇවිල්ල තියෙනවා. Ring (1998) එහෙමත් නැත්නම් Ringu (1998) අධ්‍යක්ෂණය සිදු කරල තියෙන්නේ Hideo Nakata කියන ජපන් අධ්‍යක්ෂකවරයා විසින්. Kôji Suzuki ගේ 1991 වසරේ නවකතාවක් පාදක කරගෙන තමයි මේක නිර්මාණයක කරල තියෙන්නෙ. පුරා පැයකුත් විනාඩි 36ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අයත් වෙන්නේ Horror|Mystery කියන කාණ්ඩයට. Imdb දර්ශකයේ 7.2 ප්‍රේක්ෂක මනාපයක් සහ Rotten Tomatoes වල 97% ප්‍රේක්ෂක පනාපයක් දිනා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. ඒවගේම Google පරිශීලකයන් මේකට 84% මනාපයක් ලබාදීල තියෙනවා. මුළ සිට අගට යනකම්ම භීතියෙන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. නොබලපු හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා.
කතාව වෙන්නේ, යාළුවෙක් වීඩියෝ පටයක් සම්බන්ධයෙන් වෙන අත්භූත සිදු වීමක් තවත් යාලුවෙකුට කියමින් ඉන්නවා. ඉතින් මේ සිද්දියම ඒ යාලුවත් මීට සතියකට කලින් අත්විඳල තියෙනවා. ඒ කතාව තමයි, මැදියම් රැයේ රූපවාහිනිය නරඹමින් ඉන්න අතරවාරයේදි රූපවාහිනියෙන් ගෑනු කෙනෙක් මතු වෙලා “තව සතියකින් ඔයා මැරෙණවා” කියල කියනවා. ඒත් එක්කම ගෙදර ෆෝන් එක රිං වෙන්න ගන්නවා. ෆෝන් එක ඉස්සුවම අනිත් පැත්තෙන් කියන්නේ “ඔයා ඒක බැලුවා” කියල. ඉතින් මේ කතාව කියල ඉවර වෙද්දිම මේ යාළුවගේ ගෙදරත් ෆෝන් එක රිං වෙන්න ගන්නවා. මං මේ කිවුවේ චිත්‍රපටියේ මුල් විනාඩි 05 විතරයි. ඉතුරු ටික ඔයාලම බලන්නකො.
නැවත උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම ජය. මං ගිහින් එන්නම්. බුදු සරණයි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-ray පිටපත් සඳහා අදාළ වේ.
3,336 downloadsDownload Ringu.1998.Baiscopelk.com_.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චානක ලක්ෂාන්
Subtitles
15 comments
Hashan M. Priyadarshana
Hashan M. Priyadarshana
බ්‍රෝ මේක blurayවලට ගැලපෙනවද :)
Hashan M. Priyadarshana
ගැලපෙන්නෙ නැත්තං මේකෙ blurayත් තියන නිසා blurayවලටත් ගැලපෙන්න sync කරනවද
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Shamal manojan
බොහොම ස්තූතියි සහෝ දුන්නු උපසිරැසියට. පින් සිදු වේවා මේ කැපවීමට.
Request.....
"Ringu" japanese movie collection
"Grudge" japanese movie collection
"Hellraiser" English movie collection
Omen 2 - 1978, Omen 3 - 1981, Omen 4 -1991
Boogeyman 2 - 2007, Boogeyman 3 - 2008
Candyman 1992, Candyman 2 - 1995, Candyman 3 - 1999, Candyman 4 - 2020
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි.මේ 3 ටත් සබ් දීලා ෆිල්ම් සීරිස් එක සම්පූර්ණ කරන්න
බලන්න සහෝ පුළුවන්නම්, Ring 2 (1999),Ring 0: Birthday (2000),Sadako (2019)
මේ සීරිස් එකේ ඉතුරු ජපන් ෆිලම් ටිකට සබ් තියනව සයිට් එකේ.ජය වේවා!Suranjan
Thanks jayawewa....!
isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට.. ජය !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanu Mikhail
Thanks
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එක blurayවලට update කරාට :) :)
Dewadithya
Thanks for sub!
Anonymous
Thanks
Emi
Thanks you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

තෑන්ක්ස් සබ් එකට :)