Watch Trailer

Mirai (2025) Sinhala Subtitles | කැප කිරීම [සිංහල උපසිරැසි]

Mirai (2025) Sinhala Subtitless ආයුබෝවන්, තවත් අළුත්ම තෙළිඟු චිත්‍රපට උපසිරැසියක් ඔබ වෙතට ගෙන එනවා. සුපර් හීරෝ ඇක්ෂන් ෆිල්ම් ගැන කතා කළොත් ඉතිං මුලින්ම එන්නෙ තෙළිඟු සිනමාව තමයි. විශාල ආදායම් ලැබූ තෙළිඟු චිත්‍රපටි අතරෙ මේකත් එතරම් ලොකු ආදායමක් නොලැබුවත් සැලකිය යුතු ආදායමක් ලැබුවා. ඉන්දියන් රුපියල් ක…

Mirai (2025) Sinhala Subtitless

ආයුබෝවන්, තවත් අළුත්ම තෙළිඟු චිත්‍රපට උපසිරැසියක් ඔබ වෙතට ගෙන එනවා. සුපර් හීරෝ ඇක්ෂන් ෆිල්ම් ගැන කතා කළොත් ඉතිං මුලින්ම එන්නෙ තෙළිඟු සිනමාව තමයි. විශාල ආදායම් ලැබූ තෙළිඟු චිත්‍රපටි අතරෙ මේකත් එතරම් ලොකු ආදායමක් නොලැබුවත් සැලකිය යුතු ආදායමක් ලැබුවා. ඉන්දියන් රුපියල් කෝටි 60ක් බජට් එකකින් කෝටි 150ක් වගේ ආදායමක් ලබන්න මේ චිත්‍ර පටයට හැකි උනා. ඒ වගේම මේක ලංකාවටත් විශේෂයි.

කාර්තික් ගටාම්නෙනි අධ්‍යක්ෂනය කල මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය රඟන්නෙ තේජා සද්ධා. මන්චු මනෝජ්, ජයරාම්, ශ්‍රියා සරාන්, රිතිකා නායක් සෙසු චරිත වල රඟපානවා.

ඉතිං කතාව කිව්වොත් අමුතු දෙයක් නෑ සුපුරුදු අච්චුවටම ඒත් වෙන විදිහක කතාවක්. තාක්ෂණික අතින් ඉතා ඉහළ තත්වයේ මෙන්ම ඇක්ෂන් වලින් පිරුණු ඒ වගේ චිත්‍රපට රසිකයින්ට නම් මේක නොවරදවා බැලිය යුත්තක් කියල හිතනවා. අතීතයේ අශෝක අධිරාජයා යුධ ජයග්‍රහණයෙන් පසුතවිල්ලට පත් වෙලා ඉන්න කොට ඔහු සතු මහා බලය අනාගතයෙදි අවභාවිතා කිරීමෙන් ලෝකයට නපුරක් වෙනු ඇතැයි සිතා ග්‍රන්ථ නවයකට පිටපත් කරල නව තැනක සැඟවූවාලු. ඉතිං පරම්පරා ගාණකට පස්සෙ දුෂ්ඨයෙක් ඕක අත්පත් කර ගැනීමේ ක්‍රියාවළියක නියැලෙද්දි ඉරණම් කාරයා සුපිරි ගැලවුම් කරුවා මතු වෙනවා. ඉතිං ඕක තමයි සරලම කතාව.  මොකද උනේ කියල ඕනෙ නෑනෙ. කොයි දුෂ්ඨයද මේ වගේ කතාවක ජය ගන්නෙ?

කොහොම උනත් මේ කතාවෙ දුෂ්ඨයා මූණ ගැහෙන මහා සටන සිදු වෙන්නට කාමාක්ෂ්‍ය කියන දිවයිනකට වීරයට එන්න වෙනවා. බලා ගෙන ගියාම ඒක වෙන කොහෙවත් නෙමේ අපේ රටේ ප්‍රකට ආරුක්කු නමයෙ පාලම උඩ. මතකනේ සති දෙකක් උඩරට කෝච්චි පාර වහ ගෙන චිත්‍රපටයක් රූප ගත කලා? අන්න ඒක තමයි මේක. ඒක නිසයි මේක ලංකාවට විශේෂයි කිව්වෙ. කොහොම උනත් පොඩි තිගැස්මක් ඇති කරමින් ඔබ ඉතා ඇළුම් කරන ආරුක්කු නමයෙ පාලම මේකෙදි පුපුරා යනවා ඔබට දකින්න පුළුවන්. මම නම් කල්පනා කරන්නෙ දැන් ඒ පොත් නමය කොහෙද තියෙන්නෙ කියලා.

තවත් ලස්සන උපසිරැසියකින් නැවත හමු වෙමු. ආයුබෝවන්

Mirai (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

3,667 downloadsDownload Mirai-2025.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Mirai (2025) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

3,667 downloadsDownload Subtitles48 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ මේකට සබ් දුන්නට

  2. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤