Watch Trailer

Avengers: Endgame (2019) Sinhala Subtitles | මිතුරුතොමෝ දුක සැප දෙකෙහිම පැවති…[සිංහල උපසිරසි සමඟ] (500)

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ සත…

පුරා අවුරුදු 10 ක මගේ බයිස්කෝප් ගමනේ, පළමු කඩ ඉම වූ 50 වෙනි සිංහල උපසිරැසිය විදියට The Avengers (2012) චිත්‍රපටියෙන් ඔබ හමුවට ගෙනාව මම, අද 500 වෙනි උපසිරැසිය විදියට එහි අවසාන චිත්‍රපටියත් අරන් ඔයාල හමුවට එනවා. පහුගිය අවුරුදු 10 පුරාවටම නොයේකවිධ පැසසුම් හා ගැරහුම් ලබමින් ආව ගමන ගැන අදටත් තියෙන්නෙ සතුටක් එක්ක කණගාටුවකුත් මුසු වෙච්ච මිශ්‍ර හැඟීමක්. පරිගණකයෙන් සිංහල උපසිරැසි වලට සහය දක්වන ප්ලේයර්ස් අතළොස්සක් තියෙන කාලෙක, ඒ ප්ලේයර් වලින් කිසිම අපහසුවක් නැතුව බලන්න හැකිවෙන ලෙස දාපු සමහර කෝඩ් නිසා අද කාලෙ වෙද්දි ජංගම දුරකථන වලින් බලනකොට වෙන අපහසුතා වලට මම අදටත් අම්බානෙක බැණුම් අහනවා. නිකන්ම නෙවෙයි FB එකෙන් ප්‍රසිද්ධියෙම. පරණ උපසිරැසි 200 ක් විතර ආපහු හදලා අප් කරල දාන එක එච්චරම ලේසි පහසු, හරිම උනන්දුවෙන් කරන්න හිතෙන වැඩකුත් නෙවෙයි.

හැබැයි කියන්නම ඕනා එහෙම ජනතාවකුත් අපි අතර ඉන්න කොට ඊට වඩා දහස් ගාණක් වචනෙකින් හරි සහය දක්වන පිරිසක් අපිත් එක්ක උන්න හින්දයි මේ ගමන මෙච්චර දුරක් හරි ආවේ. සමගාමී විකාශ වලට මම උපසිරැසි දෙන රූපවාහිනි කතා මාලා දෙකම මේ අවුරුද්දෙ ඉවරෙටම ඉවරයක් වෙනවා. එතකොට ඒ වගකීමෙනුත් නිදහස්. ඊට පස්සෙ ඔය හිතෙන කොට උපසිරැසියක් දෙකක් කොටාගෙන ඉන්න පුළුවන් මට නම්. හැබැයි ඔයාලගේ කමෙන්ට් එකකින් ලැබෙන තල්ලුව නැතුව උපසිරැසිකරුවන් බොහෝ දෙනෙක් මේ වැඩේ මේ වෙද්දි නවත්වලා දාන්න පටන් අරන්. ඉතින් මගේ එකම ඉල්ලීම කවුද කින්ද මන්ද නොබලා හැකි හැම විටම ඔබ බාගත කරගන්නා උපසිරැසියට කමෙන්ට් එකක් දාන්න. ඒක නවකයන්ට මහමෙරක් තරම් වටිනා දෙයක්.

චිත්‍රපටිය ගැන වටිනා ලිපිය අද අරගෙන එන්නේ තිසර නියෝ සහෝ විසින්. උපසිරැසියේ අඩුපාඩු බැලුවේ හසන්ත විසින්. ඔවුන් දෙදෙනාටම වගේම වැඩි වැඩකට සහභාගී නොවුණත් තාම මාව ඇඩ්මින් මඬුල්ලේ තියාගෙන ඉන්නා සහෝදර ඇඩ්මින්වරුන් හටත් මේ කටයුත්ත ඉතා ඉවසීමෙන් උහුලන පවුලේ අයටත්, කමෙන්ට් කරන රසික ඔබටත් හෘද්‍යාංගම ස්තූතිය පළ කරනවා. ඔබගේ විවේචන වලටත් ස්තූතියි. ඇඩ්මින්වරුන්ම කියන විදියට දැන් වයස හින්දා උපසිරැසි පරක්කු වගේම රහත් අඩුයි. 😛 😛


කොතැනකින් පටන් අරගෙන කොතැනකින් අවසන් කරන්නද කියලා හිතාගන්න බෑ. වසර 11 ක් පුරාවට පැමිණි දැවැන්ත ගමනක නිමාවක් සනිටුහන් කරන දැවැන්ත සිනමාපටය ගැන කුමක් කියන්නද කියා සිතාගත නොහැකියි. වසර 11 ක් , සිනමාපට 22 ක් පුරාවට පැමිණි ගමන මෙලෙස අවසානයට පැමිණෙන්නේ එදා මෙදා තුර පැමිණි දැවැන්තම කොමික් සිනමාපටය තිලිණ කරමිනුයි.

Avengers: Endgame.. පසුගිය වසරේ තිරගත වුනු Avengers: Infinity War නරඹා කම්පාවට සහ විස්මයට පත් කල රසිකයන්ගේ සිත් සමඟ අව්රද්දක් පුරාවට සෙල්ලම් කල මාර්වල් ආයතනය අවසානයේ පසුගිය අප්‍රේල් 24 දින Avengers: Endgame නිදහස් කරනු ලැබූවේ වසරක් පුරාවට ගෙනගිය ඉන්ෆිනිටි භීෂණයේ අවසානය සනිටුහන් කිරීම ආරම්භ කරමින්ය.

වසරක් පුරාවට අළුවී ගිය විශ්වයෙන් අඩකගේ ඉරණම පිලිඹද කම්පාවට පත්ව සිටි රසිකයන්ගේ සිත් කලම්බාලූ සිනමාපටයේ සිංහල උපසිරැසිය වෙනුවන් පිදෙන ලිපිය ඉතින් මෙලෙස අරම්බන්නම්.

මිනිසුන් ලෝකයේ විවිද දේ හට ඇල්ම දක්වනවා. විටෙක ඒ දේ සමඟ බැඳීමක් ඇතිකරගන්නවා. කොමික් යනු එලෙස ලොව වටා බාල මහලු භේදයකින් තොරව රසිකයන් වැලඳගත් දෙයක්. වසර ගණනාවක සිට අද වන තුරු ද කොමික් සමඟ රසිකයන් බැඳී සිටිනවා. කොමික් පොත් සඟ බැඳී සිටි රසිකයන් ඉන් ඔබ්බට රැගෙන යමින් පසුකාලීනව කොමික් පාදක කරගත් ඇනිමේෂන් නිර්මාණ සහ සිනමාපට බිහි වූවා. චිත්‍ර මගින් දැක සිටි රුව රූපවහිනියේ සහ රිදී තිරයේ දිග හැරෙද්දී ඇති දැවැන්ත රසික පිරිසක් මේ සමඟ එකතු වූවා. මේ කාලය අතරතුර කොමික් පාදක කරගත් සිනමාපට රාශියක් නිර්මාණය වූවා. මේ පැමිණි සියලුම සිනමාපට ස්වකීය ගමනක් යමින් සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය හිමිකරගනු ලැබුවා.

වසරකට පෙර ඉන්ෆිනිටි භීෂණයේ ලිපිය ආරම්භ කලේ එලෙසයි.. එසේ ඇරැඹු ලිපිය අවසන් වූයේ බයිස්කෝප් ඉතිහාසයේ දීර්ඝතම ලිපිය බවට පත් වෙමින්. ඉතින් මේ ලිපියටත් එම කරුණු යොදන්නට අවශ්‍ය නොවන්නේ මෙතැනින් ගොස් එම ලිපිය නරඹන්නට හැකි නිසයි. ඉතින් ගියවර ලිපිය නරඹන්නට පවසමින් එදා ලිපිය අවසන් කල තැනින් මෙවර ලිපිය අරඹන්නම්.

19 Avengers: Infinity War (2018)

වසර 10 ක දැවැන්ත ගමනක mcu හි යුගයක අවසානය සනිටුහන් කිරීම උදෙසා පැමිණි මෙම සිනමාපටය 2018 අප්‍රේල් 23 ලොව පුරා තිරගත කිරීම අරඹනවා. වසර 10 ක් පුරා පැමිණි සිනමාපට 18 ක් අවසානයේ තිරගත වන්නේ පෙර සිනමාපට සියල්ලම එක තැනකට යොමු කරමින්.. ඇවෙන්ජර්ස් ලා පමණක් නොව පොලෝ තලය මත මෙන්ම ඈත එපිට විශ්වය තුල සිටින්නන්ද එක්කරගනිමින් තමන්ගේම මතයකින් විශ්වය සමබර කරන්නට පැමිණි සතුරාගෙන් විශ්වයම බේරා ගැනීමට එක්වුණු අතර රසිකයන් සිහිනෙඳු පවා නොසිතූ අවසානයක් කරා ගමන් කරන්නට සිදු වූවා. සුපුරුදු පරිදි අවසානයේ දී ලෝකය බේරාගන්නා සිනමාපටයක් නැරඹීමට වාඩිවූ අප හට සිදුවූයේ අපරිමිත පාෂාණ එක්කරගත් තැනොස් ගේ snap එක තුලින් අළු වී ගිය විශ්වයෙන් අඩක් පිළිඹඳ සිතමින් දුෂ්ඨයා ජයග්‍රහණය කල අවසානයක් සමඟ එක්වන්නටයි.

ආදායම ඩොලර් බිලියන – 2.048

20 Ant-Man and the Wasp (2018)

දෙවන වරටද මේ කුඩා දැවැන්තයා තමන්ගේම සිනමාපටකින් පිය තබන්නේ අති දැවැන්ත සිනමා ආගමනයකින් පසුවයි. ඉන්ෆිනිටි භීෂණයේ උණුසුම මධ්‍යයේ එළිදැක්වුණු මෙය ඉන්ෆිනිටි භීෂණයේ රසිකයන් බලාපොරොත්තු වූ දෙය ලබා නොදුන්නත් අනාගත සිනමාපටය උදෙසා මහඟු අඩිතාලමක් දමන්නට සමත් වූවා. සිවිල් වෝ සහ ඉන්ෆිනිටි වෝ මගින් එක්කල ප්‍රශ්න ගණනාවකට මෙහිදී පිළිතුරක් හිමිවනවා. ඈන්ට් මෑන් ගේ හුදෙකලාව මකන්නට මෙවර වාස්ප් හෙවත් හෝප් එක්වන්නේ කොමික් රසිකයන්ට හුරුපුරුදු බඹරි mcu තුලටද කැන්දමින් ය. එමෙන්ම අනාගතයට අතිශය වැදගත් වූ ක්වන්ටම් තලය හඳුන්වා දෙනු ලබන්නේ අනාගත සිනමාපටයට දැවැන්ත මාවතක් එක් කරමින් ය.

ආදායම ඩොලර් මිලියන – 622.7

21 Captain Marvel (2019)

මෑත ඉතිහාසයේ කොමික් සිනමාපටයක් උදෙසා අසන්නට නොලැබුණු කතන්දර රැසකට මුහුණදෙන්නට සිදුවුණු සිනමාපටයක් ලෙසයි මේ සිනමාපටය දක්වන්නට හැකි වන්නේ.. mcu හි 20 වන සිනමාපටය වන මෙය විශේෂ වන්නේ mcu හි වීරවරිකයගේ පළමු සිනමාපටය වන නිසයි. ඈත එපිට විශ්වයේ ක්‍රී ලොවේ සිට යුද වදිමින් සිටින ඇය අහම්බෙන් පෘතුවිය වෙත පැමිණ කිසිදා නොසිතූ ලෙස අහිමි වූ මතකයක් හිමි වූ ඇය හමුවන මිතුරන් හා එක්ව අහිමි වූ තම මතකය ලබාගනිමින් සතුරු පාර්ශවයක් මිතුරු කර ගනිමින් පෘතුවිය විනාශයකින් බේරා ගන්නා අයුරු අපූර්ව ලෙස දක්වනවා. මේ සමගම mcu තුලට දෙවන වරටත් අධ්‍යක්ෂක දේපලක් සිය ආගමනය සිදු කරනවා. රංගනයෙන් දායක වන බ්‍රී ලාර්සන් ගේ නිතඹේ සිට DC ශසෑම් ගෙන් හොරකම් කරපු නමක් යන කතාන්දරය දක්වා බොහෝ කතන්දර රැසක් මැද්දේ තිරගත වුනු මෙම සිනමාපටය බ්‍රී පැවසූ වදනක් නිසා විචාරක ප්‍රතිචාර පවා රිනාත්මකව ලැබුනද ඒ සියල්ල අභිබවමින් ඩොලර් බිලියනයේ කඩයිම පසු කරන්නට සමත් වූයේ mcu හි ප්‍රභලත්වය මනාව පසක් කරමින් ය.

ආදායම ඩොලර් බිලියන – 1.115+

එතනින් නිමාවන ආගමනය, දොර විවර කරන්නේ විශ්වයේ මාරක අවසානයට කිව්වොත් මම නිවැරදි, සැබවින්ම මෙය සංවේදී චිත්‍රපටයක්. ඔබට මට පමණක් නොවෙයි, මෙහි චරිත පවා ඒ එකලොස් වසරක බර දරාගෙන තමයි තිරය ආලෝකමත් කරන්නට සැරසෙන්නේ. නමුත් ඔවුන්ගේ වෑයම එසේ මෙසේ එකක් නෙමෙයි, සිනමා පට 21ක් පුරා අප කියා පෑ කතාව තවත් දියුණු කරමින්, කතාව වෙනස් කරමින්, අළු බවට පත් වූ විශ්වයෙන් අඩකගේ බර දරාගන්නටයි මේ සූදානම.

ඉන්ෆිනිටි භීෂණය අවසන් වූයේ සියලු විරුවන්ගේ ප්‍රයත්නයන් පරාජයට පත් කරමින් සතුරාගේ පරිපූර්ණ ජයග්‍රහණය සමඟින්. විසිර තිබූ අපරිමිත පාෂණ එක්කල තැනොස් අවසානයේ තම අරමුණ ජය ගන්නේ විශ්වයෙන් අඩක්ගේ ජීවිත දුහුවිලි බවට පත් කරමින්.

වසරක් පුරාවට සියල්ලන්ගේ සිත් සතන් පෙලූ ඒ ඉන්ෆිනිටි භීෂණය අවසන් කරමින් මෙලෙස දිගහැරුණු අවසන් ක්‍රීඩාවේ සිනමාපටය අවසන් වන්නේ එතෙක් මෙතෙක් පැමිණි දැවැන්තම වීරයන්ගේ සිනමාපටය බවට පත් වෙමිනුයි. එකලොස් වසරක නොතිත් ගමනක අවසානය සිදු වන්නේ ඇති දැවැන්ත මෙන්ම සංවේදී අවසානයක් රැසක් සමඟයි. එමෙන්ම එතෙක් මෙතෙක් සුපර්හීරෝ සිනමාපටයක දක්නට නොලැබුණු මට්ටමේ ඇති දැවැන්තම අවසන් සටන තවත් බොහෝ කාලයක් යන තුරු රසික සිත් තුලින් ඉවත් නොවනු ඇත..

වෙනදා කියනවා මෙන් අද කතාව ගැන නොකියා ඉන්නම්… ඒ වෙනුවට සිනමාපටය තුල ඔබට දැකගන්නට හැකි වන කරුණු කීපයක් ගැන තොරතුරු කීපයක් ලබා දෙන්නම්.

කැමතිනම් විතරක් පහල කොටස කියවලා චිත්‍රපටිය බලන්න. එහෙම නැත්තම් චිත්‍රපටිය බලලම මේ පැත්තෙ ඇවිල්ලා කියවන්න.

පසුගියවර දක්නට නොලැබුණු ක්ලින්ට් බාර්ටන් හෙවත් හොව්ක්අයි විසින් මෙවර සිනමාපටය ආරම්භ කරනු ලබනවා…

“You See Where You’re Going”
“Now Let’s Worry About How You Get There”

ඇරඹුමේ දීම ක්ලින්ට් තම දියණියට පවසන මෙම වදන සමස්ත සිනමාපටයේම ගැඹුරු කතාන්දරය පිලිබඳ ඉඟියක් ලබා දෙනවා.. කල යුතු දේ දැනගත් පසු එය ඉටු කිරීමට ඉදිරිපත් වීම මෙසේ හැඟවෙනවා.. එමෙන්ම ක්ලින්ට් තවමත් FBI මගින් සවි කල ස්ථානය හඟවන දර්ශනකය පැලඳ සිටින්නේ සිවිල් වෝ වෙනුවන් කැප්ටන් හට උදව් කර අපරාදකරුවෙක් වූ බැවිනි. අපට එයම ඈන්ට්මෑන් දෙවැන්නෙන් ද දැකගන්නට හැකි වූවා. එමෙන්ම සමහර විට අපිට ක්ලින්ක් ගේ දුව අනාගතයේ කේට් බිෂොප් චරිතයෙන් වුවද දැකගන්නට හැකියාව ඇත්තේ ඇයටත් තම පියාට මෙන්ම ඉලක්කගත හැකියාවක් තිබෙන බව පෙන්වන නිසයි. තවත් කරුණක් පවසන්නද… එනම් ක්ලින්ට් හා දියණිය ඉලක්කය පුරුදු වෙන පුවරුව අපිට ඒජ් ඔෆ් අල්ට්‍රෝන් සිනමාපටයෙන්ද දැකගන්නට හැකි වූවා.

මෙවර මාර්වල් ස්ටුඩියෝ ඉන්ට්‍රෝ එකද විශේෂයක් ගන්නවා.. එනම් මෙවර ඉන්ට්‍රෝ එක තුලින් වැනිෂ් වී ගිය පිරිස ඉවත් කර දැනට ජීවත් වන පිරිස එකතු කර තිබෙනවා.

ඉන්ට්‍රෝ එක සමඟ එක්වන ගීතය ඇසුවාද? ට්‍රැෆික් ලාගේ ඩියර් මිස්ටර් ෆැන්ටසි ගීතය සිනමාපටය තුල ප්‍රධානම චරිතයේ කාර්ය පිලිබඳ හඟවනවා..විශ්වයේ අනාගතය උදෙසා අයන් මෑන් ගෙන් බලාපොරොත්තු වන කැපකිරීම මෙලෙසින් අප හට සිනමාපටය ඇරැඹුමේදීම හඟවනවා.

නෙබියුලා සහ ටෝනි කඩදාසි පාපන්දු පුරුදු වන තැනද ඉඟි කිහිපයක් ලබා දෙනවා.. ටෝනිගේ ඉලක්කගත හැකියාව එතැනදී මෙන්ම පසුව ඈන්ට්මෑන් ව ටෙසරක්ට් එක අසලට විදින්නටද ඔහුට හැකි වනවා. එමෙන්ම අවසන් සටනේ ගන්ලට් එක අතිනත අවසන් ඉලක්කය දක්වා ගෙනයාමට දරන උත්සාහයද හැඟවෙනවා. දකුණු පස විනාශ වූ හෙල්මටය ද අවසන් සටනේ අවසානය හඟවනවා..

එමෙන්ම ටෝනි අභ්‍යවකාශයේ සිට පටිගත කරන පණිවිඩයේ අවසාන පවසන්නේ
“its you, its always been you”
කියායි. මෙම දෙබසම ඔහු තම දෙවන සිනමාපටයේ දීත් පෙපර් හට පවසනවා.

වින්ටර් සෝල්ජර් සිනමාපටයේ දී පෙගී විසින් කැප්ටන් හට පවසන වදන් එන්ඩ්ගේම් තුලදී ඔහුගේ සිතේ මතුව තිබෙන්නේ සෑම විටකම ඔහුගේ නිසි මග පෙන්වූ ඇය මෙවරද ඔහුව අතහැර නොගිය බව දැක්වීමටයි.

තැනොස් ගේ මරණින් පසු වසර 05 ක අනාගතයේදී නැවත ආරම්භ වන කතාන්දරය ඇරඹෙන්නේ කැප්ටන් එකතු වී සිටින කණ්ඩායමක් සමඟින්… අධ්‍යක්ෂක රූසෝ සොයුරන් ගේ ජෝ රූසෝ විසින් ඉදිරිපත් කරන කැමියෝ එක තුලින් mcu එක තුල පළමු සමලිංගික චරිතය ඉදිරිපත් කරනු ලබනවා.. විශේෂය තමයි රූසෝ සොයුරන් දෙදෙනාගේ මාර්වල් සිනමාපට 04 දීම ජෝ රූසෝ විසින් කැමියෝ දර්ශන ඉදිරිපත් කරනු ලැබූවා.

01 වින්ටර් සෝල්ජර් හිදී නික් ෆියුරිට සහ නටෂා හට රහසිගත බංකරයේදී වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරයා
02 සිවිල් වෝ හිදී හෙල්මට් සීමෝ විසින් මරා දමන මනෝ වෛද්‍යවරයා
03 ඉන්ෆිනිටි වෝ හි හැපී විසින් පන්නන කැමරාකරුවෙක් (ඉවත් කල දර්ශන තුල)
04 එන්ඩ්ගේම් හි උපකාරක කණ්ඩායමේ සාමාජිකයෙක්

එමෙන්ම මෙම උපකාරක කණ්ඩායමේ බොහෝ දෙනාට මගහැරුණු තවත් කැමියෝ එකක් ඉදිරිපත් වනවා.. ඒ ජිම් ස්ටාර්ලින් විසින් ඉදිරිපත් කරන කැමියෝ එකයි. ඔහු කව්ද කියා නොදන්නවානම් පවසන්නම් ඔහු කව්රුද කියා.. ජිම් ස්ටාර්ලින් තමයි ඉන්ෆිනිටි ගන්ලට් කොමික් කලාපයන් හි රචකයා මෙන්ම තැනොස් චරිතයේ සම නිර්මාණ කරුවා වන්නේ.

ස්කොට් ලැන්ග් ගේ වෑන් රථය දමා තිබෙන ගබඩා සංකීර්ණයේ වන රථය සඳහා ලබා දී තිබෙන්නේ 616 අංකයයි.. ඉතින් මාර්වල් රසිකයන් නම් මේ අංකය දැකපු ගමන් කුමක්ද කියා හඳුනා ගන්නවා නොඅනුමානයි.. මාර්වල් විශ්වයේ මූලොකම සහ ප්‍රධානම විශ්වය වන 616 විශ්වය උදෙසා ඉඟියක් තමයි මේ ලබාදී තිබෙන්නේ.

මෙම ගබඩා සංකීර්ණයේ මුරකරුගේ චරිතය ඉදිරිපත් කරනුයේ අධ්‍යක්ෂණ ජෝ රූසෝ ගේ වෙනත් සිනමාපටයක චරිතයක් රංග දැක්වූ අයෙක් වන අතර ඔහු කියවන කෙටිකතා පොතේ එක් කතාවක නම ලෙස එන්ඩ්ගේම් සඳහන් බව පැවසෙනවා.

ස්කොට් ගේ දියණිය මේ වන විට 17 හැවිරිදි යෞවනියක්. බොහෝ විට අනාගතයේ ඇය කොමික් වල පරිදිම ස්ටින්ගර් නම් වීරවරිය බවට පත් වන්නට හැකියි..

වැනිෂ් වූවන් සඳහා වූ පුවරුවල රොබර්ටෝ ඩි කොස්තා නම සඳහන් බව දැක්වෙනවා.. ඔහු එක්ස් මෙන් හි සන්ස්පොට් ලෙසින් හඳුනවනවා.. ඉතින් මේ විදියට mcu එක තුල මේ වන විටත් මියුටන්ට් ලා සිටින බවට ඉඟියක් ලබා දෙනවා. එමෙන්ම මෙම පුවරුවල දකින්නට ලැබෙන නම් mcu හි ෆිල්ම් සහ ටීවී කතාමාලා වල දායක වුනු අයගේ නම් බවට පැවසෙනවා.

නටෂා ගේ පුටුවක් මත මත බැලේ සපත්තු යුගලයක් තිබෙන අතර අල්ට්‍රෝන් සිනමාපටය තුලදී ඇය ඇසසින් කෙනෙක් ලෙස පුහුණුව ලබද්දී බැලේ පුරුදු වී ඇති බව පෙන්වනවා. මෙහිදීද ඇය තම මනස ඒකාකාරීව තබාගන්නට අතීත පුහුණුව මතකයට නගාගන්නවා විය හැකියි.

ඔකොයේ විසින් වතුර යට භූ කම්පනයක් පිලිඹද දන්වන අවස්ථාව මතකද.. බොහෝ දුරට එය තවත් මාර්වල් චරිතයක් වන නාමෝර් පිළිඹඳ ඉඟියක් වන්නට පුළුවනි.

හල්ක් සමගින් පින්තූරයක් ගැනීමට පැමිණෙන දරුවන් තිදෙනා මතකද.. ඉතින් මේ තුන් දෙනාගෙන් වැඩිමල් පිරිමි දරුවා තමයි වින්ටර් සෝල්ජර් සිනමාපටයේදී කෞතුකාගාරයට පැමිණෙන කැප්ටන් ව හඳුනාගන්නේ.

ටෝනි අතට ගෙන බලන පීටර් පාකර් සමඟ සිටින පින්තූරයේ සහතිකය දෙස බලන්න.. ස්ටාර්ක් ඉන්ද්‍රසටිස් හි ලෝගෝව උඩ යට මාරු කර තිබෙන බව දැකගන්නට පුළුවනි..ඉතින් ඒ එම සහතිකය පීටර් ගේ නැන්දා ව රවටා ස්පයිඩර් මෑන් ලෙස පීටර්ව රැගෙන යාම සඳහා සිවිල් වෝ හි ව්‍යාජ ලෙස නිර්මාණය කරපු පින්තූරයක් නිසයි

සිනමාපටයේ හුරතල්ම දේ වන්නේ I LOVE YOU 3000 ලෙසින් ටෝනි ගේ දියණිය පැවසීමයි.. මෙතැනදී සමහරු පැවසූවා mcu හි මෙතෙක් පැමිණි සියලුම සිනමාපට වල ධාවන කාලය එක්කල විට පැය 3000ක් වන නිසා එසේ පැවසූවා කියා. නමුත් මෙතැන් සැබවින්ම කියන්නේ වෙනත් දෙයක්.. ටෝනි දියණියට පවසන්නේ “මම ඔයාට ටොන් එකක් ආදරෙයි” කියා. ටොන් එකකට රාත්තල් 2000 ක් ඇති නිසා දුව පවසන්නේ “මම ඔයාට 3000 ක් ආදරෙයි” කියා.. එනම් තාත්තේ ඔයාටත් වඩා මම ඔයාට ආදරෙයි කියායි.

ටෝනි කැප්ටන් හට පවසනවා “i just want peace” කියායි.. මේක අයන්මෑන් පළමු සිනමාපටය පිලිබඳ මතක් කිරීමක්.. “yeah peace.. i love peace.”
නව ඇස්ගාර්ඩ් ගම්මානයක් පෘතුවිය මත නිර්මාණය කරලා තිබෙනවා. ඒ නොර්වේ වලයි.. මෙම ස්ථානයේම තමයි ඔඩින් විසින් ෆ්රෝස්ට් ජයන්ට්ස් ලා සමඟ සටන් කරනු ලැබූවේ. එමෙන්ම කැප්ටන් ඇමෙරිකා පලවෙනි සිනමාපටයේ ටෙසරැක්ට් එක සඟවා තැබූ පල්ලිය තිබෙන්නේත් එම ස්ථානයේමයි. එමෙන්ම තෝර් රැග්නරොක් සිනමාපටයේ ඔඩින් තම දිවියේ අවසන් කාලය ගත කරන්නේද මෙම ස්ථානයේමයි.. එම නිසා තෝර් තම වැසියන් ගේ නව නිවහන උදෙසා මෙම ස්ථානය ලබාගත් බව සිතිය හැකියි.

hiroyuki sanada කිව්වම මාර්වල් රසිකයන් හඳුනන්නේ වොල්වෙරින් සිනමාපටයේ ශින්ගෙන් යශිදා චරිතයයි.. එනම් මරිකෝ ගේ පියාගේ චරිතයයි.. ඔන්න ඉතින් ඔහු mcu එකත් එක්ක එක්වෙනවා රෝනින් අතින් මියයයන ජපන් මාෆියා කල්ලි නායකයාගේ චරිතය රංග දක්වමින්.

තොර්ගේ සන්ග්ලාස් දැමූ පෙනුම මගින් පළමු අයන්මෑන් සිනමාපටයේ දුෂ්ඨයා වූ Jeff Bridges රඟ දැක්වූ ඔබඩයින් ස්ටෙයින් ගේ චරිතය මතක් කිරීමක් ලෙසයි.. එනම් ඔහු The Big Lebowski නම් සිනමාපටයේ සිටියේද මෙවැනි පෙනුමකින් නිසා..

පිරිස එකතු වී ස්ටෝන් පිලිබඳ සැලසුම් සාදන අවස්ථාවේ රියලිටි ස්ටෝන් එක සමඟ ජේන් ගේ පින්තූරයක් දකින්න ලැබෙනවා. මේ පින්තූරය 2012 ඇවෙන්ජර් සිනමාපටයේ කොල්සන් විසින් තෝර් හට පෙන්වන පින්තූරයමයි. මෙයින් පෙනී යන්නේ ඇවෙන්ජර් මූලස්ථානයේ දත්ත ගබඩාව ශීල්ඩ් දත්ත ගබඩාවේ තිබූ තොරතුරු ලබාගෙන තිබෙන බවයි.

ටයිම් ට්‍රැවල් කිරීමට යන මොහොතේ හැමෝම අත් දිගු කල මොහොත දෙස හැරී බල විට දැකගන්නට ලැබෙන්නේ අයන් මෑන් වෙනුවන් ලබා දුන් ඉඟියක් ලෙසටයි…. කුමක් නිසාද යත් එහිදී සිහිගන්වන්නේ ටෝනිගේ පළමු ආක් රියැක්ටර් එකයි.. පෙපර් අර වීදුරු පෙට්ටියක තබා සුරැකපු එක.

ඒ වගේම 2012 වසරේ කැප්ටන් සහ ශීල්ඩ් ඒජන්ට් ලා සමඟ සෝපානයේ දර්ශනය වින්ටර් සෝල්ජර් සිනමාපටය සිහිගන්වන්නක් වන අතර කැප්ටන් ගේ හේල් හයිඩ්‍රා යන්න සිවිල් වෝ සහ මතක පැමිණි කොමික් කලාපයක්ද සිහි ගන්වනවා.

2012 කැප්ටන් සහ වර්තමානේ කැප්ටන් අතර සටනේ බකී පිලිබඳ මතක් කිරීම සමහරෙක් මාර්තා සිදුවීම හා සසඳනවා. නමුත් ඔවුන්ට අමතක කාරණාව වන්නේ වින්ටර් සෝල්ජර් හි සිට කැප්ටන්ගේ වීක් පොයින්ට් එක වන්නේ බකී බව දැනගැනීමයි. සිවිල් වෝ හි රම්ලෝ විසින් බෝම්බයක් පුපුරවගන්න උත්සහ කරන්නේ ද බකී පිලිබඳ පවසා කැප්ටන් අවුල් කිරීම මගින්.

කෑම්ප් ලීහයි අසලදී ස්ටෑන් ලී ගේ අවසන් කැමියෝ දර්ශනය අපට මෙහිදී දැකගන්නට හැකි වෙනවා.. කාර් රියදුරෙක් ලෙස ඔහුගේ එම කැමියෝ එක රසික හදවත් තුල අමරණීයව පවතිනු ඇත. එතැනදී ඔහු පදවන කාර් රථයේ Nuff Said ලෙසින් වචනයක් තිබෙනවා. එය කොමික් වල ස්ටෑන් ලී සිහිවන වචනයක්

කෑම්ප් ලීහයි යනු කැප්ටන් ඇමරිකා පළමු සිනමාපටයේ කැප්ටන් හමුදා පුහුණුව ලැබූ කඳවුර වන අතර එහිදීම 1970 දී හොවාර්ඩ් ස්ටාර්ක් සහ හෑන්ක් පීම් විසින් පීම් පාටිකල් පිලිබඳ පරික්ශාද සිදු කරනු ලැබුවා.. මෙම කඳවුරම තමයි වින්ටර් සෝල්ජර් හිදී මිසයිලයක් මගින් විනාශ කරනු ලබන්නේ ත්.

කැප්ටන් රොස්කෝ යන නම සඳහන් හමුදා ඇඳුමක් ඇඳ සිටින අතර කොමික් වලදී රොස්කෝ පැවරුමේදී තමයි කැප්ටන් ඇමරිකා විසින් තම අනන්‍යතාව නොමෑඩ් ලෙස වෙනස් කරගන්නේ. ඉන්ෆිනිටි වෝ හි දී සිටියේ මෙම නොමෑඩ් චරිතයයි.

මෙම අවස්ථාවේම ටෝනි හැඳ සිටින ඇඳුමේ තිබෙන්නේ කොමික් වලදී දැකගන්න ලැබෙන ශීල්ඩ් සලකුණක්.

එමෙන්ම කොමික් වල දකින්න ලැබෙන ඈන්ට් මෑන් හෙල්මටයද දැකගන්න ලැබෙනවා.

වසර ගණනාවක් බලා සිටි අවස්ථාවක් එළඹෙමින් පළමු වතාවට mcu රූපවාහිනී කතා මාලාවක් mcu සිනමාපටයක් හා සම්බන්ද වනවා. (crossover) . මෙයට පෙර mcu සිනමා චරිත රූපවාහිනී කතාවලට පැමිණ තිබුනද (කොල්සන්, සිෆ්, ෆියුරි, ඒජන්ට් කාටර්, හොවාර්ඩ් ස්ටාර්ක් වැන්නවුන්) පළමු වතාවටයි රූපවාහිනී චරිතයක් සිනමාපටයකට එක්වන්නේ.. එබැවින් ඒජන්ට් කාටර් හි සිටි ජාවිස් චරිතය අපට සිනමා විශ්වයට එක්වන ආකාරය දැකගන්නට පුළුවනි.

හල්ක් snap එක උදෙසා එකතු වූයේ එතැන සිටි ශක්තිමත්ම ඇවෙන්ජර් ඔහු නිසා සහ ගැමා විකිරණ ඔහුට දරාගන්නට හැකියාවක් තිබෙන නිසයි. අතක් පිලිස්සී දිවි සුරකුනේ එනිසයි. එමෙන්ම ඔහු ගොඩනැගිල්ල දරාගෙන රෝඩ්ස් සහ රොකර්ට් ව බේරාගන්නා ආකාරය අප හට කොමික් කලාපයකින් ද දකින්නට ලැබෙනවා.

කැප්ටන් විසින් තොර්ගේ මිටිය උස්සන දර්ශනය mcu එක තුල දිගු කලක සිට බලාපොරොත්තුව සිටි දසුනක් වූවා..  ඒජ් ඔෆ් අල්ට්‍රෝන් හි මදක් සෙලවූ එය මෙවර ඔහුට ඉස්සීමට පමණක් නොව තෝර් 1 හි ඔඩින් සපත කල පරිදි මිටිය ඉස්සීමට සුදුසුකම් ලැබූවෙක් වූ නිසා තොර්ගේ බලයන් පවා ඔහුට හිමි වූවා.. අකුණු කැඳවීමට හැකි වූයේ ඔහුට එනිසයි.

ඉන්ෆිනිටි ගන්ලට් කොමික් කලාපයේ සේම මෙහිදීද කැප්ටන් ගේ පලිහ බිඳ දැමීමට තැනොස් සමත් වෙනවා. එමෙන්ම සිනමාපටයේ තැනොස්, බ්ලැක් ඕඩර්, චිටාවුරි, ලවායතන් ලට එරෙහිව අවසානයේ කැප්ටන් තනිව නැගී සිටීම ද ඉන්ෆිනිටි ගන්ලට් කොමික් කලාපයන් මතක් කෙරෙනවා.

නැවත පැමිණෙන ෆැල්කන් පවසන්නේ “on your left”  කියායි. එය වින්ටර් සෝල්ජර් සිනමාපටයේ සෑම් සහ කැප්ටන් ව්‍යායාම කරන මොහොතේ කැප්ටන් විසින් සෑම් පසුකරන මොහොතවල් වල සහ කැප්ටන් අවසානයේ රෝහල් ගතව සිටින මොහොතේ සෑම හට කියන වචනයයි.. අවසානයේ වයසක කැප්ටන් හා සෑම් සිටින්නේ ඔහුගේ වම් පසිනි.

අවසන් සටන උදෙසා එදා මෙදා තුර mcu සිනමා විශ්වයේ වීරවරයින් පෙරටු කරගත් කණ්ඩායම් සියල්ලන්ම පාහේ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඇතුළු පිරිස නිර්මාණය කල ද්වාර මගින් එක්වනවා. බ්ලැක් පැන්තර් ප්‍රමුඛ වකන්ඩා සටන් කරුවන් සමඟ බකී,ෆැල්කන්, ස්කාර්ලට් විච් සමඟ ගෘට්‌, ඩොක්ටර් ස්ට්‍රේන්ජ්, ස්ටාර් ලෝඩ්, මෙන්ටිස්, drax, ස්පයිඩර් මෑන් ,කොර්ග් සහ මීක් සමඟ පෙගසස් අසු පිට නැගී වැල්ක්‍රී ප්‍රමුක අස්ගාඩියන්වරු, වොන්ග් පෙරටු කරගත් මායාකරුවන්, හොවාර්ඩ් ද ඩක්, ජයන්ට් මෑන් බවට පත් වූ ඈන්ට් මෑන්, හල්ක් සමඟ රොකට් සමඟ වෝ මැෂින් සමඟ බාර්ටන්, වාස්ප් සමඟින් කිසිවෙක් නොසිතූ පරිදි පෙපර් පොට්ස් රෙස්කියු ආමර් එක පැලඳ සටනට එක්වනවා. මීට අමතරව දැවැන්ත සටන් කරුවන් ගණනාවක්ම අවසන් සටන සඳහා එක්වන්නේ එදා මෙදා තුර ඇතිවූ දැවැන්තම සටන සඳහායි. කිසිවෙක් නොසිතූ ලෙසින් ගාර්ඩියන් ඔෆ් ගැලැක්සි පළමු නිර්මාණයේ කැමියෝ එකක් සඳහා සිටි හොවාර්ඩ් ද ඩක් පවා මේ සටනට එක්වනවා. තෝර්, අයන් මෑන් පෙරටුව කැප්ටන් ඇමරිකා මේ යුද්දය අවසානය උදෙසා එක්වනවා. අවසානයේ බලාපොරොත්තු රහිතව සිටි මොහොතේ කැප්ටන් මාර්වල් සටනට එක්වන්නේ සටන වෙනස්ම මගහට හරවමින් තැනොස් ගේ යානය විනාශ කරමින් ය.

මේ දැවැන්ත සටන ගැනනම් කියන්නට යන්නේ නැහැ. එය එතරම්ම දැවැන්තයි. එදා මේද තුර කොමික් ඉතිහාසයේ අති දැවැන්තම මෙන්ම විශිෂ්ඨතම සටන වන්නේ මෙයයි.. ගෙවනු සෑම මොහොතක්ම පාහේ එහි විශිෂ්ඨත්වය හදවතට තදින්ම දැනෙනවා. පුරා වසර 11 ක් පුරාවට සෑම මොහොතක්ම යොමු වූයේ මේ මොහොත සඳහායි. ඒ ගෙවුණු වසර ගන්නවා සඳහාම මේ සටනේ ගෙවුණු සෑම මොහොතක්ම සාධාරණය ඉෂ්ඨ කරනු ලබනවා.මේ දැවැන්ත සටන අවසන් වන්නේ අපගේ නෙතට කඳුලක් උරුම කරදෙමිනුයි. වසර 11 ක ගමනක අවසනක් එලෙස තබන්නේ සමස්ත විශ්වයේම පැවැත්ම සුරක්ෂික කරගමිනුයි.

අවසානයේ කැප්ටන් නැවත කාලයානයට යාමට පෙර බකී සමඟ පවසන්නවා “මං එන තුරු කිසිඳු මෝඩකමක් කරන්නට එපා කියා” එවිට බකී පවසන්නේ “එහෙම කරන්නේ කොහොමද ඒ ඔක්කොම ඔයා අරගෙන යනකොට” කියා. මේ දෙබස් දෙකම කැප්ටන් ඇමරිකා පළමු සිනමාපටයේ දීත් පවසනවා. ඒ බකී යුද්දයට යාමට පෙරයි.. එවර එය පවසන්නේ බකී වන අතර පිළිතුර දෙන්නේ කැප්ටන්.මෙතැනින් එහාටනම් කියන්නට දෙයක් නොමැත.. ෆිනමපටය බලන ඔබට මගහැරෙන තැන් කීපයක් තමයි මෙලෙසින් රැගෙන ආවේ. මෙලෙස දිගහැරෙන එන්ඩ්ගේම් භීෂණය බොහෝ කලක් යන තුරු ඔබට අමතක් කල නොහැකි වනු ඇත.

මේ ලිපියේ අවසානයක් තියේ ද? අලුවුණු විශ්වයනැවත ගොඩනැගෙන තැනවත් ඔබට බලන්නට සහනයක් නැහැ නේද, මහා වැල්වටාරම් ගොන්නක්… යන්න, යන්න මේ ඔබේ වෙලාව… සතුටු වෙන්න, අඬන්න… තුශ්නිම්භුත වෙන්න… අවසානයේ නිශ්ශබ්ද වෙන්න… වචනයක් කියා යන්න… භාරයි ඔබට මේ මහා සංග්‍රාමය….

#Hail_Hydra

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය ඇතැම් BR / WEB-DL / IMAX WEB පිටපත් සඳහා සඳහා අදාළ වේ. 

129,236 downloadsDownload Avengers.Endgame.2019-500-Sinhala-IMAX.zip247 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

129,236 downloadsDownload Subtitles247 KB

834 comments

  1. Mr yasho

    palaweni comment eka mage

    1. filmer

      meke blu ray copyak tynawa sub eka denna pulwanda

    2. Rayan Sameera

      Endgame download karanna link ekak dennako.

  2. Buddhi Senanayaka

    jaya <3

  3. Mr yasho

    sub ekata gdaaaaaaak thanx.me sub eka enakan kochchcara kal baln hitiyada kjiyala danne mama witharayi.thanq godak sub ekata

  4. chathura layantha

    thanks bro

    1. Pasindu16022

      Thanks aiye, balaana hitiye sub 1 enakan..

  5. Navodani Thilini Sasanika

    එසේ මෙසේ උපසිරසි ගානක් නෙවෙයි 500ක් කියන්නෙ. චිත්‍රපටි රසිකයන් වෙනුවෙන් අවුරුදු 10ක් තිස්සෙ මේ වෙන කැපවීමට බොහොම ස්තූතියි. 500 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා රොයිලි අයියෙ. ඒ වගේම ජීවිතෙත් හිතන විදියටම සාර්ථක කරරගන්න ලැබෙන්න කියලා සුභ පතනවා. උපසිරසියට බොහොම ස්තූතියි.

  6. madhubashana bandara

    ජය වේවා රොයිලි සහෝ,500 වෙනි කඩයිමට සුභ පතනවා!!

  7. madhubashana bandara

    ජය වේවා රොයිලි සහෝ !!!!!!

  8. Don

    Thanks brooo ...

  9. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    500 වෙනි උපසිරැසි කඩඉමට උණුසුම් සුභ පැතුම් වගේම ලාංකීය සිංහල උපසිරැසි කරණයේ පුරෝගාමී ප්‍රමුඛතමයාවන බයිකෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ජීවනාලිය බඳුවු සාමජිකයින් අතර සිටිනා ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  10. Ravindu Rukshan

    500 ක් ගහනවා කියන්නෙ එසේ මෙසේ වැඩක් නම් නෙමේ. කොහොමත් නමුත් අවුරුදු ගණනාවක් තිස්සෙ රොයිලි අයියා ගමනක් ආවා. ඉතින් මේ අවුරුද්දෙ වසර ගණනාවකට කලින් පටන්ගත්ත දේවල් අහවරයක් වෙනවනෙ. ගේම් ඔෆ් ත්රෝන් සහ අවෙන්ජර්ස්. ඉතින් 500 වෙනි උපසිරැසය වෙනුවෙන් බොහොම ස්තූතියි. මෙතනින් නොනැවතී ඉදිරියටම යන්න ලැබේව කිය පාර්ථනා කරනවා,

  11. Sandaru nis

    Tnx sho sub akata

  12. kaweesha kalyana

    sub 500... ලේසි නෑ මෙච්චර කාලයක් අපි වෙනුවෙන් කරපු කැප වීමට ස්තුතියි සහෝ. මං පතනවා ඔයාට තවත් උපසිරසි නිර්මාණ කරන්න පුළුවන් වෙන්න කියල.

  13. Binara Waduge

    හදිසිකාරයන්ට උනත් දුන්න සබ් එකට බොහොම ස්තූතියි...❤

  14. a_ranasinghe

    ගොඩක් ස්තූතියි රොයිලි

    1. Prabodha Madhusankha Hettiarachchi

      Sub 500 kiyanne hithagannawath baaa. Congratulations broo godak sthuthi sub dena ekata..... Jaya wewa....!

  15. එල්.සී. දමැල්

    500ක්... 500ක්... උපසිරසිකරණයේ ප්‍රමුඛයායෙන්. ජයෙන් ජය පතනවා රොයිලි අයියේ සුභම සුභ පැතුම්. මේ කාලේ කොච්චර කැපකිරීම් කරන්න ඇද්ද? ඒ හැම අවුරුද්දකටම, මසකටම, පැයකට, විනාඩියකට සහ තත්පරයකටම ස්තුතියි. රොයිලි ප්‍රනාන්දු පවුලේ හැම කෙනෙක්ටම ස්තුති කියනවා මේ වෙනුවෙන් කාලය කැපකරන්න ඉඩ දුන්නට. ජීවිතේ සියලු කටයුතුත් සාර්තකව කරගන්න හැකි වේවායි කියලත් ප්‍රාර්ථනා කරනවා... ජය...

  16. Enz

    සුපිරි රොයිලු 500ට සුභ පැතුම්

  17. kasupbro

    ඔයා කීවෙ නැත්නම් මේ සීන් ටික මග ඇරෙනව අයියේ...එල එල තැන්ක්ස් පට්ටටම...

  18. Hasindu Boke

    බොහොම ස්තූතියි සහෝ.. සබ් 500යට උණුසුම් සුභ පැතුම්

  19. dimuthu lakmal

    සේරම කියන්න කලින් කියන්න ඕනි මුල් ටික කියෙව්වම මේ ටික දාලම ඉන්න ඕනි කියල හිතුන.රොයිලි අයියල නිසා තමා ඇත්තටම අපි ෆිල්ම් එකක් ආසාවෙන් බැලුවෙ.මොලේ නැති මී හරක් සබ් එකක් වැඩ නෑ කියල කෑ ගැහුවට අපිනම් පොන් එකෙනුත් බැලුව.බැරිනම් හැදන් බැලුව.ඒත් කවදාවත් බැන්නෙ නෑ.තෑන්ක්ස් රොයිලි අයියා.ඔයාට ජයෙන් ජයම පතනව.ඉදිරියටත් තව සබ් කරන්න ශක්තිය ලැබෙන්න පතනව.සබ්නම් රොයිලි වග අපි දන්නෙ අද ඊයෙ නෙවෙයි.නිකන් දෙන එකේ අගේ දන්නෙ නැති උන් ඕක දන්නෑ.අයෙ අයේත් තෑන්ක්.මේකත් එනකම් ඉදියෙ.ඒත් හොදම එකක් ආවම දාන වග දන්නව එතකම්ම ඉවසල බලනව.තෑන්ක්ස්.බුදු සරණයි.දෙව් පිහිටයි

    1. Nchila

      500 කියන්නෙ සෙල්ලමක් නෙවෙයි.ඒ ඉවසීම ඒ කැපවීම අගය කරන්නම ඕනි..බොහොම ස්තූතියි අයියේ....

  20. AmilaNu1

    බොහොම ස්තූතියි..

  21. sad

    elama wisthraya

  22. Ishara_sw

    එල ..බ්‍රෝ ...දිගටම කරගෙන යමු ...
    ....සුපිරි යි...❤️❤️❤️

  23. pamitha

    thank you

  24. Shalika_dulan

    Elaaazzz

  25. දමිත් රත්නායක

    මම බයිස්කෝප් එකේ මෙතුවක් කාලෙකට දැක්ක පට්ටම පතුරු දිගම දිග සවිස්තරාත්මක ලිපිය මේ ලිපිය වෙන්න ඇති. අදාල තැන් වල screenshot එක්ක කියවපු ගමන් එකපාරින්ම තේරුම් යනවා. මාරම මහන්සියක් වෙලා තියෙනවා ලිපියටත්. මුලින්ම ඒ වෙනුවෙන් ආචාරය. රොයිලි වගේ තව කිහිප දෙනෙක්ගේ ගුණාත්මක අතින් ඉහල උපිසරැසි නිසා තමයි අපිත් බයිස්කෝප් එකෙන්ම සබ් එක ගන්න තැනට පත්වුනේ. ඉතින් එනකම් බලන් හිටපු චිත්‍රපටයක්අ. ඒත් අකමැත්තෙන් වුනත් blueray එකක් එනකම් ඉන්න වෙනවා. 500 වෙනි උපසිරැසියට මගේ හද පත්ලෙන්ම ආචාරය සහෝ. ඒ වගේම 100%ක් quality උපසිරැසි දෙන, 100% සාර්ථක උපසිරැසිකරුවන් බිහිකරපු බයිස්කෝප් අඩවියත් දිගුකල් වැජඹේවා. හැමෝටම ජයෙන් ජය.

  26. Chämàrá Sâmpáth

    500'වැනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් රොයිලි අයියෙ.. අවංකවම උපසිරැසි 500 ක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි හීනෙන්වත් හිතන්න බැරි දෙයක්. 50 න් ඇවෙන්ජර්ස් මුල් ෆිල්ම් එකට සබ් කරලා 500 න් ඇවෙන්ජර්ස් අන්තිම ෆිල්ම් එකට සබ් කරන්න ලැබුණු එකම ඔයාගෙ තවත් වාසනාවක්. උපසිරැසි 500 ගමනක් ආව ඔයාට මේ ගමන මෙතනින් නවතින්න හිත දෙන්නෙ නැහැ කියලා අපි දන්නවා. එහෙම වෙන්නත් එපා. මොකද ඔයාගෙ සබ්වල කොලිටිය දන්න කියන අයම තමයි GOT වල එපියක් ආවම සබ් එක දෙනකන් පොරකන්නෙ.

    මේ ෆිල්ම් එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් ඈ. සුපිරියක් තමයි. බ්ලුරේ කොපියක් ආවම කාලෙකම බලනවා. 500'වැනි උපසිරැසියටත් හුගාක් ස්තුතියි. ඒවගේම තිසර උඹටත් ස්තුතියි හැමෝම කියෙව්වේ නැති උනාට සුළුතරයක් වෙනුවෙන් පැය ගානක් මහන්සි වෙලා මේ සුපිරි ලිපියක් වෙනදා වගේම අරන් ආවට.

    ප:ලි: GOT ඉවර උනාට මොකො ස්පින් ඕෆ් ප්‍රික්වල් සීරීස් එක එන්නෙ. ඒකට සබ් ඕන හොදේ.

    1. ridmal

      Thanks broo.....

  27. Ravindu Harsha

    පට්ටා..තැන්ක්ස් රොයිලි අයියා..තව තවත් සබ් කරන්න පුලුවන් වෙවා කියල ප්‍රාර්තනා කරනවා...

  28. සසිඳු කවීශ ගමපතිරණ

    500 වැනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් රොයිලි සහෝ!
    1000 ටත් යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!

  29. නලින් පෙරේරා

    හම්මේ ‌ෙරොයිලි අයියේ කියන්න වචන නැ. ෆිලුම නම් බැලුවා, එත් ඉතිං ‌‌‌ෙමේ විස්තරේ කියවද්දි ඒක තවත් රසවත් වුනා. ස්තුතියි ඉතිං. ඉක්මනින් සබ දිපු එක පට්ට...
    ජය ‌ෙවේවා!

  30. Rohanvanderlan

    Ala bro mn nam iwasan ඉන්නවා හොඳටම හොඳ copiyak enakan...thank you bro

  31. Helili Hemamali

    පන්සියවැනි උපසිරැසියට ආසිරි බෝ වේවා!
    දහසක් උපසිරැසි ගෙන ඒමට සවි බල ලැබේවා!
    ආ මග කටුක වුවත්, ඉදිරිය සිනා බෝ වේවා!
    සියලු දොස් දුරු වී, ආවඩා ආයුබෝ වේවා!

  32. Mayura

    බොලේ 400 ගැහුවේ ඊයේ පෙරේදා නේද? අද බැලින්නම් 500. තවත් කඩ ඉම් ගණනාවක් පහු කරන්න ශක්තිය ලැබේවා කියලා පතනවා. ජේසු පිහිටයි!

  33. udaya076

    kiyanna wachana ne . onna okkoma tika kiyewwa....

  34. Amimac

    thanx Bro

  35. Eranga Sandaruwan

    මම නම් මාවල් ෆිල්ම් බලන්නේ නෑ.. ඒ උනාට කට්ටිය ඉල්ලනවනේ ඒ නිසා ඩවුන්ලොඩ් කරනවා

    උප සිරැසියට බෝම ස්තූති වේවා..

    අර පරණ ෆිල්ම් ගැන කියල තිබ්බ හින්දා කියන්නේ

    අනේ පුලුවන් නම් ඇවටා ෆිල්ම් එකේ බ්ලූරේ එඩිටකට් එකට අප්ඩේට් කටන්නකෝ පුලුවන් නම්.. ඒකේ සබ් එක තියෙන්නේ ඩීවීඩී රිප් එකට. ඩීවීඩී රිප් එක හොයන්න නෑ දැන්..

    1. Chanakaprasanna

      සුභ පැතුම් .. රොයිලි සහෝ.... සබ් එකට ස්තූතියි..

  36. hasalaka

    supirima charithayak !!! good luck brother :)

  37. SumudithaLansakara

    ස්තූතියි සහෝදරයා.අර දැම්ම කියවන්න එපා ෆිල්ම් එක බලලම කියවන්න

  38. Mayura

    අය්යගේ සබ් වෙන්නැති වැඩියම බැලුවේ මේ සයිට් එකේන්, GOT හින්දා. අදටත් ඒ සබ් වලින් ඉගෙන ගන්න දේ එමටයි. එන්න තියෙන LOR සීරීස් එකත් අය්යගෙන්ම බලාපොරොත්තු වෙනවා

  39. Piumi ann

    Ethek methek ඉතිහාසයේ mama kiyawapu digama lipiya විදියට meka ඉතිහාස gatha wenakota mata koyanna thiyenne awankawama oyala me karana wade පට්ටම පට්ට ගොඩක් pin me karana wade oyala nohitinna api films wala theruma danne na ohe balanawa english subak dagena hariyata kiyawanna welawakwath na eth oyala me loyana lipi hinda film eka balanna amuthu manasikathwayak thibahak hadenawa eka පට්ට. Thankz bro jaya wewaa. ආදරෙයි හැමදාටම me karana wadeta......

  40. OsandaFdo

    ❤️❤️❤️tnq ayye...great work..

  41. darshana100

    oyata bohoma stuti saho mama hitanne baninne awajatkayo wenna one banina ayata wada oyalata asirwada karana aya wadi digatam api akka inna apiy innwa oyala akka

  42. dilanpramo

    Meke "2013 thanos " 2019 end game ekedi vanish wela yanwane. E kiyanne thanks ta 2013n passe pawathmak nane. Ehenam kohomda 2018 di infinite stones use karanne. 2013 idala thanos timeline eke nane.

    E wagema nebula 2019 di 2013n apu nebulata wedi thibbama 2019 di nebula kenek inda widiyak nane.

  43. isururko

    tq machan 500 sub eka ඉදිරියට කරන් පලයන්
    All the best

  44. Mawan Geethanjana

    උප්සිරැසියට හා ලිපියට බොහොම ස්තූතියි ❤❤❤

  45. Thilina Jayarathna

    ammme dan balala ave hall eke paaata ayyye vadak na kiyla oyge mh post eken tava deval danagatta thq ekta .ikmnta blueray avama update krnna plz thank u

  46. චානක ඉඳුනිල්

    500 වෙනි කඩයිමට මගෙන් උණුසුම් සුභ් පැතුම් රොයිලි අයියේ!
    වැඩි වැඩියෙන් සබ් කරන්න කාලය වේලාව ලැබෙන්න ඕන,
    සබටත් තුති!

  47. Piumi ann

    Ane manda mama diga comment ekak type kara mokakdo karumekata eka post une na .oyala me karana wadeta hadawathinma adarei bro patta dukai mage post eka gana eka mama oyage lipiya tharamatama type kara eth anw post une na appa sorryy

  48. sathyajith

    Thanks for the sub
    Congratulations for 500th subtitle

  49. nkrtharinda95

    අම්මෝ ගොඩක් ස්තුතියි සබ් එකට. කියන්න වචන නෑ සහෝදරයා නියමයි.

    මේක දුන්න කියල හිටං, GOT එක එහෙම හෙට පරක්කු කරනව නෙමෙයි LOL

  50. සචින්ත කල්හාර බෙනට්

    නියමයි රොයිලි අයියේ.
    500 ට සුබ පැතුම්.
    අයියගෙ සබ් නම් ඉතිං සුපිරියටම තියෙනවා.
    සබ් 500 කින් කොච්චර සේවයක්ද මේ කරලා තියෙන්නේ ඉතිං...!
    ඒ වගේම ලිපියත් පට්ට.
    මේක නම් කැම් කොපියක් එනකම් ඉඳලා, ආපු ගමන්ම බාගෙන බැලුවා.
    ආයෙ ඉතිං බ්ලූ-රේ ආවම සබ් එක්කම බලනවා.
    හරිම දුකයි මේකෙ අවසානය නම්.
    ආසම මාර්වල් එකෙන් ආසම ෆිල්ම් එක...!
    බොහෝම ස්තූතියි රොයිලි අයියේ.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.