ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මගේ දෙවෙනි උපැසිරසියත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනේ. මේක මං භාර අරගෙන ටිකක් කල්. ඒත් ඇත්තටම පොඩි පොඩි අවුල් වගයක් නිසා ටිකක් ප්‍රමාද වුණා. ඒ ගැන ඇඩ්මින් මඩුල්ලෙන් වගේම ඔයාලගෙනුත් සමාවෙන්න කියලා ඉල්ලනවා. හරි මේ ඇති. කතාව දිහාට හැරෙමු. මේක Comedy, Drama යටතට වටෙන සලරුවක…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මගේ දෙවෙනි උපැසිරසියත් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕනේ. මේක මං භාර අරගෙන ටිකක් කල්. ඒත් ඇත්තටම පොඩි පොඩි අවුල් වගයක් නිසා ටිකක් ප්‍රමාද වුණා. ඒ ගැන ඇඩ්මින් මඩුල්ලෙන් වගේම ඔයාලගෙනුත් සමාවෙන්න කියලා ඉල්ලනවා. හරි මේ ඇති. කතාව දිහාට හැරෙමු.
මේක Comedy, Drama යටතට වටෙන සලරුවක්. IMDb අගය 6.6ක් සහ Rotten Tomatoes අගය 91% ක් විදිහට තමයි සඳහන් වෙන්නෙ. නාට්‍ය තරඟයක් වෙනුවෙන් උසස් පාසැලක ගුරුවරියක් ළමයි ටිකක් අරගෙන යන කතාවක් තමයි තියෙන්නෙ. ටිකක් වෙනස් විදිහේ චිත්‍රපටියක්. ගුරුවරියක් සහ ගෝලයෙක් අතර තියෙන බැඳීමට වඩා එහා ගිය දෙයකුත් මේකෙදි දකින්න පුළුවන්.
ඉතින් මිස් ස්ටීවන්ස් කියන්නෙ ෆ්‍රැන්ක්ලින් උසස් පාසලේ ඉංග්‍රීසි ගුරුවරියක්. මෙයා තමයි ළමයි ටික ට්‍රිප් එක අරන් යන්න බාරගන්නේ. මේ කට්ටිය ගමන් යන්නෙ මිස් ස්ටිවන්ස්ගේ පරණ වහනයෙන්. ඒ නිසාම කතාවවේ මුලදීම කට්ටිය ට්‍රිප් එක යන්න පටන් අරන් ටික දුරක් යනකොටම එයාලාට පොඩි කරදරයකට මුණ දෙන්න වෙනවා. එත් කොහොමහරි අන්තිමට එයාලට තරඟය තියෙන හෝටලයට යන්න පුළුවන් වෙනවා.
බිලී (විලියම්) තමයි මේ කට්ටිය අතරින් රඟපෑමට දක්ෂම කෙනා. ඇත්තටම පස්සෙ දැනගන්න පුළුවන් වෙනවා මේ ට්‍රිප් එක ආවෙත් එයා වෙනුවෙන්මයි කියලා. ඒත් මෙයාට පොඩි මානසික ප්‍රශ්නයක් තියෙනවා. ට්‍රිප් එක යන්න කලින් විදුහල්පතිතුමා මිස් ස්ටිවන්ටත් කියනවා මෙයා ගැන බලන්න කියලා. බිලී කෙලින්ම නොකිව්වත් එයාට මිස් ස්ටීවන්ස් ගැන ගුරුවරියකට වඩා එහා ගිය සැලකිල්ලක් තියෙනවා. පළවෙනි දවසෙ රෑ සාදයේදී එයා මිස් ස්ටීවන්ස් දිහා බලාගෙන ඉන්නෙ හරිම ආදරණිය විදිහට. කොටින්ම කිව්ව්වොත් ඒ වෙලාවේ මිස් ස්ටීවන්ස් ගාවට එන තවත් ගුරුවරයෙක් දිහා හරිම ඉරිසියාවෙන් බලාගෙන ඉන්නේ.
මොකද්ද මේ ගුරු ගෝල සම්බන්ධය?
මොන වගේ ප්‍රශ්න වලටද එයාලට මුණ දෙන්න වෙන්නෙ?
කට්ටිය තරඟයට කොහොම මුණ දෙයිද?
කවුරු ජයග්‍රහණය කරයිද?
Action, Horror වගේ ඇඟ කිලිපොලා යන කතාවක් නම් නෙමෙයි. ඒත් සාමකාමී විදිහට, අසාවෙන් බලන්න පුළුවන්, ලස්සන අදහසක් තියෙන, හොඳ කතාවක්. ඔයාලම බලලා තීරණය කරන්නකො.
ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
1,469 downloadsDownload Miss-Stevens-2016.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ශෂිකා එරන්දි ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශෂිකා එරන්දි
Subtitles
14 comments
gihan perera
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Sherlock holmes
තෑන්ක්ස් sis..
Sajiya99
Thanks sis sub ekata
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!ranga11112
thanks Shashika ....Digatama Sub denna
උදයංග සම්පත් හතරසිංහ
Good Job ශෂියා.. Keep it up.. ජය වේවා..!
Ravindu Dananjaya
සිංහල උපසිරැසි වලට බොහොම ස්තුතියි පුලුවන්නම් A.X.L ෆිල්ම් එකටත් සබ් දෙන්න
බොබී
ස්තූතියි සබ් එකට. ඔබට දිගටම සබ් කරන්න හැකිවේවා කියලා පතනවා.
Kulanjana Maduranga
subata thanks sis....keep it up..
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
ජයෙන් ජය.AsithaDilruwan
Ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට.....!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සහෝදරී....දිගටම උපසිරැසි කරන්න sis..ජය වෙිවා....