Watch Trailer

Mollywood Times (2026) Sinhala Subtitles | සිනමාවේදියෙකුගේ ජිවිත කතාව [සිංහල උපසිරැසි]

Mollywood Times (2026) Sinhala Subtitless මෙයාගේ නම තමයි විනිත් මාධවන්. කුට්ටික්කානම් වල ඉපදිලා මලයාලම් සිනමාවේ හොදම හොල්මන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන්නයි එයාගේ ආසාව. මේ චිත්‍රපටය පුරාවටම යන්නේ එයාගේ ඒ හීනය සපුරන්නේ කොහොමද, සිනමා කර්මාන්තයේ තියෙන කටුකත්වය ඉදිරියේ එයා යන මේ ගමන සාර්ථක වෙයිද යන ප්…

Mollywood Times (2026) Sinhala Subtitless

මෙයාගේ නම තමයි විනිත් මාධවන්. කුට්ටික්කානම් වල ඉපදිලා මලයාලම් සිනමාවේ හොදම හොල්මන් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන්නයි එයාගේ ආසාව. මේ චිත්‍රපටය පුරාවටම යන්නේ එයාගේ ඒ හීනය සපුරන්නේ කොහොමද, සිනමා කර්මාන්තයේ තියෙන කටුකත්වය ඉදිරියේ එයා යන මේ ගමන සාර්ථක වෙයිද යන ප්‍රශ්න වලට උත්තරයන්.

12th Fail හින්දි චිත්‍රපටය මතකද කට්ටියට.. ඇත්තටම ඒ චිත්‍රපටයේ යන්නේ IPS මනෝජ් කුමාර් ශර්මාගේ කතාව නොවැ.. කෙනෙක්ට හිතෙයි අද මං මේ ගේන්න හදන එකත් මං කියපු ෆිල්ම් එක වගේම එකක් කියලා. අනිවාර්යයෙන්ම ඔව්. හැබැයි කතාන්දරය පොඩ්ඩක්  වෙනස්. අද මේ මං ගේන්නේ කොහොම කට්ටක් කන්නම ඕනෙද එලෙසම කට්ට කාලා බාධක මැද්දේ ගිහින් තමන්ගේ හීනය සපත කරන්න උත්සහ කරපු සිනමා අධ්‍යක්ෂකවරයෙක්ගේ කතාව. හැබැයි අර 12th fail කතාව යන්නේ කට්ට කාලා තැලෙන්න ඕනේ තැන් වලින් තැලිලා හැදිච්ච පොලිස් නිලධාරියෙක් වුනු කෙනෙක්ගේ කතාව.

අභිනව් සුන්දර් නායක්.. මේ නම නෑහුණ කෙනෙක් ඉදියොත් ඉතින් පුදුමයක් නෙවෙයි හැබැයි, විශ්වාස කරන්න.. මෙයාගේ අධ්‍යක්ෂක පට්ටමට තියෙන්නේ එකම එක චිත්‍රපටයයි.. ඒ වෙන මොනවත් නෙවෙයි ‘මුකුන්දන් උන්නී ඇසෝසියේට්ස්’ කියන 2022 දි තිරගත කරපු චිත්‍රපටය. (පුළුවන් වුනොත් මේකට උපසිරැසියක් දෙන්නම්.) මෙයා ගොඩක්ම ප්‍රසිද්ධ වුනේ චිත්‍රපට සංස්කාරකවරයෙක් විදිහට. ඉතින් තමන් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපට දෙකම තමන්ම සංස්කරණය කරනවා කියන්නේ.. හිතාගන්න කෝ. මේ ගේන්නේ එයාගේ දෙවෙනි චිත්‍රපටයේ උපසිරැසිය.

මේකත් කලින් කරපු Masthishka Maranam චිත්‍රපටයේ අහියෝගයම හා සමානව යන වැඩක්. ඇත්තටම මේකටත් වුනේ අර සන්තැසියම තමා ඉතින්. ඒත් වෙනස තියෙන්නේ මේක ‘චිත්‍රපටයක් ඇතුලේ සිනමාවක් ‘ වුනු එක. අරක විද්‍යාව හා සම්බන්ධ දෙයක් නොවැ. හැබැයි නස්ලෙන් කොල්ලගේ අනිත් ඒවා දීලා මේක නොදුන්නොත් ප්‍රේක්ෂකයින්ට කරන ලොකු අසාධාරණයක් කියලයි මට හිතෙන්නේ. ඉතින් ඒ හින්දම ඔන්න හෙනම කට්ටක් කාලා ඔන්න ගෙනාවා උපසිරැසිය. දැන් ඉතින් බලන්නයි තියෙන්නේ.

කතා ඇති නේ? එහෙනම් යමු විස්තරේට.

මොලිවුඩ් ටයිම්ස් (ඉංග්‍රීසියෙන්: Mollywood Times, මලයාලමෙන්: മോളിവുഡ് ടൈംസ്) කියන්නේ මේ අවුරුද්දේ ජුනි 5 වෙනිදා නිකුත් කරපු චිත්‍රපටයක්. මේකේ අධ්‍යක්ෂණය අභිනව් සුන්දර් නායක්ගෙන්. නිෂ්පාදනය ආශික් උස්මාන්ගෙන්. මෙයාව මතක නැත්නම් 2020 තිරගත කරපු අන්ජාම් පාතිරා බලන්නකෝ. ඒකේ නිෂ්පාදක වරයා වෙන්නේ එයාම තමයි. සංගීත අධ්‍යක්ෂණය පල්ලිචට්ටම්බි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරපු ජේකස් බිජෝයිගෙන්. (දෙවෙනි වතාවට ජේකස් ලොක්කා සංගීතවත් කරපු එකකුත් උස්සන් ආවා) මේක අයිති වෙන්නේ psychological / dark comedy ගණයට. හැබැයි ඉතින් එහෙම psychological වලට බර පැත්තක් නම් පේන්න තිබ්බේ නෑ, බයෝපික් එකක් වගේ තමයි පෙනුනේ නම් මට..

විශේෂයෙන් මේ චිත්‍රපටය හැදෙන්නේ ‘The Fountainhead’ කියන රුසියානු කෘතිය ආශ්‍රයෙන්.

රංගනයෙන්  නස්ලෙන් එන් ගෆූර්, ශරෆ් යූ ධීන්, විනිත් ශ්‍රීනිවාසන්, සංගීත් ප්‍රතාප්, රොෂාන් ශානාවාස්, ගෝපිකා රමේෂ්, ජගදිෂ්, ප්‍රශාන්ත් ඇලෙක්සැන්ඩර්, මෑතකදී නැසීගිය සලීම් කුමාර්ගේ පුතා වෙන චන්දු සලීම් කුමාර් ද, විශේෂ රංගනයෙන් ආර්ශා චාන්දිනි බයිජු සහ බැසිල් ජෝසප් ද රංගනයෙන් දායක වෙනවා.

ඇත්තම කිව්වොත් මේ ෆිල්ම් එක කරන්න හිතුනේ නස්ලෙන් කොල්ලගේ වැඩ කිඩ හින්දමයි. ස්පෙෂලි ආලප්පුලා ජිම්කානා, ප්‍රේමාලු, I am Kathalan, Jo and jo වගේ ෆිල්ම් වල මෑන් ගේ වැඩ කිඩ හින්දමයි මේකත් කරන්න හිතුනේ. මේ වෙද්දී මං කියපු හතරම අපේ සයිට් එකේ තියෙනවා. ඕනේ අය බලන්ඩ ඉතින්.

මේ චිත්‍රපටයේ ආදායම කෝටි 19කට ආසන්නව තියෙනවා. (මේ වෙනතුරු තිරගත කල ආදායම)

මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 7.4/10 කුත් Letterboxd අගය 3.5/5 කුත් ලබාදීලා තියෙනවා.

මේක මුලින්ම 2025 අග භාගයේ නිකුත් කරන්න සැලසුම් කලත් යම් යම් ප්‍රශ්න නිසාම මේක 2026 මැයි 14 වෙනතුරුම කල් යනවා. නැවත වතාවක් ආයේ කල් දාලා අවසානයේ මේක ජුනි 5 වෙනතුරු තිරගත කිරීමේ දිනය වෙනස් වෙනවා.

මේකේ OTT සහ සැටලයිට් අයිතිය JioHotStar(JHS) සහ මලයාලි නාලිකාවක් වෙන Asianet සතු කරගෙන තියෙනවා කියලා ආරංචියි. ඉතින් JioHotStar එකෙන් ජූලි තුන්වෙනිදා මේ චිත්‍රපටයේ ඔරිජිනල් පිටපත් නිකුත් කරනවා.

මේ චිත්‍රපටයට නීතිමය පැත්තෙනුත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා.
On June 18, CBFC filed a case against the makers of Mollywood Times. The allegations was made by the officials of regional CBFC regarding certain scenes and dialogues were told to cut down but instead screened the un-edited without cuts and mute violating censorship. The case was filed against the film producer, director and distributors.
(Source: Mollywood times – Wikipedia)

පුළුවන් නම් කමෙන්ටුවක් දාගෙනම යන්න.මොකද ඔයාලගේ කමෙන්ටුව අපිට කරන දිරිගැන්වීමකට හා සමානයි. මොකද මං දන්නා සමහර උපසිරැසිකරුවන් දැන් මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ නැත්තේ ඔයාලගේ දිරිගැන්වීම නැති හින්දම. මට වුනත් කමෙන්ට් නැතිනම් කරන්න හිතෙන්නේ නෑ. ඒ හින්දා කමෙන්ටුවක් දාගෙනම යන්ඩ ඈ.

මහන්සි මහන්සි කියලා බැලුවේ නෑ ඉතින්, වැඩ දාහක් වුනත් ටික ටික හරි මේක කරන්නත් එපැයි. ඒ වෙන මොකටවත් නෙවෙයි. ඔයාලගේ රසවින්දනයට නොවැ. මොකද කැම් කොපියකට සබක් හදලා ඒක සිංක් කරනවා කියන්නේ එලොව පොල් පේන, තරු සිහිවෙන වැඩක්. ඇස් කඩාගෙන, අතින් ටයිම්ලයින් හදාගෙන අහලා ලියලා ඔරිජිනල් පිටපතේ ටයිම්ලයින් එකට හදනවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි.. මං එහෙම කියන්නේ ඇයි කියලා ඔයාට තේරෙන්නේ මේ වගේ වැඩක් කරන්න ගත්තට පස්සේ.

එහෙනම් ඉතින් චිත්‍රපටයක් ඇතුලේ සිනමාවක් රස විදින ගමන් මං සමුගන්නම්.. සුබ දවසක්!

‘ප්‍රසිද්ධිය හඹායන්න.. එවිට ශ්‍රේෂ්ඨත්වය පස්සෙන් ඒවි..’

Mollywood Times (2026) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

574 downloadsDownload Mollywood-Times-2026.zip91 KB

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඕෂද එරංග (Era Boy)” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2025-12-30

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Mollywood Times (2025) Sinhala Subtitles

Subtitles by

ඕෂද එරංග (Era Boy)

Subtitles

574 downloadsDownload Subtitles91 KB

2 comments

  1. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් මචං

  2. ඕෂද එරංග (Era Boy)

    සමා අවසර මෙහෙම කමෙන්ටුවක් දානවා නම්. මුලින්ම කියන්න ඕනේ මේක ඇත්තෙන්ම කැමරා කොපියකට සබ ගහලා අවසානයේදී සින්ක් කරපු එකක්. මේ එහෙම කරපු තුන්වෙනි වතාව. ඉතින් ඔහොම මහන්සි වෙලා සබ් එකක් කරලා පොඩ්ඩක් ආතල් එකේ ඉන්නකොට තමයි කොහෙන්දෝ ගෘප් එකකින් කෙනෙක් ඇවිල්ලා මගේ උපසිරැසියකට දෝස්මුරයක් දාලා තිබ්බා. වෙන මොකටවත් නෙවෙයි, ඒ මේකට. ඇත්තටම මහන්සි වෙලා උපසිරැසියක් ගහන කෙනාට වැඩිය දැන් හැමෝටම වටින්නේ ඔය AI වලින් කරන උපසිරැසියකටනේ ඉතින්. So sad

    අවංකව කිව්වොත් මගේ පුද්ගලික මතය තමයි ‘AI can’t do everything’. මාත් මෘදුකාංග ඉංජිනේරු උපාධියක් කරන කෙනෙක්. ඉතින් ඇත්තටම මේ වගේ දේකට මං මහන්සි වෙන්නේ චිත්‍රපට රසිකයෙක්, විශේෂයෙන් මලයාලි සහ තෙලිගු සිනමා කර්මාන්ත වල තියෙන චිත්‍රපටි වල දෙබස් අහගෙනයි මං කරන්නේ, ඒක ඕනෙම කෙනෙකුට කරන්න පුළුවන් කියලා කියන්නේ නෑ, මොකද භාෂාව තේරුම් ගන්න කෙනා තමයි මහන්සියෙන් ගේම ගහගන්නේ. අවංකව කිව්වොත් ඔය දේ AI ට අදාළ වෙන්නේ නෑ, මොකද ඒකේ ඇතුලේ ලොකු Process එකක් යනෝ.. ඊට පස්සේ සබ දීලා ‘ආ මං තමයි මුලින්ම දුන්නේ’ කියලා තමන්ගේ ක්‍රෙඩිට් එක අල්ලලා සයිට් එකක පබ්ලිෂ් කරනවා.. ඉස්සරහට වෙන්නේ ඕක තමා, අපි වගේ මහන්සියෙන් කරන කෙනෙක් අන්ත අසරණ වෙන්නේ ඔන්න ඔය වගේ වෙලාවට. ඕක වෙන්නේ එක දවසයි, ඊට පස්සේ ඉතින් සොරිම තමා. ඩවුන්ලෝඩ් යනවා හිටු කියලා.. අනේ මන්දා, මහන්සියෙන් කරන කෙනාට සොරිම තමා, ඔය මහා ලොකුවට ඉන්න ගෘප් වල එක එකා අපිට දොස් පවරනවා idioms නෑලු අරක නෑලු මේක නෑලු bla bla bla.. AI සබ් එකක් අරගෙන ෆිල්ම් එකකට දාලා බැලුවම වෙන උන්ට ඔවා ගානක් නෑ.. හැබැයි මහන්සිවෙලා කරන අයව එයාලට පේන්නේ අපිත් AI පාවිච්චි කරනවා කියලයි. හැබැයි ඇත්තම කතාව ඕක නෙවෙයි. සබ් වලින් හොද වැඩකාරයෙක්ට ඔය වගේ AI වලින් හදපු සබ් එකක් අහුවුනොත් ඉතින් එයාට හිතාගන්න ඇහැකි මේක ඇත්තටම මහන්සි වෙලා කරපු එකක්ද නැත්නම් AI වලින් කරපු එකක්ද කියලා.

    මේ කතාව ගැන හිතද්දී අපේ ඇඩ්මින් ලොක්කා, රවිදු හේෂාන් අයියා දාපු එයාම කරපු ෆිලුමක ලිපියේ හරි ලස්සන විස්තරයක් තිබ්බා. ‘සමහර අය කතා වෙනවානේ ඉස්සරහට AI තාක්ෂණය හිංදා සබ් කරන සයිට් අවශ්‍ය වෙන්නේ නෑ, ඉංග්‍රිසි සබ් එක දීපු ගමන් සිංහලෙන් බලන්න පුලුවන් කියලා. ඉතිං ඇත්ටටම අනුකම්පා කරන්න තමා වෙන්නේ එහෙම බලන අයට. ඉංග්‍රිසි සබ් එක 100% හරි නං අවුලක් නෑ. හැබැයි ඉංග්‍රිසි සබ් එකේ තියෙන්නේ වැරදි අර්ථයක් නං ඉතිං සොරි තමා. ඉතිං මෙ උපසිරැසිකරනය කියන දේ රසවත් වෙන්නේ Human touch එකක් තියෙනකොට තමා.’ මේ කතාවට 1000%ක් මං එකගයි. මගේ උපසිරැසි කාල සීමාවේ 90%ක්ම් කලේ කැමරා කොපි වලට උපසිරැසි හදලා දීපු එකමයි. ඔරිජිනල් ඒවට කලේ බොහොම අඩුවෙන්. නමුත් ඒවත් කලට රහට කරන්න උත්සහ කලේ මගේම මහන්සියෙන්. ඒත් කනගාටුවට කාරණය තියෙන්නේ මිනිස්සු මේවා පිලි නොගැනීම කියන කාරණේට. ඉතින් මේක පිළිගන්න දවසට ගොඩක් දවස් ගිහින් තියෙයි, එතකොට ඩැමේජ් එකත් වෙලා අහවරයි.

    දැන් ඉතින් බනින උන් බැනහල්ලා. හැබැයි මං කියන්නේ ඇත්ත.