Watch Trailer

Pet Sematary Two (1992) Sinhala Subtitles | මළවුන් නැගිටින සොහොන් බිමේ දෙවන දිගහැරුම [සිංහල උපසිරසි]

Pet Sematary Two (1992) Sinhala Subtitles Hello guys! අද මම ඔයාලට අරගෙන ආවෙ 1992 වසරේ නිකුත් වුණු Supernatural Horror ගණයේ චිත්‍රපටයක්. මේක තමයි “King of Horror” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සුප්‍රකට Horror ලේඛක Stephen Kingගේ Pet Sematary novel එකේ film adaptation එක වෙච්ච 1989 දී තිරගත වූ Pet Sem…

Pet Sematary Two (1992) Sinhala Subtitles

Hello guys! අද මම ඔයාලට අරගෙන ආවෙ 1992 වසරේ නිකුත් වුණු Supernatural Horror ගණයේ චිත්‍රපටයක්. මේක තමයි “King of Horror” යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන සුප්‍රකට Horror ලේඛක Stephen Kingගේ Pet Sematary novel එකේ film adaptation එක වෙච්ච 1989 දී තිරගත වූ Pet Sematary film එකේ sequel එක.  පළවෙනි film එක novel එක ඇසුරින් නිපදවුණත්, මේ දෙවැනි film එකට  Stephen King සෘජුවම සම්බන්ධ වුණේ නෑ. ඒ නිසා ඔහුගේ නම මෙම චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතු වලින් ඉවත් කර ගැනීමට ඔහු පියවර ගත්තා. හැබැයි මේකෙ කතාව පළවෙනි film එකට සම්බන්ධයි. ඒ නිසා ඔයාල ඒ film එක බලල නැත්තං මුලින්ම ඒක බලල ඉන්න. මේකට පස්සෙ Pet Sematary (2019), Pet Sematary: Bloodlines (2023) කියල තව film දෙකකුත් ආවා.

මෙම චිත්‍රපටය පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Mary Lambert විසින්ම අධ්‍යක්ෂණය කර ඇති අතර, ප්‍රධාන චරිත සඳහා Edward Furlong, Anthony Edwards, Clancy Brown සහ Jared Rushton රංගනයෙන් දායක වෙති. Terminator 2: Judgment Day චිත්‍රපටයෙන් ලොව පුරා ජනප්‍රිය වූ Edward Furlongගේ මුල් කාලීන භීෂණ රංගනයක් ලෙසද මෙය සැලකේ. චිත්‍රපටයේ සංගීතය Mark Governor විසින් නිර්මාණය කර ඇති අතර, 1990 දශකයේ ගොතික් (Gothic) භීෂණ වාතාවරණය හොඳින් ගොඩනඟා දෙන සිනමා ශෛලියක් මෙහි දැකිය හැක. IMDB අගය 5/10 ලෙස සටහන් වන මෙම චිත්‍රපටයේ Box office ආදායම ඩොලර් මිලියන 17.1කි.

කතාව ගැන කෙටියෙන් (Spoiler-Free): 

තම මවගේ හදිසි මරණයෙන් පසු, තරුණ ජෙෆ් මැතිව්ස් සහ ඔහුගේ පියා නව නගරයකට පදිංචියට යති. එහිදී ජෙෆ්ට නව මිතුරෙකු හමුවන අතර, ඔවුන් දෙදෙනාම අද්භූත බලයක් ඇති බවට ප්‍රචලිත පුරාණ සුසාන භූමියක් ගැන දැනගනී. මියගිය දේ නැවත ජීවයට ගෙන එන බවට කියැවෙන එම ස්ථානය ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරන සිදුවීම් රැසකට මඟ පාදයි. මරණය, ශෝකය සහ නැවත ජීවය ලැබීමේ මිල පිළිබඳ ත්‍රාසජනක ගමනක් මෙම චිත්‍රපටය තුළ දිග හැරේ.  

මේ සබ් එක හදාගන්නත් හෙන ගේමක් දුන්න, මොකද සමහර වචනවල තේරුම තැනින් තැනට වෙනස් වෙන හින්ද. මේක R Rated film එකක් නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඒනම් අඩුපාඩු තියෙනව නම් සමාවෙන්න කියලා ඉල්ලන ගමන්ම, පහළින් ඔයාලගෙ වටිනා අදහස් සහ Comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. Good luck!

Pet Sematary 2 (1992) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.

181 downloadsDownload Pet-Sematary-II-1992.zip27 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිමේෂ් දර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-07-18

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Pet Sematary Two Sinhala Subtitles

Subtitles by

නිමේෂ් දර්ශන

Subtitles

181 downloadsDownload Subtitles27 KB

2 comments

  1. Buddhika laKMal

    සබ් එකට තෑන්ක්ස්

  2. Anonymous

    ❤️