ඔන්න එහෙමනම් මේ අරගන ආවේ 2021 වසරේ නිකුත් උන Monkey King Reborn චීන ඇනිමේෂන් චිත්‍රපටයයි. එහෙමනම් වැඩි කතාබහක් නැතුව කතාවේ වෙන්න මොකක්ද කියලා කෙටියෙන්ම බලමු. සුන් වුකොන්ග්, එහෙමත් නැත්නම් යක්‍ෂ රජු තමන්ගෙ මාස්ටර් සහ මිත්‍ර බාජි සහ සැන්ඩි සමග ධර්ම ග්‍රන්ථ සෙවීමේ වන්දනාවක නිරත වෙලයි ඉන්නෙ. ඉතින් මේ ය…

ඔන්න එහෙමනම් මේ අරගන ආවේ 2021 වසරේ නිකුත් උන Monkey King Reborn චීන ඇනිමේෂන් චිත්‍රපටයයි. එහෙමනම් වැඩි කතාබහක් නැතුව කතාවේ වෙන්න මොකක්ද කියලා කෙටියෙන්ම බලමු.
සුන් වුකොන්ග්, එහෙමත් නැත්නම් යක්‍ෂ රජු තමන්ගෙ මාස්ටර් සහ මිත්‍ර බාජි සහ සැන්ඩි සමග ධර්ම ග්‍රන්ථ සෙවීමේ වන්දනාවක නිරත වෙලයි ඉන්නෙ. ඉතින් මේ යන අසීරු ගමන අතරමගදි කට්ටිය වෙහෙස මහන්සිය නිවාගන්න පෘථිවියේ අමරණීයන්ගෙ නායකයාගෙ දෙවොලේ නතර වෙනවා. එතනදි සුන් වුකොන්ග් සහ මිත්‍රයෝ දෙන්නා මාස්ටර්ට හොරා පලතුරු කන්න යාම නිසා ඇති වෙන ප්‍රශ්නයක් නිසාවෙන් විශාල අකරතැබ්බයකට මුල පෑදෙනවා. තමන්ට එල්ල වෙන චෝදනා නිසා කුපිත වෙන සුන් වුකොන්ග් ඒ පලතුරු ගස විනාශ කරලා මුලිනුපුටා දමනවා.
හැබැයි මේ ගහ වුකොන්ග් හිතන් හිටියා වගේ සාමාන්‍ය පලතුරු ගහක් නෙවෙයි. ලෝකයේ මුල්ම යක්‍ෂයා උන ප්‍රයිමෝඩියම්ව අපායේ සිරගත කරගෙන හිටිය චී ශක්තියෙන් නිර්මාණය වුන ගසක්. ඉතින් මේ ගසේ විනාශයත් සමගින් ලෝකයේ ඉපැරණිම යක්‍ෂයා යළි නිදහස ලබනවා. ඒ විතරක් නෙවේ, ඔහු එතනින් පිටව යන්නෙ වුකොන්ග්ගෙ මාස්ටර්වත් අරගෙන. වුකොන්ග්ගෙ මේ ක්‍රියාවෙන් කුපිත වෙන අමරණීයයා ඔහුව සිරගත කරන්න උත්සහ කළත් වුකොන්ග් සමග එළඹෙන එකගතාවක් නිසාවෙන් ඔහුට යන්න දෙනවා.
එකගතාව වෙන්නෙ තෙදිනක් ඇතුළත ප්‍රයිමෝඩියම්ව විනාශ කිරීම සහ අසමත් උනොත් සදාකාලිකව සිරගත වීම. එහෙමනම් යක්ෂයන්ගෙ රජු, මහා බලවත් සුන් වුකොන්ග් හට තම මාස්ටර්ව මුදාගන්න හැකිවෙයිද? ප්‍රයිමෝඩියම්ව පරාද කරන්න ලැබෙයිද? මේ ගමනට මොන වගේ බාධා එල්ල වෙයිද? කියන දේවල් කට්ටිය බලලම දැනගන්න එහෙනම්.
එහෙමනම් යළිත් උපසිරසියකින් හමුවෙන තෙක් මා සමුගන්නවා. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
8,300 downloadsDownload Monkey-King-Reborn.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
15 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
cp kumara
thanks you so much.............
jaya weewa !!!!!!!!!!!!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Udara Damith
සුපර් ගර්ල් බැවගීධ
KSC
aka patta..thanks saho
Kaviru madushanka
ස්තුතියි උපසිරැසියට....!
දිසානායක බණ්ඩාරළාගේ අවිශ්ක පැතුම් සමරදිවාකර
Love and Leashes (2022 • Rom-Com) Movie එකට සිංහල Subtitles දෙන්නකෝ...
♥️ 289 120 58& 3
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Nomanya
Chinese tv serious කරන්ඩකෝ
Anonymous
Thank brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
ස්තූතියි අයියේ සබ් එකට.දිගටම chinese animation movie වලට සබ් දෙන්න.
sahan
oya file ekata giyata passe movie eka open karanne kohomada
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks