පසුගිය වසරේ අගදී සාර්ථක ලෙස තිරගත වූ අකණ්ඩා, බ්ලොක්බස්ටර් චිත්‍රපට අතරට එක් වුණා. ඒ වගේම තෙළිඟු භාෂාවෙන් පමණක් තිකුත් වුණ මේ චිත්‍රපටය වසරේ බොක්ස් ඔෆිස් ආදායම් අතරින් දෙවන ස්ථානය දරනු ලබයි. අකණ්ඩා බොයපති සීනුගේ අධ්‍යක්ෂණයක්. දින 50ක් පුරාවටත් මේ වන තුරුත් සාර්ථකව තිරගත වන අකණ්ඩා ඉ.රු. කෝටි 150කට අධ…

පසුගිය වසරේ අගදී සාර්ථක ලෙස තිරගත වූ අකණ්ඩා, බ්ලොක්බස්ටර් චිත්‍රපට අතරට එක් වුණා. ඒ වගේම තෙළිඟු භාෂාවෙන් පමණක් තිකුත් වුණ මේ චිත්‍රපටය වසරේ බොක්ස් ඔෆිස් ආදායම් අතරින් දෙවන ස්ථානය දරනු ලබයි. අකණ්ඩා බොයපති සීනුගේ අධ්‍යක්ෂණයක්. දින 50ක් පුරාවටත් මේ වන තුරුත් සාර්ථකව තිරගත වන අකණ්ඩා ඉ.රු. කෝටි 150කට අධික ආදායමක් ඒකරාශී කරගන්නවා. බාලයියාගේ වැඩිම ආදායමක් ලබාදුන් චිත්‍රපටය වන්නේද අකණ්ඩායි. ජනවාරි 21 දින අකණ්ඩා Disney + Hotstar ඔස්සෙ OTT මාධ්‍යයෙන් නිකුත් වනවා.
ආරම්භයේදී මවකට දාව නිවුන් දරු උපතක් සිදු වනවා. මේ නිවසට එන පූජකවරයෙක් එක් දරුවෙක් ළඟ තබා ගැනීම විනාශයකට හේතු වනවා කියා, පූජකවරයා ඒ දරුවා රැගෙන යනවා. ගෙනයන ලද දරුවා ඒ ගෝරා විසින් ශිව දෙවියන්ට පූජා කරනවා. නිවසේ තබා ගත්ත ස්වාභාවික දරුවා වූ මුරලි ක්‍රිෂ්ණාව දෙමව්පියන් වර්ධනය කරනු ලැබුවා. මේ වන විට වැඩිහිටි වියේ සිටින මුරලි තමන්ගේ ගමේ මිනිස්සුන්ට උදවු උපකාර, සේවය කරමින්, අකටයුතුකම් වලට එරෙහිව සටන් කලා. මුරලි ගමේ පොහොසත් පවුලකින් පැවතෙන්නෙක් නිසා, පාසල්, රෝහල් ඉදිකරමින්, කුඹුරු නැති මිනිසුන්ට කුඹුරු ඉඩම් තම ගමට වගේම අසල්වාසී ගම්වලටත් ලබා දුන්නා. මීට පෙරදී මුරලිගේ ගම රණ්ඩු, කැපිලි කෙටිලි වලින් අඩුවක් නැති ගමක්. මුරලිගේ මැදිහත් වීමෙන් ගමේ සිදුවන කලහයන් අවම තත්වයකට ගෙන එනු ලැබුවා. වර්ථමානයේ ප්‍රචණ්ඩකාරී ගැටුම් වලින් එම පිරිස් ගලවා ගැනීමට මුරලි ක්‍රිෂ්ණා උපරිම උත්සාහ ගත්තා. මුරලිගේ ගමට අසල්වාසී ප්‍රදේශයක වරධරාජුලු නම් දාමරිකයා වරධා නමින් තඹ පතලක් කරගෙන යනවා. මේ තඹ පතල ආසන්නව සැක සහිත දේවල් සිද්ද වෙමින් තිබුනා. පතලේ සේවය කරන මිනිස්සුන්‍ට විවිධ රෝග මතු වීමට පටන් ගත්තා. දිනක් පතලේ වැඩ කරමින් සිටි මිනිසෙකුට ලේ වමනය ගොසින් සිහි නැතිව ඇද වැටුණා. පතලේ කටයුතු ගැන සැකයෙන් සිටිය සේවකයින් වැඩ වර්ජනය කර නිවෙස් වලට පිට වුණා. ඒත් මේ වර්ජනය හිතුවාටත් වඩා ඉක්මනින්ම නිමා වුණේ විශේෂ සංග්‍රහයකින්. කොහොමින් හරි දවසකදි හඳුනා නොගත් රෝග වැලඳීමෙන් රෝගීන් බොහෝ පිරිසක් මුරලිගේ රෝහලට ඇතුලත් වුණා. රෝහලට ආව මුරලි ඒ ගැන සොයා බැලුවා. වෛරසයක් නොවන මේ රෝගය වැළඳුනේ පතල ආශ්‍රිතව නිසා මුරලි වරධාගේ පතලට යනවා. පතල ගැන සෝදිසි කිරීමට ඉඩ නොදුන්න නිසා මුරලි හා වරධා අතරේ ගැටුමක් ඇති වනවා. වරධාගේ පතල වසා දමන්නට මුරලි කටයුතු කරමින් සිටියා. පසු දිනෙක රෝගීන් ප්‍රතිකාර ගන්නා රෝහලේ බෝම්බ පිපුරුමක් නිසාවෙන් රෝගීන් සියල්ලම මිය යනවා. බෝම්බ පිපුරුම සිදු වුණ ආකාරය ගැන සැක නිසාවෙන් මුරලිව අත්අඩංගුවට ගනු ලබනවා.
අකණ්ඩා බොයපති සීනුගේ අධ්‍යක්ෂණයක් වන අතර මීට පෙරදී Dammu (2012), Jaya Janaki Nayaka (2017), Sarrainodu (2016), Vinaya Vidheya Rama (2019) වගේ වාණිජමය චිත්‍රපටි අධ්‍යක්ෂණය කරනු ලැබුවා. විශේෂයෙන් Simha (2010), Legend (2014) විදිහට NBK නැත්නම් බාලයියා වෙනුවෙන් චිත්‍රපට දෙකක්ද ලබා දුන්නා. අකණ්ඩා ඔවුන් දෙදෙනාගේ තෙවැනි වෙලුමයි. අකණ්ඩා දෙවන කොටසක් නිර්මාණය කරන්න සාකච්ඡාවක් යනවා කියලයි පුවත්පත් කියන්නෙ. තෙළිඟු ප්‍රේක්ෂකයින්ගේ ඉමහත් ආකර්ෂණට පත් වූ නිසාවෙන්, තමිල්නාඩුවේ මෙම චිත්‍රපටය නැවත නිකුත් කිරීමට සූදානම් කර ඇත. (දෙමළ භාෂාවෙන් නොවේ.) සාමාන්‍ය බාලයියගේ චිත්‍රපටියකට නැති ආකර්ෂණයක් අකණ්ඩාට විවිධ ප්‍රේක්ෂකයින්ගෙන් ලැබුණා. අකණ්ඩා හි මේ වන විට Imdb අගය 7.4ක් සහ ගූගල් පරිශීලක අගය 91%ක්. අකණ්ඩා තාමන්ගේ සංගීතයත් එක්ක හොඳ Entertainment එකක් විදිහට කියන්න පුළුවන්.
අකණ්ඩා OTT ඔස්සේ නිකුත් වීමෙන් අනතුරුව ගුන්තූර් දිස්ත්‍රික්කයේ ඇති ගමක ප්‍රේක්ෂකයින් එලිමහන් තිරයේ චිත්‍රපටය නැරඹීමට එක්ව සිටි ආකාරය.
අකණ්ඩාහි සාර්ථකත්වයේ වැඩිම ප්‍රශංසාව හිමිවන්නේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂක එස්. තාමන්ටයි. අකණ්ඩාහි ගීත, පසුබිම් සංගීතයන් වඩාත් ප්‍රබල ආකාරයෙන් සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියට පත් වුණා. චිත්‍රපටිය ඔසවා තබන යෝධ ස්ථම්භය තාමන් කිව්වොතින් නිවරදියි. චිත්‍රපටයේ අවශ්‍ය තැනදී ගැලපෙන ආකාරයෙන් සංගීතය සපයන්නට තාමන් කටයුතු කර තිබෙනවා. තාමන්ට ට්විට්ටර් ඔස්සෙ ප්‍රේක්ෂකයින් තාමන්ට ඉහල පැසසුම් ලබා දී තිබුණා. තාමන්ව යොදාගෙන නිර්මාණය කල මීම් පවා තාමන් නිහතමානීව අගයලා තිබුණා.
කොහොම වුණත් සමහරක් තැන් වලදී Petta (2019) චිත්‍රපටයේ සංගීතයේ ආභාෂය ගෙන තිබුණා.
නන්දමූරි බාලක්‍රිෂ්ණා අකණ්ඩා හා මුරලි ක්‍රිෂ්ණා ලෙසින් මෙහි ද්විත්ව චරිත මවනවා. ජය ජානකී නායකා හිදීද දකින්නට පුළුවන් වුන ප්‍රග්‍යා ජයිස්වාල් මෙහි ප්‍රධාන නිළි චරිතය රඟ දක්වනවා. ජගපති බාබු, ශ්‍රීකාන්ත්, පූර්ණා, සරත් ලෝහිටෂ්වා යන අයද මීට දායක වනවා. ඒ වගේම හිටපු හමුදා නිලධාරියෙකු වන, වර්ථමාන නිරූපණ ශිල්පී නිතින් මෙහෙතා මෙහි රංගනයෙන් දායක වේ.
බාලයියගේ චිත්‍රපටිවල සටන් ජවනිකා වලදි සාමාන්‍යයෙන් මිරිස් ටිකක් සැරට ගහනවා දකින්න පුළුවන් දෙයක්. බොයපති සීනුගේ චිත්‍රපටියක් නම් තවත් මිරිස් වැඩි වැඩියෙන් එකතු කරනවා. විශේෂයෙන් බොයපති සීනු ටයර් වලින් පෙන්වන දස්කම් ඉතාමත් වටිනවා.
අකණ්ඩා ගැන කියනව නම් මේ අකණ්ඩා “වන් මෑන් ඇවෙන්ජර්” කෙනෙක්. හල්ක්ගේ “හල්ක් ස්මෑශ්” ශක්තිය අකණ්ඩාට පිහිටා තිබෙනවා. ඩොක්ටර් ස්ට්‍රේන්ගේ වගේ මායාවන් කිරීමට අකණ්ඩාට හැකියාවක් තිබෙනවා. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ශරීරයෙන් ආත්මය එලියට විසි කරනවා Spider Man : No Way Home (2021) චිත්‍රපටයේදි පවා දැකගත හැකි වුණා.
අකණ්ඩා ට්‍රේලර් පටය යූටියුබ් නැරඹුම් වාර මිලියන 30+ ලබා ගනු ලැබුවා. මේ චිත්‍රපටයේ එන “ජයි බාලයියා” ගීතය යූටියුබ් නැරඹුම් වාර මිලියන 27 පසු කරලා තියෙනවා. බාලයියා කාගෙත් හිත් දිනාගෙන තියෙන්නෙ එයාටම ආවේණික නර්ථන ශෛලියෙන්. නූල් සූස්තර ප්‍රගුණ කල කෙනෙක් තමයි මේ බාලයියා. සමාජ මාධ්‍යවල ‘ට්‍රෝල්’ කිරීමට වැඩි වශයෙන් ලක්වන කෙනෙක් විදිහට බාලයියා විටෙක නළුවෙක් විදිහට වඩා ට්‍රෝල් කිරීම නිසා වඩා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා. එක හුස්මට දෙබස් කියන්නත් බාලයියට හැකියාවක් තියෙනවා.
ඉතින් ගුරුත්වාකර්ෂණය, තර්කය, භොතිකත්වය වෙනදා වගේම අමතක කරලා මේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා තැබූ චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා. මේ චිත්‍රපටය එලියට ඇවිත් ටික දවසක් ගත වුණත් උපසිරැසි ලබාදෙන්න කෙනෙක් බාරගෙන තිබුණේ නැහැ. අන්තර්ජාලය දිහා බැලුවහම චිත්‍රපටයට ඇති ආකර්ෂණය නිසාත්, කමෙන්ට් වලින් කිහිප දෙනෙක් ඉල්ලලා තිබුණ නිසාත් මම උපසිරැසිය මම බාරගත්තා. වෙනදා වගේම අදහස් දක්වම ඔබ සැමට ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
8,801 downloadsDownload Akhanda-2021.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
36 comments
nish47
Anonymous
The Great Indian Murder sub plz
Kushan
Sub akta thanks
Anonymous
Thanks for sub
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
shanaka
1. Thank you for sub
2. dear bicope team, please dont generate link with sinhala names, if so please make baisecope downloads link with the same sub url, we can only copy url and search in downloads site, with sinhala names we are unable to search. this is also unable to search,Laka
සුපිරිම මසාලා ටයිප් ෆිලුමක්
බලපු නැති අය බලන්න
මම නම් සබ් එක්ක බලලා සතියකට වැඩියි
කොහොමවුනත් තෑන්ක්ස් සබ් එකටHasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Dineth de silva
Thanks brother
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Sheron
Too late bro
Anyway thanksNaveen Mbr
ඔයාට පරක්කු වුණාට මට ඒ තරම් හදිස්සියක් නැහැ. දැන්වත් මම මේක කරලා දුන්නෙ නැත්නම් ආයේ කෙනෙක් බාරගනීද කියලා හිතන්නත් බැහැ. ආයෙ කිව්වත් මම සබ් ගහන්නෙ මගේ කැමැත්තට.
Naveen
උපසිරසියට තුති
Anonymous
Badva rascal sub dennakow
Sasanka Sandaruwan
ස්තුතියි!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Samith
Thanks brother
Ashan dinelka
"THE GREAT INDIAN MURDER" හින්දි සීරීස් එකට සබ් දෙන්න බලන්න බයිස්කෝප්
Naveen Mbr
එන ගමන්. ෆස්ට් එපිසෝඩ් එක ලඟදීම...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
Thnkz mcho
Oshada
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Eranda
Thanks brother
Deshan
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ජය වේවා!!!සුරංග
උපසිරැසියට ගොඩාක් ස්තූතියි..නමුත් මේ ෆිල්ම් එක ගැන කියනවනම් මහ මෝඩ ෆිල්ම් එකක්..
dulan
ස්තුතියි !
Rahal
තෑන්ක්ස් මචන්
සබ නියමෙට තිබුනාAnonymous
තෑම්ක්ස් බොම්ක❤️
කොරියන් සයිට් එකක සබ් එකකින් ෆිලුම බලන්න ගත්තා සබ පරක්කු නිසා බයිස්කෝප් එකෙන් , විනාඩි 10 ක් විතර බලනකොට ෆිලුමත් එක්කම එපාවුනා ඒතරමටම සුපිරියි ඒ ගොන් සබ් එක , බයිස්කෝප් සබ දුන්නම බලන්වයි කියලා හිතන් ෆිලුම තියන් හිටපු නිසා නියමෙට ෆිලුම බැලුවා.....
ඔන්න ඕකයි ඔය ඉක්මනින් සබ් දෙන අයියලාගේ වැඩ,කුජීතයි !Naveen Mbr
අනිවාර්යයෙන්ම ගූගල් ට්‍රාන්ස්ලේට් එක ඔයාට තනිවම උනත් හදාගන්න පුළුවන්. ඒත් උපසිරැසි හදන්න හැමෝටම පුළුවන්ද? විශ්වාසයෙන් අපිත් එක්කම ඉන්න.
Richee
Tamilmv eke thyna aluth film walata sub dynko bn
Vishwa sasanka
Thank you
මලින්ද
සබ් එකට ස්තුතියි සහෝ
dinesh
THANKS...
PLEASE oyala subtitle eka danakota pahalin film eke nama English walin daanna.. torrent search karanna amarui.. samahara film ne..Hikkaduwa Lokuge Samarawickrama
thank u bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks bro