Watch Trailer

Monkey Kingdom (2015) | වඳුරු රජදහන. (150) [සිංහල උපසිරැසි සමඟ]

අභිරහස් වලින් පිරුණු පෞරාණික ලෝකයක්. මායාවෙන් පිරුණු භූමියක්. මිනිසුන් කිහිප දෙනකුට පමණයි එය දැක ගැනීමට හැකි වී ඇත්තේ… මේ වන තුරු. ඩිස්නි නේචර් විසින් ඔබට ආරාධනය කර සිටිනවා මායා සහ කුතුහලයෙන් සපිරුණු ඇගේ අලුත උපන් පුංචි පුතා කීප් ව මුණ ගැසෙන්නට. ඔවුන් ක්‍රීඩාශීලීයි. නිර්භීතයි. ඔවුන් ලොකයට මුහුණ දෙන…

අභිරහස් වලින් පිරුණු පෞරාණික ලෝකයක්. මායාවෙන් පිරුණු භූමියක්. මිනිසුන් කිහිප දෙනකුට පමණයි එය දැක ගැනීමට හැකි වී ඇත්තේ… මේ වන තුරු.

ඩිස්නි නේචර් විසින් ඔබට ආරාධනය කර සිටිනවා මායා සහ කුතුහලයෙන් සපිරුණු ඇගේ අලුත උපන් පුංචි පුතා කීප් ව මුණ ගැසෙන්නට. ඔවුන් ක්‍රීඩාශීලීයි. නිර්භීතයි. ඔවුන් ලොකයට මුහුණ දෙන්නේ එකට එකතුවයි. ඒත් දැන්… බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයක් විසින් ඔවුන්ව අනතුරුදායක තත්වයකට ඇද දමනවා. මායා ට සහ ඇගේ පවුලට නිවෙස ලෙසින් අළුත් තැනක් අවශ්‍යයි‍.

ඔන්න යාළුවනේ උපසිරැසි ගැන්වීමේ තවත් කඩඉමක් පහුකරන්නයි මේ සූදානම. ‍150 වෙනි උපසිරැසිය වෙනුවෙන් මෙදා පාර අළුත් විදිහක චිත්‍රපටියකට උපසිරැසි ගන්වන්න හිතුවා. මේ චිත්‍රපටිය ගැන කිව්වෙනම් විකියා. මුලදී ටිකක් කම්මැලිකමක් දැනුනත් මේ චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටිය බැලුවට පස්සේ හිතුණා මේක නොකර අතඇරියොත් ඒක මෝඩකමක් කියලා. මේ චිත්‍රපටියේ තියෙන වැදගත්ම දේ තමයි මෙයට පසුබිම් කරගෙන තියෙන්නේ ශ්‍රී ලංකාව වීම. IMDb වෙබ් අඩවියේ 7.3/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය 2015 ‍අප්‍රේල් 17 වන දින ඇමරිකාවේ තිරගත වීම ඇරඹුණා. තිරගතවීම ඇරඹුණ මුල් සතියේ ඩොලර් මිලියන 4.5ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තැබූ අතර එම මුදල් සියල්ලම අන්තර්ජාතික සංරක්ෂණ ආයතනයට පිරිනමා තිබෙනවා වඳුරන් සහ අනෙකුත් සත්ව විශේෂයන් වගේම ඔවුන්ගෙ වාසභූමි සුරැකීම සඳහා.

මෙච්චරකල් උපසිරැසි ගන්වපු චිත්‍රපටි සහ ටීවී කතා මාලාවන් ගැන විස්තර කරන්න යන්නෙ නෑ. හැබැයි පහුගිය උපසිරැසි ගැන්වීම් 149 සඳහා අදහස් දැක්වීමෙන් සහ බාගත කරගැනීම් වලින් මාව ධෛර්යයමත් කරපු හැමෝටම මේ වෙලාවේ ස්තූතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම බයිස්කෝප් අඩවියේ උපසිරැසි කරුවන් බොහෝමයක් බොහෝ අවස්ථා වලදී මට සහය දුන්නා, මාව දිරිමත් කලා. ඒ අතරින් විකියා, හසන්ත, රොයිලි, සමීර චතුරංග, ආසිරි ප්‍රියන්ත, සමීර කරුණාරත්න, කේ යූ ජී උදාර, විමා ඉසුරු දිල්ෂාන් වගේ සහෝදරයෝ ප්‍රධාන තැනක් ගන්නවා.

150 Dinidu Wish

කතාව ගැනත් ටිකක් කියන්නම්. මේ කතාව ගෙතිලා තියෙන්නේ රිළා මවක් අලුත උපන් තම පැටවාව අරක්ෂා කිරීමට දරන උත්සාහයක් වටායි. ඇගේ නම මායා. ඇය තමන්ගෙ රංචුවේ පහත් මට්ටමේ සිටින්නියක්. ඇගේ රංචුවේ ඉහළින්ම සිටින්නේ රාජා නැමති රජතුමායි. මෙම රංචුවේ වැඩිම වරප්‍රසාදයන්ට හිමිකම් කියන්නේ රාජා සහ ඔහුගෙ පරිවාර ස්ත්‍රීන් පිරිසයි. එක් දිනක් හදිසියේම පිට රැලකින් මේ රැළට තවත් රිළවෙක් පැමිණෙනවා. ඔහු නමින් කුමාර්. මේ කුමාර් අපේ මායා සමග පෙමින් වෙලෙනවා. නමුත් රාජා එයට කැමති වෙන්නේ නෑ. මේ ප්‍රේමයේ ප්‍රතිඵලය තමයි පුංචි කීප්. රාජාගේ තර්ජන හමුවේ කුමාර්ට තම පෙම්වතිය හැර යන්න සිදු වෙනවා. සමාජයේ පහළම මට්ටමක ජීවත් වන මායාට තනිවම මේ පුංචි පුතා හදා වඩා ගැනීම අභියෝගයක්.

ඉතින් යාළුවනේ. මායා කොහොමද මේ අභියෝග තනියම ජයගන්නේ? රාජා විසින් පළවාහරින කුමාර්ට කුමක් සිදු වේවිද? රාජාට තම රජකම දිගටම ආරක්ෂා කරගෙන ඉන්න පුළුවන් වේවිද? මිනිස් සමාජයෙන් මේ රිළා සමාජය වෙනස් වෙන්නෙ කොහොමද කියලා කතාව බලලම දැනගන්න. වඳුරන්ගේ රාජධානිය ගැන නිමවුණ මේ චිත්‍රපටිය නරඹන ඔබේ මුහුණට සිනහවක් නැගෙනවා නොඅනුමානයි.. ඒ වගේම තමන්ගෙ මව්බිම ගැනත් ලොකු ආඩම්බරයක් ඇති වේවි…හැමෝටම ජය වේවා!!!

Monkey Kingdom (2015) on IMDb

 

 

350 MB කොපිය මෙතනින් බාගන්න

7BE7D30409486BD2DEB2F64C9B95358512CC4D5F

1.17GB කොපිය මෙතනින් බාගන්න

236e317de7cb122d177f5de53c8ce22e0e8ed2fb Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,453 downloadsDownload 201508241106baiscopelk.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

9,453 downloadsDownload Subtitles83 KB

108 comments

  1. #ChalinduDeshan(කිනා)

    දීලා නේ..
    යකෝ කී දාසක් බලාගෙන හිටියද මේක දෙනකං.
    බොක්කෙන්ම සතුටුයි ඈ.
    දෙසීයත් ගහමු දිනිදුවා.
    ජයමවේවා!

    1. ඉසු ඩිපි (Isu DP)

      පරක්කු වෙලා හරි 150ට සුබ පතනවා. අපේ රටේ සුන්දරත්වය ඩිස්නි ඇසින් බලන්නනම් තව ටික කාලයක් ඉවසන්න වෙනවා, Br එනකම්. ඉක්මනින්ම 200ත් ගහලා, දෙසීයා කෙනෙක් වෙන්න කියලා පාර්ථනා කරනවා.
      සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
      ජය වේවා. ! :-D

  2. thilina

    ela ela mamth ganm ko :D

  3. Manoj Sudusinghe

    සුපිරි සලරුවක්. 150 උපසි‍රැසියට මගෙනුත් සුභ පැතුම් යාළුවා...

  4. L.C

    150 සුභ පැතුම් දිනිඳු සහෝ...
    ඒ වගේම ඩවුන්ලොඩ් කරගෙනම ආසාවෙන් බලන් උන්නු සබ් එකක්...
    බොහොම ස්තූතියි...
    ජය...

  5. Gaijin

    දිනිඳුගේ 150ට උණුසුම් සුබ පැතුම්!200ත්300යේ කඩ ඉමත් ඉක්මනටම පහු කරන්න ධෛර්ය ලැබේවා!!!
    මේක බලන්න ආසාවේන් හිටපු චිත්‍රපටියක්..

  6. අදිත ප්‍රවීන්

    නියමයි දිනිඳු සහෝ . බලාගෙන හිටියේ සබ් දෙනකම්.
    ඒ වගේම සුභ පැතුම් 150 වෙනි උපසිරසියට !
    ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !
    :D

  7. විකියා

    උණුසුම් සුභ පැතුම් සහෝ!!!

    ජය!

  8. මධුකප්‍රිය පෙරේරා

    හම්මේ සහෝ එහෙනම් 150ත් පැන්නුවා..
    ආයේ ඉතින් මොනවා කියන්නද සුපිරිම සුපිරි.
    ඒවගේම සහෝගේ උපසිරසිත් සුපිරි
    ඉතින් සුපිරි විදිහටම 200 කඩඉමත් පන්නන්න කියලා සුබ පතනවා..
    ෆිලුමටත් තැන්කු වේවා.... ඔබට ජය

  9. Ranasinghe

    ගොඩක් කල් බලං හිටපු එකක්,ගොඩක් ස්තුතියි....

  10. Dilshan kalinga

    නියමයි මචන්....
    මුලින්ම සුබ පතනවා පහු කරපු අලුත් කඩයිම ගැන.
    මේ විදියට දිරියටත් උපසිරසි මාවතේ ඉදිරියටම යන්න සුබ පතනවා මචන්. ;)
    වෙලාවක් ලැබුනම අනිවා බලනවා...බලන්න හිතේ තියාගෙන උන්නු එකක්.
    සබට තුති.

  11. යශෝධ

    වෙනස්ම විදියට 150 කඩඉම පසු කරපු අපේ දිනිඳු අයියට උණුසුම් සුබ පැතුම්. ඇත්තටම මේක බලන්න බොහොම ආසාවෙන් හිටියේ. අපේ රටේ සුන්දරත්වයනේ පසුබිම් වෙන්නේ. දැන් සිංහල උපසිරැසියත් එක්ක උපරිමෙන් රසවිඳින්න පුළුවන්. බොහොම ස්තූතියි දිනිඳු අයියේ උපසිරැසියට. තව තවත් උපසිරැසි ගෙන එන්න කාලය ලැබේවා..! ජයෙන් ජයම වේවා..! එලස්ස්ස්...

  12. aruna

    patta pattaa

  13. samitha

    ela machan...api wnuwen sub dena umbala set ekatama jaya wewaa...!!!!

    machan 150k nemei thawa 1500kma karanna umbata shakthiya lebenna kiyala wish karanawa bro...

  14. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි දිනුදු මචෝ,
    හිතුවෙම නැති ෆිල්ම් එකකින් නේ මේකා 150 කරලා තියෙන්නේ..
    වෙනස්මආරේක 150 ක් මේකනම්..
    සුපිරි බඩ්ඩක්...
    සුභම සුභ පැතුම් 150 ස් වෙනි උපසිරසියට...
    200 ත් ඉතිං හෙට අනිද්දමගහයි...
    එහෙනම් ඔන්න කොපිය ගන්නවා..
    මේ 350 කොපිය හොදෙයි...
    ජය වේවා!!

  15. sanath

    dinidu sampath shota suba pathum..........
    150 k kiyanne lesi wadak nemene.............
    kapu katu wala thawath eka kattak. eth hithata sathutu athi me sub eka denna labunu eka gana.....
    jayen jayama wenna one shota.
    thawath shakthiya diriya labenna one me wage baiscopelk.com eka ekka ekathu wela hitiyata....
    suba pathanawa idiri gamanata. karana kiyana hama deyakma sarthaka wenna kiyala....
    onna man giyo.....................
    :B :) ;)

  16. නලින්

    ස්තුතියි දිනිදු අයියා!

    150 වෙනි සබට මගෙනුත් සුබ පැතුම්
    ජය වේවා!

  17. Supun Madhusanka (Bunny)

    Thanks saho..... sirawatama adambarai. 150ta unusum suba pathum saho.....

  18. නිරෝෂ්

    බොහොමත්ම ස්තුතියි දිනිඳු.දෙනකම් බලන් හිටපු චිත්‍රපටියක්.ජය වේවා !

  19. Kulanjana Maduranga

    well done....DININDU saho...sub 150k lesi na....marama kapa kirimak wgema... hoda kattak kann athi.....issellama hadawathinma suba pathanawa.......ikmanatama sub 200 kada ima pasu krnn haki wewa......

    DININDU sahoge personal life 1th sarthakama wenna suba prarthana krnawa........Thank u soooo much…wish u'r great future.....

  20. Ranil Srimal

    මුලින්ම සුභ පතනවා, 150 කඩ ඉම පසුකරන්න ලැබීම ගැන.
    අනිත් එක සහොදරයා, මේක දෙනකම් තමයි බලාගෙන හිටියේ.
    බොහොම ස්තූතියි එහෙනම්. :) :)

  21. ඉමල්ක

    ජය වේවා සහෝ 150 ට
    ගොඩක් ස්තුතියි

  22. “චූටී මල්ලි”

    congrts bro
    meiknm balannama oni
    lankawe directorsla gon part hada hada dagaladdi
    suddo lankawe awit lankawe un heenenwat hadanna nohitna widiye ewaa hadala
    goda yanawaa
    tnzxxx 200ni ekath denna labewaa!!!!!!

  23. tharindu

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  24. ඉසුරු දිල්ශාන්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට!
    ඒවගේම 150වෙනි උපසිරැසි කඩයිමටත් සුභ පතනවා!
    හම්මේ ඉතින් 150ක් කියන්නේ ලේසි පහසු දෙයක්ද,
    තව දෙයක් කියන්න ඕන,සහෝ කරන,කරපු කතාමාලාවන් මං කැමතිම කතාමාලාවන්!
    එහෙනම් නැවතත් සියළු කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා!
    ජයවේවා!

  25. Chamara Sampath

    150 වෙනි උපසිරැසියට උණුසුම් සුභපැතුම් දිනිදු සහෝ... 200 කඩයිමත් පුලුවන් තරම් ඉක්මනින් ලගාවෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
    නවතින්න එපා දිගටම උපසිරැසි ලබා දෙමු......
    ජයෙන් ජය...!!!!
    █║▌│█│║▌║│█║▌║▌║█║▌│██║▌│█
    #ChamaraSampath(Castiel)
    ::::::::::::::::::::::::::::::::::::::

  26. කේ.යූ.ජී. උදාර

    නියමයි මචෝ ඔන්න මාත් මේ මොහොතේ හදවතින් ම සුබ පැතුම් එකතු කරනවා. 200 ත් ඉක්මනට ම ගහමු. ඉස්සරහටත් මේ වගේ හොඳ නිර්මාණ එක්ක අපිත් එක්ක එකතු වෙමු. සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු..............

  27. jayanandana

    denakan balagena hitiye ... thx machan

  28. DCD Weerawardhana

    Well-done Bro.... :-)

  29. චතුර බුද්ධික

    මන් මේක සැවෝයි එකේ බැලුවා... පට්ට ෆිල්ම් එක.. ලොකු දෙයක් සබ දුන්න එක නම්.. හැමෝම අනිවා බලන්න.. හැමදාම බලන ෆිල්ම් වලට වඩා වෙනස් විදියක ෆිල්ම් එකක්.. ස්තුති සහෝ..

  30. silent$

    Congarulations Bro !!!!!! Keep It up !!!!!!!!!!!!!

  31. අබා

    නියමයි දිනිදු සහෝ.....150 කඩයිමට හදවතින්ම සුභ පතනවා......දිගටම උපසිරසිකරණයේ යෙදෙන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා......!!!!150 උපසිරැසිය මන්කි කින්ඩම් දුන්න එක හොදයි......!!!!
    ජයෙන් ජය.......!!!!!

  32. Ysa

    නියමයි සහෝ.....150ට උණුසුම් සුභ පැතුම්‍!!!! ඉදිරියටත් සුපිරියටම සබ් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ජය වේවා෴

  33. madusanka jayasooriya

    එලම දිනිදු සහො. 150 උපසිරසට සුභ පැතුම්. ජය වේවා

  34. achi

    නියම ෆිල්ම් එකක් දීල තියෙන්නෙ. මේක දුන්න එක නම් වටිනව.
    ඒ වගේම 150 වන උපසිරැසියට සුබ පැතුම් සහෝ!!!
    ස්තූති!!!
    ජය!!!

  35. Lk

    Suppaaaaa katawak tx

  36. Lk

    Wow. Cngrzzzz 150ta :-)

  37. sajeevi

    150 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්....
    ලංකාවේ එකක් නිසා බලන්නම ඕන.
    ස්තූතියි සබට.

  38. charith

    patta patta digatama subs denna

  39. දේශාන්

    ෆිලුමටත් තැන්කු වේවා…

  40. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  41. තාරක නුවන් දිල්හාර

    අප්පේ දිනිදුවා..
    150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පැතුම්..
    ඒ වගේම බොහොම ස්තුතියි උපසිරසියට..
    එනකන් බලාගෙනම හිටපු එකක්
    ගමුකො එහෙනම් හෙමිහිට
    ජයෙන් ජය
    200 ටත් ඉක්මනටම යමු..

  42. Nelson

    Congrats Brother ! Keep it up

  43. asiri

    maxxxaa

  44. වරුණ රංගජිත් (වරූ)

    නියමයි දිනිඳු
    150 වෙනි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා
    ටිකක් විශේෂ එකක් ගෙනල්ලා තියෙන්නේ
    සබ් 150 ක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි
    තමන්ගේ කාලය කොපමණ කැප කරන්න වෙනවද අනිත් අයගේ සතුට වෙනුවෙන්
    ඉතින් ඒකම ඇති නේ සතුටු වෙන්න
    ඉක්මනින්ම 200 කඩයිමටත් යන්න සුබ පතනවා
    පෞද්ගලික ජීවිතෙත් සියළු බාදක ජයගෙන ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    ඔයාට ජයෙන් ජයම වේිවා...!!!

  45. වරුණ රංගජිත් (වරූ)

    නියමයි දිනිඳු සහෝ
    150 වෙනි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා
    ටිකක් විශේෂ එකක් ගෙනල්ලා තියෙන්නේ
    සබ් 150 ක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි
    තමන්ගේ කාලය කොපමණ කැප කරන්න වෙනවද අනිත් අයගේ සතුට වෙනුවෙන්
    ඉතින් ඒකම ඇති නේ සතුටු වෙන්න
    ඉක්මනින්ම 200 කඩයිමටත් යන්න සුබ පතනවා
    පෞද්ගලික ජීවිතෙත් සියළු බාදක ජයගෙන ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    ඔයාට ජයෙන් ජයම වේිවා...!!!

  46. ශාන් විමුක්ති [විමා]

    "150වැනි උපසිරසට සුභපැතුම් දිනිදු අයියෙ"
    අඩවියට සම්බන්ධ වෙච්ච මුල් කාලෙදිම වගේ හදුනාගන්න ලැබුණු කෙනෙක් තමා දිනිදු අයියා
    මතක හැටියට මුල්ම උපසිරස උනේ අර හොඳම යාළුවො දෙන්නා එකම කෙල්ලෙක්ට ට්‍රයි කරන සීන් එකක් තියන ෆිල්ම් එකක්මට නම නම් මතක නෑ.
    බයිස්කෝප් එකේ උපසිරසිකරුවන් කිහිප දෙනෙක්ගේ රසිකයෙක් වෙනව මම
    ඒ අයගෙන් කෙනෙක් තමා දිනිදු අයිය
    අර මං කියපු ෆිල්ම් එක බලපු දවසේ ඉඳන් එහෙමයි
    මොකද දිනිදු අයිය ඇතුළු ඒ කිහිප දෙනාගේ උපසිරසි හරිම රහයි, බලන්න හරිම ආසයි ;)
    (අනිත් අයගේ උපසිරසි අවුල් කියනව නෙමේ මේ )
    ඉතිං දෙතුන් වතාවකම උපසිරසිකරණය නවත්තන්න හදනකොට කොහෙන්හරි ෆිලුමක් හොයාගෙන, එහෙම නැත්තම් මම බාරගත්තු ෆිල්ම් එකක් හරි ඇඟේ ගහන්නේ එහෙම ලේසියෙන් නවත්තන්න දෙන්න බැරි නිසා.
    ආසිරිත් එහෙමයි මම දන්නා විදියට, සෑහෙන කරදර කාරයෙක් මිනිහත්
    ඉතින් වැඩේ නතර නොකර රොයිලි අයියා ආදර්ශයට ගනිමිනින් අඩවිය තිබෙන තුරා උපසිරසිකරණයේ යෙදෙන්න,
    අඩවියට අවශ්‍යම කෙනෙක් දිනිදු කියන්නෙ.
    ඒ වගේම නුවරඑළිය පැත්තේ ට්‍රිප් එකක් එහෙම යනකොට මම පට්ට වදයක් දෙන්නෙ දිනිදු අයියට තමා ඉතිං
    ඉන්න තැනක් සෙට් කරලා දියන්, ඇවිදින්න වහනයක් හොයා දියන් කියා කියා :P
    අවසාන වශයෙන් මේ කරන සේවයට සහ කැපකිරීම් වලට දිනිදු අයියටත් අක්කටත් පුංචි දෝනිටත් බොහොම ස්තුතියි,
    කලින් කිවුව වගේ නොනැවතී උපසිරසිකරණයේ යෙදෙන්න.
    ජයෙන් ජය වෙන්ඩ!

  47. Randhu Heshan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..
    ඔයාගෙ එකසිය පනස්වෙනි උපසිරැසි ගැන්වීමට සුභපැතුම්..
    ඉදිරියටත් මේ වගේ හොඳ චිත්‍රපට වලට උපසිරැසි කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..
    ජයෙන් ජය..!

  48. chamath225

    Jaya Wewa !

  49. අසිත

    150ට සුභ පැතුම්.
    එල මචං.ඔන්න අපිත් ගත්තා.
    බොහොම පින්.
    දෙනකම් හිටියේ.
    ජය වේවා!!!!!!

    1. අසිත

      ඒ වගේම තමන්ගෙ මව්බිම ගැනත් ලොකු ආඩම්බරයක් ඇති වේවි.
      ඔව් සහතිකවම.
      මාර ලස්සන ෆිල්ම් එකක්.
      කව්රු කව්රුත් බැලුව නම් තමයි හොද.

  50. කැලුම් ගුණසේකර

    150ට උණුසුම් සුභපැතුම් සහෝ. ස්තුතියි 150ට මේ වගේ එකක් දුන්නට.

Load more comments