Monkey Man (2024) Sinhala Subtitles කොහොමද ඉතින් කස්ටියටම, ඔන්න එහෙනම් අද අරගෙන එන්නෙ ටිකක් සුවිශේෂී චිත්‍රපටයකට උපසිරැසි. ඔව් ඒ තමයි ‘ Monkey Man (2024) ‘ චිත්‍රපටය. මේක සුවිශේෂී වෙන්න හේතුවත් මං පැහැදිලි කරන්නම්. Monkey Man (2024) කියන්නෙ ඉංග්‍රීසි චිත්‍රපටයක්, නමුත් මෙතනදී ඒක විශේෂ වෙන්නෙ චිත්‍ර…

කොහොමද ඉතින් කස්ටියටම, ඔන්න එහෙනම් අද අරගෙන එන්නෙ ටිකක් සුවිශේෂී චිත්‍රපටයකට උපසිරැසි. ඔව් ඒ තමයි ‘ Monkey Man (2024) ‘ චිත්‍රපටය. මේක සුවිශේෂී වෙන්න හේතුවත් මං පැහැදිලි කරන්නම්. Monkey Man (2024) කියන්නෙ ඉංග්‍රීසි චිත්‍රපටයක්, නමුත් මෙතනදී ඒක විශේෂ වෙන්නෙ චිත්‍රපටය පුරාවටම රංගනයෙන් දායක වෙන්නෙ හින්දි නළු නිලි පිරිසක් නිසා. ඒ අතරම ප්‍රධාන භූමිකාවට පණ පොවන්නෙ, ඉන්දියානුවෙක් වුණත් ඇමරිකාවේ Harrow ප්‍රාන්තයේ උපත ලබන සහ මේ වන විට චිත්‍රපට කීපයකින්ම ජනප්‍රියත්වයට ප්‍රාත් වූ Dev Patel විසින්. ඔහු ඉන්දියානුවෙක් වුණත් ඔහු බ්‍රිතාන්‍ය නළුවෙක් වීම ඔබ අපි කවුරුත් දන්න කරුණක් බව අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නෑ. Monkey Man (2024) චිත්‍රපටය සුවිශේෂී වීමට තවත් කරුණක් තමයි මේක අධ්‍යක්ෂණය කරන්නෙද මෙහි ප්‍රධාන නළු Dev Patel විසින්. ඒ වගේම මේක මොහු අධ්‍යක්ෂණය කරන ප්‍රථම චිත්‍රපටයද වෙනවා.
ඉතින් මේ වෙනකොට පැය 2 ක, කාලයකට සීමා වෙන Monkey Man (2024) චිත්‍රපටය IMDb 7.3 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම Rotten Tomatoes අගය 88% කුත් Audience Score එක 84% කුත් ලබාගෙන තියෙනවා. චිත්‍රපටය අයත් වෙන්නෙ Action/Thriller කියන ඛාණ්ඩයට.
මං දකින විදිහට කාලෙකට ආපු හොඳ ගුණාත්මක භාවයක් තියෙන චිත්‍රපටයක් මේක. ඒ නිසාම Monkey Man (2024) වගේ සුපිරි චිත්‍රපටයක් උපසිරැසි ගන්වන්න වෙන් කරවා දුන්නු සහෝවත් අනිවා මතක් කරන්නම ඕනෙ. නැත්තම් ඒක මං කරන ලොකු අඩුවක් වෙනවා. මං කලිනුත් සඳහන් කළා වගේම මේක ටිකක් සුවිශේෂි වෙන නිසාම මේකෙ කතා අන්තර්ගතය ගැන මොකුත්ම නොකියා ඉන්න එකයි වඩා හොඳ. ඒ ඔයාලගේ රසාස්වාදයට බාධාවකුත් වෙන එකක් නෑ.
ඒ වගේම ඔයාලට තව පුංචි දෙයක් සඳහන් කරන්නම්. මේක ලංකාවේ වෙන අලුත්ම වැඩක්, අපේ වැඩක්, 3D ඇනිමේෂන් වැඩක්. ඔබ අපි කවුරුත් පොඩි කාලේ ඉඳන්ම අහපු කතා වස්තුවක් තමයි, දස මහා යෝධයෝ කියන්නෙ. ඉතින් මේක ‘ දස මහා යෝධයෝ : වේළු සුමන ‘ යෝධයගේ කතාව වටා ගෙතන කෙටි චිත්‍රපටයක්. 3D ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක ශෙෂාන් බෝපේආරච්චි යන සහෘදයාගේ අධ්‍යක්ෂණය යටතේ මාත් ඇතුළුව සිදුවෙන නිර්මාණ වෑයමක්. ඒ වගේම මේකට හඬ කැවීම් අධ්‍යක්ෂණයෙන් දායක වෙන්නෙ, ඔබ අපි කවුරුත් දන්න ඩිලාන් සේනානායක සහෘදයා. ඒ වගේම මෙහි සංගීත අධ්‍යක්ෂණය වෙන්නෙ පේෂල රවිඳු සහෘදයා විසින්. ඉතින් චිත්‍රපට වලට ප්‍රිය කරන ඔයාලට අනිවාරෙන්ම මතක් කරනවා මේක මඟහැරගන්නෙ නැතිව අනිවාරෙන්ම බලන්න සහ බලාවි යන විස්වාසය ඇතුවයි මේ ලිපියට මේ ගැනත් සඳහන් කරන්න කියලා හිතුවේ. ඉතින් මේ වෙද්දි අපි ඒකෙ trailer එක youtube එකට රිලීස් කරලා තියෙන්නෙ.
මං ලින්ක් එක මෙහෙම සඳහන් කරන්නම්. මේක ලංකාවේ අපේ වැඩක්… !
හැමෝටම සුභ දවසක් ජයවේවා!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
19,466 downloadsDownload Monkey-Man-2024-Sinhala-Subtitles.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Editor's Pick
- #Monkey Man (2024) Sinhala Sub
- #Monkey Man (2024) Sinhala Subtitles
- #Monkey Man Sinhala Sub
- #Monkey Man Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
14 comments
Buddhika Lakmal
Malith samarawickrama
Thanks bro sub ekata
KALANA
Thank You Brother. Keep It UP..
Sahan Gayantha
Thanks a lot Rulshan saho sub ekata..
Agent 47
Macho supiri..sub ekata thanks.
Trailer eka beluwa .ekath elatama tiye. Fb eke tiye page ekak.
කාලසර
මේකට ගිහින් බලන්න.ෆිල්ම්.හදන්න සුපිරි. නිකමට ගිහින් බලපන් මචෝ.Hashan
Thanx for the sub broo ❤️
Tharindu
Thank you for the sub
sasindu
the ministry of ungentlemanly warfare mekata sub dennako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dimuthu
සුපිරි ෆිල්ම් එකක් බ්‍රෝ.. thanks for the sub
Pasan Mihidu Vidanapathirana
thanks comment kr lesi widyak haduwa nam lesiy
Ishan Madusha
බොහොම ස්තූතියි.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Tharusha
Sub ekata thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහෝම ස්තූතියි සහෝ මේ උපසිරැසයට....
මේකනං අනිවා බලන්න ඕන ෆිලුමක්...
ඒ වගේම ඔයාලගේ වැඩෙත් සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා බ්‍රෝ....
ජයවේවා....