Article 370 (2024) Sinhala Subtitles අද ඔබට ගෙන එන්නේ මේ වසරේ නිකුත් උන හොඳ ප්‍රතිචාර ලබාගත් නවතම හිංදි චිත්‍රපටයක්.IMDB 8.1 ක ඉතා ඉහළ අගයක් ගත් මෙය පසු ගිය සතියේ නෙට්ෆිලික්ස් හරහා නිකුත් උන political action thriller ඝනයේ චිත්‍රපටයක්. ටිකක් දේශපාලනික සහ කලාත්මක පැත්තට බර මෙන්ම ඓතිහාසික කරුණු කාරනා…

Article 370 (2024) Sinhala Subtitles

අද ඔබට ගෙන එන්නේ මේ වසරේ නිකුත් උන හොඳ ප්‍රතිචාර ලබාගත් නවතම හිංදි චිත්‍රපටයක්.IMDB 8.1 ක ඉතා ඉහළ අගයක් ගත් මෙය පසු ගිය සතියේ නෙට්ෆිලික්ස් හරහා නිකුත් උන political action thriller ඝනයේ චිත්‍රපටයක්. ටිකක් දේශපාලනික සහ කලාත්මක පැත්තට බර මෙන්ම ඓතිහාසික කරුණු කාරනා සහිත චිත්‍රපට බලන අයට මෙය වැදගත් වේවි.

කතාව ගැන කියන්න කලින් කියන්න ඕනෙ මේ දිනවල ඉන්දීය මහ මැතිවරනය පැවැත්වුනානෙ. මෙය එය ඉලක්ක කර ගෙන පාලක භාරතීය ජනතා පක්ෂයට ප්‍රචාරාත්මක වාසියක් සඳහා නිපදවන ලද්දක් බවට එල්ල වන චෝදනා වල අසත්‍යයක් නොවන බැව් එය නැරඹීමේදී පෙනී යනවා. මැතිවරණය ඔන්න මෙන්න තියෙන කොට සිනමා ශාලා වලට නිකුත් කරලා ඒක කට උඩට එන කොටම OTT release වෙන්නත් හේතුවක් තියෙන්න ඕනෑනේ. ඒ නිසාම ඓතිහාසික කරුනු කාරනා සම්බන්ධව චිත්‍රපටය ගලා ගියත් මේකේ ප්‍රබන්ධයක් වීම සහ දේශපාලනිකව යම් ස්ථාවරයකට යටත් වීම හේතු කොට ඉතිහාසගත කරුණු වල යම් විකෘතීන් සිදු වී තිබෙන බව සමහරුන් අදහස් දක්වනවා.

GUTHLEE LADOO (2023) Sinhala Subtitles

මේකට පාදක වෙන්නෙ ඉතා සුන්දර ප්‍රදේශයක් ලෙස සැලකෙන කාශ්මීරය. ඉන්දියාවට නිදහස ලැබුන කාලෙ ඔබ දන්න පරිදි එය රටවල් දෙකකට කඩා වෙන් වෙනවා. ඒ සමග මුස්ලිම් බහුරයක් වෙසෙන හිංදු මහරාජා පාලකයෙක් සතු ජම්මු කාශ්මීර ප්‍රදේශය ඉන්දියාවට සම්බන්ධ කෙරෙනවා.එතැන් පටන් අසල් වාසී පකිස්ථානය සමග මෙම ප්‍රදේශය අරභයා දැඩි අරගලයක් නිර්මාණට වෙනවා ඉන්දියානු රජය මුස්ලිම් බහුතරයක් වෙසෙන මේ ප්‍රදේශය වෙනම ඒකාබද්ධ රාජ්‍යයයක් ලෙස වෙනම ව්‍යවස්ථාවක් හා ධජයක් යටතේ පාලනයකට ඉඩ දෙනවා. ඔවුන්ගේ ව්‍යවස්ථාවේ 370 වගන්තිය මෙහි තීරනාත්මක කොටසක් ඉටු කරනු ලැබුවා.

ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය ජම්මු සහ කාශ්මීරයට විශේෂ තත්වයක් ලබා දුන්නා. 370 වගන්තියට අනුව තමයි එයට වෙනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, ප්‍රාන්ත ධජයක් සහ අභ්‍යන්තර පරිපාලනයේ ස්වාධිපත්‍යයක් ලබා ගැනීමේ බලය ලබා දී තිබුනේ.කෙසේ වෙතත් මේ තුලින් මධ්‍යම රජයට ප්‍රශ්ණ රාශියක් නිර්මාණය වී තිබුනු අතර ඒ තුලින් ප්‍රාන්තයේ සුළු ජාතීන්ට දැඩි පීඩනයක් එල්ල උනා. මේ වගන්තිය අහෝසි කිරීමේ හෝ වෙනස් කිරීමේ බලය තිබූ ව්‍යවස්ථා සභාව 1954 දී අහෝසි කර තිබුන නිසා මෙම වගන්තිය අහෝසි කිරීමේ ගැටළු ඇති වී තිබුනා.

ඒ අනුව මේ චිත්‍රපටයේදී 2019 වසරේදී මෙකී වගන්තිය ඉවත් කිරීමට දිල්ලි රජය ගන්නා උත්සාහයත් එයට විරුද්ධව කාශ්මීර දේශපාලන පක්ෂ, බෙදුම්වාදීන් සහ අසල් වාසී පාකිස්තානය දක්වන ප්‍රතිවිරෝධයත් දැක ගන්න පුළුවන්. එක් පැත්තකින් දේශපාලන ක්‍රියාමාර්ගයක් ක්‍රියාවට නැංවෙද්දී මෙහි ප්‍රධාන චරිතය වන බුද්ධි නිලධාරිණී සූනි ඇතුලු කණ්ඩායම බෙදුම් වාදීන් දඩයමේ යෙදෙමින් ගෙන යන ත්‍රාස ජනක සටනද, සිය ජාතික අපේක්ෂාවන් පසක තිබියදී පෞද්ගලික අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීමට අසරණ ජනතාව බිලි දෙන දේශපාලන ප්‍රයත්නද විශිෂ්ඨ ලෙස පෙළ ගස්වා තිබෙනවා.

දීර්ඝ විස්තර අවශය නෑ, මෙහි අධ්‍යක්ෂණය Aditya Suhas Jambhale විසින්. Yami Gautam සහ Priyamani මෙහි ප්‍රධාන චරිත රඟපානවා.ඉතින් හැම අතින්ම සමබර ඉතා හොඳ නිර්මාණයක් වන මෙය රස විඳින්න.

පරිවර්තනය මදක් අභියෝගකාරී උනා, එහි යෙදුම් නිවැරදිව සොයා ගැනීමට විශාල වෙහෙසක් දරන්න සිදු වීම නිසා.සාධාරනයක් ඉටු කලා කියල මම හිතනවා. ඔබේ අදහස් වටියි කියල හිතනවා.

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

Article 370 (2024) Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.

6,603 downloadsDownload Article-370-2024.zip67 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Article 370 (2024)  Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

6,603 downloadsDownload Subtitles67 KB

11 comments

  1. Buddhika Lakmal

    දෙනකං බලං හිටියෙ සහෝ.....
    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  2. lakmal

    thanks bro

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි බන්දුල සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. indika 75

    thanks..

  5. indika 75

    thanks..

  6. Viraj

    Thanks

  7. සාරංග

    සබට ස්තුතියි , බොහෝම !

  8. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Chanaka Sangeeth

    Thank you

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.