Watch Trailer

Monster (2023) Sinhala Subtitles | මිත්‍රත්වයේ සෙවණැලි [සිංහල උපසිරැසි]

Monster (2023) Sinhala Subtitles අපි හැමදාම වගේ ෆිල්ම් එකක් මුල ඉදන් අගට බැලුවට අග ඉදන් මුලට බලලා නෑ නේද? ඔන්න එහෙනම් අද ගෙනාවා අග ඉදන් මුලට බලන්න ෆිල්ම් එකක්. මුලින්ම බයිස්කෝප් අපේ සෙට් එකටත්, හැමදාම කමෙන්ට් කරමින් අපිව දිරිමත් කරන හැමොටමත් ගොඩක් ස්තූතියි. ඒ නිසාම ඔන්න අද අරගෙන ආවා ටිකක් වෙනස්ම කා…

Monster (2023) Sinhala Subtitles අපි හැමදාම වගේ ෆිල්ම් එකක් මුල ඉදන් අගට බැලුවට අග ඉදන් මුලට බලලා  නෑ නේද? ඔන්න එහෙනම් අද ගෙනාවා අග ඉදන් මුලට බලන්න ෆිල්ම් එකක්. මුලින්ම බයිස්කෝප් අපේ සෙට් එකටත්, හැමදාම කමෙන්ට් කරමින් අපිව දිරිමත් කරන හැමොටමත් ගොඩක් ස්තූතියි. ඒ නිසාම ඔන්න අද අරගෙන ආවා ටිකක් වෙනස්ම කාලෙකින් මමත් බලපු සුපිරි ෆිල්ම් එකක්. ඇත්තටම මම මේක ලියද්දි ගොඩක් සැලකිලිමත් වෙනවා වෙනදට වඩා අද . මම වැඩිය විස්තර ලියන්නෙ නැහැ ෆිල්ම් වලට මොකද ඒකෙ රසය, කුතුහලය, ඊලගට මොකද වෙන්නෙ කියන එක බලන කෙනාට ඉතුරු කරන්න ඕනි නිසා. එහම බලද්දි මේ ෆිල්ම් එක ගැන කොහොම ලියන්නද කියලා හිතා ගන්න බැහැ. අභිරහස් සහ කැලඹීම් ජාලයක් මැද්දෙ තනිකඩ මවක් තම පුතාව ආරක්ෂා කර ගන්න දරන අරගලය පසුබිම් කර ගත්  “Monster” මිත්‍රත්වය, ආදරය සහ පාසල් ජීවිතයේ කටුක යථාර්ථයන් පිළිබඳව සහ දෙමාපියන්ගේ හැසීරීම ළමා මනසට කොතරම් දුරට කාවදිනවාද යන්න පෙන්වා දීමට මේ කතාව මනාව ඉවහල් වේවි කියලයි මට හිතෙන්නෙ, Monster (2023) Sinhala Subtitles ෆිල්ම් එක ගැන කියනවනම් මේක එලියට එන්නෙ 2023. මේක ජපන් ෆිල්ම් එකක්. ඔයලා දන්නවා ඇති ජපන් අය ලියද්දි පවා ලියන්නෙ දකුනෙ ඉදලා වමට, පොතක අපි කියවන විදියට නම් අපේ පොතක අන්තිම පිටුව ජපන් අයගෙ පොතක මුල් පිටුවවෙනවා. ඉතින් මේ ෆිල්ම් එක ජපන් එකක් කියන්න හොදටම තේරෙන දෙයක් තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන හිරොකසු කොරෙඩා කියන මහත්මයා මේ කතාව පෙළගස්සවලා තියෙන්නෙත් ඒ විදියට. ඒකයි මුලින්ම මම කිව්වෙ ෆිල්ම් එක අපි අග ඉදන් මුලට බලන්න වෙනවා කියලා.  ඒ වගේම මම ඉල්ලනවා මේ කතාව පොඩ්ඩක්වත් ස්කිප් කර කර නම් බලන්න එපා. එහෙම වුනොත් කිසිම දෙයක් තේරෙන එකක් නැහැ. සමහර තැන් මට අහුවුනේ 2වෙනි පාර බලද්දි. මේ ෆිල්ම් එක හරිම අවධානයකින් බලන්න. සමහර පුංචි පුංචි සිදුවීම් තියෙනවා අභිරහස්. උත්තර නැති ප්‍රශ්ණ, වගේම කිසිම වාචිකව දෙයක් නැති අභිනයෙන් විතරක් පෙන්වන. හැබැයී ඒ හැමදේකටම උත්තර ෆිල්ම් එකේ කොහේම හරි තියෙනවා.   Monster (2023) Sinhala Subtitles මේ කතාව Films Awards 49 කට නිර්දේශ වෙලා , ඒ අතරින් 9ක්ම දිනාගෙන තියෙනවා. එතනින් එහාට ෆිල්ම් එක කොහොමද කියන ඕනි නෑනේ. අනිවාරයෙන්ම බලන්න ඕනිම ෆිල්ම් එකක් හොදේ..
Monster (2023) Sinhala Subtitles මේ කතාව IMDb Rate – 7.9  Box Office- ඩොලර් මිලියන 21.5 Running time – මිනිත්තු 125  Thriller/Drama කතාව ගැනත් පොඩ්ඩක් මුල කියන්නම් කතාවේ රසයට බාධාවක් නොවෙන්න. ඇත්තටම කතාව ගැන ලියන්න ගොඩක් උත්සහ කලත්, ඒක කතාවෙ රසයට බාදාවක් වේවි කියලා ලියන්න වචන ගලපගන්න ගොඩක් අමාරුයි. Monster (2023) Sinhala Subtitles අම්මා – සඕරෝ මුගිනි.
පුතා – මිනටෝ මුගිනි
පන්තියේ අනිත් කෙනා- ‍යොරි හොශිකවා
පන්තිභාර ගුරුතුමා – මිචිටොශි හෝරි කියන ප්‍රධාන චරිත වටා තමා කතාව ගෙතෙන්නෙ,ඉතින් මේ කතාව පටන් ගන්නෙ ගිනි ගන්න බිල්ඩින් එකකින්. හැබැයි ඇයි, කොහොමද කියලා දැන ගන්න නම් කතාවෙ මැදක්වත් එනකල් බලන්න වෙනවා. සඔරෝ මුගිනි කියන්නෙ තනියම තමන්ගෙ ළමයා උස්මහත් කරගෙන ජීවත් වෙන අම්මා කෙනෙක්. පුතා මිනාටෝගේ තාත්තා නැති වෙලා. මෙයා ඉගෙන ගන්නෙ ප්‍රාථමික පාසලක 5 වසරෙ. ඉතින් මෙයාගෙම පන්තියෙ යොරි හොශිකවා කියලා කෙනෙක් ඉගෙන ගන්නවා. මේ කොල්ලා හැමෝගෙන්ම කොන් වෙලා වගේ තමා ඉන්නෙ. කොල්ලො හැම වෙලේම කරදර කරනවා. ඒ නිසා හැමෝගෙන්ම ඈත් වෙලා තනියම තමයි ඉන්නෙ. ඒ වගේම මෙයාටත් තාත්තා විතරයි ඉන්නෙ. එත් තාත්තා මේ ළමයට බීලා ඇවිත් ගහනවා. ඔහොම යද්දි තමයි, යොරිට, මිනටෝ කරදර කරන හැම වෙලාවකම මේක පන්තිභාර හෝරි සර්ට අහු වෙනවා. කොහොම හරි මිනටෝ එක පාරට වෙනස් වෙනවා. ඒක සඕරෝට දරාගන්න ගොඩක් අමාරුයි. ඉතින් මිනටෝගේ අම්මා මේකට හේතුව හෝරි සර් කියලා මිනටෝ කියනවා. ඊට පස්සෙ ඒ ගැන මිනටෝගෙ අම්මා ඉස්කොලෙට ගිහින් පැමිණිලි කරනවා. Monster (2023) Sinhala Subtitles

දිගටම කතාව බලන්න මොකද වෙන්නෙ කියලා දැනගන්න නම්. ඊට වඩා නම් කියන්නෙ නෑ නෑ නෑමයි. කැමති නම් අනිවා කමෙන්ට් එකක් හරි දාගෙන යන්න අමතක කරන්න එපා. එතකොට තමයි මේ වගේ ෆිල්ම්ස් තව අරන් එන්න පුලුවන්.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEBRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

5,221 downloadsDownload Monster-2023-Sinhala-Subtitles.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Monster (2023) Sinhala Subtitles

Subtitles by

දිමුතු චතුරංග

Subtitles

5,221 downloadsDownload Subtitles36 KB

15 comments

  1. Buddhika Lakmal

    මේ වගේ වෙනස්ම විදිහේ මූවිස්වලට සබ් ගේනවට තෑන්ක්ස් සහෝ....
    අනිවා බැලිල්ලක් තමයි ඉතිං..........

    1. Dimuthu

      Thank you Saho.

  2. Anonymous

    thanks bro
    keep up your good work

  3. Anonymous

    පෝස්ට් එක නිසාම ෆිල්ම් එක බලනවා.ස්තූතියි සහෝ

  4. Ruchira

    Thanks for the sub!!

  5. Gihan Lakmal

    ela MCHOOO

  6. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  7. hasa

    tnx brother supiriyk

  8. syd

    thank you brother
    perian lessons 2020 sub eka puluwan nam denna patta movie ekak sub ekka aye balanna ona

  9. Mohottige

    Thanks

  10. viraj

    thanks............

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

  13. Akila Dilhara

    Thanks for Sub....❤❤❤

  14. Rohan Jayasekara

    Thanks bokka