Watch Trailer

The Boys in the Boat (2023) Sinhala Subtitles | හිට්ලර් පරාද කළ වොෂින්ටන් කොළු රෑන [සිංහල උපසිරසි]

The Boys in the Boat (2023) Sinhala Subtitles ‘හිටිලර් පරාද කළ වොෂින්ටන් කොළු රෑන’ – The Boys In the Boat ඔරු පැදීම යනු තවදුරටත් ප්‍රවාහන සේවයක් පමණක් නොවන යුගයක එය ලෝකයේ පවතින විශාලතම ක්‍රීඩා උත්සවයට මහා ක්‍රීඩාවක් වී අවසන් ය. සවි ශක්තියෙන් සුසැදි දේහධාරි තරුයන් අට දෙනකු විසින් ලීයෙන් තැනු ඔරු කඳක…

The Boys in the Boat (2023) Sinhala SubtitlesThe Boys in the Boat (2023) Sinhala Subtitles

‘හිටිලර් පරාද කළ වොෂින්ටන් කොළු රෑන’ – The Boys In the Boat


ඔරු පැදීම යනු තවදුරටත් ප්‍රවාහන සේවයක් පමණක් නොවන යුගයක එය ලෝකයේ පවතින විශාලතම ක්‍රීඩා උත්සවයට මහා ක්‍රීඩාවක් වී අවසන් ය. සවි ශක්තියෙන් සුසැදි දේහධාරි තරුයන් අට දෙනකු විසින් ලීයෙන් තැනු ඔරු කඳක් සමඟ ජල රළ පහරට එරෙහිව කාලය සමඟ කරන හරඹයක් වෙි නමි ඒ ඔරු පැදීම ක්‍රීඩාව නමි වෙි. නෙතට ප්‍රිය නංවන අපුරු ක්‍රීඩාවකි. ඔලිම්පික් ඉතිහාසයේ සැඟවී ගිය එක්තරා නිශ්චිත ජයග්‍රහණයක්. ඒ වගේම නිශ්චිත මොහොතක් පිළිබඳ කියැවෙන ‘ද බෝයිස් ඉන් ද බෝට්’ 2023 වසරේ තිරගත වූ හොලිවුඩ් චිත්‍රපටය සත්‍ය කතාවක් පෙරදැරි කරගෙන නිර්මිත චිත්‍රපටයකි. ඒ ජයග්‍රහණයක් පිළිබඳවය. ජයග්‍රහණය සඳහා තැබූ පියවර⁣ මොනවාද? ජයග්‍රහණය සිදු වූයේ කෙසේද? ජයග්‍රහණය අත් කරගන්නට තිබු බාධා කවරෙක්ද? යන සාමිප්‍රදායික Biology – Sport චිත්‍රපටයක අන්තර්ගත විය යුතු තොරතුරු ප්‍රමාණයක් ‘බෝයිස් ඉන් ද බෝටි’ චිත්‍රපට සඳහන් කරනවා.

The Boys in the Boat (2023) Sinhala Subtitles

ඇමරිකානු ක්‍රීඩා ඉතිහාසය තුළ ඔබ නොදත් එක්තරා ජයග්‍රාහී සත්‍ය කතන්දරයක තතු පිළිබඳ ‘ද බෝයිස් ඉන් ද බෝට්’ චිත්‍රපටය අපට කියනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ හොලිවුඩයේ මහා නළු සේම අධ්‍යක්ෂවරයකු වන ‘ජෝර්ජ් ක්ලුනි’ විසිනි. චිත්‍රපටය සාමිප්‍රදායික වූ ‘biographical sports drama’ ශානරයේ චිත්‍රපටයකි. චිත්‍රපටය මීට වඩා සංස්කරණ ශිල්ප ක්‍රම සහ රූපරාමු රිද්මයක් සමඟින් නිම කිරීමට තිබු බවයි මගේ අදහස නමි. චිත්‍රපටය විසින් සිදු කරන්නේ යථාර්ථය ප්‍රතිනිර්මාණය පමණකි. කෙසේ වෙතත් හබල් ඔරු පැදීමෙි ක්‍රීඩාව තුළ ඇමරිකාව විසින් දූෂ්කර මොහොතක ලැබූ එක් නිශ්චිත ජයග්‍රාහි මොහොතක් පිළිබඳ ‘ද බෝයිස් ඉන් ද බෝට්’ චිත්‍රපටය සටහන් කරනවා.
-මලින්ත විතානගේ-

The Boys in the Boat (2023) Sinhala Subtitles

මේ ලිපිය මම අහම්බෙන් වගේ දකිනවා ෆේස්බුක් එකේ උඩට පහල යන දවසක. මේක මගේ හිතවත් මලින්තගේ ලිපියක්. දෙවන ලෝක යුධ සමය වගේම සත්‍ය සිදුවීම් අලලා නිර්මාණය වන චිත්‍රපට වලට පොඩි ඇල්මක් තියන නිසාම ෆිල්ම් එක හොයාගෙන බලන්න හිතුනා. හැබැයි ඒ වෙනකොටත් මේකට සිංහල සබ් නම් ඇවිල්ලා තිබුනේ නෑ. පස්සේ මං හිතවත් විමුක්ති සහෝදරයට චිත්‍රපටයේ පෝස්ටරය යැව්වා. ඇහුවා මගෙන් කරන්නද යන්නේ කියලා. ලයින් 2000+ තියනවා. වැඩත් වැඩි අස්සේ මං ඇහුවා හිමීට කරන්නද කියලා. මේල් එකක් දාපන් කිව්වා. ඔන්න ඔහොම තමයි The Boys in the Boat කියන Sport/Drama චිත්‍රපටයට සිංහල උපසිරසි හදන්න පෙළඹෙන්නේ. මේක 2023 වසරේ දෙසැම්බර් අවසාන සතියේ තිරගතවීම ආරම්බ කරපු චිත්‍රපටයක්.

The Boys in the Boat (2023) Sinhala Subtitles චිත්‍රපටයට පාදක වෙන්නේ Daniel James Brown විසින් රචිත The Boys in the Boat ග්‍රන්තයයි. book.jpg
චිත්‍රපටයේ රංගනයෙන් Joel Edgerton කෝච් උල්බ්‍රික්සන් ලෙසත්, Callum Turner ජෝ රැන්ට්ස් ලෙසත්, Peter Guinness ජෝර්ජ් ලෙසත් Hadley Robinson ජොයිසි සිම්ඩර්ස් ලෙසත් ඇතුළු Jack Mulhern, James Wolk, Courtney Henggeler සමගින් රංඟන ශිල්පීන් රැසක් එකතු වේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ හොලිවුඩයේ අදටත් කඩවසම් නළුවෙක් ලෙස විරුදාවලිය ලත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන George Clooney ය. gettyimages-969403912.jpg
චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 40 ක් පමණ වන අතර දැනට බොක්ස් ඔෆීස් ආදායමඩොලර් මිලියන 55.4 කි.

චිත්‍රපටය වෙනුවෙන් දැනට IMDb 7/10 ක අගයක් ලැබී ඇති අතර Rotten Tomatoes 57% ක අගයක් ලැබී ඇත.

The Boys in the Boat (2023) Sinhala Subtitles

එහෙනම් අදට මම නවතින්නම්. ඔයාල වෙනුවෙන් 90 දශකයේ සහ ඊටත් පැරණි චිත්‍රපට කීපයක්ම වෙන් කරගෙන තියනවා දැනට සිංහල උපසිරසි ලබා දෙන්න. නමුත් වැඩි වැඩත් එක්ක කාලය ටිකක් හොයාගන්නත් අමාරුයි. කොහොම වුනත් පැරණි චිත්‍රපට රසිකයින් වෙනුවෙන් උපසිරසි නිර්මාණය කිරීම අතෑරලා නම් නැහැ. ඒ අතරේ පහුගිය දවසක රූපවාහිනී කතා මාලාවක එක් එපියකටත් සම්බන්ධ වෙන්න ලැබුනා.

අවසානයේ චිත්‍රපටය හඳුන්වා දුන් මලින්ත සහෝදරයාටත්, සිංහල උපසිරසි සඳහා වෙන්කර දුන් විමුක්ති සහෝදරයටත් මගේ ස්තුතිය පුදකරනවා.

එහෙනම් ගිහින් එන්නම්. ~ ජය වේවා ~ The Boys in the Boat (2023) Sinhala Subtitles

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

3,837 downloadsDownload The-Boys-in-the-Boat-2023-Sinhala-Subtitles.zip112 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Boys in the Boat (2023) Sinhala Subtitles

Subtitles

3,837 downloadsDownload Subtitles112 KB

10 comments

  1. Buddhika Lakmal

    සමීර සහෝ කාලෙකින් මූවි එහෙකට සබ් ගෙනත් තියෙන්නේ....
    විස්තරේ හැටියටනං මූවි එක හොදයි වගේ...
    උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ......

  2. Kavindu Nethmina

    Sub ekata thanks bro..

  3. nipuna madushan

    thanks... war TV series tynwanm karanna kiyala illanawa..

  4. රේමන් ඇන්තනී

    thanks brother sub danakal hitiye
    persian lessons 2020 puluwan nam sub denna

  5. රේමන් ඇන්තනී

    thanks brother
    road house 2024 denna puluwan nm

  6. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  7. syd

    සෑහෙන කාලෙක ඉදලා බලාගෙන ඉන්නව ..කීප වතාවක්ම ඉල්ලුවා ..වෙලාව නැතුව ඇති ඒ උනාට PERSIAN LESSONS 2020
    සබ් දෙන්න කියලා කනගාටුයී ඒ වගේ මූවී එකකට සබ් නැති වීම පිලිබද

  8. හිරාන් ශාරංග

    උපසිරැසිය​ වෙනුවෙන් ගොඩක් ස්තුතියි.

  9. Anonymous

    Thanks Brother

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.