ඔන්න එහෙනම් මෙදා පාර වෙනස්ම චිත්‍රපටයක් තමයි මේ ගේන්න ලෑස්ති වෙන්නෙ. ඇත්තම කිව්වොත් මේක ඉල්ලීමක්. ඉතින් අපේ සහෝ කෙනෙක් මේ චිත්‍රපටයට උපසිරැසි දාන්න කියල පොඩී ඉල්ලීමක් මට කරල තිබුන. ඉතින් ඒක අහක දාන්න බැරි නිසා ඔන්න ගෙනාව සිංහල උපසිරැසිය. 2016 වර්ෂයේ අඩු මුදලකින් ලොකු වැඩක් කරන්න උත්සාහ කරපු චිත්‍රප…

ඔන්න එහෙනම් මෙදා පාර වෙනස්ම චිත්‍රපටයක් තමයි මේ ගේන්න ලෑස්ති වෙන්නෙ. ඇත්තම කිව්වොත් මේක ඉල්ලීමක්. ඉතින් අපේ සහෝ කෙනෙක් මේ චිත්‍රපටයට උපසිරැසි දාන්න කියල පොඩී ඉල්ලීමක් මට කරල තිබුන. ඉතින් ඒක අහක දාන්න බැරි නිසා ඔන්න ගෙනාව සිංහල උපසිරැසිය. 2016 වර්ෂයේ අඩු මුදලකින් ලොකු වැඩක් කරන්න උත්සාහ කරපු චිත්‍රපටයක් කිව්වොත් මම නිවැරදී. මොකද මේ චිත්‍රපටය නිෂ්පාදනය කරල තියෙන්නේ ඉතාමත් අඩු මුදලකට. හැබැයි තාක්ෂණය අතින් මෙයාල පොඩ්ඩක් ඉහලට යන්න උත්සාහ කරල තියෙනවා. මට නම් හැබැයි ඒක මදි වගේ. එ නිසාමදෝ කොහෙද IMDB වල අඩු අගයක් අරගෙන තියෙන්නෙ. ඉන්දියාවෙ චිත්‍රපටය තියේටර් වල පෙන්නුවත් තුන් වෙනි දවසෙ ඉදල මේ චිත්‍රපටය පෙන්වන එක නවත්වල, ඒකට හේතුව තමයි චිත්‍රපටය සාර්ථක මදි වීම. මම නම් කියන්නෙ ඒක සහතික බොරුවක්. මට හිතෙන විදියට මේ ෆිල්ම් යම්තාක් දුරට දෙයක් කරන්න උත්සාහ කරල තියෙනවා. අඩු මුදලක් වැය කරල මේ වගේ චිත්‍රපටයක් කරපු එකට මම අධ්‍යක්ෂකවරයාට ආචාරය කරනව. ඒ නිසා වෙන්න ඇති මේ චිත්‍රපටය කවුරුත් අතරේ ජනප්‍රිය වුන් නැත්තෙ. හරි එහෙනම් කතාව පැත්තට යමු.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය වගේම කතාවත් ලියල තියෙන්නෙ Sugan Kartthi. මේ එයාගෙ පළවෙනි චිත්‍රපටය. නළු නිළියන් දිහා බැලුවොත් මෙයාලනම් අලුත් අය. ප්‍රධාන චරිතයෙන් Sunil Kumar ද ප්‍රධාන නිළියගෙ චරිතයට Akhila Kishore ද රංගනයෙන් දායක වෙනවා.
2022 අගෝස්තු 7 වැනිදා චීනය විසින් ඉන්දියාවට දැනුම් දීමකින් තොරව යුද්ධයක් ආරම්භ කරනවා. ඉන්දියාවයි, චීනයයි අතර සිද්ද වෙන මේ උණුසුම් යුද්ධයෙන් තුන්වන ලෝක යුද්ධයක් ඇති වෙයි කියල අනික් රටවල් බය වෙලා ඇමරිකා, රුසියා, ජර්මනිය,
ෆ්රෑන්ස් කියන රටවල් වල දැඩි උත්සාහයෙන් යුද්ධය අවසානයකට පැමිණෙනවා. ඊට පස්සෙ කතාව පටන් ගන්නෙ මේ යුද්ධයෙන් අවුරුදු කිහිපයකට පස්සෙ. ඒ 2025 නොවැම්බර් 8 වැනිදා චීනයේ ලන්ගවු වල තියෙන භූගත සිර මැදිරියකින්. මේජර් සරවනන් චීනයේ සිරකරුවෙක් වෙන්නේ ඔහුගේ මුළු කණ්ඩායමත් අහිමි කරගෙන. ඉතින් මේ සිරගෙදර චීනය පවත්වාගෙන යන්නේ ලෝකයට හොරෙන්. ඉන්දියාවට පහර දීමට චීනය විසින් සොල්දාදුවන් 100 දෙනෙක්ව ඔවුන්ගේ රටට යවනවා. හැබැයි චීනයට කිසිම ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් ලැබෙන්නෙ නෑ. ඒ හේතුව නිසාම මේජර් සරවනන්ව චීනයෙන් පැහරගෙන සිර මැදිරියක් තුළ තියාගෙන ප්‍රශ්න කරනවා. ඔහුගෙන් අහන්නෙ එකම එක දෙයයි. ඒ චීන සොල්දාදුවන් 100 දෙනාට මොකද වුනේ කියලා. හැබැයි සරවනන් ඒ ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ. එයාගෙ පවුලෙ අයයි, හමුදාවයි හිතන්නෙ එයා මැරිල කියල. ඉතින් මේජර් සරවනන්ට ඒ හිර ගෙදරින් පැන ගන්න පුලුවන් වෙයිද? චීන සොල්දාදුවන් 100 දෙනාට මොකද වුනේ? චීනය ඉන්දියාවෙන් පළිගන්නේ කොහොමද? නවීන යුද්ධයක ආරම්භය මෙය ද?
ඉතින් මේ හැම දේකටම උත්තරේ මේ චිත්‍රපටය ඇතුලෙ තමයි තියෙන්නෙ. එහෙනම් ආරාධනා කරනවා හැමෝටම චිත්‍රපටය රස විදින්න කියල. තවත් ලස්සන චිත්‍රපටයකින් හමු වෙමු, එතෙක් මන් ගියා ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.com – Moondram Ulaga Por (2016) HD 720p
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
5,542 downloadsDownload Moondram-Ulaga-Por-2016.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/SnakeRaj2-e1483998116503.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-12-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
SNAKE RAJ
Subtitles
18 comments
Dilanka
prabodha
Thank u brooooo.... jaya wewa...
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!kavinda gamage වෙත,
(මගේ comment කොපි කරන්න එපා බූරු තඩියෝ..)Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
lahiru
deyya ela a...... bohoma sthuthi
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::tashz
ko yako film aka sub aka kywana vithrada tyne
Ashan Herath
ela macn
Himaru
Sub ekata thanka sahoo...
රයන් ද සිල්වා
සබ් එකට තෑන්ක්ස් සහෝ
මේ වගේම පට්ට ෆිලුමකින් හමු වෙමු
#ජය වේවාඋදාර දිල්ශාන්
තෑන්ක්ස් උපසිරැසි නිර්මානයට සහෝ
ඩිලාන් හසිත
සබ් එකට තුති නයා සහෝ
මේ වගේම සුප්ප බාන්ඩයකින් නැවත හමු වෙමුපුරුදු වෙයල්ලා ආතල් එකට හරි කමෙට් එකක් දාන්න
ඒක පස්ට.... :)එල්.සී. දමැල්
බොහොම ස්තුතියි නයෝ
amila
dhruva 2016 ta sub dennnnako
Isuru Nayanananda
ස්තුතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shasith sandaruwan
බොහොම ස්තූතියි මලයා උපසිරැසියට...
තව දෙමළ බස්සමු නෙහ් :P
දිගටම සබ් දෙමු ආ....
ඔබට ජය!Supun M. Hettigoda
උපසිරැසියට ගොඩාක් ස්තුතියි...
ජයෙන් ජයම වේවා.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Purudu wayn palwani comment eka danna eka patta