ඔන්න එහෙම නම් කට්ටියට බලන්න සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආවා Green Zone 2010 වර්ෂයේ තමයි මේක නිකුත් වෙලා තියෙන්නේ Action,Drama, Thriller ගණයට තමා මේ බයිස්කෝප් අයත් වෙන්නේ, මිනිත්තු 115 කාලයක් පුරාවට දිව යන මේ කතාවේ ප්‍රධාන චරිතය Matt Damon දන්නවා නේ කවුද කියලා සුපිරි රංගනයක් බලාගන්න පුළුවන් අපිට මේ…

ඔන්න එහෙම නම් කට්ටියට බලන්න සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආවා Green Zone 2010 වර්ෂයේ තමයි මේක නිකුත් වෙලා තියෙන්නේ Action,Drama, Thriller ගණයට තමා මේ බයිස්කෝප් අයත් වෙන්නේ, මිනිත්තු 115 කාලයක් පුරාවට දිව යන මේ කතාවේ ප්‍රධාන චරිතය Matt Damon දන්නවා නේ කවුද කියලා සුපිරි රංගනයක් බලාගන්න පුළුවන් අපිට මේ බයිස්කෝප් එකෙන්. imdb වල 6.8 කැරකිලා තියෙනවා කියන්නේ ආයේ ඉතින් අහන්න දෙයක් නෑ නේ.
හරි එහෙම නම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා බලමු චීෆ් මිලර් (Matt Damon) එයාගේ කණ්ඩායමයි ඉරාකේ අධි ආරක්ෂිත කාලාපය (Green Zone) අවට ප්‍රදේශ වල “WMD” නම් සමූලඝාතක අවි සොයාගැනීමේ මෙහෙයුම් කිහිපයක නිරත වෙනවා එත් මේ කිසිම මෙහෙයුමක දි නම් කිසිම අවියක් හම්බවෙන්නේ නෑ. ඉතිං මේ ගැන චීෆ් මිලර්ට සැකයක් ඇති වෙනවා. මේ ලබා ගන්නා බුද්ධි තොරතුරු ඇත්ත්ටම හරිද කියන එක මේ ගැන ඉහළ නිලධාරින්ට කිව්වත් වැඩක් වෙන්නේ නෑ, මෙතන දී මිලර් ට හම්බවෙනවා මාර්ටින් බ්‍රවුන් කියලා CIA ඉහළ නිලධාරියෙක්ව එයා කියනවා ඉස්සරහට ඔහුන් බලන්න යන තැනත් හිස් තැනක් මුකුත්ම නෑ කියලා.
CIA එක කොහොමද ඒ ගැන කලින් දැනගත්තේ ඇයි එහෙම නම් බොරු බුද්ධි තොරතුරු ලබා දෙන්නේ ? කවුද ? කාගෙන්ද මේ තොරතුරු ලබා ගන්නේ ? කවුද මේ පිටිපස්සේ ඉන්නේ ඇත්තටම?සමූලඝාතක අවි තියෙනවාද ? මේ හැම දෙයක් ගැනම උත්තර බලාගන්න පුළුවන් කතාව බැලුවොත් ගොඩක් කට්ටිය නම් බලලත් ඇති නේ. අයේ බැලුවා කියලා නම් පාඩුවක් වෙන්නේ නෑ ඔන්න.. වැඩි විස්තරයක් ඕනේ නෑ ඔන්න රොයිලි අයියත් විස්තරයක් දාලා තියෙනවා නේ. රොයිලි අයියාට ස්තුති කරන්න මට මේ බයිස්කෝප් එක ලබා දුන්නට.. එහෙනම් පහළින් කොම්න්ටුවකුත් දාගෙනම යන්න හොදේ. හොද නරක අඩුපාඩු හැම දෙයක් ගැනම. එහෙනම් ගිහින් එන්නම් තවත් උපසිරැසිකින් හම්බවෙමු
හැමෝටම ජයෙන් ජය !
2010 ජූනි 10 රොයිලි ප්‍රනාන්දු සොහොයුරා විසින් පල කළ ලිපිය
ඔන්න කාලයක් තිස්සෙ බලාගෙන හිටපු ෆිල්ම් එකක් උණු උණුවෙම ගෙනාවා. තාම ටොරන්ට් එක ඇවිල්ලා දවසකටත් අඩු නිසා බාන්න නම් ටිකක් අමාරු වෙයි. කවුරුත් දන්න පට්ටම චිත්‍රපට පෙලක් වෙච්ච The Bourne කතාමාලාවේ අවසන් චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කරපු Paul Greengrass හා ඒ කතාමාලාවේ රඟපෑ Matt Damon ගේ සුපිරි රංගනයෙන් හැඩවුනු මේ චිත්‍රපටය කට්ටියටම අල්ලලා යයි කියලා හිතනවා.
මේ කතාවට පාදක වෙන්නෙ ජනමාධ්‍යවේදී Rajiv Chandrasekaran 2006 දී ලියූ Imperial Life in the Emerald City නම් ප්‍රබන්ධිත නොවන (non-fiction) ග්‍රන්ථය ආශ්‍රයෙන්. එහි ලියවී ඇත්තේ ඉරාකයේ අධිආරක්ෂිත කලාපය වන Green Zone හී සිද්ධීනුයි. Roy Miller (Matt Damon) හා ඔහුගේ කණ්ඩායම සමූලඝාතක අවි සොයාගැනීමේ මෙහෙයුම් තුනක්ම අසාර්ථක වී සිටින අතර ඔහු බුද්ධි අංශ තොරතුරු පිළිබඳව සැක පහල කරනවා. ඒත් ප්‍රධානීන් එය බැහැර කරන අතර ඔහුගෙ විරුද්ධතා නොසලකා සිටියත් Martin Brown (Brendan Gleeson) නම් CIA ප්‍රධානියා ඔහුට පසුව හමුවී පවසනවා ඊලඟට ඔවුන් බලන්න යන තැනත් ඒ වගේම අවි රහිත ස්ථානයක් බව. මේ අතර ඇති රහස සොයා ගැනීම තමා චිත්‍රපටයේ තේමාව වෙන්නෙ.
මම මේක එනකම් සෑහෙන කාලයක් බලාගෙන උන්නා වගේම මේකට සබ් දාන්නමයි උන්නෙ. ඒත් අවුරුදු එකහාමාරකට පස්සෙ ලංකාවට හෙට අනිද්දට එන්න තියෙන නිසාත්, ඒකට අවශ්‍ය වැඩකටයුතු වල මම නිරත වෙලා ඉන්න නිසාත් සබ් එක නම් දෙන්න බැරිවෙනවා. ඒකට සමාව ඉල්ලන ගමන්ම කමෙන්ට් එකකුත් දාලා මට සැනසීමේ නින්ද යන්න කටයුතු කරයි කියලත් හිතනවා 😛

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
4,152 downloadsDownload Green.Zone-2010.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ashan-Shanaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශාන් ශානක” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-03-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අශාන් ශානක
Subtitles
31 comments
Mithun
චරිත්
Thanks machan..jaya wewa..
janith srimal
patta mcn sub ekata tnx ohoma yan mcn patta
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!thisal
බොහොම ස්තූතියි
Sajith Anthony
උපසිරැසියටබොහොම ස්තුතියි සහෝ,
ජයෙන්ජයම වේවා...!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
elama saho thanks
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::Udara Damith B/K
සිංහල උපසිරැසියට ස්තූතියි ස555555555555
Rajitha
Thanks machan.....jayawewa.....!
එල්.සී. දමැල්
බොහොම ස්තුතියි අශාන්
චරිත්
බොහෝම ස්තූතියි සහෝදරය..
Dulanga
thanks
Tharindu Athukorala
තැන්ක්ස් බ්‍රෝ
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Udaya Fernando
බොහොම ස්තූතියි සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandeepana
thanks bro hoda wedak
පියුමාල්
බොහොම ස්තුතියි සහෝ
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!its_lahiru
thnks
Farmchemie_Roshan
Ssub ekata thanks bro...
SJDeSilva
Thnx for the sub
jaya_slk
thanx machii
Aravinda
Not connected this link
Gayan_madushanka_
Thanks bro
Anonymous
Tnx bro
Anonymous
Thank you
Anonymous
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Green Zone (2010) with Sinhala Subtitles | අධි ආරක්ෂිත කාලාපය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Green-zone-2010.jpg)
Mn meka balala thiyanawa supiri move ekak
Supiri actor kanakna innat
Sab dammata godak stuthi watinawa saho..