Watch Trailer

More Than Honey (2012) | අපි නොදන්න මී මැස්සෝ. [සිංහල උපසිරැසි සමඟින්]

කොහොමද යාළුවනේ… මගේ 3න් වැනි උපසිරැසි ගැන්වීම අරගෙන මම ආවා. මේක 2012 වසරේ නිපදවන ලද වාර්තාමය චිත්‍රපටයක්. More Than Honey නම්වන මෙය IMDB හි 7.5ක අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. මෙහි මූලිකව අන්තර්ගත වන්නේ මී මැස්සන්ගේ චර්යාවන්, මී මැසි පාලනය සහ එහිදී මී මැස්සන්ට විදීමට සිදුවන දුක් ගැහැට පිළිබඳවය…

More Than Honey (2012)

කොහොමද යාළුවනේ… මගේ 3න් වැනි උපසිරැසි ගැන්වීම අරගෙන මම ආවා. මේක 2012 වසරේ නිපදවන ලද වාර්තාමය චිත්‍රපටයක්. More Than Honey නම්වන මෙය IMDB හි 7.5ක අගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. මෙහි මූලිකව අන්තර්ගත වන්නේ මී මැස්සන්ගේ චර්යාවන්, මී මැසි පාලනය සහ එහිදී මී මැස්සන්ට විදීමට සිදුවන දුක් ගැහැට පිළිබඳවයි. ඊට අමතරව මී මැස්සන් ආශ්‍රිතව සිදු කරන ලද පර්යේෂණයන් සහ තවත් බොහෝ වටිනා කරුණු කාරණා මෙහි ඇතුළත් වෙලා තියෙනවා. මෙහි භාෂා කිහිපක්ම අන්තර්ගත වෙලා තියෙනවා. ජර්මන්,ඉංග්‍රීසි,මැන්ඩරින්,ස්විට්සර්ලන්ත වැනි භාෂා.මේ චිත්‍රපටය ස්විට්සර්ලන්තය, අමෙරිකාව, චීනය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල රූ ගත කර තිබෙනවා.

ඇත්තටම අපි මී මැස්සන් ගැන මොනවද දන්නේ? මම නම් දන්නේ මී පැණි ගැන විතරයි.ඒකත් බොහෝම සීමාසහිතව. ඒත් මේ චිත්‍රපටය බැලුවට පස්සේ මම ගොඩාක් අලුත් දේවල් දැනගත්තා. ඒවායින් කිහිපයක් මම සඳහන් කරන්නම්.

1. මී මැස්සියකට නැවත මී වදය වෙත ගමන් කිරීමේදී ගමන් කළයුතු සුදුසුම මාර්ගය ගණනය කිරීමේ හැකියාවක් තියනවා(routing process). හරියට router 1ක් වගේ.

2. මී පැණි කි.ග්‍රෑම් 1ක් නිපදවීම සඳහා අවශ්‍ය මල් පැණි සොයා මී මැස්සියන් ගමන් කරනා දුර ප්‍රමාණය පෘථිවියේ වටප්‍රමාණය මෙන් 3න් ගුණයකටත් වඩා වැඩියි.

3. මී මැසි රැජිනක් වෙනත් කොලනි වල පිරිමි මී මැස්සන් 10-15 සමග සංසර්ගයේ යෙදෙන අතර උන්ගෙන් ලබාගන්නා ශුක්‍රාණු මිලියන5ක් පමණ ඇගේ සිරුරේ වසර 8ක් පමණ සුරක්ෂිත ගබඩා කර තබාගන්නවා. මේවා වරින් වර ප්‍රයෝජනයට ගනිමින් ඇය සිය ජීවිත කාලය පුරාවටම මී වදය තුළට වී බිත්තර දැමීමේ කාර්යයේ නියුතු වනවා.

පුදුම හිතෙනවා නේද? මේක බලලා ඔයාලත් අලුත් යමක් දැනගනී කියල මම හිතනවා. ඒවාගේම පුළුවන් නම් ඔයාලගේ වටිනා අදහස් දක්වනවානම් තවත් වටිනවා. අවසාන වශයෙන් මම මේ ටිකත් සඳහන් කරන්නම්.

* අප විසින් ආහාරයට ගන්නා එළවළු සහ පලතුරු වලින් 1/3 පමණ හටගන්නේ මී මැස්සාගේ පරාගන ක්‍රියාවලිය ආධාරයෙන්.

* ලෝකප්‍රකට මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් මහතා වරක් ප්‍රකාශ කර තිබෙනවා මී මැස්සන් සම්පූර්ණයෙන්ම පෘථිවියෙන් වඳවී ගියහොත් ඉන් වසර 4කට පසුව මිනිසාද පෘථිවියෙන් සම්පූර්ණයෙන්ම තුරන් වී යන බව.

More Than Honey (2012) on IMDb

 

 

533 MB (BR) කොපිය මෙතනින් බාගන්න

9ed671b2b09fc55397b7948ef0d97e5d81361047 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,593 downloadsDownload More.Than_.Honey_.2012.baiscopelk.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නාලක ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

නාලක ලක්මාල්

Subtitles

1,593 downloadsDownload Subtitles32 KB

46 comments

  1. නලින්

    ස්තුතියි නාලක සහෝ!

    වටිනා කථාවක් සියල්ලන්ම නැරඹිය යුතුයි ! කියා මගේ නම් යොජනාව.

    ජය වේවා!

  2. අදිත ප්‍රවීන්

    නියමයි සහෝ .
    දිගටම බයිස්කෝප් එක්ක ඉන්න.
    ජය !

  3. යශෝධ

    බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.... නියම කතාවක් වගේ.... එලස්ස්ස්........ ජයම වේවා....!

  4. Thanu

    Thanx saho... Wedagath dewal godak thyenawa

  5. Nelson

    මට මේ ලින්ක් එකෙන් බාගන්න බැහැනේ පහත message එක එනවා මොකක්ද හේතුව

    "This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications"

    1. SUBHA

      ඒ ප්‍රශ්නය මටත් තියෙනවා..

    2. Nalaka Lakmal

      මේ හෑෂ් (hash) එක 9ed671b2b09fc55397b7948ef0d97e5d81361047 google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

  6. Sisira Hegoda

    බොහෝම ස්තූතියි

  7. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  8. LaSa MaRLeY

    අගය කරන්න වටිනා දෙයක් වගේ නාලක ලක්මාල් සහෝ මේ පාර දීලා තියෙන්නේ ,අනිවා බෑමක් තමා ,,,ස්තුතියි ඔබට,

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. Jack

    නියමයි සහෝ.

  11. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නිය‍ම‍යි ‍නි‍ය‍ම‍යි........
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍හැ‍කි‍යා‍ව ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!

  12. charith

    හොද එකක් වගෙ

  13. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    අන්තිම කතාවට නම් හිරිගඩු පිපුනා.
    ඒක නිසාම කතාව බලන්න වෙනවා.
    උපසිරැසියට ස්තුතියි කියන්නත් ඕනේ..... :-)

  14. Isuru

    වටිනා දෙයක් වගේ. බාගෙන බලන්න ඕනේ. උපසිරැසියට ස්තුතියි සහෝ!

  15. udara rajapakase (shan)

    ela film ekak wage bro :) :)
    thnx for sub
    keep going bro :) :)

  16. කේ.යූ.ජී. උදාර

    මේක නම් බොහොම වටින නිර්මාණයක් වගෙයි...........
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  17. nirosh

    thanks machan sub ekata jaya wewa!!!!!!!

  18. sanka

    Ela mcn thanx

  19. සාරංග

    සහෝ,

    අප අවට පරිසරය සහ එහි සුන්දරත්වය ගැන, මේ වගේ ඉතාම වටිනා වැඩසටහන්වලට සිංහල සබ් දැමීමට ඉදිරිපත් වීම ගැන පළමුවෙන් ම, හැමෝම වෙනුවෙන් ස්තුති කරන්න ඕනෙ.

    මම මේ වැඩසටහන තාම බැලුවෙ නෑ. නමුත් මේ වගේ ඒවා සබ් දැමීම සඳහා තෝරා ගැනීමෙන්, ඔබට පරිසරය ගැන හැඟීමක් තියෙන, පරිසරට ආදරය කරන කෙනෙක් කියල අපට පෙන්වා දුන්නා.

    ඔබ එවන් පරිසර හිතකාමියෙක් වීම ගැන, ඔබට ස්තුතියි !

    - සාරංග -

  20. ඉසු ඩිපි (Isu DP)

    නියමයි නාලක සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  21. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  22. me

    Thanks

  23. Udaya

    Hi Nalaka,

    Tried many times to download this video which I couldn't. It showing below massage.

    "This website/URL has been blocked until further notice either pursuant to Court orders or on the Directions issued by the Department of Telecommunications"

    Please help.

  24. Amila Jayasena

    බොහෝම ස්තූතියි සහෝ......

  25. Kulanjana Maduranga

    watina wadasatahanak...bagena balamu.thanks NALAKA saho.keep it up.jaya wewa..............

  26. yeshu

    tnx

  27. Global

    Pattai Aaaa...Thanks..!

  28. inoka perera

    නියමයි ඇත්තටම මෙන්න වැඩ මේ වගේ හ‍ොඳ වාර්තා වැඩසටහන් මාලාවක්ම ගෙන එන්න ඔබට ශක්තිය ලැබේවා එක වරක් නෙවෙයි සියවරක් ස්තුතියි

  29. “චූටී මල්ලි”

    මේකනම් පට්ටයි කොල්ල
    ඇල්බට් මහත්තයගෙ කතාවට නම්
    බයත් හිතෙනවා බන්
    සබට තුති
    ඔබට ජය.......

  30. වරුණ රංගජිත් (වරූ)

    එල එල
    සබට තුති
    ඔබට ජය...

  31. Amil

    බොහෝම ස්තූතියි සහෝ උපසිරසට….
    නියම වාර්තා වැඩසටහන්ක් වගේ….

  32. rasanga

    Th x

  33. jayanandana

    බොහෝම ස්තූතියි සහෝ උපසිරසට
    නියම වාර්තා වැඩසටහන්ක්

  34. kesara

    thank you bro ! :P great work ! :D

  35. Samee

    Thank you very much !!!!!!!!

  36. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම වටින කතාවක්, අනිවා බලන්න ඕනි, ඉඩක් ඇතිවිට මෙවැනි කතා තවත් ගෙන එන්න බලන්න, ජයවේවා.

  37. Sanjaya

    බොහෝම ස්තූතියි සහෝ

  38. ud@IDM

    godakma thanks machan watinawa

  39. රොයිලි

    බොහොම ස්තූතියි නාලක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. sajeevi

    thanks

  41. mindika

    Thanks !!!!!!!!!!!!!!

  42. roshanstfilm

    godak watinawa
    bohoma sthuthi

  43. Niraj

    Godak watinawa meka.tanks

  44. ricadodamien

    Thank U Nalaka Brother & Baiscope team for the sub, it was beautiful. all the best to baiscope team......