එහෙනම් ඔන්න අපි 2016 අවුරුද්ද අගටත් ආවා. පහුගිය මාස 11 දිහා හැරිලා බලද්දී නම් මට ජීවිතේ වැරදුණු තැන් ගොඩක් තියනවා. විශේෂයෙන්ම රස්සාවට අදාළව. ඒ ගැන හිතෙනකොටත් ඇත්තටම දුකයි. ජීවිතේ හැමදේම අපි හිතෙන විදිහට වෙන්නේ නැතුව වෙනස් විදිහට වෙනකොට ඒකට ලෑස්ති වෙලා හිටියෙ නැත්නම් සෑහෙන්න අමාරු වෙනවා. බාර ගත්ත උප…

එහෙනම් ඔන්න අපි 2016 අවුරුද්ද අගටත් ආවා. පහුගිය මාස 11 දිහා හැරිලා බලද්දී නම් මට ජීවිතේ වැරදුණු තැන් ගොඩක් තියනවා. විශේෂයෙන්ම රස්සාවට අදාළව. ඒ ගැන හිතෙනකොටත් ඇත්තටම දුකයි. ජීවිතේ හැමදේම අපි හිතෙන විදිහට වෙන්නේ නැතුව වෙනස් විදිහට වෙනකොට ඒකට ලෑස්ති වෙලා හිටියෙ නැත්නම් සෑහෙන්න අමාරු වෙනවා. බාර ගත්ත උපසිරැසි උනත් ගොඩක් පරක්කු වෙන්නෙ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න වෙලා තියන නිසයි. මොනා උනත් බාර ගත්ත කිසිම උපසිරැසියක් මග අරින්නේ නැතුව පුළුවන් ඉක්මණට දෙන එක මගේ වගකීමක් නිසා මේ මාසෙ ඔයාල වෙනුවෙන් Sci-fi, Horror, Mystery, Thriller, Action කියන ඕනම වර්ගයකට බය නැතුව දාන්න පුළුවන් ලස්සනම ලස්සන කතාවක් ගෙනාවා. මේක මං මාස දෙක තුනකට කලින් බාර ගත්තට හරියන ඉංග්‍රීසි උපසිරැසියක් හම්බ උනේ මේ ළඟදී. ඉතිං වැඩ අස්සේ ඔන්න කොහොමහරි පරිවර්තනය ඉවර කරලා කතාව එවනවා ඔයාලගේ රසවින්දනය වෙනුවෙන්ම.
කතාවේ නම Morgan (මෝගන්). මෝගන් කියන්නේ මේ කතාවේ ඉන්න ප්‍රධාන චරිතය හසුරුවන ජාන තාක්ෂණයෙන් නිර්මාණය කරපු ගෑණු ළමයාගේ (Anya Taylor – Joy) නම. එල් සීරීස් කියන ජාන තාක්ෂණයට අදාළ වැඩසටහන් මාලාවේ එල්-9 වැඩසටහනේ නිර්මාණය තමයි මෝගන් කියන්නේ. සරලවම කියනවා නම් මෝගන් කියන්නේ පර්යේෂණාගාරයක් ඇතුලේ කෘත්‍රිමව මේ ලෝකෙට බිහි කරපු මිනිස් ජීවිතයක්. ජාන තාක්ෂණයෙන් බිහි උන මෝගන් ට සාමාන්‍ය මිනිහෙක්ට එක පාර ලබා ගන්න බැරි විශේෂ හැකියාවන් තියනවා. ඒ අතරින් විවිධ භාෂා කතා කරන්න පුළුවන් හැකියාව, දෙයක් ඉක්මණින් ඉගෙන ගැනීමේ හැකියාව, දක්ෂ විදිහට සටන් කරන්න පුළුවන් හැකියාව ප්‍රධානයි. ඔය ඔක්කොටම වඩා මිනිස්සුන්ගේ හිත් කියවන්න පුළුවන් හැකියාවත් මෝගන් ට තියන පුදුම හැකියාවන් ගෙන් එකක්.
හරි, දැන් මේ ඔක්කොම දේවල් පුළුවන් අවුරුදු 5ක් වයස් මෝගන්ගෙ සමහර වැඩ නිසා මිනිස්සුන්ගේ ජීවිත වලට සෑහෙන අනතුරුදායක තත්වයන් නිර්මාණය වෙනවා. ඒ නිසා මෝගන් ව වීදුරු කාමරයක හිර කරන් තමයි තියන් ඉන්නේ. මෝගන් එයාට ලඟින්ම හිටපු කැතී ගෙ (Jennifer Jason Leigh) ඇහැට ඇනලා ඇහැ තුවාල කලාට පස්සේ, මෝගන් ගැන ගොඩක් හොයල බලන්න සින්සෙක්ට් කියල සමාගමකින් ලී වෙදර්ස් (Kate Mara) කියලා දක්ෂ අවදානම් කළමනාකරණ උපදේශකවරියක් ව එවනවා. අලුතින් ආපු Fantastic Four චිත්‍රපටයේ කෙල්ලට ඉන්නෙත් මෙයා තමයි.
ඉතිං ලී වෙදර්ස්, මේ එල්-9 වැඩසටහනේ ප්‍රධානීන් වන දොස්තර සයිමන් (Toby Jones), දොස්තර ලුයි චෙන්ග් (Michelle Yeoh), දොස්තර බ්‍රෙන්ඩා (Vinette Robinson) වගේ අයවත් තව එයාලගේ ගෝලයන්වත් මුණ ගැහිලා මෝගන් ගැන වැඩි විස්තර හොයනවා.
මෝගන් මිනී මරන්න පටන් ගැනීමත් එක්ක, මෝගන් ගෙන් සමාජයට වෙන්න තියන අනතුරු වළක්වන්න, මෝගන් ව විනාශ කරන්න ගන්න උත්සහයක් තමයි මේ කතාවෙන් ඉස්සරහට පෙන්නුම් කරන්නේ. ඉතිං මෝගන් ව විනාශ කරන්න කැමති අය වගේම අකමැති අයත් ඉන්න නිසා අන්තිමේදී එකට ඉන්න අයත් භේද වෙලා කට්ටි ගැහෙන්න පටන් ගන්නවා.
මේ දේවල් මෝගන් තේරුම් අරං කොයි විදිහට ද හැසිරෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ. එතකොට මෝගන් ගැන හොයන්න එවන ලී වෙදර්ස් කියන්නේ සාමාන්‍ය ගෑණු කෙනෙක් ද නැත්නම් මෝගන් වගේම තවත් කෘත්‍රිම නිර්මාණයක් ද? තීරණය තියෙන්නේ ඔයාල අතේ.
මේ කතාව අධ්‍යක්‍ෂණය කලේ Luke Scott කියලා කෙනෙක්. නිෂ්පාදනය කලේ 20th Century Fox සමාගම. මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසෙ එළිදක්වපු මේ චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 8ක වියදමින් හදපු එකක්. IMDb අගය 5.8 ක් වෙනවා.
කතාවෙන් පිට දේවල් දෙකකුත් ඔයාලගේ දැනුමට එකතු කරන්න මං අදහස් කලා. මුලින්ම මං ජාන තාක්ෂණය ගැන පුංචි දෙයක් කියන්නම්. අද වෙනකොට ලෝකයේ ජාන තාක්ෂණය කියන දේ සෑහෙන්න භාවිතා කරන දෙයක්. ජීවීන් ගෙ තියන දුර්වලතා හොයාගෙන ඒවා නැති කරලා අති සාර්ථක අලුත් ජීවීන් නිර්මාණය කරන්න ජාන තාක්ෂණයට අද වෙනකොට පුළුවන් වෙලා තියනවා.
උදාහරණයක් විදිහට කියනවා නම් අපි හොඳින්ම දන්නා දෙයක් තමයි චීන මිනිස්සුන්ගේ ඇස් ගොඩක් පොඩියි කියන එක. ඉතිං අනාගතයේදී චීන ජාතිකයන්ට පුළුවන් තමන්ට අවශ්‍ය නම් මේ ජාන තාක්ෂණය පාවිච්චි කරලා අපිට වගේ සාමාන්‍ය ඇස් ලබා ගන්න. ඒ කියන්නේ කළල අවස්ථාවේදීම ජාන තාක්ෂණය පාවිච්චි කරලා DNA වලට කරන වෙනස්කම් වලින් ස්වභාවික රූපය වෙනස් කරන්න. ඒ විතරක් නෙමෙයි, ඔය පාට පාට ඇස් වලට කැමැති අයටත් පුළුවන් ජාන තාක්ෂණය පාවිච්චි කරලා තමන්ගේ ළමයින්ට කැමති පාට ඇස් ලබා දෙන්න. එතකොට ඉතිං ඔන්න බබාට තියෙන්නේ අම්මගේ ඇස් දෙක තාත්තගේ ඇස් දෙක කියල නම් කියන්න වෙන්නේ නෑ.
ඇස් වලට අමතරව සමේ පාට උනත් වෙනස් කරන්න තරම් මේ ජාන තාක්ෂණය දියුණු වෙලා තියනවා. ඔන්න ඉතිං අනාගතේ ඉපදෙන අයට නම් ලස්සන කොල්ලො කෙල්ලො හොයාගන්න එක අමාරු වෙන එකක් නෑ. හැබැයි ඉතිං මේවා කොච්චර දුරට හොඳයි ද නරකයිද කියන්න නම් දන්නේ නෑ.
මේක මගේ 13 වෙනි උපසිරැසිය නිසා අංක 13 ගැනත් පොඩි දෙයක් කියන්න හිතුවා. අපි 9 නපුරුයි කියලා කිව්වට ලෝකෙ රටවල් ගොඩක් ප්‍රතික්‍ෂේප කරන අංකය තමයි අංක 13 කියන්නේ. ඒකට හේතුව ජේසුස් වහන්සේව පාවා දුන්නේ අනිතිම භෝජන සංග්‍රහයට ආපු 13 දෙනාගෙන් ජුදාස් කියන කෙනා වීමයි.
ලෝකයේ සමහර රටවල තියෙන හෝටල් වල 13 කියලා කාමරයක් නෑ. සමහර ගොඩනැගිලි වල 13 වෙනි තට්ටුව 13 කියලා නම් කරන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි ඉස්පිරිතාල වල 13 වාට්ටු, 13 ඇඳන් එහෙමත් නෑ. ඒක නම් ලංකාවෙත් දකින්න පුළුවන්. හැබැයි ඉතිං ඕව නම් මිත්‍යා විශ්වාස.
හරි එහෙනම් ඔන්න ඔයාල අලුතින් දෙයක් ඉගෙන ගන්නත් ඇති කියලා හිතනවා. චිත්‍රපට බලන ගමන්ම මේ වගේ වටිනා දේවලුත් දැනුමට එකතු කරගන්න.
ඒක නෙමෙයි, මේ මං චිත්‍රපටයක් වෙනුවෙන් දුන්න දිගම ලිපියත් වෙන්න ඕන. තවත් උපසිරැසියක් අරං මං ආපහු එනකල් හැමෝටම ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Morgan.2016.WEB-DL.ZooCine.OrG
Morgan.2016.720p.BluRay.x264-GECKOS
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමිකර විදානගේ
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
50 comments
praneeth madu
Rakitha Ranathunga
ඔන්න එහෙනම් කොමෙන්ටුව...
සබට තුති අයියේ....Chamikara Vidanage
එල එල රඛිත මල්ලි
Dileepa Rukshan Samarawickrama
mmm meka enakan balan hitiye..
The.Magnificent.Seven.2016. mekatath puluwan nam danna. thanksChamikara Vidanage
බලමු බොස්. :)
ඉෂාන් මදුෂ
සබ් එකටත් ලිපියටත් බොහෝම ස්තුතියි සහෝ
Ishara Keerthirathna
ela ela
Udara Damith B/K
බොහෝම ස්තූතියි..........
දහතුන නපුරු නිසා පහල කමෙන්ට් කරලා තියෙන ෆිල්ම් එකට වත් සබ් කරන්ඩ එතකොට 14 නෙChamikara Vidanage
හික්ස්. :P
mithun
දැනටමත් සබ් එක ගත්ත ෆිල්ම් එක හොයන්න කියල මෙ හැදුව.. ඔය දෙන එව මම අතරින් නෑ යාලුවා කොහොමත් හෙතුව සිංහල උපසිරැසි ලස්සනට කලබල නැතිව දානව, මට මිස් උන ෆිල්ම් ටිකත් හොයල බැලුව( Miracles from heaven 2016 මෙක මිස් වෙල තිවුනෙ එකත් බැලුව ලස්සන ස්ටොරි එක බ්‍රො ) miss peregrinen's home fro peculiar ghildren 2016 මෙකත් බ්ලුරෙ අපූ ගමන් අප්ඩෙට් දුන්න්නට තුති එකත් වරදක්ම නෑ බට් horror ෆිල්ම් තම ගොඩක් අස කරන්නෙ Thriller වගෙ මෙක මෙකත් බලන්න ඔනෙ එ ටයිප් එකෙ නිස බොහොම ස්තුතියි සහෝ..
Christmas වලටත් හොද presents එකක් ගෙන්න ඔබට ජය...
mithun
සබ් එක අරගත්ත්ස්ට පස්සෙ තම ලිපිය නම් කියෙයුවෙ
ලස්සනයි ලිපිය ඔය අංක 13න කතාවට තම අයෙ කොමෙන්ට් එකක් දාන්න හිතුනෙ ඇත්තටම කියනව නම් සහෝ ඔව් හැමදෙම මිනිස්සු හදාගත්ත දෙවල් මමත් ක්‍රිස්තියානි කෙනෙක් ජෙසුස්වහන්සෙව එ දහතුන්වෙනි ගොලයා පාවල දුන්නට බයිබලයේ වත් කොහෙවත් පොතකවත් සදහන් වෙල නෑ එ නිස 13වෙනි සංඛ්‍යාව අසුබවදි කියල හැමදෙම මිනිස්සු හදාගත්ත මිථ්‍යා විතරයි..... එ නිස කියන්න ඔනෙ ඉලග උපසිරැසියට කලබල වෙන්න එපා පහ කරන්න ඔන කියල ........... නිවාඩුවෙ.... ලස්සන එකක් ගෙමු... හොද රෙටින් ටිකක් තියෙන.............හරීChamikara Vidanage
හරි සහෝ. ස්තූතියි මගේ වැඩ අගය කරන එකට. ජය!
mithun
(Splice 2009) mcn makatat sab eka dannako puluwan nm o dunna eka wga supiri film ekak sinhala sab na at
lahiru
සුපිරි ආ
Sandun
එල මචන් ,,,,තැන්ක්ස්.
ඊයේ මන් බැලුව මේකට SUB එක තියනවද කියලා.. ඒ නිසා eng සුබ එක ගත්තා. වෙලාවට ඊයේ බලන්න උනේ න..
අද සිංහල sub එක තියන නිසා කතාව හොදටම තේරුම් ගන්න පුලුවන්.. තැන්ක්ස් මචන්..
අපිට sub req කරන්න තැනක් තියනවාද මේකේ?ජොබ් එකේ වැඩ කාද්රයක් නැතුව හොදට කරගන්න කියලා සුබ පතනවා.
baiscope team එකට ගොඩක් ඉස්තුති..scoorpion tv series එකේ sub එක පුලුවන් නම් දෙන්න කියලා req කරනවා..අසාවෙන් බලන tv series එකක් එක..
good luck guys..Chamikara Vidanage
බොහොම ස්තූතියි. සබ් ඉල්ලන්න එහෙම විශේෂ තැනක් නෑ. කමෙන්ට් වලින් තමා කට්ටිය ඉලන්නේ.
Ruwan Duminda Rathnayaka
එල මචෝ... තැන්ක්ස්..
wijenayaka
sub ekata thanks malli
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!අසිත
oya genne paata pata film
meka jathi filumak sahola aniwa balanna
elam saho thanks
jaya wewa!!!chinthaka
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අශාන්
කකරන සේවයට හදවතින්ම ස්තුතියි
නවින් නිසල්
ජය වේවා , සිංහල උපසිරසියට ස්තුතියි !!!
Web-බුවා
මුලින්ම කියන්න ඕන බොලාගේ රස්සාව ට කෙලවීම පිළිබඳව මං සිරාවටම දුක් වෙනවා :( ඒත් වැටෙන්න එපා මහත්තයෝ ඔබතුමාගේ හැකියාවෙන් කරපු job එකටත් වඩා x10 විතර සුපිරි jobak set වෙන්න කියලා මේ හෙට අනිද්දා දිහාට ලබන නව වසරේ මං බොක්කෙන්ම පතනවා. සබට පට්ට ස්තූතියි සහෝ. 13 වෙනි සබ වුනාට කිසි අවුලක් නෑ bro. නිකං තියෙනවා ලෙසටම 113 වගේ. :D
ජය! :)
ඔබතුමා හරි,
පට්ට රස්නේ තේවලට කවුරුත් කැමති නෑ. ;)Chamikara Vidanage
ස්තූතියි සහෝ. ඔව් 2017 ගොඩක් දේවල් කරන්න තමයි හිතන් ඉන්නේ :)
asanka
චාමි සහෝ.. උපසිරිසිය්ට බොහොම ස්තුති.. ඒ වගේම දැනුමට යමක්.. ඔබ කදිමට ලිපියට එක්කාසු කළා.. විශේෂත්වය කියන්නේ....13 ගැන ඔයා කියපු කථාව.. ම්ම් දැනගන්නේ.. 12/13 එකත් හොදයි නේද.. ම්ම් අදමයි ඇහුවේ.. ඒ විස්තරේ... හබැයි කරාපිටිය රෝහලේ 13 වාට්ටුව තියනවා නේද.. ස්තුති..තෙරුවන් සරණයි..
Chamikara Vidanage
ස්තූතියි. වෙන්න පුළුවන් සහෝ. ඒත් 13 සමහර ඉස්පිරිතාල වල මග අරිනවා :)
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Sanindu Lakkitha
බොහෝම ස්තූති සහෝ උපසිරැසට. ඒ වගේම නියම ලිපියක් ලියලා තියෙන්නේ.. ඉදිරියේ කරන හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
g@neo
මම මේ ෆිල්ම් එක බාගත්තේ නැතත් මේ ටික කියලා යන්න ඕන කියලා හිතුවා.පලවෙනි එක මේ සබ් දෙන එක උබේ වගකීමක් කියලා මටනම් හිතෙන්නේ නෑ.අනික මෙහෙම සබ් දෙන එක විනෝදාස්වාදයට කරන්න ඕන දෙයක් මිස තමන්නේ ජීවිතේ ප්‍රශ්නත් එක්ක පටලගෙන ඒවට 1% ක හරි බාදාවක් ඇතිවෙන විදියට කරන්න ඕන දේවල් නෙමෙයි.එහෙම කරන්න එක තබේකටවත් උබට වටින්නේ නෑ.අනික උබ එහෙම හිතනවා නම් මේ කොහෙවත් යන අපිට සබ් දිදී ඉන්නවට වඩා පට්ට වැදගත් වැඩ සෑහෙන්න තියනවා උබට කරන්න ,දෙමව්පියන්ට බුදුන්ට වගේ සලකන්න උගන්නපු ගුරුවරයෙකුට සලකන්න පව්ලේ සහෝදර සහෝදරියෝ ඉන්නවානම් ඔවුන්ට හරිපාර පෙන්නන්න වගේ පුද්ගලික වැදගත් කමක් ඇති දේවල් වගේම අනන්ත අප්‍රමාණ නැතිබැරි අයට සෙතක් වෙන මොනයම් දෙයක් හෝ කරන්න උබට පුලුවන්..ඉතිං උබ මේ සබ් දුන්නා කියලා වෙන කිසිම සෙතක් නම් මට පේන්නේ නෑ.උබ තමන්ගේ වටිනා කාලය පැයගනන් ගෙවාගෙන සබ් කරනවා, ඒ වගේම මේ සබ් එක 1800කට වඩා දෙනා බාගෙන තියනවා ඒත් ඒ 1800න් එක සිය දෙනෙක් උබට ස්තූතියි කියන්න කොමෙන්ට් කරන්න උන්ගේ කාලකණ්ණි කාලය මිනිත්තුවක් වැය කරල තියනවද නෑ ,ෆිල්ම් කඩ කාරයෝ කීදෙනෙක් උබේ පරිවර්තනය අයිතිය කුඩුකරල සල්ලි හොයනවද කිසි මහන්සියක් නැතුවම.එකක් කියන්න ඕන මේ වගේ සබ් එකක් මහන්සියෙන් කරලා නිකන් දෙන්න තරම් හිතහදාගන්න උබ මොනතරම් හිතහොද පොරක් ද කියන එක මට සීයට දෙසීයක්ම තේරුම් ගන්න පුලුවන්. අවසාන වශයෙන්, උබේ ඉංග්‍රීසි දැනුම පොලිශ් කරගන්නව වාගේ උබේ යහපත තකා මේ වගේ සබ්කරනව ඇරෙන්න උබේ වගකීමක් කියලා හිතාගෙන ආත්මාර්ථකාමී මිනිස්සුන්ට සබ් කොටල දෙන එක උබේ අවාසනාව එහෙමත් නැත්නම් උබේ නොදැනුවත්කම මොකද උබට ඇත්තටම හොද දෙයක් කරන්න ඕන නම් ඒකට හරියන පාරේ නෙමේ උබ ඉන්නේ.මේ ඔක්කෝම කිව්වෙ උබට තියන ගව්රවයට...
Chamikara Vidanage
මේ ෆිල්ම් එක ගත්තේ නැතත්, ඔයා දුන්න උපදෙස් ටික අවංකවම වටිනවා. කියපු කතාව සම්පූර්ණ ඇත්ත. බොහොම ස්තූතියි.
කුෂාන්
සබ් එක ගැන කියන දෙයක් නෑ.ගොඩාක් ස්තුතී.
කියන්න දෙයක් තියනව නම් ඒ උඹේ රස්සාව ගැන.උඹේ ජීවිතේ ගැන.පුලුවන් තරම් සතුටින් ඉන්න පුලුවන් රස්සාවක් ලැබෙන්න කියල මම හදවතින්ම ප්‍රාර්තනා කරනව මලයො.උඹ සිංහල සබ් දීල අපිල දෙන සතුටම උඹටත් ලැබෙන්න ඕන.Chamikara Vidanage
බොහොම ස්තූතියි කුෂාන්.
Rangana kegalle cc
The.Magnificent.Seven.2016. puluvan nam sab dannako..
asa
godak istuti sahodaraya,,,,hama wadakinma oyata jaya labewa kiyala mama prarthana karanawa...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dulaj
Meee subtitles walata adaala film eke copy eka hoyaagnne khmd?????
රෙහාන්
බොහොම ස්තුතියි සහෝදරයා :)
nidi
Chamikara, godak thanks! mama thawama film eka bagaththata beluwe nehe. me comment eka film eka gena newei. oyage lipiya gena. me tharam mahansi wela site eke ayawa denuwath karanawata godak pin. comments dana aya adu wunath mewa kiyawana aya wediine. onna banina deyak thiyenawa nam eka karai pata gala. eka ithin ape jathiye hati wennathi.
jeewithayata prasna, getalu enawa. ewa samaharak weswalagath ashirwada kiyala therenne kalaya gatha wunama. anika apata shakthiya thiyenawa nam ewata muhuna denna, ewa ee tharam loku dewal newei. oya dannawada, mama awurudu thunaka indala marana warenthuwa athe thiyan inna cancer rogiyek. hebei thawama ekama eka warayakwath duka, baya hithila nehe. welawa awama yanawa. ee wenathuru jeewitheta muhuna denawa. ekata oyala wage ayath nodenama godak help karanawa. puluwan welawata mama site eken films aragena balanawa. denata 396 k balala thiyenawa. bagaththa ewath thiyenawa 50 k withara. mama nam balana hema film ekakatama comment ekak danawa.
meka danne eita kalin. oyalata oyalage sewaye agaya kiyanna! thanks a lot! oyage anagathaya pehebara wewa, wasanawantha wewa!දිනුක ජයසේකර
Thanks bro.....
buddhika
link hoya ganne kohomada
dilan maduranga
ස්තුතියි .. කලින් ගත්තට අදයි බැලුවෙ.. ගොඩක් මහන්සියෙන් දිග ලිපියක් ලියල. ජය..!
gayan
jaya wewa bro adarei oyata wradinne na
Akalanka
Thank you bro...
ashan lankanath
Thanks ...................good luck ........................
wijitha
Thanks.
nimal dissanayake
චාමිකර, ගොඩක් ස්තුතියි
ලස්සන හරබර රසවත් සිත්ගන්නාසුලු
චමත්කාරජනක ෆිල්ම් එකකට
සබස් දීලා
සයිට් එකේ අපට
අමිල සංග්‍රහයක් කළාට!Anonymous
සබ් ෆයිල් ඩැමේජ්. කි.බ 0.64යි ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්නේ. දිගාරින්න බෑ. ගොඩක් ඒවා එහෙමයි.
Pavith Wijesooriya
දැන් වැඩ කරනවා සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තූතියි