Watch Trailer

Aquaman (2018) with Sinhala Subtitles | සත්සමුදුරේ වීරයා ඇක්වාමෑන්! [සිංහල උපසිරැසි සමඟ] [250*]

උපසිරැසි ජිවිතයේ තවත් එක සංදිස්ථානයක් පසු කරන්න කියල තමයි මේ පාන්දරම සූදානම් වෙන්නේ. ඔව් අද තමයි මගේ 250 වෙනි සිංහල උපසිරස ඔබට ලබා දෙන්නේ. අදට හරියටම බයිස්කෝප් සිංහලෙන් එක්ක එකතු වෙලා හරියටම අවුරුදු 6 සහ දින 27ක් වෙනවා. එදාමෙදාතුර ජිවිතයේ ඇබ්බැහිවීමකට ලක් උනානම් උන එකම දේ තමයි මේ සිංහල උපසිරැසි කිය…

උපසිරැසි ජිවිතයේ තවත් එක සංදිස්ථානයක් පසු කරන්න කියල තමයි මේ පාන්දරම සූදානම් වෙන්නේ. ඔව් අද තමයි මගේ 250 වෙනි සිංහල උපසිරස ඔබට ලබා දෙන්නේ. අදට හරියටම බයිස්කෝප් සිංහලෙන් එක්ක එකතු වෙලා හරියටම අවුරුදු 6 සහ දින 27ක් වෙනවා. එදාමෙදාතුර ජිවිතයේ ඇබ්බැහිවීමකට ලක් උනානම් උන එකම දේ තමයි මේ සිංහල උපසිරැසි කියන්නේ. සමහර ඇබ්බැහි වීම් තියෙනවා පුනරුත්ථාපනය කරලා හෝ තමන්ගේ හිත පාලනය කරගෙන නතර කරගන්න පුළුවන් ඇබ්බැහිවීම්. සිංහල උපසිරසි කෙරුවාව එහෙම හොඳ කරන්න තියා පාලනය කරගන්න වත් පුළුවන් ඇබ්බැහියක් නෙමෙයි කියල කඩඉම් පහුකරන සෑම අවස්ථාවකම ඔයාල දකින්න ඇති. 2012 දෙසැම්බර් 29 පටන් ගත්ත මේ අමුතු විනෝදෙට පොඩි විරාමයක් දීල තරමක් ඈත් වෙන්න හිතුනත් උපසිරසි නොකරම ඉන්නවා කියන්නේ කරන්නම බැරි දෙයක්. කියන්න සන්තෝසයි 2016.01.03 දින 200 වෙනි උපසිරස ලබා දීල 250 වෙනකන් එන්න අවුරුදු දෙකක් ගත කලා. එත් අර කියපු දේ 100%ක් ම කරගන්න ලැබුනේ නැහැ. මත්ද්‍රව්‍යට ඇබ්බැහි උන කෙනෙක්ට සික් එක වගේම මේ උපසිරසි කරන්න ගත්තම අපිටත් අතපය පියාන ඉන්න බැරි සික් එකක් එනවා. මේක මට විතරක් නෙමේ පලවෙනි උපසිරස කරපු රොයිලිගේ ඉඳන් හැමෝටම තියන උපසිරසි ආශ්‍රිත දරුණු රෝගයක් වෙලා.

අවරුදු දෙකක් තිස්සේ මන්දගාමී වෙලා හිටපු නිසා 2019 වසරේ ටිකක් ආපහු සක්‍රිය වෙන්න කියල හිතන් ඉන්නවා. එත් ඉස්සර වගේ නෙමේ ලොකු තරඟයක් තියෙනවා අපේ වෙබ් අඩවිය තුල පවා උපසිරසක් කරන්න. ඒ තරම් ලොකු පිරිසක් අප සමඟ එකතු වෙලා. එදා 2009 මාර්තු මාසයේ ඉසිර මේක බ්ලොග් එකක් විදිහට පටන් ගන්නකොට තිබුන තත්වය සහ අද අපි ලංකාවේ වෙබ් අඩවි අතර ඉන්න තත්වය ගැන හිතුවොත් ඒක අහසට පොළව වගේ උපමාවකින් වත් සසඳන්න බැරි තරම් දුරකටට බයිස්කෝප් සිංහලෙන් අපි හැමෝම එකතු වෙලා ගෙනවිත් තියෙනවා.  වර්ථමානයේ ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවි වලින් 10 ස්ථානයේ රැඳී සිටින්නේ අපි. ඉතින් අන්න ඒ ගමන් සාර්ථක කරන්න එදා ඉඳන් මහන්සි වෙන පිරිසක් ඉන්නවා. මේ උපසිරසි මෙහෙම ඔයාලට දවසට 5-6 ලැබෙන්නේ කෙනෙක්ගේ දැනුම සහ එයාගේ විවේකය කැප කරලා. එහෙම ලැබෙන උපසිරසි දිනපතා මෙහෙම ලස්සනට වැඩ දාල පෝස්ට් එකක් වගේ දෙන්නත් වෙනම ඇඩ්මින් මණ්ඩලයක් දිනපතා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම වෙබ් අඩවියක් විදිහට අපි බොහෝ අමතර ක්‍රියාකාරකම් වල පහුගිය වසර කීපය තුල නිරත උනා. දැනට අපි උපසිරසිකරුවන් සමග එකතු වෙලා සුහද හමු 3ක් පවත්වලා තියෙනවා. එහි තුන්වැන්න අපි පසුගිය දෙසැම්බර් 22 වෙනදාටත් වඩා ඉහලින් පැවැත්වුවා. ඒ වගේම දැනට සමාජ සත්කාර්ය අංග 3ක් අපි සිදුකොට අවසන්. බොහෝදුරට එහි 4 වැන්න මේ වසර මැද හෝ අග බාගයේදී සිදු වේවි. මේ හැම දෙයක් තුලින්ම රටපුරා විසිරුන ලොකු මිතුරු ජාලයක් අපිට හදාගන්න පුළුවන් උනා. ඇත්තටම ඒ බැඳීම හරිම අපූරුයි. කවුරුත් හදන චිත්‍රපටයක් නිසා රූපවාහිනී වැඩසටහනක් නිසා අදවනවිට විවිධ වයස්කාණ්ඩ වල සහෝදර සහෝදරියෝ 800 කට අධික ප්‍රමාණයක් මේ ජාලයේ සාමාජික සාමාජිකාවන් වෙලා අවසන්. එත් මේ වැඩකටයුතු කෙරෙන අතරේදී එදිනෙදා මුණ ගැහෙන හැමදාම කොහොමද බන් කියල හරි අහන නැතුවම බැරි සෙට් එකක් ඉන්නවා. ඒ පිරිස අමතක කරලා තිබ්බොත් වෙනම අහගන්න වෙන නිසා මුලින්ම ඇඩ්මින් මණ්ඩලයෙන් මතක් කරන්නම්. වෙබ් අඩවියේ නිර්මාතෘ ඉසිරට ස්තුතියි කියන ගමන් මීළඟට මතක් කරන්න ඕන කෙනෙක් තමයි රොයිලි කියන්නේ. අදටත් වෙබ් අඩවියේ වැඩිම උපසිරසි ගණනකට හිමිකම් කියන පුද්ගලයා. ඒ වගේම දැන් වෙබ් අඩවියේ නැතත් ඉස්සර වෙබ් අඩවියේ ඇඩ්මින් මණ්ඩලයේ ලොකු සේවයක් කරපු වාසල අයිය වත් මතක් කරන්න ඕන. ඊට පස්සේ අපිත් එක්ක එකතු උන අසංක සහෝවත් මතක් නොකර බැහැ. සයිට් එකේ තාක්ෂණික අංශය හිස මත තියාගෙන ඉන්න කෙනා තමයි අසංක කියන්නේ. ඊට පස්සේ අශාන්, සිසිල, චාමර, නිර්මාණි, ආසිරි, සුදීර, සමන් සහ අලුතෙන්ම එකතු උන තිසර සහ නවොදනී දෙන්නවත් මතක් කරනවා හැමදාම තිරය පිටුපස රාජකාරි සිදු කරනවට. උපසිරසි කරුවෝ ගැන කියන එක නම් ලේසි දෙයක් නෙමේ. ඒත් හැමෝටම ස්තුති කරනවා හැමදාම අපි එක්ක මේ වැඩේ කරගෙන යන්න එකතු වෙලා ඉන්නවට. නම් වශයෙන් කියන එක ප්‍රායෝගික නැති බව හැමෝම දන්න නිසා හැමෝවම තමයි මේ මතක් කෙරුවේ. නම් මෙතන නැහැ කියල ඔන්න මූණ දික් කරගෙන යන්නෙපා. කොලේ නම නැති උනාට හිතේ තියෙනවා. ඉතින් යන්න කලින්, හැමෝම නොකියන කරුණු ටිකක් අපේ හිතවතුන්ට පොඩ්ඩක් මතක් කරලා දෙන්න ඕන කියල හිතුනා. 

ඉස්සර අපි උපසිරසක් පලවුනාම ලොකු ආසාවකින් එනවා ඔයාලගේ කමෙන්ට් කියවන්න. ඇත්තටම කට්ටිය එක්ක එකතු උනාම අපි හරි ලොකුවට කතා වෙනවා ඉස්සර අපිට කමෙන්ට් වැටුණු හැටි කියල හැබැයි අද තත්වය නම් කියන්නත් කණගාටුයි. ඔයාල දහස් ගානක් දෙනෙක් උපසිරසි බාගෙන යනවා. එත් 90% පමණ  ඊට යටින් තියෙන කොටුවේ අකුරු කීපයක් කොටස කළගුණ සලකලා යන්න තරම් වත් පොඩ්ඩක් නොහිතන මට්ටමට ඇවිල්ලා. සමහරවිට හිතනවා ඇති මේක මේ උපසිරසිලබා දෙන අයගේ රැකියාව ඒ නිසා උපසිරැසි ලබාදීම අනිවාර්ය රාජකාරියක් කියල. මේ තත්වය මග ඇරගෙන අපෙන් දෙයක් ඊටත් වඩා වැඩියෙන් සහ ඉක්මණින් ලබා ගන්න උපසිරසිකරුවන්ටත් මේ උදව්ව කරලා බලන්න. පේලි දාස් ගණනක් ඇඟිලි හිරිවැටෙනකන් කොටලා කමෙන්ට් 10-15 විතරක් දැකලා උපසිරසිකරණය නතර කරපු අය 100 කට එහා ඉන්නවා. මේ උත්ප්‍රේරණය එයාලට ඔබෙන් ලැබෙන්නේ නැත්තන් ඒ 100 දිනෙන් දින වැඩි වෙනවා මිසක් අඩු වෙන එකක් නම් නැහැ. උපසිරසිකරණයේ ලැබෙන එකම වත්කම තමයි හිතේ සතුට. ඉතින් ඒ සතුට ලැබෙන්න ඔයාල දාන කමෙන්ට් එක ඒ හැමෝටම ලොකු රුකුලක්. මින් ඉදිරියට හැමෝම පොඩි හෝ අදහසක් දක්වලා අපේ නැති උන ඒ ප්‍රබෝදය ඇති කරවලා අපෙන් මීට වඩා යමක් කරවගන්න කියල ඉල්ලා සිටිනවා.

එසේනම් අද මේ එකතුවන චිත්‍රපටය ගැන කියන්න චාමර සම්පත් සහෝට ඉඩ දෙන්නම්. මේ වගේ විස්තර ගොඩක් හොයල දුන්න චාමරට නැවත වතාවක් ස්තුති කියන ගමන් ලිපියට යොමුවෙමු.

අවුරුද්දට එකයි කිව්වේ. ඔන්න අපි ආවා ආයෙ. 🤗 DCEU එක ආරම්භ කරලා  හයවැනි සිනමාපටය විදිහට තමයි ඇක්වාමෑන් 2018 වසරේ දිගහැරෙන්නේ. 2018 වසරෙත් නිලවශයෙන් දෙසැම්බර් මාසයෙ ලංකාව ඇතුළු තවත් බොහොමයක් රටවල තිරගත වීම ආරම්භ වූ අති දැවැන්ත සිනමාපටයක් විදිහට තවත් ඇතැම් රටවල තිරගත වෙමින් වගේම පෙබරවාරි 8’වැනිදා සිට ජපානයේ තිරගත වීමට නියමිත සිනමාපටයේ සිංහල උපසිරැසිය අරගෙන තමයි අද ඔයාලව මුණගැහෙන්නෙ.

අද මේ වෙද්දී රිදී තිරයට ආව ඇක්වාමෑන් සිනමා ආගමනය ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. ඇක්වාමෑන් කියන දැවැන්ත චරිතය රිදී තිරය අතරට එන්නේ ස්නයිඩර් මහත්තයගේ Man of Steel (2013) චිත්‍රපටයෙන් පසුව බිහිවෙන Batman v Superman: Dawn of Justice (2013) සිනමාපටය තුලින්. ඒකත් පුංචිම පුංචි කොටසකට විතරයි. ඊටපස්සේ හැම වීරයෙක්ම එකට එකතුවෙන යුක්තියේ ලීගය Justice League (2017) චිත්‍රපටය තුලින් තරමක් දුරට ගුණාත්මක චරිතයක් දැකගන්න ලැබෙනවා. කිව්වට විශ්වාස කරයිද මන්දා 2004 වසරේදී තමයි ඇක්වාමෑන් චිත්‍රපටයේ කටයුතු ආරම්භ වෙන්නේ. මේ විදිහට වසර ගණනාවක් පුරාවටම සැලසුම් අසාර්ථක වේවි ආයෙ ආයෙමත් උත්සහ කරලා අවසානෙදි 2014 වසරේදී Beall වගේම Kurt Johnstad දෙදෙනාව වැඩට අරගෙන තියෙනවා මේ චිත්‍රපටයේ තිරපිටපත ලියන්න. ඊටත් පස්සෙ 2014 වසරේ ඔක්තෝබර් මාසයේදී තමයි ඇක්වාමෑන් නමින් චිත්‍රපටයක් නිර්මාණය කරන බව නිල වශයෙන්ම ලෝකයාට දැනුම් දීමක් සිද්ද කරන්නෙ. මින් පසුව James Wan ව චිත්‍රපටයෙ අධ්‍යක්ෂකවරයා විදිහට බදවාගන්නේ 2015 අප්‍රේල් මාසයේදී. 2016 වසරේදී Beall විසින් රචිත තිර පිටපත ඔස්සේ චිත්‍රපටයේ කටයුතු ඉදිරියට කරගෙන යන බව දැනුම් දුන්නත් නමුත් පසුව James Wan, Kurt Johnstad, Geoff Johns, Johnson-McGoldrick ඔස්සේ නැවත වතාවක් තිරපිටත වෙනස් වෙමින් නැවත වතාවක් ලියවිලා තියෙනවා. 2016-2017 වසර දෙක අතරතුර තමයි චිත්‍රපටයේ රංගන ශිල්පීන්ව තෝරාගැනීමක් සිද්දවෙන්නේ. Jason Momoa, Amber Heard, Willem Dafoe, Patrick Wilson, Dolph Lundgren, Yahya Abdul-Mateen II, Nicole Kidman යන අයවලුන් ප්‍රධාන චරිත සදහා පණ පෙවීමක් සිදු කරනු ලබනවා. 2017 මැයි දෙවැනිදා නිලවශයෙන්ම රූගත කිරීම් කටයුතු ආරම්භ වෙන ඇක්වාමෑන් චිත්‍රපටයේ බොහෝමයක් රූගත කිරීම් සිද්දවෙලා තියෙන්නේ ගෝල්ඩ් කෝස්ට්, ක්වින්ස්ලෑන්ඩ්වල පිහිටි Village Roadshow නම් ස්ටුඩියෝවේදී. මීට අමතරව කැනඩාවේ, ඉතාලියේ වගේම මොරොක්කෝ වලදීත් මෙහි රූගත කිරීම් කටයුතු වෙලා තියෙනවා. පසු කාලීනව 2017 ඔක්තෝබර් 21’වැනිදා රූගත කිරීම් කටයුතු සාර්ථක අවසන් වෙලා තියෙනවා. වෝනර් බ්‍රදර්ස් යටතේ බෙදාහැරීම සිද්ද කෙරෙන DC Extended Universe එකෙහි හයවැනි සිනමාපටය විදිහට තමයි ඇක්වාමෑන් සැලකෙන්නේ.

චිත්‍රපටය ගැන කතා කරන්න කලින් ඇක්වාමෑන් කොමික් ඉතිහාසය ගැනත් හැකි විදිහට කියන්නම්. මොකද මේ ලිපිය ලියන්න වෙලා තියෙන්නේ පැය තුන හතරක වගේ කාලෙකින්. ඩිසි කොමික් චිත්‍රාකතා නිර්මාතෘවරුන් අතරේ පරණම අයගේ ලයිස්තුවේ ඉන්න දෙන්නෙක්ගෙ අතින් තමයි මේ ඇක්වාමෑන් කියන චරිතය බිහි  වෙන්නේ. Mort Weisinger  මේ චරිතය නිර්මාණය කරද්දී Paul Norris විසින් තමයි සිතුවමට නැගිලා තියෙන්නෙ. මේ විදිහට නිර්මාණය වෙන ඇක්වාමෑන් චරිතය මුලින්ම චිත්‍රකතා අතරට එකතු වෙන්නේ ස්වර්ණමය යුගයේ 1941 නොවැම්බර් මාසයේදී දිගහැරුණු More Fun Comics 73’වැනි කලාපය තුලින්. ඊටත් පස්සෙ රිදී යුගයේ 1940-1950 කාලය අතරතුර බිහි වූ Adventure Comics තුලිනුත්, Justice League of America කලාප තුලිනුත් ඇවිල්ලා අවසානයේදී ඇක්වාමෑන් තමන්ටම කියලා 1998 නොවැමබර් 01 වැනිදා දිගහැරුණු Aquaman කලාපයෙන් තමයි මුලින්ම චිත්‍රකතා වලට එකතු වෙන්නේ. ඉතින් ඔය විදිහට නිර්මාණය වුනු ඇක්වාමෑන් කොමික් කලාප බොහොමයක් මේ වෙද්දී දකින්න ලැබෙනවා.

මේ අතරින් New 52 වලට ලොකු විශේෂයක් වගේම ලොකු වැදගත්කමක් ලැබෙනවා 2018 වසරේදී නිකුත් වුනු මේ චිත්‍රපටය එක්ක සසද්දී. මොකද මේ සෝලෝ චිත්‍රපටයේ නිර්මාතෘවරුන් කියලා තියෙන විදිහට ඒ අය ඇක්වාමෑන් චිත්‍රපටය සදහා  පාදක කරගෙන තියෙන්නේ New 52 වල නිකුත් වූ ඇක්වාමෑන් චිත්‍රකතා කලාපයන්ලු. හොදම උදාහරණෙ තමයි ඇක්වාමෑන් 7’වැනි කලාපයේම එන  Throne of Atlantis කොටස. පොඩ්ඩක් මේකේ තියෙන පින්තුර ටිකවත් ගුගල් කරලා බැලුවොත් තේරෙයි කොමික් වගේම චිත්‍රපටයේ එන චරිතවල/සිද්දීන්වල හුරු බව.

චිත්‍රපටයෙ ඊළග කරුණු කාරණා ගැන කතා කරන්න කලින් අපි පොඩ්ඩක් ඇට්ලෑන්ටිස් ගැන දැනගමු. මොකද ඇක්වාමෑන් ගැන කතා කරද්දී කතා නොකරම බැරි තැනක් කිව්වොත් නිවැරදියි.  ඇට්ලෑන්ටිස් කියන්නේ උතුරු අත්ලාන්තික් සාගරයේ පිහිටලා තියෙන සැගවුණු ජනාවාසයක්. හරියට තෙමිස්කීරා වගේ තමයි. මේ අය පෘතුවියේ ඉන්න ඉහල මට්ටමේ තාක්ෂනික, දැනුම් සම්බාරයෙන් යුක්ත, උසස් මට්ටමේ ජීව කොට්ටාශයක් විදිහට තමයි සලකන්නේ. ඇට්ලෑන්ටිස් නගරේ හැදෙන්නේ එක්ස්ට්‍රට්‍රැස්ටියල් නොහොත්  හියුමනොයිඩ්  පිටසක්වල ජීවී කොට්ටාශයක් වන හන්ටර්ලා විසින්. ඉතින් මේ විදිහට පසුකාලීනව නිර්මාණය වෙන ඇට්ලෑන්ටිස් නගරේ අය තමන්වම ඇට්ලෑන්ටිස්වරු විදිහට හදුන්වගන්න ගත්තා. මේ අයට දායාදයක් වගේ අර හන්ටර්ලා කියන හියුමනොයිඩ් පිටසක්වල ජීවී කොට්ටාශයගෙන් ලැබුණු තාක්ෂනය හා දැනුම් සම්බාරය යොදාගෙන තමයි ඇට්ලෑන්ටිස් රාජධානිය හැම අතින්ම දියුණු කරගෙන යන්නේ. මේ කාලේ වෙද්දී මේ අය තරම් දියුණු ජීව කොට්ටාශයක් පෘතුවිය තුල හිටියෙම නැති තරම්. මේ ඇට්ලෑන්ටිස්වරුන්ගෙ දැනුම අතරට මායාකර්ම සම්බන්ධ දේවලුත් අයිතියි. DC චිත්‍රකතා තුල මුලින්ම ඇට්ලෑන්ටිස් කියන ජනාවාසය දැකගන්න ලැබෙන්නේ 1959 බිහිවන Adventure Comics 260’වැනි කලාපය තුලින්. මේ ඇට්ලෑන්ටිස් ඇතුලෙත් නගර කිහිපයක්ම තියෙනවා.

ඇට්ලෑන්ටිස් නගරය

  1. Poseidonis– ඇට්ලෑන්ටිස්වල පිහිටලා තියෙන ප්‍රධානම නගරේ තමයි පොසෙයිඩොනිස් කියන්නේ. රජුගේ සිංහාසනය පිහිටලා තියෙන්නේ මෙතන.
  2. Tritonis – මේ කොටසෙ තමයි දියකිදුරන් වාසය කරන්නේ. ඊකියුලා රජුගේ වාසභූමිය වෙලා තියෙන්නෙත් ට්‍රයිටෝනිස් නගරයයි.
  3. Thierna Na Oge – මේක තමයි ගුප්ත රාජ සභාව විසින් පාලනය කරන ගුප්ත දේශය විදිහට සලකන්නේ.
  4. Shayeris – සැගවුණු මිටියාවතෙ අගනුවර එහෙම නැත්තම් සාමවාදීන්ගෙ නිවහන විදිහට හදුන්වනවා. මීට කලින් ක්‍රාස්ට්නස් කියලත් හදුන්වලා තියෙනවා.  ගා(ර්)ත් නොහොත් මුල්ම ඇක්වාලැඩ්ගෙ ජන්ම භූමිය වෙන්නෙත් මෙහෙ තමයි.
  5. Xebel – බර්මියුඩා ත්‍රිකෝණයට පහතින් පිහිටලා තියෙන දණ්ඩන ජනදපයක් විදිහටයි සලකන්නේ. මේරා පැවතෙන්නේ සෙබෙල් වලින්.  එයාගෙ තාත්තා තමයි සෙබෙල් පාලනය කරන්නේ.
  6. Sub Diego – සබ් ඩියෙගෝ කියන්නේ සැන් ඩියෙගෝ වලට අයිති මුහුදට ගිලුණු ඇට්ලෑන්ටිස් වලට අයිති කොටසක්. මේ කොටස ඇතුලත ගිලෙන අයට හැකියාව තියෙනවා මුහුද යට වුනත් හුස්ම අරගන්න පුලුවන් වෙන විදිහේ හැකියාව ලැබෙන.

දැන් බලමු කවුද මේ සත් සමුද්‍රයෙ ආරක්ෂකයා කියලා. ඇක්වාමෑන් නොහොත් ආතර් කරි කියන්නේ මතුපිට ලෝකය බලන්න තියෙන වුවමනාව වගේම එහෙට එන්න වැඩිපුර ආශා කරපු නිසා ඇට්ලෑන්ටිස් වලින් මතුපිට ලෝකයටම පිටුවහල් කරපු ඇට්ලැන්නා කුමාරිකාවගෙ වගේම, මෙයින්වල ඇමෙන්ස්ටි මූහුදු බොක්ක අසල තිබුණු ප්‍රදීපාගාරයක් පාලනය කරපු ටොම් කරි නම් සාමාන්‍ය වැසියෙක්ගෙ දරුවා. දරුණු කුණාටුවක් හටගත්ත වෙලාවක තමයි ඇට්ලැන්නා වගේම ටොම් එකිනෙකාව මුණගැහෙන්නෙ. සිහිය නැතුව, වෙරළ ආසන්නයට ඇට්ලැන්නා කුමාරිකාව ගහගෙන ඇවිත් තියෙනවා දැක්කම ටොම් තමයි එයාව බේරගෙන ඇවිත් ප්‍රදීපාගාරයෙ ඉදන් උදව් සත්කාර කරන්නේ. කාලයත් එක්ක මේ දෙදෙනා අතර තියෙන සම්බන්ධෙ වැඩි වෙලා ආදරයක් බවට පත්වෙලා තමයි ආතර්ව බිහිවෙන්නේ. අනික් හැම ළමයෙක්ටම වඩා ආතර් හරිම අමුතු විදිහට උස් මහත් වෙන්නේ. ආතර්ට අවුරුදු දෙකේදී ආතර් පැයකටත් වඩා මුහුද යට ගිලෙන්නේ නැතුව සෙල්ලම් කර කරා ඉද්දි එයාගෙ තාත්තා එයාව හොයාගෙන තියෙනවා. කාලයක් යද්දී ඇට්ලැන්නා හෙලි කරනවා ආතර්ට තියෙන හැකියාවන් මොනාද කියලා. ඒවා තමයි මුහුද යට හුස්ම ගන්න, වාසය කරන්න, සමුද්‍ර ජීවින් එක්ක කතා කරන්න තියෙන හැකියාව එහෙම. ඇට්ලැන්නාගෙ මරණයෙන් පස්සෙ ආතර්ගෙ තාත්තා හිතාගන්නවා ආතර්ව කායිකව වගේම මානසිකව පුහුණු කලාම කවදාහරි දවසක එයාට එයාගෙ සම්පුර්ණ බලයන් පාලනය කරන්න හැකියාව ලැබෙයි කියලා. ආතර්ව එයාගෙ තාත්තා නිතරම දැක්කේ “විශේෂිත” කෙනෙක් විදිහට. පසු කාලීනව ඇට්ලෑන්ටිස් රාජධානියේ රජු වෙන ආතර් සෙබෙල්වල මේරා කුමාරිකාව එක්ක විවාහ වෙනවා. 

දැන් පොඩ්ඩක් කතාවට බහිමු චිත්‍රපටය දිහාවට. කලිනුත් කිව්වා වගේ තවමත් ඇතැම් රටවල තිරගත වෙන, ජපානයේ තිරගත වීමට නියමිත ඇක්වාමෑන් තමයි DCEU සිනමාවේ මෙතෙක් බිහිවුණු හොදම සෝලෝ, එහෙම නැත්තම් තනි සුපිරි වීර චරිතයක් වටා හොද හැදින්වීමක් එක්ක දිගහැරුණු හොදම චිත්‍රපටය. හැබැයි ඇක්වාමෑන් නෙවෙයි DCEU එකේ මුල්ම සෝලෝ සිනමාපටය වෙන්නේ. Man of Steel, Wonder Woman තමයි ප්‍රථම හා දෙවැනි ස්ථාන වන පසුවෙන්නේ. ඇමරිකානු ඩොලර් මිලියන 160 ක වගේ මුදලකින් නිර්මාණය වෙන ඇක්වාමෑන් සිනමාපටය පළමු සතිය තුල සිනමාශාලා 4,125 ක තිරගත කිරීමෙන් අනතුරුව මුල් සතිය අවසානයයේදී ඇමරිකානු ඩොලර් මිලියන 67,873,522 මුදලක් උපයාගන්න අවස්ථාව ලැබෙනවා. මේ වෙද්දී ඇමරිකාව තුල පමණක් ඇ.ඩො.මි. 307+ අගයක්ද, මේ වෙද්දී සිනමාශාලා 4,184 ක තිරගත කිරීමෙන් අනතුරුව ඇ.ඩො.මි. 760 කට අධික මුදලක්ද උපයා ගනිමින් ඩොලර් බිලියන 1,068 සීමාවේ පසුවෙනවා. (2019/01/24 අද දිනට ඩොලර් බිලියන 1,068,253,910  ලෙස සටහන්ව ඇත) තවමත් තිරගත වන නිසා මේ ආදායම වැඩි වෙන්න ඉඩ තියෙනවා. එහෙම වුනොත් ක්‍රිස්ටොපර් නෝලන්ගෙ බැට්මෑන් චිත්‍රපට ත්‍රිත්වයේ අවසන් පුරුක වන The Dark Knight Rises (2012) සිනමාපටයෙ ඩොලර් බිලියන 1.085 ක ආදායමද ඉද්රියේදී බිද දමන්න තියෙන ඉඩකඩ වැඩියි.

  • චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් වාර්තා ගැන කතා කරද්දී හොදම වගේම විශේෂම කාරනාව තමයි එකම අධ්‍යක්ෂකවරයෙකු හටතේ බිහිවූ චිත්‍රපට බිලියනයේ ආදායම ඉපයීමට හැකියාව ලැබුණු දෙවැනි අධ්‍යක්ෂකවරයා වන්නේ ජේම්ස් වෑන්ය. (Furious 7 (2015) ආදායම –  ඇ.ඩො.බි. 1.516 + Aquaman (2018) ඇ.ඩො.බි. 1,068). මුල් තැන ඉන්නේ ජේම්ස් කැමරන් මහත්තයා. (Titanic (1997) ඇ.ඩො.බි. 2.187 + Avatar (2009) ඇ.ඩො.බි. 2.788 )
  • එදා මෙදා කාලය තුල ලොව පුරා ප්‍රදර්ශනයෙන් හොදම ආදායමක් ලැබූ චිත්‍රපට අතරින් 25’වැනි තැන හිමි කරගෙන තියෙන්නෙත් ඇක්වාමෑන් චිත්‍රපටයයි. ජනපානයේ තිරගත වීම ආරම්භ වූවාට පසුව ඊට උඩින් 24’වැනි ස්ථානය රැකගෙන තියෙන The Dark Knight Rises (2012) චිත්‍රපටය  පසු කරන්න තියෙන ඉඩකඩ වැඩියි.
  • ලොවපුරා තිරගත වූ වැඩිම බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගත් හොදම සුපර්හීරො චිත්‍රපට 50 අතරේ 9’වැනි ස්ථානය ලබාගන්න හැකියාව ලැබිලා තියෙනවා. 7’වැනි ස්ථානය ලබාගෙන සිටින Captain America: Civil War (2016) මාවල් සිනමාපටය වගේම 8’වැනි ස්ථානය ලබාගෙන සිටින The Dark Knight Rises (2012) සිනමාපටයෙ වාර්තා පසු කරන්න බොහෝදුරට හැකියාව ලැබේවි.
  • ඇක්වාමෑන් සිනමාපටය බොක්ස් ඔෆිස් තුල හොද ආදායම් වාර්තාවක් ලබාගන්න උදව් කල චීනය තුල එදා මෙදා කාලය තුල ලොව පුරා ප්‍රදර්ශනයෙන් හොදම ආදායමක් ලැබූ චිත්‍රපට 50 අතරින් ඇක්වාමෑන් චිත්‍රපටය මේ වන විට 13 වැනි ස්ථානයෙ පසු වෙනවා.  

චීනයේ බොක්ස් ඔෆිස් වාර්තාවක සටහනක්

මෙතෙක් බිහි වූ මුල්ම දිය යට අත්දැකීම දකින්න ලැබුණු සුපර්හීරො චිත්‍රපටය වන්නේද ඇක්වාමෑන් සිනමාපටය වීම ලොකු විශේෂත්වයක්. මොකද මෙතෙක් කාලයක් අභ්‍යවකාශයට ගියාම යානයක් ඇතුලේ පාවෙන හැටි, කතා කරන හැටි ඔය වගේ නොයෙක් ආකාරයේ දේවල් දැකලා තිබුනත්, මාවල් සිනමා විශ්වය ඇතුළු වෙනත් කිසිම සිනමාපට විශ්වයකින් මේ විදිහේ සුපිරි ගනයේ දිය යට අත්දැකීමක් ප්‍රේක්ෂකයන් හට රිදී තිරයට තවමත් ලගාකරලා දීලා නැහැ. ඒ අතින් ඇක්වාමෑන් චිත්‍රපටයෙ උත්සහය ඉතාමත් සාර්ථක බව සැකයක් නැතුව කියන්න පුලුවන්. 

අනික් විශේෂ කාරණේ තමයි DCEU එකේ එදා මෙදා බිහි වුනු සුපිරි දුෂ්ටයින් අතරින් මුල්ම වතාවට තමයි කළු ජාතිකයෙක්ව හදුන්වා දීමක් කලේ ඇක්වාමෑන්ගේ හතුරෙක් විදිහට සැලකෙන බ්ලැක් මැන්ටා චරිතය සදහා Yahya Abdul-Mateen II නම් රංගධරයාව සම්බන්ධ කරගනිමින්. 

හොරර් චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වශයෙන් කටයුතු කරන ජේම්ස් වෑන්ගෙ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ඇක්වාමෑන් චිත්‍රපටය මේ වෙද්දී ප්‍රේක්ෂක මනාප 137,925 ලබා ගනිමින් IMDb දර්ශකයේ 7.5/10 ක අගයක්ද, රොටන් ටෝමෑටොස් දර්ශකයේ 62% ක අගයක්ද ලබාගෙන තියෙනවා. සුපුරුදු පරිදි සැක් ස්නයිඩර් වගේම ඔහුගේ බිරිද ඇක්වාමෑන් චිත්‍රපටයේ විධායක අධ්‍යක්ෂකවරුන් වශයෙන් කටයුතු කරනවා. ඇක්වාමෑන් සිනමාපටය වෙනුවෙන් අපූරු ගීත ඇල්බමයක්ද නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරින් ස්කයිලර් ග්‍රේ ගායනා කරන “Everything I Need” නම් ගීතය ඉතාමත් ජනප්‍රිය වෙලා තියෙනවා. DCEU එකේ මෙතෙක් කාලයක් පුරාවටම වැඩිම ආදායමක් උපයාගත් සිනමා සිත්තම විදිහට ඉහලටම යද්දී ඇක්වාමෑන් චිත්‍රපටයේම දෙවැන්නක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව මේ වෙද්දීත් ආරංචි ලැබිලා තියෙනවා. මොකද චිත්‍රපටය අවසන් වෙලා අවසානයේදී පෝස්ට් ක්‍රෙඩිට් කොටස් බැලුවට පස්සෙ තේරුම් යාවි ඒ කොටස් නිර්මාණය වෙලා තියෙන්නෙත් ඇක්වාමෑන් දෙවැන්න සදහාමයි කියලා. එහෙනම් තවත් මෙතන අල්ලාගෙන ඉන්න බලාපොරොත්තුවක් නැහැ. පහලින් තියෙනවා හැමදාම වගේ නොමිලේ දෙන උපසිරැසිය. එහෙනම් චිත්‍රපටය රසවිඳින්න ඉඩ දීල මම ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Bluray පිටපත් සඳහා අදාළ වේ.

86,949 downloadsDownload Aquaman-2018-BR.zip83 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

86,949 downloadsDownload Subtitles83 KB

751 comments

  1. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  2. Manujaya Kamburugamuwa

    jaya wewa !!! hond copyak awm blnw

  3. Thiwanka Mahesh Madusanka

    patta pata pata........enakan hitiye balagena jaya wewa saho sabata.............

  4. nkrtharinda95

    Thankyou bro

  5. Chathura_sam

    බොහොම ස්තුතියි සහො....250 කඩඉම වෙනුවෙන් සුබපතුම්...ජය..

  6. maduzzhan

    මේකෙ හොඳ කොපියක් ඇවිල්ලද තියෙන්නෙ

  7. pradeep hashan

    sub ekata thanks

  8. luon95

    Thank you!!

  9. ajith00129

    ජයවේවා බ්‍රෝ , ඔන්න අපිත් සබ් එක අරන් අද බලනවා

  10. S.janitha

    thank you for sub and congratulate to 250@@@@@@ see you in soon with 300!!!!!!!!!!!!!!!

  11. එල්.සී. දමැල්

    250ට සභ පැතුම්. ගොඩක් වටින කරුණු ටිකක් දැක්කා හසන්ත අයියගේ ලිපියෙන්. දිගටම මේ ඇබ්බැහිය පත්වාගෙන යමු :D
    ජයෙන් ජය...

  12. Mayura

    250වෙනි උපසිරසියට උණුසුම් සුබපැතුම් බ්‍රෝ.
    වැඩි වැඩියෙන් කඩ ඉම් පසු කරන්න ලැබේවා!
    ජයවේවා.

  13. Saji123

    Thank you !

  14. Jumanji

    බොහොම ස්තුතියි sub එකට. 250ta සුබපැතුම්.

  15. චානක ඉඳුනිල්

    *250* කඩයිමට මගෙන් උණුසුම් සුභ පැතුම් හසා අයියේ,
    එනකම් ගොඩක් ආසාවෙන් බලාගෙන හිටිය ෆිල්ම් එකක්,
    සබ් එක ලබා දුන්නට බොහොම ස්තූතියි,

  16. Nuwanchamr

    250 වෙනි උපසිරසියට ගොඩක් ස්තුතියි.ජයවෙිවා

  17. vas0303

    Thank you so much for the quick sub. All the best bro.....

  18. Madura Lakshan

    Thanks saho

  19. MPA

    Thanks brother

  20. ජනිත් කහගල්ල

    Good luck bro!

  21. nisalt

    Nice
    Congrats bro....
    Waiting for the BR Update
    Thank You....

  22. akilachamodya

    thanx BRO

  23. Manaram

    thanx bro

  24. Prabodha Madhusankha Hettiarachchi

    Congratulations brother 250 weni subtitle ekata. Ekath supirima movie ekak...... jaya wewa...!

  25. Gathsara Umesh

    250ට උණුසුම සුබ පැතුම අය්යේ...
    මොනව උණත් අය්යල කරන සේවයට අපේ හිතේ තියෙන ගවුරවය අඩුවෙන්නෑ අය්යේ කවදාවත්..බොහෝම සතූති අය්යේ උප සිරැසියට අය්යේ..300න් හමුවෙමු..❤️❤️❤️

  26. nuwan1234

    250 උපසිරසට සුබ පැතුම් ජයවේවා!! හොද කොපියක් ආපුවම බලමු

  27. Jagath Dhananjaya

    sub eka enakl hitiye balannema nathuwa hoda copy ekakata sub eka dunnata thanx bro

  28. sudumanikakaushika

    Thanks kollo...good luck

  29. Sachintha_15

    250 congratulation . thank you bro sub ekata ........................

  30. Ranjeewa K.Liyanage

    Congratulations. Thank you..!!

  31. kavinda_vithanage

    COngrats machan..

  32. santhusha319

    250 k..... congratzzz saho

    thanx sub ekaata

  33. Bandaramudiyansi

    Congratulations brother thanks you verymach for sab

  34. nimanaka

    thanks brother

  35. lahiru1991

    Thanks bro

  36. sakraya

    godak thnx bro sub eka apu gmn dunnata

  37. Shadow125

    Thanx :)

  38. Amila.Pradeep

    ජය වේවා සහෝ

  39. darshana100

    oyata budu sarani yalu godak thanks sub aka dunnata jaya wewa

  40. Amilperera

    Pattama saho me wisthra tika.. a wgema godaak isthuuthiy me sub eka laba dunnta

  41. [email protected]

    niyamai saho 250 k kiyanne lesi ganak neme api wenuwen karapu sub walata thankyou sahoo

  42. Eranga Sandaruwan

    හම්මේ ඊයේ උදේ ඉඳන් කී පාරක් නම් ආවද මේකා දාල්ද දාලද බලන්න.
    එල.එල.

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

  43. Channa Anuruddha

    250 වෙනි උපසිරැසියට සුබ පැතුම්.❤️❤️
    Sub ekata ස්තුතියි.

  44. Helili Hemamali

    පෝස්ටෙක දකිද්දි මුලින්ම හිතුනේ විමා මොකක් හරි කඩයිමක් පහු කරල කියලා. බැලින්නම් මෙන්න බොලේ අපේ හසයියා 250 ගහලා. හසයියගෙ උපසිරැසිකරණ වේගේ ගැන හිතුවහම 350 වගේ කඩයිමක තමා ඉතින් හරි නම් දැන් ඉන්න ඕනේ. ඉස්සරහට වැඩි වැඩියෙන් උපසිරැසි ගෙනෙයි කියලා හිතනවා. ඊලඟට කියන්නම ඕන දෙයක් තමා හසයියා තෝර ගන්න චිත්‍රපට. ඇත්තම කිව්වොත් දැන් ට්‍රේලර් එක බලනවට වඩා කරන්නේ උපසිරැසිකරුවා බලලා චිත්‍රපටිය බා ගන්නෙක.
    අපේ අඩවියේ ඒ වගේ හොඳ තේරීම් කරන්න පුලුවන් උපසිරැසිකරුවන් අතරින් ඉහලින්ම ඉන්නවා හසයියා.
    තවත් දෙයක් කියන්නම ඕනේ. ප්‍රවීණ උපසිරැසිකරුවෙක් විදියට අපි වගේ ආධුනිකයන්ට උදව් කරන්න රැයක් දවාලක් නැතුව කැප වෙන ඇඩ්මින්වරයෙක් තමයි අද මේ 250 කඩයිමට ඇවිත් ඉන්නේ.
    එහෙමනම්, ජීවිතයේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙලා තව තවත් දියුණුවට පත් වෙන්න කියලා ඔන්න මමත් සුබ පැතුම් ගේනවා. මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් හසයියගේ 350 වෙනි කඩයිම දකින්න ලැබේවි කියලා විශ්වාසයක් තියනවා.

  45. Ranga Prasanna

    වාව්... ඔයා 250ක් ගහලා. සුපිරි හසයියේ. බුදු අම්මේ 250ක්. තව තව කරන්න ශක්තිය ලැ‍බේවා. සුබ පැතුම්!

  46. rajkumar

    thannx jaya

  47. කවිශල් රසින්ත (කවී)

    එහෙනම් අයියේ අයියගේ 250වැනි උපසිරැසියට මගෙනුත් උණුසුම් සුභ පැතුම්.. ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනගමන් ඉදිරියටත් මේ වගේ උපසිරැසි අරගෙන එන්න හැකියාව ලැබේවා කියලත් පතනවා. එහෙනම් උපසිරසියටත් බොහොම ස්තූතියි අයියේ. ජය වේවා...!!

  48. ayesh shalitha

    පට්ට ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු ෆිලුමක්. ජය.

  49. maduli

    බොහොම පිං ගොඩක් දවස් මෙි චිත්‍රපටය බලන්න මග බලන් හිටියේ...

  50. LahiruTharanga1

    Thanks bro... Good luck

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.