සල්ලි නිකන්ම අකුරු තුනක් වුනාට මුලු ලෝකෙම පාලනය කරන්න පුලුවන් තරම් හැකියාවක් තියෙන දෙයක් තමා සල්ලි කියන්නේ. බොහෝ සිනාමාකරුවන්ගේ නිර්මාණ වලට පාදක වුනු තේමාවක් තමා සල්ලි මිනිස්සුන්ට බලපෑම් කරන්නේ කොහොමද කියන එක. ඒ තේමාවම පාදක කරන් පුරා පැය 2 ක කට ආසන්න කාලයක් දිවෙන සිනමාපටයක් තමා ‘choked(paisa bolta…

සල්ලි නිකන්ම අකුරු තුනක් වුනාට මුලු ලෝකෙම පාලනය කරන්න පුලුවන් තරම් හැකියාවක් තියෙන දෙයක් තමා සල්ලි කියන්නේ. බොහෝ සිනාමාකරුවන්ගේ නිර්මාණ වලට පාදක වුනු තේමාවක් තමා සල්ලි මිනිස්සුන්ට බලපෑම් කරන්නේ කොහොමද කියන එක. ඒ තේමාවම පාදක කරන් පුරා පැය 2 ක කට ආසන්න කාලයක් දිවෙන සිනමාපටයක් තමා ‘choked(paisa bolta hai)- මුදල් කතා කරයි’ කියන්නේ.

මේකේ තියෙන විශේෂත්වය තමා මේ ෆිල්ම් එක අනුරග් කාශ්‍යප් ගේ. පොරගේ නම කියපු ගමන් ෆිල්ම් පිස්සෙක් නම් දන්නවා මේක බලන්නම ඕනා ෆිල්ම් එකක් කියලා. අනුරග් කාශ්‍යප් ගේ නිර්මාණයක් කියන්නේ බලලා ඉවර වෙලා දවසක් දෙකක් යනකන් මොන මඟුලක්ද ඒ අන්තිමට වුනේ කියලා හිතා හිතා ඉන්න වෙන ජාතියේ කතාවක් තියෙන සිනමාපටයක්. හින්දි සිනමාවේ වෙනස්ම ඇහැක් තියෙන දක්ශ නිර්මාණ කරුවෙක් තමා අනුරග් කාශ්‍යප්. Gangs Of Wasseypur, Manmarziyaan, Bombay Velvet, Raman Raghav, Udta Panjab, Akira, Masaan, Moothon, The Lunchbox වගේ තවත් සිනමාපට බොහොමයකට නිර්මාණ දායකත්වය දීලා තියෙන රියැලිස්ටික් ගතියට වැඩිපුර බර නිර්මාණ කරුවෙක් තමා අනුරග් කාශ්‍යප්.අධ්‍යක්ෂනය පමණක් නොව දැන් නම් ඔහු රංගන කටයුතු වලටත් සහභාගී වෙනවා. නයන්තරා ඉන්න Imaikkaa Nodigal දමිල සිනමාපටය බලලා තියෙනවා නම් ඒකේ villain නැත්තම් දුශ්ඨයාගේ චරිතය කරන්නෙ මේ දක්ශ නිර්මාණකරුවා විසින් ඉතින් මේ සිනමාපටය බලන්න එක හොඳ හේතුවක් තමා මේක.

මේ සිනමාපටයට රංගනයෙන් දායක වෙන්නේ රොශාන් මැතිව් කියන මලයාලම් රංගන ශිල්පියා. ඔහු ගේ තරම් සුන්දර හිනාවක් මුලු ඉන්දීය සිනමාවෙම නැති තරම්. මැතකදී ඔහුගේ විශාල ජනප්‍රියත්වයක් ලබපු සිනමාපට වන්නේ Moothon, Kappela, Koode, Thottappan, Aanandam වගේ සිනමාපට. මලයාලම් සිනමාපට බලනවා නම් මේ වෙනකොට මේ ටික බලලම තියෙන්න ඕනා, ඒ වගේම රොශාන් මැතිව්ගේ අව්‍යාජ සිනහව ඔබට මතක් වෙන්න ඕනා.
Moothon සිනමාපටය රූගත කිරීම අතරතුර තමා අනුරග් කාශ්‍යප් ට රොශාන් ව හම්බවෙන්නේ ඒ අවස්තාවේදී මේ පිටපත ඔහු වගේ චරිතයක් ලැබෙන තුරු තියන් හිටපු බව පවසා ඔහුට මේ අවස්තාව ලබා දුන් බවයි සඳහන් වෙන්නේ. ඔහු ඒකට උපරිම සාධාරණයක් කරලා තියෙන බව සිනමාපටය බලන අතරතුර ඔබට පසක් වෙයි. ඉතින් සිනමාපටය බලන්න තවත් එක හොඳ හේතුවක් තමා මේක.

මේ සිනමාපටයට රංගනයට දායක වෙන රංගන ශිල්පිනිය තමා Saiyami Kher කියන්නේ. ඇය මෙම චරිතයට කරන සාධාරණය නම් වචන වලින් කියන්න බෑ. ඇය ඒ තරන් විශිෂ්ඨ රංගනයක් ඉදිරිපත් කරනවා. තවද Amruta Subhash, Upendra Limaye, Uday Nene යන පිරිස ඇතුලු සියලුම රංගවේදීන් තම රංගනය උපරිම ආකාරයෙන් ඉටුකරනවා කිව්වොත් නිවැරදියි. මේ සිනමාපටය Netflix තුලින් ජුනි 5 වෙනිදා ප්‍රේක්ශකයින් අතරට ආවා.

ඉතින් දැන් නම් ඔබටත් මේ සිනමාපටය නරඹන්න හොද හේතූ ටිකක් හම්බෙන්න ඇති. රියැලිස්ටික් ගතියට සිනමාපට රසවිඳින්න කැමති කෙනෙක් නම් මේ සිනමාපටය මග හැර ගන්න එපා. එන්න රසවිදින්න ‘මුදල් කතා කරන’ විදිය.
Imdb 5.7/10

සිනමාපටය ගැන කාතාකරනවා නම් මම අර කලින් කියපු විදියට සල්ලි තමා ප්‍රධාන තේමාව.
සුශාන්ත් සහ සාරිතා තම පුත් සමීර් සමග මහල් නිවාසයක ආර්ථික අතින් ඉතා දුශ්කර ජීවන රටාවක් ගෙනයමින් සිටියි. පවුලේ බර කරට අරන් සිටින්නේ සාරිතාය. ඇය බැංකුවක සේවය කරයි. සුශාන්ත් වරින් වර වෙනස් වන රැකියා කරමින් දවසින් වැඩි කාලයක් නිවෙසට වී ගතකරයි. ඔවුන්ට කලාකාමී සුන්දර අතීතයක් විය. සුශාන්ත් ගිටාර් වාදකයෙකි, සාරිතා ගායිකාවකි. නමුත් ඔවුන් දෙදෙනාම දැන් ඒ දේවල් වලින් ඈත් වී සිටියි. ඔවුන්ට එසේ කිරීමට සිදුවූයේ ඇයි???
ආර්ථික තත්වය බිංදුවටම බැස ඇති අවස්තාවක සාරිතා දිනක් තම කුස්සියේ සින්ක් එකේ අපද්‍රව්‍ය යන බටය තුලින් නැගෙන ශබ්දය නිසා එය ගලවා බලයි. එම අවස්තාවේ ඇය නොසිතූ ලෙස අපජලය සමග මුදල් මිටි ඉටිකොල වල බහාලු අසුරණ කිහිපයක් උඩට මතුවේ. සාරිතාට සියලු දුක් නිම වූවා මෙන් දැනේ. නමුත් ඇය ඒ මුදල් බැංකුවෙන් පරීක්ශා කල විට ඒවා හොර සල්ලි වේ. එසේ වුවත් ඇය යම්තාක් දුරකට ගනුදෙනු බේරා ගනියි. මේ අතරතුර ඉන්දියාවේ වසර 50කට පමණක් සිදුවන මුදල් නෝට්ටු අවලංගු කිරීම හේතූ කරගෙන රු. 500 හා රු. 1000 නෝට්ටු අගමැති මෝදී විසින් අවලංගු කරනු ලැබේ. ඉන් පසුව සුශාන්ත් ටත් සාරිතා ටත් සිදු වන්නේ කුමක්ද???
මේ ප්‍රශ්න ටිකට පිලිතුරු නම් සිනමාපටය නැරඹීමෙන් පසු ඔබට ලැබෙයි.
මේ මගේ පලමුවන උපසිරැසිය වන අතර යම් යම් වැරඳීම් සිදුවී තිබිය හැකිය. තිබුනොත් ඒ ගැන සිය දහස් වාරයක් සමාව අයදිමි. සිනමාපටය රසවිඳ උපසිරැසිය පිලිබඳවත් ලිපිය පිලිබඳවත් ඔබේ අදහසක් තබා යෑම සතුටට කරුණකි.
ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,560 downloadsDownload Choked-Paisa-Bolta-Hai-2020-.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හසාරා නිලක්ෂි විතානගේ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-08-03
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසාරා නිලක්ෂි විතානගේ
Subtitles
35 comments
Thilina Weerasinghe
නිරෝෂ්
ස්තුතියි සහෝදරී.ජයවේවා!
එල්.සී. දමැල්
පළමු උපසිරස වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්, හසාරා!
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා!
තවත් චිත්‍රපටියක් ඉක්මනින් ආපහු අරගෙන එමු නේද එහෙනම්? :)
ජය... :DM,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
පලවෙනි සිංහල උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම්.! බයිස්කෝප් සිංහලෙන් වෙත සාදරයෙන් පිළිගන්නවා.! සිංහල උපසිරැසිය දෙනකල් බලාන හිටිය චිත්‍රපටයක් මේක. තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් ඉක්මනින්ම අරන් එමු නේද.?
Sanjaya
thanx dear.....
Ruwan
Suba pathum.....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ගීත් මිහිර සත්සර
පළවෙනි උපසිරැසියට සුභ පතනවා...
ඉදිරියටත් තවත් මේ වගේ වටිනා නිර්මාණ වලට උපසිරැසි ලබාදෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම වෙබ් අඩවියටත් සාදරයෙන් පිළිගන්නවා..
උපසිරැසියටත් ස්තූතියි..මයුර
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝදරි.
බයිස්කෝප් එකට සාදරයෙන් පිලිගන්නවා.නෙට්ෆ්ලික්ස් එකෙන්ම දාපු Raat Akeli Hai එකටත් දෙන්නකෝ.
D.Chamara
bohoma sthuthi
indika75
පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!!
Geethi
Thank you very much dear. Congratulations for the first sub.
bandara
Thanks Hasara
isuru srinath sjs
පලවෙනි සිංහල උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්.!! ...ඒ වගේම බොහොම ස්තුතියි මේ ගෙනාව සිංහල උපසිරැසියට.. ජය!!
Rashen de silva
මුලින්ම ඔබට සුභ පැතුම් එක් කරන්නවා ඔබගේ පලමු වන උපසිරැසියට.මටනම් පොඩි හෝ වෙනසක් තේරුම් ගියේ නෑ අවසානය වෙනකම්.හොද පල පුරුදු කාරියක් ආකාරයෙන් හොදම ගුනාත්මක භාවයකින් තිබුනා.මම හොය හොය හිටිය ෆිල්ම් එකක්.බොහොම ස්තූති ඔබ තුමියට. කරන ලද ඒ කැප වීමට හිස නමා ආචාර්ය කරනවා.තවත් බොහෝ නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ලැබේවා.
Nadun Piyumantha
බොහොම ස්‍යතූතියි උපසිරසියට. ෆිල්ම් එක Download කරලා ගොඩක් කල් හිටියා Subtitle එක එනකන්. ඒවගේම ඔයාගේ පළවෙනි උපසිරසියට සුභ පතනවා. දිගටම ඔයාගේ වැඩකටයුතූ සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.....
සාරංග ජේ. ලියනගම
Thanks
Nuwan pushpakumara
thank u hasara,
Good job dr
Congrat ❤️Ganguli Sisara
All the very best for your 1st subtitle hasara..❤
Kavinu
පලවෙනි සබට මෙහෙම ලිපි ලියන්න දැනුම්තේරුමක් තිබ්බෙ නෑ දෙයියනේ ඒ කාලේ,
පළවෙනි සබට සුබපැතුම්.
දිගටම සබ් කරමු, බයිස්කෝප් පවුලට සාදරයෙන් පිළිගන්නවා.
ආටිකල් එකත් මරු ❤️tharushi dewindi
ඔයාට ලස්සනට ලියන්න පුලුවන් නංගා.ඒ article එක කියෙවෙව්වම මම නම් හිතන් නෑ ෆිල්ම් එක නොබල ඉන්න පුලුවන් කියලා.ඒ තරම් ලස්සනට ලියල තියනවා.ඒ වගේම ඔයාට මේ industry එක ගැන හොද දැනුමක් තියනවා.මම හිතනවා සබ් එකත් හොදටම ඇති කියලා.ඉදිරියටත් තවත් හොද නිර්මාණ කරන්න සුභ පතනවා නංගා ඔයාට...!
yohan
thanks
Isuralk
බලමුකෝ දෙමල හින්දි මෙලොරහක් නැති කතානි තියෙන්නේ..
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
හැමෝම බයිස්කෝප් පවුලට සාදරයෙන් පිළි අරන් තියෙන නිසා මාත් ඉතින් අමුතුවෙන් පිළිගන්න ඕනේ නෑ නේ. :P
ලිපියෙන් පේනවා චිත්‍රපට ගැන හොඳ දැනුමක් තේරුමක් තියෙන කෙනෙක් කියලා.
වෙබ් අඩවියේ ඉන්න සීමිත කාන්තා පාර්ශවයට එකතු වෙලා දිගටම සබ් දෙමු ආ...
ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh
Thanks all
Anonymous
thanks bro
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Asela
හොදයි ඉදිරියටත් කරගෙන යන්න
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Pramukmili
Thanx sis...........
Hasantha
Thank you....❤❤❤❤
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....kumara
ස්තූතියි සබ් එකට, සුබ පැතුම්.
malith madhushan
super
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ්ටයිටල් එකට බොහෝම ස්තූතියි.