Watch Trailer

Mosul (2019) Sinhala Subtitles | අරමුණ නොදත් මෙහෙයුමක්! මොසූල්! [සිංහල උපසිරසි]

සුභ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාටම! මුලින්ම කියන්න ඕනේ මම මේ සැරේ නම් දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ මොකද මේ ෆිල්ම් එකට සබ් කරන්න බාර අරගෙනත් දැන් සෑහෙන කාලයක් වෙනවා. ඒ නිසා ලිපියත් ඉක්මනටම ඉවරයක් කරල මේල් එක දාන්න ඕනේ. හැබැයි මේකෙ සබ්ටයිටල් වලින් අන්තිම lines දහය ට්‍රාන්ස්ලේට් කරන්න සත…

සුභ දවසක් බයිස්කෝප්වාසී සියලු දෙනාටම! මුලින්ම කියන්න ඕනේ මම මේ සැරේ නම් දිග ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ මොකද මේ ෆිල්ම් එකට සබ් කරන්න බාර අරගෙනත් දැන් සෑහෙන කාලයක් වෙනවා. ඒ නිසා ලිපියත් ඉක්මනටම ඉවරයක් කරල මේල් එක දාන්න ඕනේ. හැබැයි මේකෙ සබ්ටයිටල් වලින් අන්තිම lines දහය ට්‍රාන්ස්ලේට් කරන්න සති ගාණක් ගියා කිව්වොත් ඕගොල්ලො විශ්වාස කරන එක්කුත් නෑ. 😅😅

හැබැයි ඉතින් කියන්න කණගාටුයි ඇත්තටම ඒම එකක් උනා. ට්‍රාන්ස්ලේට් කරගන්න බැරුව ඒම නෙමේ. හැබැයි තිබුණු අධ්‍යාපන වැඩ කටයුතුත් එක්ක හුස්ම ගන්නවත් වෙලාව තිබුණෙ නැති තරම් කාල වකවානුවක් ආවා මට පහුගිය සති කීපෙදී. ඕකත් එක්ක අන්තිම ලයින්ස් ටික ඉවරයක් කරන එකට යන චූටි වෙලාව ගැනවත් හිතන්න විදිහක් තිබුණෙ නෑ මට. කෝම හරි ඔන්න අද අන්තිමට මේකට අවසානයක් දෙන්න ඕනෙ කියන බලාපොරොත්තුව ඇතුව වැඩේ ඉවරයක් කරන්න යන්නේ.

අරමුණ නොදත් මෙහෙයුමක්! මොසූල්! ඔව් මොසූල්! නම ඇහෙද්දිත් ඛේදවාචකයක ඉරණමක් තම දෛවයේ ලියාගත් හැබැයි කාලයක් ලෝකයේ බොහොම ධනවත්ව තෙදවත්ව සිටි නගරයක් ඔයාලගෙ සිහියට එනවනම්, ඔබ හරි. ඒ තමා මොසූල්!

ඉරාකයේ අගනගරය වන බැග්ඩෑඩ් නුවර සිට කිලෝ මීටර් 400 ක් උතුරු දිගට වෙන්න පිහිටා තිබෙන මේ නගරය කාලයක් ලෝකයේ ප්‍රසිද්ධම වෙළඳ නගරයක් විදිහට වැජඹුණා. හැබැයි ඒ හැමදේම 2014 ජූනි මාසේ 4 වෙනිදා දක්වා විතරයි. ISIS ත්‍රස්ථයන් ගේ ප්‍රබල ප්‍රහාර වලට ලක්වුණු ඉරාක හමුදා පසුබසිමින් සිටි කාලයයි ඒ. 2014 ජූනි 10 වනදා වන විට හමුදා පාලනයෙන් මුලුමනින්ම තොර වූ මොසූල් නගරය අත්පත් කරගැනීමට ISIS ත්‍රස්ථයන් සමත් උනා. පලා යාමට නොහැකි වුණු නගරයේ රැඳී සිටි තම විරුද්ධවාදීන් සමූල ඝාතනය කරමින් ත්‍රස්ථයින් ගෙන ගිය කෲර වැඩ පිලිවෙලට එරෙහි වීමට කිසිවකුත් නොමැතිව, සියළුම හමුදා නගරය අතහැර ගොස් සිටි මොහොතක, එක් නිර්භීත පොලිස් කණ්ඩායමක්, SWAT Team (Special Weapons And Tactics Team), පලා නොගොස් නඟරය තුලම වෙසෙමින් හැකි පමණ ISIS ත්‍රස්ථයින් දඩයමේ යෙදුණා. මොසූල්! මේ ඔවුන්ගේ කතාවයි…

සත්‍ය සිදුවිම් පාදක කරගනිමින් නිර්මාණය කර ඇති මේ චිත්‍රපටිය අරාබි භාෂාවෙන් නිර්මාණය කරන ලද්දක්. හැබැයි කොලිටිය ගැන කියන්න ඕනෙ නෑ Netflix නිෂ්පාදනයක් කියල කිව්වම හිතාගන්න පුලුවන්නේ. IMDb 7.2 කුත් කුණු තක්කාලී 84% කුත් රේටින්ග්ස් ගන්න සමත් වීම මේ චිත්‍රපටයේ සාර්ථකත්වය ඔප්පු කරන තව සාධකයක්. ඉතින් බාගෙන බලන්න. නොබල ඉන්න එපා කියන අහිංසක අවවාදය දෙන්න ඕනෙ හමෝටම. මොකද මගේ අදහස හැටියට නම් මේක ජීවිත කාලෙ කොයිම මොහොතක හරි නරඹන්න ඕනෙ චිත්‍රපටියක්. හරි, ලිපිය ඉවරයි.. මගේ වැඩ කොටස මෙතනින් හමාරයි. දැන් ආරම්භ වෙන්නේ ඔබේ වැඩ කොටස. බාගෙන බලන්න. 😅😅

හැබැයි ඊට කලින් පුංචිම පුංචි දෙයක් හරි මේ SWAT ගැන කිව්වෙ නැත්නම් ලිපිය අසම්පූර්ණයි. පටන් ගත්තේ වැඩි දෙයක් කියන්නෙ නෑ කියල කියාගෙන උනාට ඒක ඇත්ත්ක කරන්න බැරි වෙයි වගේ මේ යන විදිහට නම්. 😅😅 පුලුවන් තරම් කෙටියෙන් කියන්න බලන්නම්.

ගොඩාක් යුධ හෝ ආරක්ෂාව සම්බන්ධ දේවල් ලෝකයට හඳුන්වල දුන්න ඇමරිකා එක්සත් ජනපදයෙන්ම තමා මේ SWAT පොලිස් බලකායත් ලෝකයට හදුන්වල දෙන්නේ. අපරාධකරුවන් මර්දනය, කැරලි මර්දනය සහ ප්‍රචණ්ඩ ගැටුම් පාලනය කිරීම සඳහා 1960 ගණන් වලදී මුලින්ම නිර්මාණය කළත්, 2001 සැප්තැම්බර් 11 ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව SWAT බලකාය ඉතා ප්‍රභල විශාල බළඝනයක් විදිහට සංවිධානය වුණා. මෙයාලට සාමාන්‍ය පොලිස් පුහුණුවට එහා ගිය මිලිටරි පුහුණුවක් තමා ලබා දෙන්නේ. ඉරාකයේ SWAT බලකායත් මේ ඇමරිකානු SWAT බලකායේ අධීක්ෂණය යටතේ තමා පුහුණු වෙන්නේ.

SWAT ඒකක බොහෝ විට ස්වයංක්‍රීය හා විශේෂිත ගිනි අවි වලින් සමන්විත වෙනවා. Machine guns, Sub-machine guns, Assault rifles, සහ Sniper rifles ඇතුලු ඕනෑම වර්ගයක ගිනි අවි හැසිරවීමේ හැකියාවක් ඔවුන්ට තියනවා. ඊට අමතරව, රහසිගත ඇතුල් වීම් සඳහා විශේෂ පුහුණුවක්ද, තාප සහ රාත්‍රී දෘෂ්ටි උපකරණ සහ චලන අනාවරක ඇතුළු විශේෂ උපකරණ හා සන්නද්ධ වාහන භාවිතා කිරීමේ විශේෂ පුහුණුවකින්ද මොවුන් සමන්විතයි. ත්‍රස්ථප්‍රහාර මැඩපැවැත්වීම, ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම සහ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවන්ගෙන් ඔබ්බට ගිය අධි අවධානම් අවස්ථාවන්වලදී මොවුන්ගේ සේවය ඉතාම අනගි මෙහෙයක් ඉටු කර තිබෙනවා.

ඉතින් එක්සත් ජනපදයෙන් හදුන්වා දුන් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරමින් අනෙකුත් රටවලුත් SWAT බලකායට සමාන වූ පැරාමිලිටරි පොලිස් ඒකක පවතවාගෙන යනවා. ඒම කිව්ව ගමන් ඔයාලට මතක් වෙන දේ මට හිතාගන්න පුලුවන්😄. Special Task Force, ඒම නැත්නම් STF. ඔව් ඒ හිතුන දේ තරමක් දුරට හරි. ශ්‍රී ලංකාවට සිටින ඉතා වැදගත් වගේම ආසියාවේ හොදම counter-terrorism strike force (ප්‍රති-ත්‍රස්ත ප්‍රහාරක බලකාය – සිංහලෙන් කියන්නෙ මේම වෙන්නෝනේ 🤔) එකක් විදිහට සැලකෙන අපේ STF එක. හැබැයි ඔයාල දන්නවද මේ STF එකෙනුත් වෙනම පිරිසක් තෝරගෙන අති විශේෂ පුහුණුවක් ලබා දීලා SWAT බලකායක් ශ්‍රී ලංකාව තුලත් පවත්වා ගෙන යනවා කියලා. 2005 දි තමා මේ බලකාය ආරම්භ කරල තියෙන්නේ. ආඩම්බරයි නේද!!

හරි SWAT ගැන ඒ ඇති!

සමුදෙන්න කලින් චූටි කතාවක් කියන්නම්.

මේ මොසූල් කඩා වැටෙන කාලයේම ඉරාකයේ තරුණ පොලිස් නිලධාරියෙක් හිටියා. නම “කාවා”. මෙයාගේ මාමාත් පොලිස් නිලධාරියෙක්. එක දවසක් මෙයාලට ලැබෙනවා නගරේ ත්‍රස්තවාදීන් පහර දෙන ප්‍රදේශයකට ගිහින් අපරාධකරුවන් දෙදෙනෙක් අල්ලගෙන එන්න. සාර්ථකව අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න සමත් උනත් ඔවුන්ව පොලිස් ස්ථානයට රැගෙන ඒමට නම් මේ මාමයි බෑණයි සමත් වෙන්නෙ නෑ. මොකද අතරමඟදී ත්‍රස්තවාදීන් කණ්ඩායමක් මොවුන්ට පහර දෙන නිසා. මේ මෙහෙයුමට “කාවා” සහ ඔහුගේ මාමා සමඟ තවත් පොලිස් නිලධාරියෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. ත්‍රස්තවාදීන් සමඟ වන සටනේදී “කාවා” ගේ මාමා මරුමුවට පත් වෙලා “කාවා” අනෙක් නිලධාරියා සමඟ තනි වෙනවා. ඉතින් පිරිසෙන් වැඩි, ත්‍රස්තයන් සමඟ සටනේදී තමන්ගේ උණ්ඩ සියල්ලම අවසන් වෙලා මරණය බලාපොරොත්තුවෙන් ඉන්න අවස්ථාවක මොවුන්ගේ උදව්වට පැමිණෙන්නේ පලායාමට නොහැකිව මිය ගියා කියල මොවුන් සිතාගෙන සිටි SWAT සොල්දාදුවන්. ත්‍රස්තවාදීන් පිරිස මරා දමන මේ SWAT කණ්ඩායමේ නායකයා “කාවා” ගෙන් සහ අනෙක් නිලධාරියාගෙන් පොදුවේ ප්‍රශ්න දෙකක් අහනවා.

1. ISIS ත්‍රස්තයින් නිසා කවද හරි තුවාල ලබල තියනවද?

2. ISIS ත්‍රස්තයින් නිසා පවුලේ කවුරු හරි මිය ගිහින් තියනවද?

මේ දෙකම සිද්ද වෙලා තියන “කාවා” ට SWAT කණ්ඩායම් නායකයාගෙන් හරි අපූරු තෑග්ගක් ලැබෙනවා. ඒ SWAT සාමාජිකයෙක් ලෙස බඳවාගත් පසු පමණක් යමෙකුට ලබා දෙන SWAT නම සඳහන් කැප් එකක්!!!

මොකද්ද මම මේ කිව්වේ කියල තේරෙන්නෙ නෑ නේද?? ෆිල්ම් එක බලන්න එතකොට තේරෙයි.. 😁 😉

කෙටියෙන් ලියන්න ගිය ලිපිය මං හිතන්නෙ දිග ලිපියක් උනා අන්තිමට. කමක් නෑ. හිතට එන හැමදේම කිව්වේ නැත්නම් සබ කරාට ඒකෙ තියන ගැම්ම ඇඟට දැනෙන්නෙ නෑ. ඔන්න දැන් ඒකත් හරි ඒනම්. ෆිල්ම් එක බලන්න නොඉවසිල්ලෙන් ඉන්න ඔයාව තව දුරටත් රස්තියාදු කරන්නෙ නැතුව මම නවතිනවා. ආයුබෝවන් සියලුම දෙනාට! 🙏

“උං හැමෝම අපරාධකාරයෝ මංකොල්ලකාරයෝ, උංට එකතු වෙන්න ISIS එකක් තියෙන්න කලින්”

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

14,583 downloadsDownload Mosul-2019.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සප්තක අර්ථසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-05-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සප්තක අර්ථසාද්

Subtitles

14,583 downloadsDownload Subtitles32 KB

56 comments

  1. Bobby

    Thank you very much

  2. Anonymous

    Thanks Machoo.....!!!! Jayaweva....!!!! (Tharindu)

  3. Anonymous

    sub ekata tnx ..jaya wewa

  4. Anthony Morningstar

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

    1. Anonymous

      Sub eka match wenne na oyala dipu rip ekata

  5. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  6. ගයාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට... මේක බලල තියනව. ආයෙ බලන්න හිතුනෙ මේ ලිපිය දැක්කට පස්සෙ. SWAT ල ගැන වැඩි අදහසක් තිබුනෙත් නෑ බැලුවට. ස්තූතියි ඒ විස්තරේටත්..

  7. Anonymous

    ස්තූතියි සහෝ උප්සිරැසියට.... War Genre එකේ මූවීස් තව ඕනේ

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Sulakshana Thilakarathna

    අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනව, බොහොම ස්තූතියි හොඳ කතාවක් අරන් ආවට, ඔබට ජය වේවා!! (STAY SAFE ALL)

  10. Anonymous

    ෆේක් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න දීලා තියෙන්නෙ

  11. Anonymous

    Yako me film eka 2019ye eka newei, okkoma awul karala sub eka hari unaata film eka waradiyi

  12. Anonymous

    okkoma waraddala Ballo... aparade data

  13. Hasitha Madush

    හරියට film එක දීපන් මචං..අපරාදෙ data ටික..මං ඒත් බැලුවා මොකක්ද වෙලා තියෙන්නෙ කියලා..

    1. Anonymous

      Baiscopedownloads එකේ දාලා තියන ෆිල්ම් එක වැරදියි. YTS.MX එකට ගිහින් Mosul 2019 කියල සර්ච් කරල තමා හරි එක හොයා ගත්තෙ. බයිස්කෝප් ඇඩ්මින් වරුනි.. ඔබේ අවධානය පිණිසයි. හරි ෆිල්ම් එක අප්ලෝඩ් කරන්න කරුණාකරල..

  14. Anonymous

    Baiscopedownload එකෙන් ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න එපා කවුරුත්. උං වරද්දල දාල තියෙන්නෙ. YTS.MX එකට ගිහින් ෆිල්ම් එකේ නම සර්ච් කරල උඩ තියන ෆිල්ම් එකට අදාල ඉමේජ් එක තියන ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න. Sub එක Webrip නිසා webrip copy ය බා ගන්න වෙනවා.මම නම් ගොඩක් වෙලාවට ඒමයි කරන්නෙ.

    1. SaDuN

      ඔබට සිදුවූ අපහසුතාවයට කනගාටුවට ප්‍රකාශ කරමි.

    2. Anonymous

      It's Ok bro. Dan hari film eka daalada?

  15. Anonymous

    ස්තුතියි

  16. ගුනයා

    සබ් එකට ස්තූතියි සහෝ. බයිස්කෝප්ඩවුන්ලෝඩ් එකෙ තියන ෆිල්ම් එක වැරදියි කියල තියන නිසා ගූගල් පාරක් දාලම ෆිල්ම් එක බා ගත්තා.

  17. Anonymous

    all the best

  18. Anonymous

    Thanks Bro

  19. Anonymous

    Sub eka match wenne na oyala dipu rip ekata

  20. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට.

  21. Indunil

    උපසිරසි ගැලපෙන්නෙ නෑ මචන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් සීන් එකක් තියෙන්නෙ ෆිල්ම් එක මරු ආයෙම පුලුවන්නම් කතාවට ගැලපෙන්න උපසිරසි දියන්...

    1. පැන්ටලීන්

      webrip එකට සබ් දීල තියේන්නේ. webrip එක බා ගත්ත නම් හරි.. මට නම් ගානට සබ් සෙට් උනා ෆිල්ම් එකට.. කිව්වත් වගේ පට්ට ෆිල්ම් එකක් තමා. webrip එක බාගෙන බලන්න

  22. පැන්ටලීන්

    සුපිරි ෆිල්ම් එකක් සහෝ. සබ් එකත් ගානට ටයිම්ලයින් සෙට් කරල හදල තියනවා. පොඩි තැනක්වත් මිස් කරල නෑ. සුපිරි.. සුබ පතනවා ඉදිරිගමනට..

  23. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  24. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    1. Anonymous

      Onna link eka oken download karagann direct puluwan

  25. rasika

    sub ekata godak stuthiyi. digatama karanna hakiweewa. jaya weewa...

  26. Namiee N. Kumara

    බොහොම ස්තූතියි සබ් එකට

  27. Anonymous

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.. පට්ට ෆිල්ම් එකක්..

  28. MTR Tharindu Rukshan perera

    බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට ඒවගේම බොහෝම වටිනා ලිපියකුත් ලියන්න මහන්සිවෙලා තියෙනවා. ලිපියටත් බොහෝම ස්තුතියි!

  29. නිමල් දිසානායක

    ෆිලුමක තියෙනවා දේශෙක කතන්දරේ
    ඒ වාගෙමයි ජීවිතවල හුටප්පරේ
    විවිධත්වයත් තියෙනව වගෙ සප්ත ස්වරේ
    ඔබෙ මෙහෙයුමට සප්තක, මේ ආචාරේ!

  30. Anonymous

    උපසිරැසියට බොහොම ස්තූතියි
    ජයවේවා

  31. ලව්ලි බෝයි

    බොහොම් ස්තූතියි සහෝදරය උපසිරැසියට.. තව තවත් උපසිරැසි කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..

  32. Anonymous

    සිංහලඋපසිරසට බොහොම ස්තූතියි

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Dan

    Thank You ...

  35. Mevin

    Thanks

  36. Malith samarawickrama

    Thanks saho sub ekata

  37. ටිරාන්

    ෆිල්ම් එකත් පට්ට, සබ් එකත් පට්ට. බොහොම ස්තූතියි සහෝදරයා අපි වෙනුවෙන් දරන මහන්සියට

  38. Dewadithya

    Thanks for Sub!

  39. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  40. Master Chief

    Meka nam supirima film ekak. Sub ekath niyameta match wenwa. Sahenna mahansiyak darala tynwa suba hadnna man hithanne. Film eka nm aniwa recommend krnwa one knkta. thank u wewa sinhala subata. Budu saranai!

  41. Mr B

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    1. Mr B

      උපසිරැසිය නියමෙට තිබ්බා.Code names වරහන් ඇතුලේ පැහැදිලි කරලා තිබ්බ එක නියම වැඩක්.බොහොම ස්තූතියි !

  42. Manohari

    Godak sthuthi..Jaya wewa!

  43. Anonymous

    Thank you...

  44. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

    1. Anonymous

      Thank you Aiya

  45. Anonymous

    Thank you very much...!!!

  46. asanka

    thanks machn

  47. baiscopelk ishu

    sub ekata thx

  48. jack

    සිංහල Subtitle එක දුන්නට බොහොම ස්තුතියි!!!