Watch Trailer

CODA (2021) Sinhala Subtitle | සතුට රැගෙන එන ඇය… [සිංහල උපසිරසි]

ඔක්කොටම කලින් මුළින් දෙයක් කියන්න ඕනෙ. ඇත්තටම මෙහෙම දාන්නෙ ”ට්‍රිගර්” වෙලාවත් මොකක්වත් නිසා නෙමේ. කලින් කරපු චිත්‍රපටය වන Green Knight හී කමෙන්ට් වගයක් දකින්න ලැබුණා. ගොඩක්ම තිබ්බෙ ”මේක අරගෙන බලන්නෙපා” නැත්තම් ”මෙලෝ රහක් නැහැ” වගේ දේවල්. ඉතින් එහෙම කමෙන්ට් කරනවට වඩා හොඳයි නොදා ඉන්නවා නම්. මොකද සාමා…

ඔක්කොටම කලින් මුළින් දෙයක් කියන්න ඕනෙ. ඇත්තටම මෙහෙම දාන්නෙ ”ට්‍රිගර්” වෙලාවත් මොකක්වත් නිසා නෙමේ. කලින් කරපු චිත්‍රපටය වන Green Knight හී කමෙන්ට් වගයක් දකින්න ලැබුණා. ගොඩක්ම තිබ්බෙ ”මේක අරගෙන බලන්නෙපා” නැත්තම් ”මෙලෝ රහක් නැහැ” වගේ දේවල්. ඉතින් එහෙම කමෙන්ට් කරනවට වඩා හොඳයි නොදා ඉන්නවා නම්. මොකද සාමාන්‍යයෙන් එක එක්කෙනාට තියෙන්නෙ වෙනස්ම රසාස්වාදයක්. මට හොඳ දෙයක් කෙනෙක්ට හරි නැති වෙන්න පුළුවන්. ඒවගේම තමයි සාමාන්‍යයෙන් මං විතරක් නෙමේ ඕනෙම කෙනෙක් චිත්‍රපටයක් බලද්දී IMDb අගය / යූටියුබ් එකෙ ඇති පූර්වක ප්‍රචාරක පටය වැනි දේවල් බලලා තමයි අරගන්නෙ. ඉතින් අරහෙම කමෙන්ට් කරන අයටයි කියන්නෙ එහෙම කෙනෙක්ට බලන්නෙපා කියලා කමෙන්ට් නොකරන්න කියලා. එහෙම අහල නොබලා ඉන්නවා නම් ඇත්තටම සමහරු කරන්නෙ ලොකු අපරාදයක්. මට කිසි අමනාපයක් නැහැ ඒ අයත් එක්ක. ඊළඟ සැරේවත් කමෙන්ට් එකක් දාන්න කලින් ඒ ගැන හිතන බලන්න කියනවා.

හොඳයි, එහෙනම් අද අරගෙන එන්නෙ මේ වසරේ නිකුත් වුණු චිත්‍රපටයක් සමඟයි. CODA කියන්නෙ චිත්‍රපටයෙ ඇති නම වගේම කෙටි සඳහනකුත් වෙනවා. ඒ තමයි ”Child Of Deaf Adults.’‘ ඉතින් මේක නිකුත් වෙන්නෙ ස්ට්‍රීම් සර්විස් එකක් හරහා. ඒ තමයි Apple TV+ කියන ස්ට්‍රිමින් සර්විස් එක හරහා. මේ වෙනකොට චිත්‍රපටය හට IMDb හී 8.1 වැනි ඉහල අගයක් සහ කුණු තක්කාලි අගය 96% අරගන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Sian Heder විසින්. ඒවගේම තමයි රංගනයෙන් Emilia Jones l Marlee Matlin l Troy Kotsur l Eugenio Derbez l Ferdia Walsh-Peelo l Kevin Chapman දයක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

රූබි කියන්නෙ බිහිරි පවුලක ඉන්න කිසිම ඇසීමේ ආබාධයක් නොමැති තරුණ කෙල්ලෙක්. ඇයගෙ පවුලෙ කට්ටිය ධීවරයෙක්. ඉතින් මෙයා තාත්තගෙ ධිවර වැඩ කටයුතු වලට උදව් කරගෙන ඉන්නවා. හැබැයි බිහිරි පවුලක ඇසීමේ ආබාධයක් නැති එකම කෙනා වීම ලොකු ගැටළුවක්. මොකද ඔවුන්ගෙ සමහරක් අවශ්‍ය සපුරන්න නම් මෙයාව අතවශ්‍යමයි. මොකද මෙයාලා ජීවත් වෙන්නෙ බිහිරි සමාජයක්ම ඉන්න තැනක නෙමේ. ඉතින් මේ රූබි සංගීතයට ගොඩක් ඇලුම් කරන කෙනෙක්. ඇය පාසලේ සංගීත කණ්ඩායමට පවා බැඳෙනවා තමන්ගෙ සංගීත සිහිනය හැබෑ කරගන්න බලාපොරොත්තුවෙන්. හැබැයි ඇයගෙ පවුල මේකට බාධාවක්. මං අර කලින් කිව්වා වගේ සමහර අවශ්‍යතා වලදී මෙයාව ඕන වෙනවා. ඉතින් මෙයාට ඒ දෙකම කරන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙන්නෙ. ඒ අස්සේ තාත්තගෙ රස්සාවත් ගහල යන සිදුවීමක් වෙනවා. ඉතින් ඇය මේ දේවල් වලට කොහොම මුහුණ දෙයිද? ඇයට ඇයගෙ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයිද? අවසානය වෙනකම් නරඹන්නකො. හුඟක් සංවේදී චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

7,123 downloadsDownload CODA-2021-Blu-Ray.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

7,123 downloadsDownload Subtitles72 KB

48 comments

  1. Anonymous

    ස්තුතියි❤️

  2. Anonymous

    download kara ehenam. jayawewa....!

  3. Kastal srilal

    සුභ පැතුම්
    හොද film එකක් sub දානකම් බලාගෙන හිටියේ

  4. ස'

    සුපිරි බ්‍රෝ... මේ වගේ නිස්කලංක කතා වලට තමා මම කැමති.

  5. apparently

    apparently

  6. Anonymous

    ඕවා ගනන් ගන්න එපා බ්‍රෝ. මේ සයිට් එකට එන සමහර මී හරක් ඕම තමා. උං හිතන්නේ උං බලන්න කැමති ෆිල්ම් තමා මේ ලෝකෙ ඉන්න හැමෝම බලන්න කැමති කියලා. අනුකම්පා කල යුතු ජීවීන් කොට්ටාසයක්!! හා හා හා

    1. ජගත්

      ඒක නම් ඇත්ත. ඒ අස්සෙ තව සෙට් එකක් ඉන්නවා සබ් එකට ගැලපෙන් නැති වැරදි කොපිය බාගෙන සබ් එක සෙට් නෑ සෙට් නෑ කියල මෙතන වැලලෙන්න හඳනවා කමෙන්ට් සෙක්ෂන් එක අස්සේ. උබ කිව්වත් වගේ අනුකම්පා කල යුතු ජීවින් කොට්ඨාසයක්!!!!

    2. Anonymous

      atta

  7. DILmin

    Sub ekata thanks!

  8. tharidu16

    nikama assayage dath ganina ewun bn inne. dont worry

  9. අසංක K

    ෆිල්ම් බලලා නැති උන් ෆිල්ම් එකක් බැලුවම එහෙම තමයි. ඕවා ගණන්ගන්න ඕනි නෑ. The Green Knight කියන්නෙ මම ඇතුලු ගොඩදෙනෙක් උපසිරැසියක් ලැබෙනකං බලන් හිටපු චිත්‍රපටයක්. අනික ඔයාගෙ උපසිරැසිත් හොඳයි. ඒවට ස්තූතියි.
    ජය වේවා!

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. THISARU PEERIS

    සබ් එක එනකන් උන්නෙ ❤️

  12. Dinesh

    ග්‍රීන් නයිට් මටත් මෙලෝ රහක් නෑ. උඹ සබ් දැම්ම මිසක් ෆිල්ම් එක හැදුවෙ නැහැනෙ.

  13. Anthony Morningstar

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  14. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  15. බොබී

    මේක අරගෙන බලන්න එපා මෙලෝ වැඩකට නෑ මෙලෝ රහක් නෑ , යෝ යෝ

    1. Sanath Indika

      මම හිතන්නේ ඔයාගේ රසාස්වාදයේ මොනවහරි අයුලක් තියෙනවා.

  16. Anonymous

    IMDB-8.1/10 (11,972 votes)
    Rotten Tomatoes- 96%
    Google users- 96%
    google audience- 4.9/5
    Metacritic- 75%
    letterboxd- 7.8/10
    අහිංසක ජීවිත දෙක තුනකට ෆිල්ම් එක මෙලෝ රහක් නෑලු.තමන්ගෙ නිදහස් කාලෙන් පැය 6ක්,7ක් කැප කරල, මහන්සි වෙලා,ලයින් 1500ක් විතර සින්හලට පරිවර්තනය කරල,විස්තර හොයල ලිපියක් ලියලා,කිසිම ආර්ථික වාසියක් නැතිව,අපේම මිනිස්සුන්ට සබ් එකක් හදලා දුන්නහම උඹලට ස්තූතියි කියලා කියන්න බැරුව හෑලි ලියලා.මෙහෙමත් කුහක මිනිස්සු.උඹලගෙ සීනිබෝල ඔලුගෙඩිවලට මේ වගේ ෆිල්ම් දිරවන් නැති එක ගැන දුකයි.ඒ වගේ උන්ට අනුකම්පා කරන එක විතරයි කරන්න තියෙන්නෙ.සබ් එක කරපු සහෝ සතපහකට ඔය දෙකයි පනහෙ කමෙන්ට් ගනන් ගන්න එපා.

  17. Anonymous

    thank you bro.

  18. ESD

    ado ela bn elaaaaaaaaaaaaaa

  19. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  20. Anonymous

    බිහිරි පවුලක කන් ඇහෙන හොඳට සිංදු කියන්න පුලුවන් කෙල්ලෙක් වටේ ගෙතන අමුතු කතාවක්, හයි ස්කූල් තීම් එකක් තියෙන, කතාව පුරාම හොඳට කොමඩි තියෙන, සංවේදී අවසානයක් තියෙන චිත්‍රපටියක්. කතා 2ක් නෑ මොන රසවින්දනයකින් පෙළුණත් ඕන කෙනෙක්ට බලන්න පුලුවන් චිත්‍රපටියක්. නොබලා ඉන්න උන් පව් ඇත්තටම.

  21. Nilush Angana

    Sub ekata thanx

  22. Bandara

    Thanks Ravidu..Good Choice

  23. Anonymous

    Thanks Bro

  24. Kalana

    මට තෙරෙන් නෑ අනේ , උදව් කරන්නකෝ

    1. Anonymous

      monawada

    2. follower

  25. Anonymous

    Great film . Thanks a lot

  26. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  27. කවිඳු ජයවර්ධන

    නියම ෆිල්ම් එකක්.සබ් වලට ස්තූතියි සහෝ.

  28. MAALNATH

    Thanks........good luck........

  29. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  30. Anonymous

    thanks

  31. Sanath Indika

    If you are thinking of watching this movie, then without thinking just watch it.

    Heartfelt, Warm, and Nuanced performances are what elevates this film to another level.

    Thank you sub.

  32. නිමල් දිසානායක

    කෙනෙකුට රස කෙනෙකුට වස වෙනවාය
    රවිඳු මේ ෆිලුම මට නං මසුරන්ය
    ජීවිතේට බලලා නැති විදිහේය
    ජීවිතේට අමතක වෙන්නෙත් නැතිය!

  33. mindika

    Thanks !!!

  34. Sachin Tharuka

    The Big Short (2015) (Bluray Copy) Movie ekata Sinhala Sub ekak denna puluwanda?

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Anonymous

    Thank you for the subtitles

    1. Deelaka Bogahawatte

      Wonderful movie

  37. Dewadithya

    Thanks for Sub!

  38. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  39. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  40. Hasun Priyanath

    ඊයේ ඔය film එක Oscar සම්මානත් ගත්තා

  41. Mano

    Godak sthuthi.. Jaya wewa!

  42. viraj

    thanks............