Watch Trailer

Mouna Ragam (1986) with Sinhala Subtitles | නිහඬ තනුව [සිංහල උපසිරසි සමඟ]

ඔබ සැමට ආයූබෝවන් , මගේ දෙවෙනි උපසිරසියෙන් පසු මේ තුන්වැනි උපසිරැසිය කරන්න කොපමන කාලයක් ගතවුනාද කියල මටවත් මතක නැහැ. අවුරුදු දෙකකටත් වැඩියි වගේ. කොහොමවුනත් ඔන්න ඉතින් මේකත් ගෙනාවා. මෙවර මෙය මට භාර දුන් සිසිල ප්‍රසාද් මහතාට මගේ ස්තුතිය හිමිවෙනවා . මෙවර චිත්‍රපටය 80 දශකයේ බෙහෙවින් ජනප්‍රියවූ දමිල එකක්…

ඔබ සැමට ආයූබෝවන් ,

මගේ දෙවෙනි උපසිරසියෙන් පසු මේ තුන්වැනි උපසිරැසිය කරන්න කොපමන කාලයක් ගතවුනාද කියල මටවත් මතක නැහැ. අවුරුදු දෙකකටත් වැඩියි වගේ. කොහොමවුනත් ඔන්න ඉතින් මේකත් ගෙනාවා. මෙවර මෙය මට භාර දුන් සිසිල ප්‍රසාද් මහතාට මගේ ස්තුතිය හිමිවෙනවා . මෙවර චිත්‍රපටය 80 දශකයේ බෙහෙවින් ජනප්‍රියවූ දමිල එකක්. පැරනි වුනත් සුන්දර සරල කතාවක් ඇති මෙම චිත්‍රපටය ඔබගේත් සිත් ගනීවි කියා සිතනවා . යූ ටියුබ් එකේද ඇති නිසා බාගතකරගන්න ඔයාලට ගැටළුවක් වෙන එකක් නැහැ . උපසිරසිවල අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න කියලා ඉල්ලා හිටිනවා.

1986 වසරේ අගෝස්තු 6 වන දින එනම් ඉන්දියාවේ නිදහස් සැමරුම් දිනක තිරගතවීම ඇරඹුණු මෙම දමිල චිත්‍රපටිය ජනප්‍රිය සම්මානනීය අධ්‍යක්ෂක මනි රත්නම් ගේ පස්වන චිත්‍රපටය වන අතර , තුන්වන දමිල චිත්‍රපටයද වේ. ඉන්දියාවේ 34 වන ජාතික සිනමා සම්මාන උලෙළේදී හොඳම වෘතාන්ත චිත්‍රපටයට හිමි සම්මානයද , 36 වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේදී හොඳම දකුනු ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂක සම්මානයද මෙයට හිමිවුනි. අතිශය ජනප්‍රියවූ නිසාම 1987 වසරේදී තෙලිගු භාෂාවෙන් හඬකැවූ මෙම චිත්‍රපටය 1992 දී “කසක්” නමින් හින්දි භාෂාවෙන් සහ 1999 දී “චන්ද්‍රෝදය” නමින් කන්නඩ භාෂාවෙන්ද නව චිත්‍රපට ලෙස නිර්මාණය වුනි. මාගේ පාසැල් සමයේ මා වඩාත් ප්‍රිය කල දමිල නලුනිලියන් වන රේවතී , මෝහන් , කාර්තික් තිදෙනාගේ ප්‍රධාන රංගනයෙන් හැඩවුනු මෙහි සංගීතය ජනප්‍රිය දකුනු ඉන්දීය සංගීත අධ්‍යක්ශ ඉලයරාජා ගේ වන අතර එකල ජනප්‍රියවූ මිහිරි ගීත කිහිපයක් ද අඩංගු බව කිවයුතුමය.

ඉතින් මෙතැන්සිට අපි කථා සාරාංශයට යොමුවෙමු .

ගම්බද නගරයක මධ්‍යම පාන්තික පවුලක දෙවනි දරුවා ලෙස ජීවත්වෙන දිව්‍යා දඟකාර තරුන යුවතියකි. වැඩිමහල් විවාහක සොහොයුරෙකුත්, බාල සොයුරියන් දෙදෙනෙකුත් සමග විනෝදයෙන් කල්ගෙවන දිව්‍යා හට තම පියා විසින් මංගල යෝජනාවක් ගෙන එයි. එයට බලවත් අකමැත්ත ප්‍රකාශකල දිව්‍යා ,ඇය බැලීමට එන දිනයේ චන්ද්‍රකුමාර් නමැති මනාලයා සහ පවුලේ අය මගහැර ඉතා ප්‍රමාදවී නිවසට පැමිනෙයි. එහෙත් ඒ වනවිටද ඇය පැමිනෙනතුරු බලාසිටි චන්ද්‍රකුමාර්, ඇය සමග තනිව කතාබස් කිරීමට අවසර පතයි. එහිදී දිව්‍යා විසින් ඇය හිතුවක්කාර කෙල්ලක් බවත් මේ විවාහයට අකමැති බවත් පවසයි. එහෙත් සියල්ල අසා සිටි චන්ද්‍රකුමාර් ඇය විවාහ කරගැනීමට කැමති බව පවසයි. ඒ ගැන දිව්‍යාගේ පවුලේ සැම ඉතා සතුටුවුවත් දිව්‍යා ඇයගේ බලවත් විරෝධය දක්වනු ලබයි. එම නිසාම දිව්‍යාගේ පියා අසනීප තත්ත්වයකට පත්වෙයි. පසුව ඒ ගැන කම්පාවට පත්වන දිව්‍යා විවාහයට කැමතිවී චන්ද්‍රකුමාර් හා විවාහ වෙයි. එහෙත් මංගල රැයේදී දිව්‍යා විසින් චන්ද්‍රකුමාර්ව ප්‍රතික්ශේප කරයි. ඉතා කාරුනිකව එය ඉවසන චන්ද්‍රකුමාර් දිව්‍යාට තනිව නිදාගැනීමට ඉඩ සලසයි. පසුදින දෙදෙනාම සුවිසල් දිල්ලි නගරයේ පිහිටි චන්ද්‍රකුමාර්ගේ නිවසට පදිංචියට යයි. නිවසේ සියලු වගකීම් දිව්‍යා හට භාර දුන්නද දිගින් දිගටම ඇය විසින් ඔහුව ප්‍රතික්ශේප කරමින් ඔහු රිදවන දෑ පවසනු ලබයි. ඒ සියල්ල ඉවසා දරාගෙන චන්ද්‍රකුමාර්, දිව්‍යාගේ සතුට වෙනුවෙන් බොහෝ දෑ සිදුකරයි. එහෙත් ඒ සියලු දෑ නොසලකා එක්දිනකදී දිව්‍යා විසින් තමන්ට දික්කසාද වීමට උවමනා බව චන්ද්‍රකුමාර් හට පවසනු ලබයි. පසු දිනක චන්ද්‍රකුමාර් විසින් දිව්‍යා වෙත දික්කසාද ලියකියවිලි ගෙනවිත් දෙයි. එම අවස්ථාවේදී ඇතිවන කතාබහේදී දිව්‍යා විසින් තමන්ගේ අතීත කතා පුවතක් චන්ද්‍රකුමාර් හට පවසයි.

ඉතාමත් අනුවේදනීය අවසානයක් සහිත එම කතා පුවත කුමක්වේදැයි ඔබහට සිතාගත හැකිවේවිද ? එම සිදුවීමෙන් පසුදින දික්කසාද ඉල්ලීම වෙනුවෙන් ඔවුන් දෙදෙනා නීතිඥවරියක මුනගැසීමට යයි. ඒ වනවිට විවාහවී ගතවී ඇත්තේ දින 7 ක් පමනක් බැවින් පවතින නීතියට අනුව ඔවුන් දෙදෙනාට දික්කසාදයට අවසර ලබාගැනීමට නම් වසරක් සිටිය යුතු බව නීතිඥවරිය පවසනු ලබයි. එහිදී නීතිඥවරිය විසින් දිව්‍යා හට පුද්ගලිකව යම් කරුනක්ද පවසයි. එතැන්සිට එකිනෙකා නොහඳුනනා සේ දිව්‍යා සහ චන්ද්‍රකුමාර් එකම නිවසේ කාලය ගතකිරීම ආරම්භ කරයි. එසේ කාලය ගතකිරීමේ නිමාව කෙසේ වේවිද ? දිව්‍යා විසින් චන්ද්‍රකුමාර් හට පැවසූ අනුවේදනීය කතාව කුමක්ද ? නීතිඥවරිය විසින් දිව්‍යා හට පැවසූ කරුන කුමක්ද ? ඔවුන් දෙදෙනාගේ විවාහ දිවියට අවසානයේ කුමක් වේවිද ?

එය දැනගැනීමට ඔබ සැමට මෙම චිත්‍රපටය නැරඹීමට ආරාධනා කරමින් මා නවතිමි.
සැමට ස්තුතියි .

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Youtubeහි Speed Tamil Online Movies චැනලයේ ඇති පිටපත සහ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියෙන් ලබා දී ඇති පිටපත සඳහා පමණක් ගැළපේ.

1,778 downloadsDownload Mouna-Ragam-1986.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක ද සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-10-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,778 downloadsDownload Subtitles30 KB

12 comments

  1. Mayura

    බොහොම තුති.
    සිංහල සබ් තියෙන්නම ඕන එකක් මේ ❤️

  2. indika75

    thanks..

  3. PDLD_Madusanka

    mamath_aasawen_balan_idapu-Sub_Ekak.
    Thanks

  4. kumara

    මෙ වගෙ පරන දෙමල ෆිල්ම් වලට සබ් දෙන්න.
    grade job....

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Lahiru

      පුලුවන් නම් Kullanari Koottam 2011 film එකට sub එක දෙන්න.
      (වැරදියට දාපු Reload Love Story එකක්)

  6. isuru srinath sjs

    ගොඩාක් වටිනවා මේක.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
    ජය!!

  7. ශසිත් සඳරුවන්

    සබ් එකට බොහොම ස්තූතියි...
    දිගටම සබ් දෙමු.
    ජය!

  8. nothingissafe123

    Thanksfor sub

  9. Dulene

    Theeradha Vilaiyattu Pillai , Oya Movie Eke Subtitle Eka Danna puluwnda , Hugak Aasawen Blnna Inna Film Ekak , Loku Udwwk Aiye

  10. chamath

    kattiya film eka paranai kiyala balanne nathuwa idi..aniwa balannama ini film ekak..kiyala wadak na supiri..loku arthayak thiyena film ekak

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!
    බොහොම ස්තූතියි මේ වගේ මග ඇරුන හොද ෆිල්ම් හොයලා සබ් දෙනවට...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.