කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් වැඩි දවසක් යන්න කලින් මං තවත් චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. peace breaker කියන මේ සිනමාපටය කොරියානු චිත්‍රපටයක් වෙන A Hard day සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක්. මේ චිත්‍රපටියට IMDB දර්ශකයේ 6.1ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. හොදයි එහෙනම් බලමු කතාවේ වෙන්නෙ මොකක්ද කියලා. ඕනම දෙය…

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් වැඩි දවසක් යන්න කලින් මං තවත් චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. peace breaker කියන මේ සිනමාපටය කොරියානු චිත්‍රපටයක් වෙන A Hard day සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක්. මේ චිත්‍රපටියට IMDB දර්ශකයේ 6.1ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. හොදයි එහෙනම් බලමු කතාවේ වෙන්නෙ මොකක්ද කියලා.
ඕනම දෙයක් වෙනස් වෙන්න, එක ජීවිතයක් වෙනස් වෙන්න එක දවසක්, විනාඩියක් නෙවෙයි එක තත්පරයක් පවා හොදටම ඇති. ඉතින් ගාඕ ජියන්ෂින් කියන්නෙ පොලිස් නිළධාරියෙක්. හොදම පොලිස් නිළධාරියෙක් නොවුනත් තමන්ගෙ පාඩුවේ වැඩක් කරගෙන ඉන්න කෙනෙක්. දවසක් රෑ තමන්ගෙ අම්මගෙ අවමංගල උත්සවේට සහභාගී වෙන්න යන ජියන්ෂින්ට නොසිතු සිද්ධියකට මුහුණ දෙන්නට වෙනවා. එක්වරම කොහේදෝ සිට පැමිණි පුද්ගලයෙක් ඔහුගෙ වාහනෙට හැප්පිලා මැරිලා යනවා. පොලිස් නිළධාරියෙක් උනත් අදාළ අවස්ථාවේ තත්වය හැටියට ජියන්ෂින් මේ ගැන වාර්තා නොකර අදාළ පුද්ගලයාගෙ මිනිය සගවන්න තීරණය කරනවා.
කෙසේ හෝ සෑහෙන්න වෙහෙස මහන්සි උනාට පස්සෙ අදාළ මිනිය හංගන්න ජියන්ෂින් සමත් වෙනවා. ඒ වගේම අනතුර සිද්ධ වුන ස්ථානයේ කිසිවෙක් නොසිටි නිසාම ජියන්ෂින් හිතා ඉන්නෙ තමන් කළ වරද සදහටම ලෝකයෙන් වසන් කළා කියලා. හැබැයි ඒක එහෙමම වෙන්නෙ නෑ. මොකද දින කීපෙකට පස්සෙ ජියන්ෂින්ට ඇමතුමක් ලැබෙනවා අදාළ පුද්ගලයාව ඔහුගෙ වාහනයට හැප්පෙන එක දැකපු කෙනෙක්ගෙන්. ඉතින් මේ කෙනාගේ ඉල්ලීම වෙන්නෙ සල්ලිවත් වෙන මොනාහරිවත් නෙවේ, වාහනෙට හැප්පිලා මැරුණු මනුස්සයාගෙ මිනිය.
පොලිසියත් අදාළ සිද්ධිය පස්සෙ පන්නන්න ගන්නවා. මොකද ඒ වාහනෙට හැපිලා මැරෙන කෙනා ඒ වෙනකොටත් පොලිසිය විසින් සොයමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වෙන නිසා. අදාළ මෙහෙයුමට ජියන්ෂින් පවා සහභාගී වෙනවා. ඉතින් කරුණුකාරණා මේ විදිහට සිද්ධ වෙද්දි ජියන්ෂින්ට පොලිසිය අදාළ අනතුර ගැන හොයන එකෙන් වගේම ඔහුට කතා කරන පුද්ගලයාගෙන් පවා පරිස්සම් වෙන්න වෙනවා. එහෙමනම් අපි බලමු කවුද ජියන්ෂින්ට කතා කරන්නෙ? එයාට මොකටද හැප්පිලා මැරුණු මනුස්සයෙක්ගෙ මිනිය? ජියන්ෂින්ට මේ අනතුර නිසා මොන වගේ දෙයක් වෙයිද? කියන දේවල් ඔයාලම බලලා දැනගන්න.
එහෙමනම් යලිත් ඉක්මනින්ම උපසිරසියකින් හමු වෙන අපේක්‍ෂා පෙරදැරිව මා සමුගන්නවා. එතෙක් ඔබ සැමට ජයෙන් ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,468 downloadsDownload Peace-Breaker-2017-aka-Po.Ju_.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
12 comments
Prabodha
සාරංග
Tnx for the sub !
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!nish47
ස්තූතියි සහෝ
Nilanga
Good. Where's The 100?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි..
ජය!!Anonymous
thanks broo
Dewadithya
Thanks for sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Malith Samarawickrama
Thanks bro sub ekata.
Advertisement
Godak sthuthi