Watch Trailer

Mourning Grave (2014) | බිහිසුණු හැකියාව…… [සිංහල උපසිරැසි සමඟ]

ප්‍රථමයෙන්ම සියලු දෙනාටම සුභ නව වසරක් ප්‍රර්ථනා කරනවා. මම අද අරං ආවේ සම්මානනීය දකුණු කොරියානු හොල්මන් චිත්‍රපටියක්. මෙම චිත්‍රපටිය Comedy, Horror, Romance යටතේ වර්ග කොට තිබෙනවා. එමෙන්ම බොහොමයක් අසාර්ථක හොල්මන් චිත්‍රපටි මෙන් නොව, මේ චිත්‍රපටිය බොහෝ සාධනීය ලක්ෂණ සහිත, බොහෝ දුරට සාර්ථක චිත්‍රපටියක් ල…

Mourning.Grave.2014

ප්‍රථමයෙන්ම සියලු දෙනාටම සුභ නව වසරක් ප්‍රර්ථනා කරනවා. මම අද අරං ආවේ සම්මානනීය දකුණු කොරියානු හොල්මන් චිත්‍රපටියක්. මෙම චිත්‍රපටිය Comedy, Horror, Romance යටතේ වර්ග කොට තිබෙනවා. එමෙන්ම බොහොමයක් අසාර්ථක හොල්මන් චිත්‍රපටි මෙන් නොව, මේ චිත්‍රපටිය බොහෝ සාධනීය ලක්ෂණ සහිත, බොහෝ දුරට සාර්ථක චිත්‍රපටියක් ලෙස හැඳින්වීම නිවැරදියි. එමෙන්ම මේ වන විට, මෙම චිත්‍රපටියට 6.0ක් වැනි හොඳ IMDB අගයක් ද ලැබී තිබෙන බව කිව යුතුයි. කෙටියෙන්ම කීවොත් මෙම චිත්‍රපටිය, බැලුවාට පාඩු නැති, තෘප්තිමත් විය හැකි රසවින්දන මට්ටමක් සහිත, සාම්ප්‍රදායික බවින් බොහෝදුරට මිදුණු, 2014 වසරේ නිකුත් වූ නැවුම් තේමාවක් සහිත අගනා චිත්‍රපටියක් ලෙස හැඳින්විය හැකියි. මෙම චිත්‍රපටියේ රංගන දායකත්වය දක්වන නළු නිළියන් තම චරිත වලට සාධාරණයක් කොට ඇති බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

අපි දැන් චිත්‍රපටියේ කතාව දෙසට මඳක් හැරෙමු. මේ චිත්‍රපටියට මා යෙදු තේමාව දෙස බැලූ විගසම ඔබට මෙම චිත්‍රපටිය පිළිබඳව දල අදහසක් ගත හැකි යැයි මම සිතනවා. මන්ද යත් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන කන්ග් ඉන්-සූ, හොල්මන් දැකීමේ විශේෂ හැකියාවකින් යුක්තයි. ඔහු පමණක් නොව ඔහුගේ මාමටද මෙම හැකියාව පිහිටා තිබෙනවා. මේ නිසා ඔවුන්ට බොහෝ කරදර වලට මුහුණ පෑමට සිදු වෙනවා. කොහොමින් කොහොම හරි කන්ග් ඉන්-සූ, කුඩා කල යම්කිසි හේතුවක් නිසා හැර ගිය ගම් ප්‍රදේශයේ පාසලකට මාරු වී පැමිණෙනවා. මෙම පාසලේ මුහුණ වසා ගත් භයංකාර භූත ආත්මයක් සැරිසරන බව ඔහුට වැටහෙනවා. එමෙන්ම එම පාසෙලේ ම සුරූපී භූත තරුණියක් ද ඔහුට මුණ ගැසෙනවා. ඊට පස්සේ තමා හොඳම ටික පටන් ගන්නෙ. මේ මුහුණ වසා ගත් භයානක ආත්මය කවුද? ඒ ආත්මය මෙසේ පාසලේ සැරිසරන්නේ මන්ද? ඔහුට හමු වන සුරූපී භූත තරුණිය කවුද? මේ ඔක්කොටම පිළිතුරු, හොඳින් ගලා යන කතාවක් සහිත මේ චිත්‍රපටිය නරඹලාම සොයා ගන්න කියල මම ඔයාලට ආරාධනා කරනවා.

මතක ඇතුව comment එකක් දාල යන්න කියල ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. හැමදාම කියනව වගේ චිත්‍රපටිය නරඹල ඉවර වෙලාම comment එක දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.ඔබට ජය.

Mourning Grave (2014) on IMDb

 

 

368 MB (BR) කොපිය මෙතනින් බාගන්න

55B2F5503B7492D479ACD6B79A7F13CF9365A70B

1.07 GB (BR) කොපිය මෙතනින් බාගන්න

AF48D84E44311A7AE5FB88FA3E16583C27D702B1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,204 downloadsDownload Mourning-Grave-2014.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/IsharaV.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර වෙත්තසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉෂාර වෙත්තසිංහ

Subtitles

5,204 downloadsDownload Subtitles51 KB

52 comments

  1. shiron

    sira movie ekak any way am the first

    1. kasun

      thanks

  2. Darshana

    tnxxx machan, Penguins.of.Madagascar.2014 eka denna kauruth neddoooooooooooooooooooo

  3. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  4. නලින්

    ස්තුතියි ඉෂාර ස‍ෙහෝ.. මෙක නම් ‍අ‍ායේ සුපිරිම කථාවක් වගේ ලිපිය බැලුවම තෙරුනේ..

    ජය වේවා!

  5. Sach

    සබට තුති සහෝ !!

  6. කැලුම් ගුණසේකර

    360 කොපිය නම් දුන්න එක ගොඩක් වටිනවා. ස්තූතියි සහෝ උපසිරැසියට.

  7. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  8. D.chamar

    thanks sahoo balnna oni hodai wage me kathwa thanks

  9. sachintha prabhath

    thank you brother horor balana kattiya aduy ne.

  10. chamara southern

    thanks ishara malli , thama baluwenam naha honday wage oya kiyana widiyata... obata jaya

  11. Kulanjana Maduranga

    niayamai…thanks ISHARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. Suu

    Thankuuuu :) :)

  13. danushka

    thanks machan ,,,,jaya wewa!!!

  14. sachira Bhanu

    thannx bro.me dan bave.

    1. sachira

      mama adama baluwa. amuthuma widiye aadarayath gabunu apuru rasawath kathawak.anthima wenakan hariyata therune na.bohoma sthuthi me nirmaanayata.

  15. Dish

    tnx movie & sub 1ta

  16. sajeevi

    thanks

  17. රවිඳු නිපුන්

    අමුතුම කතාවක් වගෙයි...
    බලන්න ඕන...
    තෑන්ක්ස් සබ් එකට සහෝ..

  18. prabhath

    ela thanks

  19. වරුණ රංගජිත් (වරූ)

    නියමයි ඉෂාර..
    උපසිරැසියට තුති..
    ජයම වේවා...!!!

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  21. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  22. indika

    thnq :)

  23. Sanjaya

    Thanks Ishara Saho..... Sub akata Bohoma Pin

  24. nimal

    niyamai machan.
    sab aka niyameta tibuna.
    godak stuti.

  25. ruchira kavinda

    සබ හරිම ලස්සනට දාලා තිබුණා
    ගොඩක් ස්තූතියි

  26. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයමු..
    ජයවේවා..!

  27. නුවන්

    නියම ෆිල්ම් එක.
    සබ් එකට ගොඩක් ස්තූතියි.

  28. රුසිරු

    සබ් එකට ස්තූතියි මචෝ.

  29. dik

    thanx..............

  30. “චූටී මල්ලි”

    ෆිල්ම් එක හම්බ උනා
    බලන්න ඔනි
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය.............

  31. රොයිලි

    බොහොම ස්තූතියි ඉෂාර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. ඉෂාර වෙත්තසිංහ

    අදහස් දැක්වූ ඔබ සියලු දෙනාට බොහොමත්ම ස්තූතියි.
    ඔබට ජය.......................

  33. SK

    Thanx Saho.. Elaaa...

  34. ghyss

    niyamai saho...........
    patta.

  35. dulanjana

    thanx bro.........................

  36. සජාන්

    ඔන්න බලල ඉවර වෙලාම කොමෙන්ට් එක දැම්ම
    පට්ට ෆිල්ම් එක හොඳේ
    thanxxxxxxxxxxxxxxxxx

  37. සුදේශ්

    thank you.

  38. Menu

    ස්තුතියි සහෝ.. :)

  39. Shashi

    Thank you... :)

  40. kasun

    Film එක සුුපිරියි. උපසිරසි වලට Tanks

  41. kasun

  42. nlba

    patta film eka

  43. nadun

    sab ekata stuti...........

  44. sudaraka nivantha

    නියමයි සහෝ..............

  45. Neha

    super aiya tnx......

  46. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  47. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  48. නාරා

    4 years after last comment.
    Sub එකට ස්තූතියි....❤

  49. Ravindra

    Thanks sub ekata

  50. nilanka

    thanks.....