Watch Trailer

Jaws (1975) | මෝරා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ?සෑහෙන කාලෙකට පස්සෙ මගෙ දෙවෙනි උපසිරැසියත් අරගෙන ආවා. මම මේක බාර අරන් ගොඩක් කල්. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මේ සැරේ තෝරගත්තෙ IMDB හොඳම 250 අතරෙ තියෙන සම්මාන පිට සම්මාන දිනපු චිත්‍රපටයක්. අගය 8.1 ක් මේකට හිමිවෙලා තියෙනවා. Drama, Thriller ගණයට වැටෙන ෆිල්ම් එකක්. පීටර් බෙන්චිලිගේ නවකතාව…

Jaws (1975)

කොහොමද යාළුවනේ?සෑහෙන කාලෙකට පස්සෙ මගෙ දෙවෙනි උපසිරැසියත් අරගෙන ආවා. මම මේක බාර අරන් ගොඩක් කල්. ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා. මේ සැරේ තෝරගත්තෙ IMDB හොඳම 250 අතරෙ තියෙන සම්මාන පිට සම්මාන දිනපු චිත්‍රපටයක්. අගය 8.1 ක් මේකට හිමිවෙලා තියෙනවා. Drama, Thriller ගණයට වැටෙන ෆිල්ම් එකක්. පීටර් බෙන්චිලිගේ නවකතාවක් ඇසුරින් හදපු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ස්ටීවන් ස්පිල්බර්ග් විසින්. මේ දෙන්නගේම එකතුවෙන් කරපු ජුරාසික් පාක් චිත්‍රපට මාලාවත් ගොඩක් ජනප්‍රිය වුණානේ. මේක නිකුත් වුණේ 1975දි. ඔස්කා සම්මාන උළෙලෙදි හොඳම සංස්කරණය, හොඳම ශබ්ද පරිපාලනය හා හොඳම සංගීතය යන අංශ තුනටම සම්මාන දිනාගත්තා. මේ ෆිල්ම් එක සිංහලට පරිවර්තනය කරලත් තියෙනවා චන්දන මෙන්ඩිස් මහතා විසින්. ඒත් ඒ කථාවෙයි ෆිල්ම් එකෙයි පොඩි වෙනස්කම් ටිකකුත් තියෙනවා.

නළු නිළියො ගැන කියනවා නම්, Roy Scheider, Robert Shaw, Richard Dreyfuss, Lorraine Gary, Murray Hamilton වැනි අය රංගනයෙන් දායක වෙනවා. ෆිල්ම් එක ටිකක් පරණ වුණත් පරණයි කියලා හිතන්න බැරි තරමට හොඳින් මේක නිපදවල තියනවා. තොරතුරු හොයනකම් මම දැනගෙන හිටියෙත් නෑ පරණ ෆිල්ම් එකක් කියලා. ඔයාලම බලන්නකෝ. පරණ ෆිල්ම් කියලා අහක දාන්න නම් එපා හොඳේ.

දැන් කතාව පැත්තට හැරෙමු. ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරක පාරාදීසයක් වෙන ඇමිටි කියන නගරේ වෙරළට මිනී මෝරෙක් කඩා වදිනවා. මුලින්ම තරුණියක් මේ මෝරට ගොදුරු වෙනවා. ඒත් නගරාධිපති සහ නගරේ ව්‍යාපාරිකයො එකතු වෙලා මේ සිද්ධිය යටගහනවා සංචාරකයො එන එක අඩු වෙන නිසා. ඒත් නගරේ පොලිස් ප්‍රධානි බ්රූඩි මේකට විරුද්ධයි. වෙරළ වහපු නැති එකේ ප්‍රතිඵලේ විදිහට තවත් අහිංසක මිනිස්සු මෝරට බිළිවෙනවා. අන්තිමට චීෆ් බ්රූඩි ඇතුළු තුන් දෙනෙක්ගෙ කණ්ඩායමක් මෝරව මරන්න ඉදිරිපත් වෙනවා.

ඉතින් යාළුවනේ එතනින් එහාට මොනවා වෙනවද කියලා ඔයාලම බලන්නකෝ. ඇත්තටම මේක චිත්‍රපට මාලාවක පළමු චිත්‍රපටය. මට බැරිවුණොත් බයිස්කෝප් අඩවියෙ කවුරුහරි සහෝදරයෙක් ඉතිරි ෆිල්ම් ටිකට සබ් දෙයි. මතක ඇතුව කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. අපිට තියෙන එකම සතුට ඒකනේ. මගේ පළවෙනි ෆිල්ම් එකට අදහස් දක්වපු, නොදක්වපු හැමෝටමත් මම මේ වෙලාවෙ ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම්..ආයෙත් හමුවෙනකම් හැමෝටම ජය!!!

Jaws (1975) on IMDb

 

 

903 MB (BR) කොපිය මෙතනින් බාගන්න

b21a75e19545b21a2c257fadbda785e8af40fa6c ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,120 downloadsDownload Jaws.1975.baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/-ජයසූරිය-e1409515100721.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,120 downloadsDownload Subtitles45 KB

37 comments

  1. ජයනාත් වීරසිංහ

    සුපිරි චිත්‍රපටයක්....
    උපසිරැසියට ස්තූතියි
    ජය වේවා!

    1. kasun

      ela degatama sub danna suba pathanawa

  2. Oshan

    Menna mulma cmnt eka man hode :D hoda film ekak thnX sahoooo

  3. Kulanjana Maduranga

    niayamai…thanks SHOHAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. asiri

    maxxama film akaka meyka aniwa balanna hamoma

  5. Sohan jayasooriya

    අදහස් දක්වපු සහ අදහස් දක්වන හැමෝටම ගොඩක් ස්තුතියි යාලුවනේ..!!!හැමෝටම ස්තූති කරන්නයි මේ කමෙන්ට් එක දාන්නෙ...ඔයාලා හැමෝගෙම අදහස් මට ගොඩක් වටිනවා..

  6. වරුණ රංගජිත් (වරූ)

    මේක ඉතින් නොබා පුළුවනැයි කොල්ලෝ ඉතින්..
    අනිවා බානවා..
    සුබ පැතුම් 2 උපසිරැසි නිර්මාණයට...
    ජයම වේවා..!!!

  7. Snake Raj

    මන් නම් කෝමත් මේක බාගන්නව. කියල තීන විදියට සුප්ප ෆිල්ම් එකක් වගේ. සබ් එකට තෑන්ක්ස්.

  8. ශාමල් මනෝජන්

    එල එල. නියම ෆිල්ම් එකක්න‍ෙ දීලාන‍ෙ.
    සබට ස්තුතියි.
    Jaws series එකම ඕන‍ෙ.
    නැතිනම් වැඩක් නෑ.

    Jaws - 1975
    Jaws 2 - 1978
    Jaws 3-D - 1983
    Jaws: The Revenge - 1987

    පට්ටම film series එකක් තමයි Jaws.

  9. fizal

    ela mamchan pattaaaaaa

  10. lk

    maxxa maxxa

  11. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  12. madhumadhavi

    මගේ පෞද්ගලික චිත්‍රපට දර්ශකයේ අංක 1. ඔබ කරන මෙහෙය ඉතා අගෙයි.
    චන්දන මෙන්ඩිස් පරිවර්තනය කලේ පීටර් බෙන්ච්ලිගේ නවකතාව මිස චිත්‍රපටය නොවෙයි. එහිදීත් තිබුණු ප්‍රධාන වෙනස මැතිව් හූපර් සහ එලන් බෘඩි අතර ඇතිවන සම්බන්ධය පරිවර්තනයේ ඇතුලත් නොවීම.

    1. Sohan Jayasooriya

      Ow saho..eth thawa wenasak tyenawa neda?pothe tiyenne matew huper marenawa kiyala..eth film eke ehema wenne ne neda?

  13. නලින්

    ස්තුතියි සෙහාන් සහෝ.. මේ කථා ‍සැට් එකම බලලා තියෙනවා.. එත් මුල් දෙක තරම් අනික්වා එච්චර සාර්ථක ‍නැහැ. කියලයි මගේ අදහස.. කෙහිහැටි වෙතත්.. නියම ෆුලුම් කියලා නම් කියන්නම ඔනේ..

    ජය වේවා!

  14. indika

    thanks

  15. sanjeewa

    thanks

  16. thisal

    එල එල පරන උනත මැක්සා බඩුවක් තැන්ක්ස් සබට අනිවා බැමක්

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  18. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  19. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයමු..
    ජයවේවා..!

  20. “චූටී මල්ලි”

    මේ සෙට් එකෙ එකක් බැලුවා
    කෝකද කියලා මතක නෑ
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය.............

  21. රොයිලි

    බොහොම ස්තූතියි සොහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. [email protected]

    මම ඊයේ මේක බැලුවේ. ගොඩක් ස්තුතියි උපසිරසියට. පරණ එකක් නිසාමයි තෝරාගෙන බැලුවේ.

  23. Imasha

    Thanks. It's really really nice..

  24. supun

    elow macho....thankz

  25. Amalka

    Thanks sub ekata

  26. praneeth madu

    බොහොම ස්තුතියි

  27. LSM HUSKAA

    නියමයි සහෝ…ස්තුතියි..

  28. ruksi

    Thnx

  29. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  30. ricadodamien

    Thank You Jayasuriya brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team......

  31. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  32. Isala wickramasuriya

    thank you aiye

  33. Anonymous

    Thanks Brother

  34. pasindu

    බොහොම ස්තූතියි සහෝදරයා වෙච්ච මහන්සියට

  35. Thisara Prabhath Senarathne

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.