Watch Trailer

Mousehunt (1997) | මී දඩයම… [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ ප්‍රථම සිංහල උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටය ඔයාල ගොඩක් දෙනෙක් දැනටමත් නරඹලා ඇති. මම හිතන්නෙ රූපවාහිනියෙනුත් කිහිප වතාවක්ම මේ චිත්‍රපටය විකාශනය වෙලා තියෙනවා. ඒත් ආපහු වතාවක් නැරඹුවයි කියලා මේ චිත්‍රපටයෙන් ලැබෙන රසය නම් අඩු වෙන එකක් නෑ. විශේෂයෙන්ම සිංහල උපසිරැසිත් එක්ක නැවත නරඹනකොට එය වඩාත් ර…

Mousehunt (1997)

මේ මගේ ප්‍රථම සිංහල උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටය ඔයාල ගොඩක් දෙනෙක් දැනටමත් නරඹලා ඇති. මම හිතන්නෙ රූපවාහිනියෙනුත් කිහිප වතාවක්ම මේ චිත්‍රපටය විකාශනය වෙලා තියෙනවා. ඒත් ආපහු වතාවක් නැරඹුවයි කියලා මේ චිත්‍රපටයෙන් ලැබෙන රසය නම් අඩු වෙන එකක් නෑ. විශේෂයෙන්ම සිංහල උපසිරැසිත් එක්ක නැවත නරඹනකොට එය වඩාත් රසවත් වෙයි.

1997 දී තිරගත වූ මේ චිත්‍රපටය පවුලේ සැමට නරඹන්න පුළුවන් ඉතා විනෝදාත්මක ඇමරිකානු චිත්‍රපටියක්. 20 වන ශතවර්ෂයේ කාල වකවානුවක (1940-1970 වැනි) තමයි මෙහි කතාව ගොඩනැගෙන්නෙ. කතාව ගෙතෙන්නෙ සහෝදරයන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ නිවසේ ජීවත් වන කරදරකාර මීයෙකු වටායි. අර්නස්ට් (Nathan Lane) සහ ලාර්ස් (Lee Evans) නම් වන මේ අයිය මලෝ දෙන්නට නූල් කම්හලක අයිතිකරුවකු වූ ඔවුන්ගේ පියාගෙන් පැරණි නිවසක් උරුම වෙනවා. මේ නිවස ශ්‍රේෂ්ට ගෘහනිර්මාණ ශිල්පියෙකු ගේ එතෙක් සොයා ගත නොහැකිව තිබූ වටිනා නිර්මාණයක් බව ඔවුන් එහි පදිංචියට ගිය පසු දැනගන්න ලැබෙනවා.  බංකොලොත් වූ නූල් ෆැක්ටරියක් හැර වෙනත් වටිනා කිසිවක් මේ සොහොයුරන්ට තමන්ගේ පියාගෙන් උරුම නොවූ නිසා ඔවුන් මෙම වටිනා නිවස වෙන්දේසි කර විකුණා දමා ඉන් ලැබෙන මුදලින් ගොඩයාමට සැලසුම් කරනවා. ඒ වෙනකොට අර්නි (අයියා) ගේ රැකියාවත් නැතිවෙලා, ඒ වගේම ලාර්ස් (මල්ලි) ව ඔහුගේ බිරිඳ විසින් ගෙයින් දොට්ට දාලයි තියෙන්නෙ. ඉතින් මේ දෙන්නගෙ එකම ගැලවීම තමයි මේ නිවස විශල මුදලකට විකුණගන්න එක. හැබැයි මේ ගෙදර ඉන්න මීයෙක් ඔවුන්ට මහත් හිසරදයක් බවට පත් වෙනවා. අයියයි මල්ලියි දෙන්නා මේ මීයව අල්ලන්න දන්න සියලු සෙල්ලම් දැම්මත්, බුද්ධිමත් වගේම කපටි මීයා ඒ හැම උගුලකින්ම ගැලවිලා යනවා. අවසානයේදී මීයා නිසා ඔවුන්ගේ සියළු සිහින විනාශ වෙලා යනවා. නමුත් ඒ මීයම අවසානයේදී ඔවුන්ට ගොඩ යන්න නියම මාර්ගයත් පෙන්නලා දෙනවා.

සමහරවිට අපිට පරම්පරාවෙන් උරුම වෙන දේවල් වල වටිනාකමක් නොතේරුණත්, ඒවයෙ නියම වටිනාකම නියම වෙලාවෙදි මතුවෙන්න පුළුවන් නිසා ඒ දේවල් කවදාවත් අවතක්සේරු කරන එක එතරම් හොඳ දෙයක් නෙමෙයි කියලා ඔයාලට තේරුම් යාවි මේ චිත්‍රපටය නැරඹුවාම.

ඇති වෙනකන් හිනා වෙන්න පුළුවන් මේ චිත්‍රපටය  Gore Verbinski ගේ අධ්‍යක්ෂණයක්. ආදායම් අතින් ඉතා සාර්ථක චිත්‍රපටියක් වූ මෙය, ලොව පුරා තිරගත වීමෙන් ඩොලර් මිලියන 122 කට අධික ආදායමක් උපයාගෙන තිබෙනවා.  

ඉතින් හොඳට හිනාවෙන්න ලෑස්ති වෙලා මේ චිත්‍රපටය සිංහල උපසිරැසිත් එක්ක නරඹලා බලන්න කියල මම ඔයාල හැමෝටම ආරාධනා කරනවා… 

Mousehunt (1997) on IMDb

 

 

6,387 downloadsDownload Mousehunt-1997.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික රවිනාථ ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

6,387 downloadsDownload Subtitles41 KB

30 comments

  1. Ranil srimal

    බොහොම ස්තූතියි සහෝ, සිංහල උපසි‍රැසියට.
    සාදරයෙන් පිළිගන්නවා, බයිස්කෝප් උපසි‍රැසි කණ්ඩායමට.
    මේක කිහිප වතාවක්ම බැලුවා. ලස්සන ‍ෆිල්ම් එකක්. :)
    දිගටම සබ් දෙන්න, අවැසි ශක්තිය ලැබේවා.

  2. රුවන් කාරියවසම්

    Film එකේ trailer එකට අනුව නම් හොඳයි වගේ.. මං සාමාන්‍යයෙන් උප සිරැසි download කරන්නේ නෑ. Film එක හඳුන්වලා දුන්නට ස්තූතියි.

  3. VIDEOS|9

    thank you ..!!!

  4. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    බොහෝම ස්තුතියි උපසිරැසියට.
    සාදරයෙන් බයිස්කෝප් අඩවියට පිලිගන්නවා.
    මමත් කිසිප වතාවක්ම බලමු ෆිල්ම් එකක්.
    හරිම ලස්සන කතාවක්.

    තව තවත් උපසිරැසි දෙන්න හැකියාව ලැබේවා....!!!

  5. නලින් පෙරේරා

    ස්තුතියි චාමික සහෝ.. ආය‍ේ කථා කරලා වැඩක් නැ.. මෙක බලලා නැත්තන්..

    නියමයි සහෝ..

    ජය ‍ වේවා!

  6. Sach

    නියම ෆිලුමක් සහෝ !!!!
    දිගටම සබ් දෙමු !!

  7. දීප්ත තුෂාර

    සාදරෙන් පිළිගන්නවා බයිස්කොප් සිංහලෙන් උපිසිරැසි මණ්ඩලයට. මේ අවුරුද්දෙත් අළුත් අය හුගක් ආපු එක ගැන ගොඩාක් සතුටුයි. මම අළුතෙන් මේ අඩවියට එද්දි ලැබුණ උපදෙසක් මම ඔයාටත් දෙන්න කැමතියි. පුළුවන් තරම් රූපවාහානියේ නොගියපු ඒවා තෝරගන්න බලන්න. මොකද ඔයා මහන්සියෙන් කරන සබ් එක හැමෝම ආසවෙන් බලන්න එපැයි. අත්දැකීමක් එක්කයි මම මේක කියන්නේ. නමුත් මේක පරණම එකක් නිසා ලොකූ අවුලක් නැහැ. ඔන්න මාත් බාන්න දැම්මා. ඉදිරියටම යමු. සබට තුති

  8. chandana

    bohOma sthuthiyi sahO oyaata

  9. වරුණ රංගජිත් (වරූ)

    නියමයි චාමික සහෝ..
    පළමු නිර්මාණයට සුබපැතුම්
    දිගටම බයිස්කෝප් එක්ක ඉන්න..
    ජයම වේවා..!!!

  10. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHAMIKA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. I.W.M.S Ilangakoon

    ELA ,, SUPIRI FILUMAK TAMA,,,
    KALIN BALALA TIYENAWA,,
    DIGATAMA DEMU,,,

  13. සමිර කුවේට්

    පට්ට මචන් ඔන්න අපි download කරනවා..

  14. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ
    මාත් කිහිප වතාවක් නරඹා තියෙන ෆිලුමක්.
    සින්හල සබ් ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි.
    පලමු උත්සාහයට සුබ පතනවා.
    දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!
    දිගටම අඩවිය සමඟ ඉන්න.
    ජයෙන් ජයම වේවා!!!!

  15. තිසර නියෝ

    නියමයි
    :P
    පලමු උත්සාහයට සුබ පතනවා.

    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා!

  16. sanjeewa

    thanks

  17. Yenu

    Thank You...........

  18. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  19. Jack

    පලමු වැඩේට සුබ පැතුම් මචෝ.
    දිගටම වැඩේ කරන්න.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  20. ඉෂාර වෙත්තසිංහ

    මේක පරණ වුනත් සුපිරි ෆිල්ම් එකක් සහෝ..............
    දිගටම සබ් දෙන්න සහෝ...............
    ඔබට ජය............

  21. “චූටී මල්ලි”

    බලයිද කියන එක ශුවර් නෑ
    එල වැඩක්
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය.............

  22. ධනු

    මේකනම් කිහිප වතාවක්ම බලල තියෙයි.
    ඒ උනාට බොහොම ස්තුතියි නොබලපු කෙනෙක් වෙනුවෙන් මෙය ලබා දුන්නට.
    ඒ වගේම් බයිස්කෝප් සිංහලෙන් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.තව උපසිරැසි දෙමු! ජය වේවා!

  23. රොයිලි

    බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  24. චාමික රවිනාථ

    මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය ගැන අදහස් දක්වමින් මාව දිරිමත් කළ ඔබ සියල්ලන්ටම බෙහෙවින් ස්තූතියි. :)

  25. Menu

    mage asama movie ekak... Thank you bro!!! Good luck :)

  26. Johnson

    Meka issara Sirase hema iscola niwadu kalekama udeta pennana fulm ekak. e kale beluwata passe beluwema ne, ai balannna asai. sub ekata thanks

  27. enosh2001

    podi kale sirase baluwe aye balnda hithuna. thanks subs walata

  28. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

  29. NIRAN S. PERERA

    me sub file eka wada karanne na

    1. Ravindu Heshan - Admin

      Dan wada Saho