Watch Trailer

Mr. Church (2016) with Sinhala Subtitles | අපිට කෝකියෙක් ඉන්නවා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්? මගේ නම චාලට් මරී බෘක්ස් හැමෝම මට කියන්නෙ චාලි කියල. මට තාත්ත කෙනෙක් නැහැ. මගේ අම්මට පියයුරු පිළිකාවක් තිබුණා. අපිට හරිහැටි සල්ලි බාගේ තිබුණේ නෑ. කොහොමවුණත් මට පුද්ගලික ඉස්කේලෙකට යන්න පුළුවන්කම ලැබුණා ඒ ඉස්කෝලෙන් මම වගේ අසරණ මුදල් අවශ්‍යතා තියෙන දුප්පත් ළමයින්ව ගත්තු නිසා. වෛද්‍යවරුන්…

Mr. Church (2016)

කොහොමද ඉතින්? මගේ නම චාලට් මරී බෘක්ස් හැමෝම මට කියන්නෙ චාලි කියල. මට තාත්ත කෙනෙක් නැහැ. මගේ අම්මට පියයුරු පිළිකාවක් තිබුණා. අපිට හරිහැටි සල්ලි බාගේ තිබුණේ නෑ. කොහොමවුණත් මට පුද්ගලික ඉස්කේලෙකට යන්න පුළුවන්කම ලැබුණා ඒ ඉස්කෝලෙන් මම වගේ අසරණ මුදල් අවශ්‍යතා තියෙන දුප්පත් ළමයින්ව ගත්තු නිසා. වෛද්‍යවරුන් කියලා තියෙන්නේ අම්මා තව මාස හයකින් ජීවිතයෙන් සමුගන්නව කියලයි. හැබැයි මට ඒ ගැන කවුරුවත් කිව්වෙ නැහැ. හරිම අසාධාරණයි නේද? ඔන්න ඉතින් දවසක්දා මම උදේ පාන්දර නැඟිටිනකොට මෙන්න බොලේ අපේ ගෙදරට කළු ජාතිකයෙක් ඇවිත් කුස්සියට වෙලා මොනාදෝ උය උය ඉන්නව. ඉතින් මම කාමරේට දුවගෙන ගිහින් අම්මට මේ ගැන කිව්වා. අම්මා එතකොට මට කිව්වේ ඒ අපේ ගෙදරට ආපු අලුත් කෝකියා, මිස්ටර් චර්ච් කියලා. ඒත් කොහොමද එහෙම කෙනෙක් ආවේ. මම ඒ ගැනත් ඇහුවා එතකොට අම්මා මෙහෙම කිව්වා. රිචඩ් කියල මහත්තයෙක් අපේ අම්මට කලින් ආදරේ කරල තියෙනවලු. ඉතින් මං කල්පනා කරේ ඒත් ඉතින් එයා මගේ තාත්තාවත් නොවුණෙ ඇයි කියලා. බැලින්නම ඒ වෙනකොටත් රිචඩ් විවාහක කෙනෙක්ලු. අම්ම ඒක දැනගත්තට පස්සේ රිචඩ් එක්ක තිබුණු සම්බන්ධකං නවත්තලා. ඔහොම කාලේ ගෙවීගෙන යද්දී රිචඩ් මහත්තයා අසනීප වෙලා. ඔයාලා දන්නවද එයා මගේ අම්මට අන්තිමට කිව්ව වචන ටික මොනාද කියල? එයා අම්මට කිව්වලු එයා මැරෙන තුරුත් ඉන් එහාට උපරිමේටත් අම්මව බලාගන්නව කියලා. පස්සේ රිචඩ් මහත්තයා මැරිලා. ඉතින් මට එතකොට තමයි තේරුම් ගියේ මිස්ටර් චර්ච් කියන්නේ අර රිචඩ් මහත්තයා “ඉන් එහාට උපරිමේටත්” කියලා කිව්ව දේ ප්‍රථිපලයක් කියලා. එහෙනම් රිචඩ් මහත්තයායි මාස 6කට ඇතිවෙන්න කෝකියෙක්ව අපිට දුන්නේ. එයා අම්මට ගොඩක් ආදරේ කරල තියෙනවා. දන්නවද? කෝකියෙක් විතරක්ම නෙමෙයි අපේ බිල්වලට, කුලී ගාස්තුවලට, බේත් හේත් වලට යන වියහියදං පියවගන්නත් රිචඩ් මහත්තයා මිස්ටර් චර්ච්ට බැංකු ගිණුමකුත් විවෘත කරල දීලා. ඔය කොයික වුණත් මට නම් ඔය කලු මිනිහව ඇල්ලුවෙම නෑ, මං උත්සහ කෙරුවෙම එයත් එක්ක හිත් නොහොඳින් ඉන්න. හදල දෙන කෑමවත් කෑවෙ නෑ… ඉතින් මේ මාස 6යේ කාලයේ මොන වගේ දේවල් සිද්ධ වෙයිද? විශේෂෙන් අර එපා කරපු මිස්ට චර්ච් එක්ක ඉන්න එක මට මොන වගේ වෙයිද? ඒ මාස 6ට පස්සේ තාත්තා කෙනෙක්වත් නොහිටිය මට අම්මත් නැති වුණාම? ඒ මදිවට අම්මයි මිස්ට චර්චුයි ගොඩක් දේවල් මගෙන්  හංගනව, රහස් තියං ඉන්නව. ඒ රහස් මොනාද? මට ඒ රහස් දැනගන්න පුළුවන් වෙයිද? ඒ හැමදේකටම උත්තර දැනගන්න අපේ මේ ජීවිත කතාව නරඹන්න කියලා ඔයාලා හැමොටම මම ආරාධනා කරනවා. මට විශ්වාසයි මේ කතාව පටන්ගනිද්දි ඔයාලා බලාපොරොත්තු වෙන කතාව නෙමෙයි අවසාන වෙද්දි වෙන්නෙ. නොහිතපු දෙයක් වෙයි. ආශ්චර්යක් කිව්වොත් මං හරිද මන්දා? හරිම කුතුහලයකින් කතාව බලන්න පුළුවන් වෙයි..

ඒ චාලි කියපු දේනේ… දැන් මට පොඩ්ඩක් අවසරයි. සැප්තැම්බර් 16 වෙනිදා පළමු වරට තිරගත වුණු මේ චිත්‍රපටය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණු එකක්. අධ්‍යක්ෂණය Bruce Beresford විසින්ද, චිත්‍රපට රචනය Susan McMartin විසින්ද කර තිබෙනවා. අපි කවුරුත් දන්න කියන Eddie Murphy චිත්‍රපටයක අපිට Eddie Murphyව දකින්න ලැබෙන්නේ අවුරුදු 4කට පස්සේ, ඒ වගේම Britt Robertson මෙහි රංගනයෙන් දායක වෙනවා. මෙයානම් මම කලින් දුන්න චිත්‍රපටයේත් හිටියා මතක අැති. Natascha McElhone සහ Xavier Samuel විසින්ද ඉතාමත් දක්ෂ විදිහට ප්‍රධාන චරිත රඟ දක්වා ඇති අතර IMDb 7.7ක ඉහළ අගයක් ගන්න සමත් වෙලා තියෙනව ඒ වගේම දැනට සම්මාන දෙකකට නිර්දේශ වෙලා තියෙනව.මුලින්ම විමාට ස්තුති කරල ඉන්නව මේ චිත්‍රපටය මට ලබා දුන්න එක ගැන. ඒ වගේම සයිට් එක මේ ළඟදි ඩවුන් වුණ වෙලාවේ තමන්ට හැකි  විදිහට උදව්වට හිටිය හැමෝටම ස්තුතියි කියන්න මං මේක අවස්ථාවක් කරගන්නවා.

“පොතක් කියවන්න තියෙන්නේ පටන්ගැන්මෙ ඉඳං අවසානෙට…
ඒත් හොඳටම තේරුම්ගන්නෙ අවසානේ ඉඳං පටන්ගැන්මට…”

තවත් උපසිරසකින් හමුවෙමු!

Mother's Day (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

3,539 downloadsDownload Mr..Church.2016.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/L.C.De_.Mal_.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

3,539 downloadsDownload Subtitles55 KB

31 comments

  1. දමිත්

    නියමයි සහෝ..
    දිගටම සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා!

  2. Chinthaka

    bohoma sthuthi saho...

  3. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  4. Sajith Thilakarathne

    thanks saho sub ekata
    lipiya liyeuwama balannama hithenawa.....

  5. mithun

    ලිපිය නම් බොහොම අපූරුයි සිත් ඇදගන්න විදියෙ තියෙ ..
    චිත්‍රපට සෑහෙන දවසක් උනත් ඇවිදින් උපසිරැසි නැති නිසා ගත්‍තෙ නෑ චිත්‍රපට අමතක වෙලාවක්දො කියා හිතුව මම බලන්න අස කරන විදියෙ drama great චිත්‍රපටයක් ගොඩක් ස්තුතියි උපසිරැසි ගැන නම් සහෝ සතුටුයි දිගටම දෙන්න චිත්‍රපට god job bro thx

  6. abj king

    thanks

  7. Zeal

    Thanx broooo

  8. Hasini Udara

    me sub eka 720p ekata galapei neda?

    1. එල්.සී. දමැල්

      ඔව් 720p yts copy එකට වැඩ... Br කිව්වම 720p 1080p 2කටම ගැළපෙනව...

    2. Hasini Udara

      ahh thnx ea gana danagena hitiye na mama

  9. අසිත

    elama saho thanks

  10. Dulanga

    Thanks

  11. Dasitha147

    bohoma sthuthie saho obalage kalaya shramaya weya karagena apage sathuta vinodaya pinisa mema films tv serieses walata sinhala upasirasi laba dima pilibandawa! aththatama oyalage me upasirasi hinda thamai api mechchara films balanneth. oyalage sewaya koi tharamda kiyla kiyanna wachana na. samaja sathkarayak me.. obalata jaya!

  12. D

    THnq

  13. Brother007

    ela ela... tq wewa...

  14. අසංක ප්‍රදීප් රණතුංග

    සහෝ කියන්න ඕන ඔයාගේ උපසිරසි සඳහා චිත්‍රපට වෙන්කර ගැනීම විශ්ෂ්ටයි කියල. මොකද ඔයා දුන්න ඇනිමේෂන් චිත්‍රපට ටික පැත්තකින් තිබ්බත් අනිත් චිත්‍රපට ටික සුපිරිම ඒවා. හිත නිදහස්ව තියාගෙන විනෝදය වගේම තව මොනවා හරි දෙයක් හිතට ගන්න ඕන නම් (මට ඒ හැඟීම කියන්න තේරෙන්නේ නැ) ඔයා දෙන චිත්‍රපටයක් බලන්න ඕන. මම දිනකට එක චිත්‍රපටයක් අනිවාර්යයන් බලනවා. ඔයාගේ උපසිරසියක් ලැබුනොත් මම ඒ චිත්‍රපටය බාගත කරන්න දෙපාරක් හිතන්නේ නැ. මොකද කලින් දුන්න ඒවා බලල තියන හින්ද දන්නවා දෙන ඕනෑම එකක් අනිවාර්යයන් හොඳ එකක් වෙන්න ඕන කියල.

    ඉතින් මේ උපසිරසියට ස්තුතියි. ඉදිරියටත් තව හොඳ නිර්මාණ බලාපොරොත්තු වෙනවා.

    බුදු සරණයි...!

    1. එල්.සී. දමැල්

      සහෝ බොහොම ස්තුතියි. මම හරිම කැමතියි මේ වගේ අවංක අදහස්වලට.

  15. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. praneeth madu

    බොහෝම ස්තුතියි

  18. Kalana Wasala

    Generator Rex onna oya tv serise akata sub dendako
    Thanks for sub keep it up bro

  19. kapila

    බොහොම ස්තූතියි සහෝ

  20. soori

    විශිෂ්ට චිත්‍රපටයක්. එඩී මර්ෆිගේ කොතරම් චිත්‍රපට නරඹා තිබුනත් මෙය සම්මානයක් ලැබිය යුතුම මට්ටමේ චිත්‍රපටයක් බවයි මට හැඟුනේ.... මුල සිට අග දක්වා ම ඇද බැඳ තබා ගන්නා චිත්‍රපටයක්. “පොතක් කියවන්න තියෙන්නේ පටන්ගැන්මෙ ඉඳං අවසානෙට…
    ඒත් හොඳටම තේරුම්ගන්නෙ අවසානේ ඉඳං පටන්ගැන්මට…” ඇත්තටම අවසානයේදී තමා නියම තේරුම දක්වන්නේ... ඉතින් එල්.සී.සහෝ බොහෝම ස්තුතියි මේ වගේ චිත්‍රපටයකට උපසිරැසි රැගෙන අාවාට....
    තවත් මේ වගේ විශිෂ්ට සිතුවමක් සමඟ අප හමුවෙන්න එන්න...

  21. Pragath

    sub eka danakan hitiye saho thanq

  22. Chami.S

    Thanks for the sub....

  23. ricado

    well enjoyed the movie with subtitles thank you very much for your work & god bless you all..........

  24. Tilantha1

    මේවගේ විශිෂ්ට චිත්‍රපටයකට උපසිරැසි දුන්නට බොහෝම ස්තුතියි සහෝ :)

  25. Kalindu Wasuka

    එඩි මර්ෆිගේ විශිෂ්ඨ රංගයක් කියලා දැනගන්න ලැබුනා.බොහෝම ස්තුතියි මේ වගේ කතාවකට උපසිරස ලබාදුන්න එකට

  26. හෂාන්

    බොහොම ස්තූතියි.....

  27. nimal dissanayake

    හිතක් පපුවක් තියෙන ඕනෑම මනුස්ස ප්‍රාණීයෙකුට
    නොහඬා බලන්න බැරි තරම් දුක්බර අර්ථවත් අතිසංවේදී
    ලස්සනම ලස්සන ෆිල්ම් එකක්!
    එල්. සී. ද මැල්
    සුපිරි වැඩක් ඔයා කරලා තියෙන්නේ.
    ගොඩක් ස්තුතියි!

  28. Anonymous

    සුපිරි ෆිල්ම් එකක්. තැන්ක්ස් සබ් එක හදල දුන්නට.