ආයුබෝවන් හැමෝටම! ඉතින් වෙනද වගේම අදත් කොරියානු චිත්‍රපටියකට සිංහල උපසැරසි අරන් ආපු මම චාමල් කැලුම්අතපත්තු.කලින් සතියෙ දුන්න ”The Phone” චිත්‍රපටියට හැමෝම කැමති වෙන්න ඇති කියල හිතනවා.ඒකට ප්‍රතිචාර දක්වපු හැමෝටමත් ස්තූතියි. ඒ වගේම 100 වන උපසැරසිය සම්පූර්ණ කල සමන් ප්‍රසාද් සහෝදරයට සුබ පතන්නත් මේ ලිපිය…

ආයුබෝවන් හැමෝටම! ඉතින් වෙනද වගේම අදත් කොරියානු චිත්‍රපටියකට සිංහල උපසැරසි අරන් ආපු මම චාමල් කැලුම්අතපත්තු.කලින් සතියෙ දුන්න ”The Phone” චිත්‍රපටියට හැමෝම කැමති වෙන්න ඇති කියල හිතනවා.ඒකට ප්‍රතිචාර දක්වපු හැමෝටමත් ස්තූතියි. ඒ වගේම 100 වන උපසැරසිය සම්පූර්ණ කල සමන් ප්‍රසාද් සහෝදරයට සුබ පතන්නත් මේ ලිපිය අවස්ථාවක්කරගන්නවා.
ඉතින් මම අද අරන් ආවෙ 2013 වර්ෂයේ ජූනි 27 තිරගත වුණ පැය 1යි විනාඩි 44 ක් දාවනය වන IMDb 6.4 ක අගයක් ගත්Thriller/Horror කාණ්ඩයට අයත්වන හොල්මන් වෙලා යන චිත්‍රපටියක්.ඉතින් කොරියන් බලන අය වගේම හොල්මන් කතා බලනඅයත් මග ඇර ගන්න ඕනෙ නැති චිත්‍රපටියක් තමයි මේක. කතාව ගැන කිව්වොත් මෙහෙමයි.. කන්ග් ජී යුන් (Lee Si-young) කියන්නෙ චිත්‍රකතා අඳින,කතා ලියල අන්තර්ජාලයට දානකොටින්ම කිවුවොත් වෙබ්ටූන් කරන කෙනෙක්.මෙයා කරන්නෙ හැබැයි ඝාතන සිද්දි තියන කතා.හොල්මන් ඇවිත් මිනිස්සුන්වමරණ සිද්දි.ඒ වගේම මෙයාට ලෙඩක් තියනවා.හීන දකිනවා ඒ වුණාට ඒව ඇත්ත වගේ.සාමාන්‍ය හීන නෙමෙයි දකින්නෙත්හැබැයි.හීන දැකල ඉවර වුණාට පස්සෙ ඇහෙරෙන්නෙ වාහනේ ඇතුලෙ දන්නෙවත් නැති පාරක.මේ වෙලාව ඇතුලත වෙන දේවල්මෙයාට මතක නෑ..
එතකොට කතාව පටන් ගන්නෙ ගෑණු කෙනෙක් මැරෙන සිද්දියකින්.මේ ගෑනු කෙනා තමයි කන්ග් ජී යුන්ගෙ ආයතනයෙප්‍රධානියා.මරණ පරීක්ෂක මේක දිවි නසා ගැනීමක් හැටියට නම් කරත්.. පොලීසිය මේ ගැන පරීක්ෂණ කරනකොට දැන ගන්නවා එයා මැරෙන්න කලින් කතා කරල තියෙන්නෙ කන්ග් ජි යුන්ට.ඒ වගේමතමයි කන්ග් ජී යුන් එයාට අන්තිමට එවපු චිත්‍ර කතාවෙ විදියටම තමයි මෙයා මැරිල තියෙන්නෙ.ඉතින් මේ ඝාතනයට අහු වෙන්නෙකන්ග් ජී යුන්ව.මේ කෙල්ලත් දැන ගන්නව මෙයා අඳින කතා හැම එකක්ම ඇත්ත වෙනව කියන්න.ඒ සිද්දියට පස්සෙ තවත්ඝාතනයක් වෙනවා.ඒක වෙන්න කලින් එයා ඒ සිද්දිය වෙන තැනට යනවා.ඒ කියන්නෙ මෝචරියට.. මෙයා දකිනව එතන ඉන්න ගෑණු කෙනෙක්.. ඒ වගේම මේ පරීක්ෂණය භාරව ඉන්න පොලිස් නිලධාරී දෙන්නත් (Lee Ki-cheol,Kim Young-soo)එතන්ට යනවා.. ඒයද්දිත් ඒ මිනිහා මැරිලා.ඉතින් සැකකාරව හිටපු කන්ග් ජී යුන්ව අත් අඩංගුවට ගන්නව එතනදිම.ඒත් මෙයා කියනව එයාව මැරුවෙගෑණු හොල්මනක් කියලා.ඒත් කවුරුත් පිළි ගන් නෑ.
පොලිස් නිලධාරියා මේ චිත්‍රකතා වල තියෙන දේවල් සහ කලින් ඝාතනයේ දුරකථන ඇමතුම් පණිවිඩයක් සහ තවත් සාක්ෂි නිසාමේ ඝාතන කරන්නෙ කන්ග් ජී යුන් කියල එයාට චෝදනා කරනවා.මොකද මේ චිත්‍ර කතා කන්ග් ජී යුන්ගෙ නිසා.ඒත් මෙයා පිළිගන්නව ඒ කතා එයා ඇදපුව නෙමේ කියලා.එයාට එන ඊ මේල් වලින් ගත්තුව කියලා මෙයා පාපොච්චාරණය කරනවා. එතකොට කවුද මෙයාට මේ චිත්‍රකතා මේල් කරන්නෙ?එතකොට ඇයි මේ මිනිස්සු මැරෙන්නෙ?කන්ග් ජී යුන් ඇත්තටම කිසිමවැරැද්දක් කරල නැද්ද?කියලා ඔයාලම බලන්න.. හාට් ඇටෑක් තියෙන අය පරිස්සමෙන් බලන්න.. තවත් උපසැරසියකින් හමුවෙනබලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.
.
බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
Killer.Toon.2013.720p.BluRay.500mb.H264-FILMKU
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,615 downloadsDownload Killer.Toon_.2013.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
20 comments
mithun
chamalkalum
Thanks mithun bro
Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!අසිත
elama saho thanks
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
Dinusha
තරහ නැතුව ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න මට ලින්ක් එකක් දෙන්න.
බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Saminda
great work but how can we download the film? please help.
a
oya dipu katha okkoma baluwa.attatama a hama kathawakma ekinekata wenas a wagema lassanai.digatama sub denna.thxx oyata
chamalkalum
Thank you..
praneeth madu
බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yapa
බොහෝම ස්තුතියි ජය ....!
Dinusha
තරහ නැතුව මේ ෆිල්ම් එක ගන්න ලින්ක් එකක් හරි හෑෂ් එකක් හරි දෙන්න. බොහොම සතූතියි. බුදු සරණයි !
chamalkalum
Thank you wewa hamotama.meka download karaganna bari unanam filmku kiyana web adawiyen ganna puluwan.bari nam mage fb ekata msg ekak daanna link eka dennam.
Raveesha Sandamin
Filmku eken download karanda puluwn una... Thanx sahooo.....
Raveesha Sandamin
Sub ekata ස්තූතියි.!!!!...
chamalkalum
Your welcome bro
Malith samarawickrama
Thanbks machan sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

The phone චිත්‍රපට ඩව්න්ලොර්ඩින් කරගත්තට අනිත් චිත්‍රපට නිස තව බලන්න බැරි මෙකෙත් සබ් එක ගත්ත බලලම දෙන්නම් කොමෙන්ට් එකක් බොහොම ස්තුතියි බ්‍රො අයෙ අහන්න දෙයක් නෑ ඔබ ලබාදුන්න ෆිල්ම් දෙක තුනකින් වගෙ කොරියානු චිත්‍රපට වලට වහ වැතුන සයිඩ් එකෙ එ චිත්‍රපට වලටත් උපසිරැසි ගන්වන්න කොරියානු උපසිරැසි කරුවෙක් ඉන්න එක ගැන පුද්ගලිකවම සතුටුයි.... මෙකත් අනිවා බලන්නම ඔනෙ බලන ටයිප් එකෙ මුවී එකක් නිසා .. දෙන්න හොදම එව... ඔබට ජය...