ආයුබෝවන් යාළුවො හැමෝටම. ඔන්න මම තුන්වෙනි සබත් අරගෙන ආවා. අසංක සහෝ දුන්න සලේරුවට සබ ඉක්මනට ඉක්මනට කරා ඉතින්. වැරදි තිබ්බොත් කියන්න කියලා ඉල්ලනවා. අද මම අරන් ආවේ මලයාලම් සලේරුවක්.මලයාලම් සිනමාවේ රජු කියලා හැදින්වුවත් වැරදි නැති Mohanlal මහත්තයාගේ 2014 වසරේදී තිරගත වුන Mr. Fraud නැත්නම් වංචාකාරයා තමා…
ආයුබෝවන් යාළුවො හැමෝටම. ඔන්න මම තුන්වෙනි සබත් අරගෙන ආවා. අසංක සහෝ දුන්න සලේරුවට සබ ඉක්මනට ඉක්මනට කරා ඉතින්. වැරදි තිබ්බොත් කියන්න කියලා ඉල්ලනවා. අද මම අරන් ආවේ මලයාලම් සලේරුවක්.මලයාලම් සිනමාවේ රජු කියලා හැදින්වුවත් වැරදි නැති Mohanlal මහත්තයාගේ 2014 වසරේදී තිරගත වුන Mr. Fraud නැත්නම් වංචාකාරයා තමා සලේරුව.
විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කාලේ වෙනකොට සහෝලා අතරේ මලයාලම් සිනෙමා රැල්ලක් ඇතිවෙලා තියෙනවානේ. එකේ ප්‍රතිපලයක් විදියට Neram(2013)සලේරුව බලපු මට මලයාලම් සිනේමාවට මහත් වූ ආකර්ෂණයක් ඇතිවුනා කිව්වොත් මම නිවැරදියි. ඉතින් ඒක වර්ධනය වෙලා මලයාලම් සලේරු 150ක් විතර බැලුවට පස්සේ මට අන්තිමට පුළුවන් වුනා මලයාලම් සිනමාවේ රජු Mohanlal මහත්තයාගේ සලේරුවකට සබක් කරන්න. Mohanlal ගෙ ස්ලේරු බැලුවට එතුමා කව්ද කියලා ගොඩාක් සහෝලා දන්නේ නැතුව ඇතිනේ. 1960දි කේරලයේදී උපත ලබපු Mohanlal, 1978දි ක්‍රියාකාරී සිනමාවට එකතු වෙන්නේ එවකට හිටය දක්ෂ මල්ලව පොර ශිල්පියෙක් විදියටයි.
ඉතින් එදා ඉදන් වසර 40ක් විතර එක දිගටම විවිධ භාෂා වලින් සලේරු 350කට අධික ගානකට දායකත්වය දුන්න එතුමාට දැන් අවුරුදු 56ක්. වරක් Jilla(2014) දමිල සලේරුව ගැන පූර්ව හැදින්වීමක් මට කරපු දමිල සහෝ කෙනෙක් තමා මට Mohanlal ගැන මුලින්ම කිව්වේ. ඔහු ගෙ වදනින්ම කිව්වොත් ” දමිල සිනමාවේ Rajnikanth යම්සේ වීරයෙක්ද මලයාලම් සිනමාවේ Mohanlal වීරයෙක්”. ඇත්තටම ඔහු කියපු කතාව ඇත්තක් කියල අන්තර්ජාලේ සැරිසරනකොට මට තේරුනා. මොකද 2005 වෙනකොට Mohanlal ,Mammotty, සහ Dileep කියන ප්‍රධානම නළුවන් තුන්දෙනා සම්පූර්ණ මලයාලම් ආදායමෙන් 97% ක් උපයාදෙන්න සමත්වෙලා තියෙනවා. ජාතික සම්මාන 4ක්, හොදම නළුවා සම්මාන 2ක්, ජූරියේ විශේෂ සම්මානයක්, නිෂ්පාදක විදියට සම්මානයක්, සහ ඉන්දියාවේ පුරවැසියෙකුට ලැබිය හැකි ලොකුම සම්මානය වන පද්ම ශ්‍රී සම්මානයත් 2001දි මේ විශේෂ පුද්ගලයා විසින් දිනා ගෙන තියෙනවා. මෑත කාලයේ තිරගත වුන Jilla(2014), Janatha Garage (2016) , Oppam(2016) වගේ සලේරුවලින් ඔහුගේ රංගන හැකියාව ඔයාලට බලාගන්න පුළුවන්.
දැන් Mohanlal ගැන කතා කළා ඇති කියලා හිතුනා. සලේරුව පැත්තට හැරෙමුකො. කතාව ක්‍රියාදාම සහ ත්‍රාසජනක කාණ්ඩයට තමා අයිති. කතාව ලියලා අධ්‍යක්ෂණය කරන්නේ B. Unnikrishnan මහත්තයා.කතාවේ සිනමා තරු විදියට Mohanlal ට අමතරව Dev Gill, Vijay Babu, Miya George,Manjari Phadnis සහ Pallavi Purohit එකතු වෙනවා.නිෂ්පාදනය A. V Anoop විසින් A. V. A Productions යටතේ සිද්ධ කරලා තියෙනවා. කතාව පටන් ගන්නේ අධිත්‍යපුරම් රජමාලිගාවේ ඉදන් මීට වසර 41කට කලින් සිදු වූ සිදුවීමකින්. රජතුමාගේ බූදලය බෙදාගන්න බැරුව එතුමාගේ පුතුන් අතර ලේ සෙලවීමක් සිද්ධවෙන්න යනවා. අධිකරණයේ සහ මැදිහත් කරුවන්ගේ දායකත්වයෙන් බූදලය වසර 41කට කුටියක සිරකොට තබන්න නියම වෙනවා. බූදලයට උරුමක්කාරයන් 4දෙනෙක් නම් කරනවා. එයාලට යතුරු හතරක් වෙන වෙනම භාරදීලයි තියෙන්නේ.
වසර 41කට පස්සේ මේ නිධානය විවුර්ත කරන්න යනකොට කට්ටිය ගොඩයි. ඒ වුනාට ඉතින් හැම පවුලකම වෙනස් කෙනෙක් ඉන්නවානේ. ඔන්න ඉතින් උරුමක්කාරයන්ගෙන් කෙනෙක් මේ දේපල රජයට සහ මහජනතාවට දෙන්න ඕනේ කියලා අධිකරණයට යනවා. ඔය අස්සේ කෙනෙක් අපේ කතාවේ වීරයාගේ සහය අරන් මේ වස්තුව මංකොල්ල කන්න හදනවා. ඉතින් කව්ද මේ අදිසි හස්තය? මොකක්ද එයාට ඕන කරන්නේ? වීරයා ඉදිරියට මොනවා කරයිද? මේ සේරටම උත්තර තියෙනවා මේ සලේරුව බැලුවොත්. තවත් දෙයක් කියන්න ඕනේ සමහරක් වෙලාවට තමන්ගේම ලෙයින් මසින් හැදුනු තමන්ගේම දරුවන්ට වඩා වෙනත් දරුවෙක් ඔබට වැඩියෙන් සෙනෙහෙ දක්වනවා කියලා හැගුනොත්?
එතකොට කව්ද මේ අනුන්ගේ දරුවා? කොහොමද එයා මේ සලේරුවට සම්බන්ද වෙන්නේ කියලත් දැනගන්න පුළුවන් ඉතින් සලේරුව නරබුවොත්. imdb අගයනම් ටිකක් අඩුයි.මොකද ඉතින් මලයාලම් කියන සිනමාව තවම ලෝක ජනයා අතරේ සමීප නැනේ. එනිසා වෙන්න ඇති. එහෙනම් තවත් සලේරුවකින් මුනගහෙමු. එතකන් හැමෝටම තෙරුවන් සරණයි.
ජයෙන් ජයම වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
Mr. Fraud (2014) Malayalam DVDRip x264
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,108 downloadsDownload Mr.-Fraud-2014.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/03/HasithDeegoda-e1486673793411.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත දීගොඩ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසිත දීගොඩ
Subtitles
11 comments
gihan
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----PCVENOM
sthuthi
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kulanjana Maduranga
niayamai…thanks HASITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචෝ...
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Chami.S
Thanks...
pubudu
bogan movie එකේ sub එක දෙන්න
rkkasun
bohoma sthuthu
sub wala timing poddak aul wagePrabuddha Kulatunga
thank u machan sub walata. :D
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

උපසිරැසියට බොහෝම ස්තුතියි