අද මම අරගෙන ආවෙ 80 දශකයේ අග බාගයේ බොහොම ජනප්‍රිය වුනු චිත්‍රපටියක්. 1987 අවුරුද්දේ තිරගත වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Masoom, Joshilaay, Bandit Queen වගේ වෙනස්ම ආරක චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු ශේකර් කපූර්. අනිල් කපූර්, ශ්‍රීදේවි සමගින් අම්රිශ් පූරි රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටිය 1987 අවුර…

අද මම අරගෙන ආවෙ 80 දශකයේ අග බාගයේ බොහොම ජනප්‍රිය වුනු චිත්‍රපටියක්. 1987 අවුරුද්දේ තිරගත වුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Masoom, Joshilaay, Bandit Queen වගේ වෙනස්ම ආරක චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු ශේකර් කපූර්. අනිල් කපූර්, ශ්‍රීදේවි සමගින් අම්රිශ් පූරි රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටිය 1987 අවුරුද්දෙ දෙවෙනි වැඩිම ආදායම් ලබපු චිත්‍රපටය වුනා. ඒ වගේම ශ්‍රීදේවිගේ ‘හවහවායි’ සිංදුව සහ අම්රිශ් පූරිගේ ‘මොගැම්බෝ කුශ් හුවා’ (මොගැම්බෝ සතුටු වුනා) වැකිය බොහොම ජනප්‍රිය වුනා. අම්රිශ් පූරි නිරූපනය කල මොගැම්බෝ නම් දුශ්ට චරිතය බොලිවුඩයේ ජනප්‍රියම දුශ්ට චරිතයක්ද වුනා. ඒ වගේම මේ චිත්‍රපටිය ඉන්දියානු සිනමාවේ විශිශ්ටතම චිත්‍රපට සියය අතරටද ඇතුලත් වෙනවා.
මුලින්ම ප්‍රදාන චරිතය සඳහා අමිතාබ් බච්චන් සහ රාජේශ් කන්නා තෝරාගෙන තිබුනත් නොපෙනෙන වීරයෙකුගේ චරිතය රඟපෑමට ඔවුන් අකමැති වී තිබෙනවා. ඒ නිසා අනිල් කපූර් හට එම චරිතය හිමි වෙනවා. සංගීතය අධ්‍යක්ශනය කරන්නෙ Laxmikant-Pyarelal. ගීත ගායනයෙන් Kavita Krishnamurthy, Kishore Kumar, Alisha Chinai, Anuradha Paudwal සහ Shabbir Kumar දායක වෙනවා.
කතාවෙ වෙන්නෙ මෙහෙමයි, අරුන් කියන්නෙ දුප්පත් කොල්ලෙක්. එයාගෙ අම්මයි තාත්තයි දෙන්නම නැහැ. එයා අනාත වුනු පුංචි ළමයි ගොඩක් එයාගෙ ගෙදර හදා ගන්නවා. ඒ එයා පොඩි කාලෙ වින්ද දුක ඒ ළමයින්ට නොදැනෙන්න. මේ ගොල්ලො ඉන්නෙ මුම්බායෙ මුහුද අයිනෙ තියෙන කුලී ගෙදරක.
හදිසියෙම මේ ගෙදර තව කට්ටියකට ඕනෙ වෙනවා. ඒ ඉන්දියාව පුරා හොර ආයුද බෙදා හරින ජාවාරමකට. මේ කල්ලිය මෙහෙය වන්නෙ මොගැම්බෝ. මොගැම්බෝ කියන්නෙ ඉන්දියාවම තමන්ගෙ යටතට ගන්න පිස්සුවෙන් දඟලන කෙනෙක්. හැම තැනම එයාගෙ ජාවාරම් පැතිරිලා තියෙනවා.
මේ අතරෙ මොගැම්බෝගෙ මේ වැඩ වලට බාදා කරන්න වීරයෙක් එනවා. ඒ වීරයා කාටවත් පේන්නෙ නැහැ. ඒත් මොගැම්බෝහෙ ගෝල බාලයින්ට නම් මේ වීරයාගෙන් බොහොම කරදර වලට මුහුන දෙන්න වෙනවා.
ඉතින් මේ වීරය කවුද, මොගැම්බෝට ඉන්දියාව අල්ලන්න පුලුවන් වෙයිද කියල කතාව බලලම දැන ගමු. එහෙනම් තවත් චිත්‍රපටියකින් හමු වෙමු. කමෙන්ටුවක් දාන් යන්නත් අමතක කරන්න එපා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා ගැළපේ.
1,802 downloadsDownload Mr.India_.1987.Baiscopelk.com_.zip49 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
21 comments
බොබී
indika75
e kale aasawen balapu film ekak,thank you...
Janasanka
බොහොම ස්තුතියි sis....
සිංහල උපසිරැසියට... ඔබට ජය...!!!Tharaka Nuwan Dilhara
එල.. ලස්සන චිත්‍රපටියක්...
ගොඩක් ස්තුතියි ගෙනාවට..
ජයෙන් ජය..!!!Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Chanaka_kasun
එල එල නියමයි
geeganagamage
බොහොම ස්තුතියි පරන වුනත් මේ වගේ ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවාට .
Kulanjana Maduranga
subata thanks sis...keep it up....
Ishan007
Thanx for sub
Menaka Herath
ස්තූතියි උපසිරැසියට.
ජයවේවා....!!!!!!!!!!macknal d.i
Thanks...
wajira
thanks for sub
namika
thank you!
nihalpujitha
thanks sub
ශසිත් සඳරුවන්
උපසිරැසියට බොහොම තුති අක්කේ...
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි දහරා.
පරණ චිත්‍රපටයක් වුනත් ලස්සන එකක්.
ජයෙන් ජය.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සබ් එකට.....!
Chanaka_kasun
Akke 1999 jaanwar Hindi movie aka dennako plz
shanuka900
සිංහල උපසිරැසියට ස්තූතියි . Junoon (1992) ෆිල්ම් එකටත් සිංහල උපසිරැසි ලබා දෙන්න .
iresha
Thank you vary much for sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මමද මේ සබ් එක දකින පළවෙනියා? උපසිරැසියට ස්තූතියි අක්කේ. ආයේ තවත් හොඳ ෆිල්ම් එකකට සබ් එකක් දෙන්න.