” ප්‍රියංකා කියන්නේ දක්ෂ නීතිඥවරියක්. කොච්චර දක්ෂද කියනවා නම් එයා දිනන්නේ නැති නඩුවක් නැති තරම්. පීඩාවට පත් වුණු කාන්තාවන්ට සාධාරණය අරන් දෙන එක තමා මෙයාගේ ලොකුම හීනය වුණෙත්. වෘත්තීමය ජීවිතේ ගොඩක් ඉස්සරහින් හිටියට මෙයා පුද්ගලික ජීවිතේ වැඩ වලින් නම් ටිකක් පස්සෙනුයි හිටියේ. මෙයාට හරි හැටි ප්‍රේම සම්බන…

” ප්‍රියංකා කියන්නේ දක්ෂ නීතිඥවරියක්. කොච්චර දක්ෂද කියනවා නම් එයා දිනන්නේ නැති නඩුවක් නැති තරම්. පීඩාවට පත් වුණු කාන්තාවන්ට සාධාරණය අරන් දෙන එක තමා මෙයාගේ ලොකුම හීනය වුණෙත්. වෘත්තීමය ජීවිතේ ගොඩක් ඉස්සරහින් හිටියට මෙයා පුද්ගලික ජීවිතේ වැඩ වලින් නම් ටිකක් පස්සෙනුයි හිටියේ. මෙයාට හරි හැටි ප්‍රේම සම්බන්ධයක්වත් කා එක්කවත් තිබ්බේ නැහැ. ඔය අතර තමා ඩේටින් ඇප් එකකින් මෙයාට අජේව මුණගැහෙන්නේ. මාස ගාණක් චැට් කරලා කරලා අඳුනගෙන මේ දෙන්නා හමුවෙන්න දිනයක් දාගන්නවා. අජේගේ තිබ්බ ගතිගුණ වලට ප්‍රියංකා ගොඩක් ආස වෙනවා. ඒ නිසාමයි මෙහෙම පෙම්හමුවකට එයා කැමැත්ත පල කළෙත්. ඉතින් අජේ සහ ප්‍රියංකා හමුවෙන දවස උදා වෙනවා. ප්‍රියංකා හිටියේ හරිම සතුටින්.
ඊට පහුවෙනි දවසත් උදා වෙන්නේ මුළු නගරයම කම්පා කරවමින්. ප්‍රියංකාගේ පොඩි පට්ටම් වෙච්ච මිනිය මහ පාර මැද තිබිලා හොයාගන්නවා. අඳුරගන්න බැරි තරමටම ප්‍රියංකාගේ මළමිනිය විරූපී වෙලා තිබ්බා. ඒත් එක්කම ගොඩක් අයගේ ෆෝන් එකට වීඩියෝ එකක් එන්න ගන්නවා. ඒක එවලා තිබ්බේ වෙන කවුරුත් නෙමේ ප්‍රියංකාමයි…!!!”
ඉතින් පහුගිය අවුරුදු දවසේ අලුතින්ම Zee5 චැනලය ඔස්සේ නිකුත් කරපු හින්දි චිත්‍රපටය අරගෙන තමා මං මේ එන්නේ. Radhika Apte, Sumeey Vyas, Rajesh Sharma ප්‍රධාන චරිත මවන Mrs. Undercover (2023) තමා මේ චිත්‍රපටිය. Action | Comedy ඝනයට අයිති වෙන මේ චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.5ක අගයක් අරන් තියෙනවා. අධ්‍යක්ෂණය කරන්නේ Anushree Mehta විසින්. පැයකුත් විනාඩි 47ක් දක්වා කතාව දිවෙනවා. කොල්කටා නගරය ආශ්‍රයෙන් කතාව ගොඩ නැගිලා තියෙන නිසා බෙංගාලි ගතිය කතාවට මදි නොකියන්න ගෑවිලා තියෙනවා.
ඉතින් චිත්‍රපටිය ගැන මගේ අදහස පුද්ගලික කියන්නම්. කතාවස්තුව අතින් ගත්තම චිත්‍රපටියේ අඩුපාඩු ගොඩක් තිබ්බට මොකද වින්දනය අතින් නම් Mrs. Undercover ඉහල තැනක තියෙනවා කියලා කියන්නම ඕන. මොකද මේක රාධිකාගේ, රාජේශ්ගේ රඟපෑම් එක්කලා ඉවර වෙනකම් හිනා වෙවී බලන්න පුළුවන් එකක්. මේකේ ට්‍රේලර් එක විතරක් මං 20 පාරක් විතර බලන්න ඇති, ඒකත් රාධිකාගේ ඇක්ටින් නිසාම. කියන්නම ඕන, Action |Thriller එකක් වෙච්ච පලියටම Twists and Turns බලාපොරොත්තු නොවී, චිත්‍රපටිය සීරියස් නොගෙන බලන්න ගත්තොත් නම් Mrs. Undercover හොඳට විඳින්න පුළුවන්, කාලේ ගෙවාගන්න පුළුවන් හොඳ සරල චිත්‍රපටියක් කියලා ඉහලින්ම නිර්දේශ කරනවා. ඒ හින්දා බලන්න ගන්නලා. බලලා අදහස කියන්නලා. අපි ගියා, ජයවේවා.
ප.ලි : අපි දීලා තියෙන කොපියම ගන්නලා. ප්‍රධාන පෙලේ ටොරන්ට් සයිට්ස් වල තියෙන ගොඩක් කොපි වල දෙවන භාගයේ ඉඳන් පොඩි අවුලක් තියෙනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති SRT උපසිරසි HQ HD පිටපත් සඳහා ගැළපේ.
5,976 downloadsDownload Mrs-Undercover-2023.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
- #Amrita Chattopadhyay
- #Angana Roy
- #Editor's Pick
- #Laboni Sarkar
- #MaxxA
- #Mrs Undercover (2023) Sinhala Sub
- #Mrs Undercover (2023) Sinhala Subtitles
- #Mrs Undercover Sinhala Sub
- #Mrs Undercover Sinhala Subtitles
- #Must Watch
- #Offbeat
- #PHOENIX
- #Radhika Apte
- #Rajesh Sharma
- #Sharad Kelkar
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Sumeet Vyas
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
21 comments
Anonymous
Sanjeewa Malith
සුපිරි thank u subtitles akata ❤❤
Achintha Udayanga
රාධිකාගෙ එකක් කෝමෙයි නොබල
බෝම ස්තූති කිව්ව දෙන්නටම❤Redrux
thanks bro
Anonymous
Patta
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි PHOENIX ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
ASELAHATHTHOTUWA
ELLA
Bandara
Thanks Lot Bro
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Sahan Gayantha
Thanks a lot saho sub ekata
Anonymous
thnk yoi
Dhananjaya Gamage
Supiriyak
සාරංග J ලියනගම
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Lasantharathnasirirox
TnX සහෝදරයා..ජයවේවා !
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
mindika
Thanks !!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Mrs Undercover (2023) Sinhala subtitles | තුවක්කුව අතින් ගත් කුස්සි අම්මා.. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Mrs-Undercover-2023-Cover-01.jpg)
කාගෙවත් රිවිව් නැතුව සබ් කරපු කෙනාගෙම ෆිලුම ගැන අදහස කියන එකනම් පට්ට
මොකද අපිට එතකොට ෆිලුම බලනවද නැත්ද කියන එක තීරණය කරන්න පුලුවන්
තැන්ක්ස් සහෝ සබට