Watch Trailer

Mughizh (2021) Sinhala Subtitles | සුගන්ධය පිබිදුණා. [සිංහල උපසිරසි]

අම්මා කියන දෙ අහන්නෙ නැති හිතුවක්කාර, හීන ලෝකෙක ජීවත්වන ගැහැනු දරුවෙක්. දුවව හොඳින් තේරුම් ගත්ත තාත්තා කෙනෙක්. මේ පවුලට අලුතෙන් එකතුවෙන බලු පැටියෙක්. මේ වටා තමයි චිත්‍රපටයේ මේ කතාව ගෙතී යන්නෙ. මීට වඩා විස්තර කරලා කියන්න යන්නෙ නැහැ. ප්‍රශ්න වලට මුහුණ දෙන්නෙ කොහොමද, දුක් දරාගන්නෙ කොහොමද කියලා තාත්තා…

අම්මා කියන දෙ අහන්නෙ නැති හිතුවක්කාර, හීන ලෝකෙක ජීවත්වන ගැහැනු දරුවෙක්. දුවව හොඳින් තේරුම් ගත්ත තාත්තා කෙනෙක්. මේ පවුලට අලුතෙන් එකතුවෙන බලු පැටියෙක්. මේ වටා තමයි චිත්‍රපටයේ මේ කතාව ගෙතී යන්නෙ. මීට වඩා විස්තර කරලා කියන්න යන්නෙ නැහැ. ප්‍රශ්න වලට මුහුණ දෙන්නෙ කොහොමද, දුක් දරාගන්නෙ කොහොමද කියලා තාත්තා කෙනෙක් තමන්ගෙ දුවට කියා දෙන, පුහුණු කරන ආකාරය මෙහි දැක්වෙනවා. මේක විශේෂයෙන් පොඩි ළමුන්ට නැරඹිය හැකි ආදර්ශමත් චිත්‍රපටයක්. බල්ලන්ට ආදරේ අය හුඟක් කැමති විදිහෙ චිත්‍රපටයක්. පවුලේ හැමෝටම බලන්න පුළුවන් කම්මැලි නොහිතෙන චිත්‍රපටයක්.

මුගිළ් විචාරකයන්ගේ ධණාත්මක ප්‍රතිචාර ලබාගැනීමට සමත් වූවා. ඒ වගේම ප්‍රේක්ෂකයින්ගේ මෙන්ම සමාජ මාධ්‍යයේද බොහෝ පැසසුමට ලක්වූවා. මේ චිත්‍රපටයේ කාලය මිනිත්තු 62ක්. මුගිළ් සිනමාශාලාවක නිකුත්වූ පළමු කෙටි කාල සීමා දෙමළ චිත්‍රපටයයි.

විජේ සේදුපතිගේ දියණිය ස්‍රීජා විජේ සේදුපති මෙහි කාව්‍යාගේ චරිතය නිරූපණය කරනවා. කාව්‍යාගේ අම්මා විදිහට රෙජීනා කැසේන්ඩ්‍රා දායක වනවා. රෙජීනා Evaru (2019) චිත්‍රපටයේ සිතාගත නොහැකි කුසලතාවයන් ඉදිරිපත් කලා වගේම Awe (2018), Nenjam Marappathillai (2021) යන චිත්‍රපටවල රෙජීනාගේ ඉදිරිපත් කිරීම් රෙජීනා බෝනික්කෙක් නෙවෙයි හොඳ රංගන හැකියාවන් සහිත නිලියක් බව පැහැදිලිවම පෙනෙනවා.

මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙ විජේ සේදුපතියි. මෙහි අධ්‍යක්ෂක කාර්තික් ස්වාමිනාදන් මේ චිත්‍රපටය සේදුපති හට ගෙන ආවේ නිෂ්පාදනය සඳහා කියා සේදුපති කලින් හිතුවත් අධ්‍යක්ෂක කල ඉල්ලීම සැනින් සේදුපති පිලිගෙන තියෙනවා. විජේ සේදුපති අඩු ආදායම් මෙන්ම අධි ආදායම් චිත්‍රපටවලද දැකිය හැකි දුර්ලබ පට්ටම් ලාභී නළුවෙක්. ස්ටාර් ගණයේ පට්ටම් දරන නලුවන් දමිල සිනමාවේ කිහිප දෙනෙක් හිටියත්, ඒ කවුරුවත් සැලකියයුතු තරම් අඩු වියදම් චිත්‍රපටයක රඟපාන්නෙ නැහැ. Obama Ungalukaaga (2022) චිත්‍රපටියේ යහළුකම වෙනුවෙන් Cameo එකකට සහභාගි වෙනවා. මේ චිත්‍රපටිය විකිපීඩියාවෙත් හොයාගන්න බැරි වෙයි. තවම 100 සීමාවට ලං කරේ නැති විජේ, අජිත් අතරේ සේදුපති තව අවුරුද්දකින් දෙකකින් තමන්ගෙ 100වෙනි චිත්‍රපටිය පහු කරයි කියලා හිතනවා. ඒ වගේම හඬකැවීම් ශිල්පියෙක් විදිහටත්. සේදුපති ඉදිරියේදී පැමිණීමට නියමිත හින්දි චිත්‍රපටි දෙකකටත්, එක් මලයාලම් චිත්‍රපටයකටත් රංගනයෙන් සහභාගි වෙනවා.

අදහස් දක්වන වගේම බයිස්කෝප් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ස්තූතියි!

බුදු සරණයි! සියළු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

2,687 downloadsDownload Mugizh-2021.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු නවින්

Subtitles

2,687 downloadsDownload Subtitles23 KB

15 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Kushan

    Sub akta thanks

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Anonymous

    Thanks for sub

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Naveen

    උපසිරසියට තුති

  7. Kaviru madushanka

    උපසිරැසියට ස්තුතියි..
    (Jail -2021 tamil action film ekata sub dennako)

  8. Buddhika Lakmal

    මේකට සබ් දෙයි කියලා හිතුවෙ නෑ බ්‍රෝ.... බොහෝම ස්තූතියි මචං....
    පුලුවන්නම් 777 Charlie (Kannada) ෆිල්ම් එකට සබ් දෙන්නකෝ...

    1. Naveen Mbr

      කන්නඩ නම් මම කරන්නෙ නැහැ සහෝ. මෙහේ කන්නඩ කරනව අඩුයි.

    2. Buddhika Lakmal

      කමක් නෑ දුකක් නෑ ඉතිම්....

    3. Naveen Mbr

      ඒ ගැන නම් මගේ කණගාටුවට සහෝ. පුළුවන් නම් ඉංග්‍රීසි සබ් එකක් ඔන්ලයින් ට්‍රාන්ස්ලේට් කරලා ගන්න.

  9. Naveen Mbr

    හැනදෙනාටම ස්තූතියි!

  10. d jaya

    tamil film download karanna site ekak kiyannako

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!