මේ ප්‍රංශ චිත්‍රපටය 2010දී තිරගත කෙරුණු අතර නිර්මාණයට පාදක වෙලා තියෙන්නේ Jacques Tardi නම් ප්‍රංශ ජාතික කතුවරයා විසින් රචිත The Extraordinary Adventures of Adèle Blanc-Sec කියන පොත් මාලාවයි. ‘Adèle Blanc-Sec ගේ අරුම පුදුම වීර වික්‍රම’ යන්නයි මෙහි තේරුම. චිත්‍රපට අධ්‍යක්ෂණය Luc Besson ගෙන්. මේ චිත්…

මේ ප්‍රංශ චිත්‍රපටය 2010දී තිරගත කෙරුණු අතර නිර්මාණයට පාදක වෙලා තියෙන්නේ Jacques Tardi නම් ප්‍රංශ ජාතික කතුවරයා විසින් රචිත The Extraordinary Adventures of Adèle Blanc-Sec කියන පොත් මාලාවයි. ‘Adèle Blanc-Sec ගේ අරුම පුදුම වීර වික්‍රම’ යන්නයි මෙහි තේරුම. චිත්‍රපට අධ්‍යක්ෂණය Luc Besson ගෙන්. මේ චිත්‍රපටය තරමක් වෙනස් විදිහේ එකක්. Action/adventure, sci-fic, comedy යන වර්ගීකරණයන්ට දාන්න පුළුවන්.. සැහැල්ලු උපහාසයන් තුලින් මතුකරන හාස්‍යය සහ චිත්‍රපටය පුරාවටම තියෙන කුතුහලය මෙහි විශේෂයි. මෙහි කතාවේ කාලය 1920 ගණන්වල වගේ. ඒ කියන්නෙ විසිවෙනි සියවසේ මුල් භාගයේ ප්‍රංශයේ පැරිසිය ආශිතව සිදුවෙන කතාවක්.
Adèle Blanc-Sec මෙනවිය වාර්තාකාරිනියක්/ලේඛිකාවක්, මැය වික්‍රමාන්විත චාරිකා එහෙම ගිහින් වාර්තාමය පොත් ලියන්නියක්. ඉතින් ඇය ඊජිප්තුවට ගිහින් අතීතයේ විසූ දක්ෂ වෛද්‍යවරයෙක් වන Patmosisගේ මමිය අරගෙන එනවා. ඒ කෝමා තත්වයක ඉන්න තමන්ගේ නංගිව සනීප කරගන්න. ඒ අතර පැරීසියේ සැරිසරන ඩයිනෝසර යුගයේ හිටපු යෝධ කුරුල්ලෙක් වන Pterodactyl සත්ත්වයෙක්, ඒ වගේම Adele ට ප්‍රේම කරන කඩවසම් තරුණයෙක් වගේම විශේෂ හැකියාවන් තියෙන විද්‍යාඥයෙක් සහ තවත් අපූරු චරිත ගොඩක් මේ විනෝදාත්මක වික්‍රමාන්විතය ඉදිරිපත් කරන්න යොදාගෙන තියෙනවා. ඒ වගේම විසිවෙනි සියවසේ මුල් කාලයේ පැරීසියේ ස්වභාවය, විලාසිතා, වාහනා ආදිය ලස්සනට ප්‍රතිනිර්මාණය කරල තියෙනවා.
චිත්‍රපටය අවසානයේ දී ඔබට Adele ගේ නංගි කෝමා තත්වයක ඉන්නෙ ඇයි සහ එයාව සනීප කරගන්න පුළුවන් වෙයි ද බැරි වෙයි ද කියන දේ බලාගන්න පුළුවන්

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,042 downloadsDownload The.Extraordinary.Adventures.of_.Adele_.Blanc-Sec.2010.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “P. K. M. යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2022-01-19
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
P. K. M. යසස්
Subtitles
18 comments
හසිත මධුෂාන්
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
indika 75
පළමුවන උපසිරැසියට සුබ පැතුම් !!! ඩවුන්ලෝඩ් කරලා බලාගෙන හිටියා කවදහරි සබ් දෙනකල් ස්තූතියි..
D.Chamara
bohoma sathuthi
WTM
me movie eka download karan idala delete karata passene 2010 movie eke sub eka dala tiyenne .camac na ducac na itin apahu download kara ganillak tama tiyenne.
WTM
palaweni sub ekata congrtz!
Shan
Broo sub ekata thanks .sub eka hariyata yanne nahe.
PCVENOM
congrats for first sub
sub not syncing properly
Asanga kb
thank you brother
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Ashvin
සබ් එක දීලා තියෙන කොපියට ගැලපෙන්නෙ නෑ
Anonymous
sub eka br vata set venne.pls update soon.
Thanks
Udaya Fdo
Thank you
එල්. සී. දමැල්
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් යසස් සහෝ.
දිගටම සබ් කරමු. :)
ජය! ✌Gamage
Welldone...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....