සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. මේක මගේ 22 වෙනි සබ් එක. වෙනස්ම විදියේ කතාවක් අන්තර්ගත අමුතුම විදියේ චිත්‍රපටයක් තමා මේ වතාවේ රැගෙන ආවේ. අගක් මුලක් තේරැම් ගන්න බැරි අමුතුම විදියේ චිත්‍රපට රසවිඳින්න කැමති හැමෝටම මේක ගොඩක් හොඳ චිත්‍රපටයක් වේවි. Crime / Drama/ Mystery / Thriller යන කාණ්ඩ වලට අ…

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. මේක මගේ 22 වෙනි සබ් එක. වෙනස්ම විදියේ කතාවක් අන්තර්ගත අමුතුම විදියේ චිත්‍රපටයක් තමා මේ වතාවේ රැගෙන ආවේ. අගක් මුලක් තේරැම් ගන්න බැරි අමුතුම විදියේ චිත්‍රපට රසවිඳින්න කැමති හැමෝටම මේක ගොඩක් හොඳ චිත්‍රපටයක් වේවි.
Crime / Drama/ Mystery / Thriller යන කාණ්ඩ වලට අයත් මෙම චිත්‍රපටය තිරගත වී තිබෙන්නෙ 2001 වර්ෂයේදි. David Lynch විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට Naomi Watts, Justin Theroux, Laura Harring යන නළු නිළියන් රංගනයෙන් දායක වී තිබෙනවා. 8.0 ක් වැනි ඉහලම IMDB අගයක් හිමිකරගෙන ඇති මෙම චිත්‍රපටයට විවිධාකර සම්මාන 47ක් හිමිවී තිබෙනවා. එමෙන්ම මෙම චිත්‍රපටයේ කතාවේ හරය සහ අවසානය හුඟදෙනෙකුට ප්‍රශ්නාර්ත ලකුණක් ඉතිරි කෙරෑවක්. විවිධ චිත්‍රපටි විචාරකයින් සහ රසිකයින් මෙම කතාවේ හරය පිළිබඳ විවිධාකාර අර්ථකතන දී තිබෙනවා. ඉතිං චිත්‍රපටය නරඹා හොඳ නරක තීරණය කිරීම ඔබටම බාරයි.
ඇත්තටම මෙහි කතාව විස්තර කරන එකනම් ටිකක් අපහසු දෙයක්. මොකද මේ කතාව කොහෙන් පටන් ගන්නවද, කොහෙන් කෙලවර වෙනවද, මොනවා සිද්ධ වෙනවද කියන ඇත්තටම හිතාගන්න අමාරැයි. මුළු චිත්‍රපටයම තනිකරම හීනයක් වගේ. චිත්‍රපටිය බලලා අවසන් වෙනකොට කරකවලා අතඇරියා වගේ තියෙයි. ඉතිං මෙහි කතාව විස්තර කරන්න යන එක කරන්න අමාරැ දෙයක් වගේම එය චිත්‍රපටියේ කතුහලයටත් විශාල හානියක්. එනිසා චිත්‍රපටිය නරඹා හොඳ නරක තීරණය කිරීම ඔබටම භාරයි. එමෙන්ම මෙම චිත්‍රපටිය තුළ පවුලේ සැමට එකට නැරඹිය නොහැකි දර්ශන තිබෙන බව කරැණාවෙන් සලකන්න. චිත්‍රපටිය තේරැම් ගැනීමට අපහසු උනොත් Quora වෙබ් අඩවියේ මේ පිළිබඳ පල වී ඇති Answers කිහිපයක් කියවලා බලන්න. එය මෙහි කතාව තේරැම් ගැනීමට රැකුලක් වේවි. එහෙනම් කුතුහලයෙන් පිරැණු මෙම නිර්මාණය නැරඹීමට ඔබට කෙරෙන ආරාධනයත් සමග තවත් සබ් එකක් ඉක්මනින් රැගෙන එන බලාපොරොත්තුවෙන් මං දැනට සමුගන්නවා.
ඔබ සැමට ජයෙන් ජය පතමි !

Due to copyright issues, we do not provide any torrent links.
Mulholland.Dr.2001.BluRay.720p.x264.YIFY.Si
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
8,910 downloadsDownload Mulholland-Dr.-2001-1.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
James DC
Subtitles
55 comments
Isuru
kanthaDLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.tharindu gunarathna
epa
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydratharindu gunarathna
thank you very much ..........
ඉෂාන් මදුෂ
නියමයි සහෝ.බොහොම ස්තූතියි
තිලින චාමර
මේකට කවුරු හරි සබ දෙනකන් බලන් ඉදියේ,බොහොම ස්තූතී
kumalk
Thanks..........
දමිත්
ස්තුතියි උපසිරැසියට “James DC” සහෝ.
ජයෙන් ජයsam
Thanks bro..sub 1k labenakanmai hitiye..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
නිරෝෂ්
ස්තුතියි James DC සහෝ.ජයවේවා!
C. R. ජයලත්
නියමයි සහෝ ජය වේවා!!!!!
C. R. ජයලත්
මට එෆ් බී රික්වෙස්ට් එකක් දාන්නකෝ
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
Mind fuck එහෙම නැත්නම් Mind blowing ලිස්ට් එකේ උඩින්ම තියෙන ෆිල්ම් එකක් සහෝ.
මේක බලන්න කොච්චර පෙරුම් පිරුවද?
මගේ ආසම නිලියක් උන Naomi Watts ත් ඉන්නවා නේ...
බොහොම පින් අපි වගේ පරණ ෆිල්ම් පට්ට පතුරු ගහන අයට බලන්න මේවාට සබ් දෙන එකට
ඔය හිතට ඔය අත් දෙකට උපසිරැසි කලාවට සේවයක් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා..!!මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!James DC
මේ ෆිල්ම් එක තමා සහෝ BBC එකෙන් 21 වෙනි සියවසේ හොඳම ෆිල්ම් එක විදියට නම් කරලා තියෙන්නෙ...
tharindu gunarathna
මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…... ha ha ha ha.......අසිත
ela
tharindu gunarathna
ela ela
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!LSM HUSKAA
නියමයි සහෝ.බොහොම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නිදහස්
ලොව හොදම film අතර තියන film එකක් මෙන්ම සිනමාකරනය හදාරන්නන්ට උදාහරනයට ගන්න film එකක්. මනෝවිශ්ලේශනය පැත්තට බරයි.
නිදහස්
තව David Lynch ගේ සිනමාපටවලට සහ 2pac ගෙ ජීවිත කතාව ගෙන සැදු All Eyez on Me චිත්‍රපටයට සහ The Notorious B.I.G. ගේ ජීවිත කතාව ගෙන සැදු Notorious චිත්‍රපටයට sub දෙන්න. බොහෝ ස්තුතියි ඔබට මේ කරනා සේවයට.
tharindu gunarathna
Magnolia (1999) sub denna puluwannam ,,,......
Udara Damith B/K
....බොහොම ස්තූතියි.....
එක සැරයක් නම් බැලුවා ඇයි බලන්ඩ වෙඉ වගේjanitha
thank you
සාරංග J. ලියනගම
Thanks mchan
Buddi
Thanks.........
dil
බොහොම ස්තූතියි.ඔබට ජය
Dulanga
Thanks
blacksnow
thanks සහෝ සබ් එකට.
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
mahesh
Math ada thama baluwe mokadda une kiyala thama hitha ganna.thanks sub ekata
wiki
බොහොම ස්තූතියි
madda
thnx
Pasindushan
Tikak parana unata supirima film ekak. Awasanaya wenakam kammali kamak nathuwa balanna puluwan. Balala iwara wela sathiyak withara yanakam kalpana karanna puluwan aththatama meke mokakda une kiyala. Maga ara nogatha yuthuma film ekak.. Sub ekata bohoma sthuthiy..
wathilak
ස්තුතියි උප සිරසියට
Indika Prabath
Thanks sub එකට
Bimsara_Yashan
බ්‍රෝ සබ් එක සුපිරියටම තිබ්බ...ෆිලුමත් සුප්ප...ජය වේවා සහෝ!!!!!!
රන්දික
කෝ සබ් එක..නෑනේ
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!Gayan Chathuranga
Thanks saho!
Thilankadissanayake
ස්තූතියි සහෝ !!!
kent parker
thanks
LakshanD
ස්තූතියි සහෝ
Rukshan37
Ela ela
Chandimal
Wow. What a story. Thanks for the subtitles. Keep up the good work.
Waruna Kamalawansha
බොහෝම ස්තූති
PahasaraDv
Thankz...
Anonymous
සිංහල උපසිරසට ස්තූතියි
නිමේෂ් කාවින්ද
ගුණාත්මක සිංහල උපසිරැසියක් ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි සහෝ !!! මේ film එක බලද්දී නෝලන්ගේ films මතක් වෙනවා .
sumith
me film aka hoyaganna thenak kiyanna?
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Niyama film 1k wage. Thanx bro