Watch Trailer

Spider-Man: Homecoming (2017) Sinhala Subtitles | සිවිල් යුද්ධයකට පස්සේ.. [සිංහල උපසිරැසි සමඟ]

Spider-Man: Homecoming (2017) Sinhala Subtitles ස්පයිඩර්මෑන් කිව්වම කවුද නොදන්නේ? එහෙනම් අද මේ මුණ ගැහෙන්න යන්නේ ස්පයිඩර්මෑන් උනාට වෙනස් කතාවක් වෙනස් නළුවෙක් වගේම වෙනස් ආයතනයක හිමිකාරත්වයක් යටතේ. මෙච්චර කාලයක් සෝනි සමාගමේ නිර්මාණයක් විදිහට කලඑළි දක්වපු මේ සුපිරි චරිතය ආයෙත් මාවල් අයිතියටම පවර ගනු ල…

Spider-Man: Homecoming (2017) Sinhala Subtitles

Spider-Man: Homecoming (2017) Sinhala Subtitles

ස්පයිඩර්මෑන් කිව්වම කවුද නොදන්නේ? එහෙනම් අද මේ මුණ ගැහෙන්න යන්නේ ස්පයිඩර්මෑන් උනාට වෙනස් කතාවක් වෙනස් නළුවෙක් වගේම වෙනස් ආයතනයක හිමිකාරත්වයක් යටතේ. මෙච්චර කාලයක් සෝනි සමාගමේ නිර්මාණයක් විදිහට කලඑළි දක්වපු මේ සුපිරි චරිතය ආයෙත් මාවල් අයිතියටම පවර ගනු ලැබුවේ 2015 පෙබරවාරි මාසය තුල. සෝනි සමාගමෙන් වෙන් වූ මේ චරිතයට නව නළුවෙකු ආදේශ වෙන්නේ ඒ අයිතියේ සිදුවූ වෙනසත් සමඟින්. ඉන් පසුව ස්පයිඩර්මෑන් චරිතය සහිත පළමු සෝලෝ චිත්‍රපටයේ සිංහල උපසිරැස එක්ක තමා අපි අද මේ මුණ ගැහෙන්නේ. ඊට කලින් මම මේ චරිතයේ ඉතිහාසය පොඩ්ඩක් කියල ඉන්නම්.

1962 වසරේදී  Fantastic Four කොමික් කතාව ලැබූ ජනප්‍රියතාවය නිසා මාවල් කොමික් ප්‍රධාන රචක ස්ටෑන් ලී විසින් තරුණ රසික පිරිස් උදෙසා කල සුපිරි වීර චරිත නිර්මාණය තමයි ස්පයිඩර්මෑන් ලෙසින් අදටත් ඔබට මට මෙලෙසින් චිත්‍රපට වලින් පවා මුණ ගැහෙන්නේ. මේ කතාව දිග ඇරෙන්නේ ස්ටෑන් ලී සහ ස්ටීව් ඩික්ටෝ රචකයන්ගේ අදහසක් අනු 1962 අගෝස්තු මාසයේ එළිදක්වපු Amazing Fantasy #15 නමැති කොමික් පොත තුලිනුයි. මකුළුවෙකු නිසා සුපිරි වීරයෙක් වූ ස්පයිඩර්මෑන්  නම් වූ චරිතය කොමික් රසවතුන් අතට පත් වෙන්නේ ඒ විදිහටයි. මේ චරිතය  ගැන මේ නිර්මාතෘවරු දෙදෙනා මුල් කාලයේදී හිතුවේ මේ විදිහට.  අනතුරක් නිසා මියගිය රිචඩ් පාකර් සහ මේරි පාකර් දෙපලගේ එකම පුත්‍රයා තමයි පීටර් පාකර් කියන්නේ. එයා ස්පයිඩර් මෑන් බවට පරිවර්තනය වනවිට ගැටවර  වියේ පසුවෙන්නෙක්. ඔහු හැදී වැඩෙන්නේ නමින් May සහ Ben ලෙසින් හඳුන්වන තමන්ගේ නැන්දා සහ මාමා කෙනෙක් ළඟ නිව්යෝක් නගරයේ.  

පීටර් පාකර් හෙවත් ස්පයිඩර්මෑන්ගේ කතාව දැන් හැමෝම දන්න දෙයක් වෙලා තියෙන්නේ මොකද සෝනි සමාගම දැනටමත් ස්පයිඩර්මෑන් වෙනුවෙන් අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් යටතේ නළුවන් දෙදෙනෙක් යොදාගනිමින් චිත්‍රපට පහක්ම නිර්මාණයකර අවසන්. ස්පයිඩර් මෑන්  රිදී තිරය ආක්‍රමණය කරන්නේ 2002 වසරේදී ඒ  Sam Raimi විසින් අධ්‍යක්ෂණය කල පළමු Spider-Man (2002)  චිත්‍රපටය සමඟින්. පසුව ලැබූ සාර්ථකත්වය ඔස්සේ  මෙය චිත්‍රපට ත්‍රිත්වයක් දක්වා දිවගියේ ,  Spider-Man 2 (2004) සහ  Spider-Man 3 (2007) ලෙසිනුයි. මේ චිත්‍රපට ත්‍රිත්වයේම රංගන දායකත්වය සැපයුවේ   Tobey Maguire  විසින්.

පසුකාලීනව වෙනත් අධ්‍යක්ෂකවරයෙකු යටතේ එනම්  Marc Webb ගේ අධ්‍යක්ෂණය යටතේ සහ  Andrew Garfield ගේ රංගන දායකත්වයෙන් චිත්‍රපට දෙකක් නිර්මාණය උනා. ඒ  The Amazing Spider-Man (2012) සහ The Amazing Spider-Man 2 (2014) චිත්‍රපට. ඉන්පසුව අපට මේ සම්බන්ධව කිසිඳු ආරංචියක් ලැබෙන්නේ නැහැ. ඉන්පසුව අපට දැනගන්න ලැබෙනවා මාවල් සිනමා විශ්වය මේ චරිතයේ අයිතිය පවරා ගන්න සැරසෙනබව. ඒ ආරංචිය  සැබෑවක්  කරමින් 2015 මුල් බාගයේදී එහි අයිතිය මාවල් සමාගම හිමිකරගන්නවා.

දැන් බලනවා ඇති ස්ටෑන් ලී හැදුවා නම් එකේ අයිතිය සෝනිලාගෙන් ගන්නේ මොකටද කියල. මේ චරිතය සහ නිර්මාතෘඑක ආයතනයකට අයිති උනාට මේ චරිත වලින් මුදල් ඉපයීමේදී ඒ චරිත වල සිනෙමා භාවිතය, කාටුන් භාවිතය, කොමික්  භාවිතය සහ කෙලිබඩු නිෂ්පාදනය වගේ විවිධ මාධ්‍යය  වල හිමිකාරිත්වය මුදලට විකිණීමක් කර තිබෙනවා. මොකද 2000 වසරට පෙර මාවල් සමාගම විසින් කලේ කොමික් පොත්  නිර්මාණය කිරීම පමණයි. ඒ වෙනකොට ස්පයිඩර්මෑන් චරිතයේ හිමිකාරිත්වය සමාගම් තුනක් හරහා බෙදී ගොස් තිබුනා. ඒ තමයි සෝනි සමාගම, මාවල් සමාගම සහ ඩිස්නි සමාගම. සෝනි සමාගම චිත්‍රපට නිර්මාණය කර එහි ආදායම ඉපයූ අතර මාවල් සමාගමට චරිතය වෙනුවෙන් යම් කිසි මුදලක් ගෙවනු ලැබුවා. මාවල් අනුබද්ධ ඩිස්නි සමගම විසින් මේ චරිතයට අදාළ කෙලිබඩු නිෂ්පාදනය සහ බෙදාහැරීම සිදු කරනු ලැබුවා. ඒ වගේම මාවල් නිවසින් නිර්මාණය උන X-Men සහ Fantastic Four කියන්නෙත් මාවල් සමාගම තුලින් නිර්මාණය උන එහෙත්  අයිතිය පිටට විකුණන ලද චරිත සහිත චිත්‍රපට. මේ චිත්‍රපට වල අයිතිය දැනට හිමිවන්නේ 20th Century Fox  සමාගමටයි. මේ කොමික් නිර්මාණ වල තිබුන අනෙකුත් චරිත සහිත තනි චිත්‍රපට එනම් Logan, Wolverine, Deadpool වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට බිහිවන්නේ එලෙසිනුයි.

මේ සෑම චිත්‍රපටයකම මාවල් මුද්‍රාව දැකගන්න ලැබුනත් මාවල් චිත්‍රපටයක් (මාවල් විශ්වය) සහ මාවල් ස්ටුඩියෝ (මාවල් සිනමා විශ්වය) චිත්‍රපටයක් කියන එක දෙකක් බව ඔයාල දන්නවා ඇති. මාවල් සතු සියලුම චරිත වලට මාවල් සලකුණ ලැබුනත් මාවල් පුර්ණ හිමිකාරිත්වය නොමැති චරිත සහිත චිත්‍රපට මාවල් චිත්‍රපටයක් පමණයි. එතකොට මාවල් සිනමා විශ්වය තුල නිර්මාණය උන අයන් මෑන්, කැප්ටන් ඇමෙරිකා, තෝර් සහ ඇවෙන්ජර්ස් චිත්‍රපට  අයිති වෙන්නේ මාවල් ස්ටුඩියෝ හෙවත් මාවල් සිනමා විශ්වයටයි. දැන් මම කියන්නම් ස්පයිඩිට මොකෝ වෙන්නේ කියල. හැමෝම දන්නවා නේ  Kevin Feige ගැනඒ තමයි මාවල් ස්ටුඩියෝහි වර්තමාන සභාපති හෙවත් මාවල් සිනමා විශ්වයේ නිර්මාතෘවරයා. ඔහු තමයි අපි අද මේ විවිධ මට්ටම් (Phases) ඔස්සේ දකින මාවල් සිනමා විශ්වයේ විවිධ චරිත එකිනෙකට අමුණමින් චිත්‍රපට සහ රූපවාහිනී කතා මාලා වලින් සමන්විත මාවල් ජාලයක් නිර්මාණය කරන්න මූලික උන පුද්ගලයා. ඉතින් ඔහු තමයි මේ  ස්පයිඩර් මෑන් චරිතය මාවල් සිනමා විශ්වය තුල ඇති චරිත සමඟින් සම්බන්ධ කරන්න මූලික වෙන්නෙත්. සෝනි සමාගමේ අධ්‍යක්ෂකවරයෙක්  වන Amy Pascalගේ අදහසක් අනූව ස්පයිඩර්මෑන් චරිතය නැවතත් මාවල් ස්ටුඩියෝ එකටම හිමිවෙන්නේ. ඒ හිමිකාරිත්වය  හමුවේ ඔයාලට මාවල් සිනමා විශ්වය තුල මුලින්ම Captain America: Civil War හරහා ස්පයිඩර්මෑන් දකින්න ලැබෙනවා. ඒ තමයි මේ චරිතය මාවල් සිනමා විශ්වයට  ඇමිණු ආකාරය. 

ඒ වගේම හිමිකාරිත්වය කිව්වට ලැබෙන්නේ චරිතයේ අයිතිය පමණක් කියල හැමෝම දන්නේ නැතුව ඇති. මේ චිත්‍රපටයට පවා මුදල් යෙදවීම සිදු කරන්නේ සෝනි සමාගම විසින්. ඉතින් මීයක් කඩන්නේ අතලෙවකන්න නෙමේ වගේම සෝනි සමාගමට තමයි මේ චිත්‍රපටයේ සියලුම බෙදාහැරීමේ අයිතිය හිමිවන්නේත්. ඒ කියන්නේ මාවල් ස්ටුඩියෝ එකෙන් වගා කලාට අස්වැන්න නෙලන්නේ සෝනි සමාගම මගින්.  කොටින්ම මෙහි ආදායම මුළුමනින්ම ලබාගන්නේ සෝනි සමාගම විසින්. මාවල් සමාගමට ලැබෙන එකම ප්‍රතිලාභය තමයි එයාලට අවශ්‍ය විදිහට නළු නිලියන් තෝරාගෙන එහි නිර්මාණ දායකත්වය 100% ක්ම එයාලට අවශ්‍ය පරිදි කරගන්න එක. ලැබෙන එකම මූල්‍ය ප්‍රතිලාභය තමයි කලින් වගේ ඩිස්නි සමාගම කරපු කෙලි බාන්ඩ  නිෂ්පාදනය සහ විකිණීම. ඒ ලැබුන අයිතිය ඔස්සේ තමයි අපිට මේ චිත්‍රපටයට අලුත් නළුවෙක් විදිහට Tom Holland දක්නට ලැබෙන්නේ. ඊට අමතරව මාවල් ස්ටුඩියෝ ප්‍රධානියා මේ චරිතය වෙනුවෙන් තවත් චිත්‍රපට පහක් වෙන් කර අවසානයි. මොන දේ කලත් ස්පයිඩර්මෑන් චරිතය සෝනි සතු වෙන තෙක් කාල් ඔවුන්ට  ලැබෙන්නේ අර   මම කලින් කියපු ප්‍රතිලාභ පමණයි.  ඊට අමතරව ලොව පුරා  ලොකු කුඩා චරිත හැමෝම ප්‍රියකරන සහ ප්‍රකට ස්පයිඩර්මෑන් මාවල් විශ්වය ගෙන ඒම තුලින් Kevin Feige වැඩි වශයෙන් බලාපොරොත්තු උනේ වර්තමානයේ මාවල් විශ්වය එලි දැක්වූ චිත්‍රපට වල ඇති වූ පසුබෑම  ස්පයිඩර්මෑන් ලවා නැවත ලබා ගැනීමයි. මෑත කාලිනව  එළිදක්වපු Ant Man සහ Doctor Strange ඊට කදිම නිදසුන්. ක්‍රමවේදය බළලුන් ලවා කොස් ඇට බෑවීම උනත් ප්‍රතිපල සාර්ථකයි කියල කියන්න ඕනේ. ඒ බව මේ චිත්‍රපටය තිරගතවී  පළමු  දින තුන අවසානයේදී සනාථ උනා.   ස්පයිඩර්මෑන් නවතම චිත්‍රපටය ඩොලර් මිලියන 175ක් යොදවා නිර්මාණය කලාට අදදින වනවිට සෝනි සමාගම මේ චිත්‍රපටය තුලින් පමණක් ඩොලර් මිලියන 874කට හිමිකම් කියනවා. පසුගිය සතිය වනතෙක් 2017 වසර තුල තිරගත වූ කොමික් චිත්‍රපට වල පළමු ස්ථානය දිනාගෙන සිටි Wonder Women චිත්‍රපටය දෙවන ස්ථානයට දමමින් දැනට ස්පයිඩර් මෑන් පළමු ස්ථානයේ රැඳී සිටිනවා. දැනට කියල කිව්වේ නොවැම්බර් මාසය වැදගත් වන නිසා Thor: Ragnarok සහ Justice League තවම  මේ තරඟයට අවතීර්ණ නොවුන නිසයි.

 කරුණු කාරණා එහෙම උනත් සෝනි සමාගම තාමත් මාවල් චරිත වලට තිත තියල නැහැ. එයාල තවමත් හදන්නේ මේ චරිතවල ඇති හිමිකාරිත්වය ඔස්සේ තවත් ලාභ ලබන්නටයි. සෝනි සමාගම දැනටමත් ඒ වෙනුවෙන් පිඹුරුපත් සකස් කරලා  අවසන්. ඉදිරියේ  කටයුතු අරඹන්නට සූදානම්ව ඇති  Tom Hardy රංගනයෙන් දායකවන Venom චිත්‍රපටය ඊට කදිම නිදසුනක්. ඒ වගේම Black Cat & Silver Sable කියන්නේ එවැනි සෝනි බලාපොරොත්තුවක්. Venom  කියන්නේ ස්පයිඩර්මෑන්ගේ ප්‍රධාන සතුරෙක්. නමුත් Amy Pascal සහ Kevin Feige දෙදෙනාම තහවුරු කර තිබෙනවා සෝනි නිපදවන්නට ඉන්න R-Rated වෙනොම් චිත්‍රපටය සඳහා Tom Holland හෝ මාවල් සිනමා විශ්වයේ කිසිඳු සහභාගිත්වයක් නොමැති බව.  ස්පයිඩර්මෑන් නොමැති  වෙනොම් කෙනෙක් විතරක් ඉන්න චිත්‍රපටයක් කොයි තරම් සාර්ථක වෙයිද කියන එක ප්‍රේක්ෂක  අපිට තියෙන තව ගැටළුවක්. මාවල් සිනමා විශ්වය එක්ක බැඳිලා ඉන්න අලුත් ස්පයිඩර්මෑන් තරුවට Venom වෙනුවෙන් ඉඩකඩ ලබාගන්න එක තවත් ගැටළුවක්. ඉතින් මේ චරිතය බෙදා ගන්න බැරුව ගැටළුවක් ඇති උනොත් අලුත් ස්පයිඩර්මෑන් නැවතත් අතුරු දහන් වෙන්න ඇති ඉඩකඩත් වැඩි කමක් තියෙනවා. ඔන්න ඕකයි සෝනි සහ මාවල් සිනමා විශ්වය අතර ඇති ගිවිසුමේ තත්වය.

දැන් කියන්නම් මොකද්ද මේ හෝම්කමින් එක  කියලා. වෙඩින්  එකක් නැති මේ හෝම්කමින්  එකට තේරුම් දෙකක් තියෙනවා එත් ආසන්නතම අදහස කියල ගන්න පුළුවන් වෙන්නේ Captain America: Civil War තත්වයෙන් පසු නිවස බලා එන ස්පයිඩර්මෑන් කොහොමද සමාජය එක්ක ගැටෙන්නේ කියන කාරණය. දෙවෙනි අදහස වෙන්නේ මේ චිත්‍රපටය තුල ඇති හෝම්කමින් නම්වූ නර්තනයක්. මුල තේරුම ඔස්සේ ගියොත් තවමත් තරුණ වයසේ ඉන්න පීටර්ට ඇවෙන්ජර්ස් කණ්ඩායම එක්ක සටන් කරන්න ලැබුනා. ඉතින් දැන් හිතන් ඉන්නේ තමන් වැඩකාරයෙක් කියල. මෙයාට ඕනවෙලා තියෙන්නේ දිගටම මේවගේ දේවල් වලට එකතුවෙන්න. එහෙම ආසාවකින් පෙලෙන ස්පයිඩර්මෑන්ට  ජිවත් වන නගරයේ සිදුවන අකටයුත්තක් දකින්න  ලැබෙනවා. ටෝනි ස්ටාක්ගේ මග යටතේ ඉන්න පීටර්ව ටෝනි තවමත් ආධුනිකයෙක් විදිහටයි දකින්නේ. පීටර්ට ඕන ඒ අදහස වෙනස් කරලා තමන්ට යමක් කරන්න පුළුවන් බව පෙන්වන්න. හැබැයි සෙල්ලම් පෙන්නන්න ගිහින් හදා ගන්න සතුරා වුල්චර් ලෙසින් ආරුඪ නමකින් තමන්ව හඳුන්වාගන්න බලවත් සතුරෙක්. එහෙනම් මෙතැන් සිට චිත්‍රපටය ඔබට භාරයි.   තව දෙයක්, ජවනිකාව (Post Credit Scene) එක බලන්න. මේ  කෙනා නමින් Mac Gargan. මෙයා කවුද කියල දැනගන්න ටිකක් ගූගල්  කරලා  බලන්න. ඊළඟ ස්පයිඩර්මෑන් චිත්‍රපටයේ ප්‍රධාන හතුරා වෙන්න ඉඩකඩ බොහොම වැඩි. එහෙනම් මීට වඩා නොකිය ඉන්නම් මෙතැන් සිට කතාව ඔබට  භාරයි. ගිහින් එන්නම් . හැමෝටම ජය!

Spider-Man: Homecoming (2017) Sinhala Subtitles

Spider-Man: Homecoming (2017) on IMDb

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

මෙම උපසිරසි  HD/WEB/BR පිටපත් සඳහා  අදාළ වේ.

91,063 downloadsDownload Spider-Man-Homecoming-2017-BR.zip136 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

91,063 downloadsDownload Subtitles136 KB

191 comments

  1. Udara Cooray

    Thankz

  2. Gayan

    නියමයි සහෝ.
    උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයවේවා !

  3. prabodha

    Wow. Supiri film ekakne. Thank bro sub ekata...

  4. Ravindu Rukshan

    Thx bro

  5. anushka dilshan

    pattama thanx bro badu ava vitharai dunna

  6. එල්.සී. දමැල්

    ලිපිය අග සිට මුලටම කියෙව්වා..
    බොහොම ස්තුතියි ලිපියට සහ උපසිරසට

  7. Nuwan K

    Thanx Brow.....

  8. යුශාන් පියුමාල්

    my amma menna ghae badu

  9. Hemal

    mame uba nam deiyek aaa :v
    Thank you mami

  10. C. R. ජයලත්

    Niyamai Hasantha Aiya Jaya Wewa!!!!!

  11. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියා...
    වෙඩි වගේ සබ් එක දීලා තියෙන්නේ...
    තවත් පට්ටම ෆිලුමකින් හමු වෙමු
    #ජය වේවා

  12. Amalka Himeshan

    Thanks sub ekata danata meka ganna Br avama 1080p banava

  13. nisha

    නියමයි සහෝ.
    උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයවේවා !

  14. Hasitha

    එලම මචන්

  15. විමා

    ආව්ශ්...
    අලුත් පික <3
    සබට තුති හසෝ
    Br ආවම බලනවා

  16. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. ගොඩාක් පිං. ලිපියත් ලෙසටම තියෙනවා. ජයවේවා!!

  17. shasith sandaruwan

    හම්මේ අලගිය තැන් මුලගිය තැන් සේරම දාලා තියෙන්නේ මේක නම් අනිවා බාගන්න ඕන. අනිවා බැලිල්ලක් තමයි.
    උපසිරැසියට බෝම තුති හසා අයියේ..
    දිගටම සබ් දෙමු ආ.. :P
    ඔබට ජය!

  18. Thisal Lakpura

    බොහොම සිතුතියි!!!

  19. clash of clan

    thanks macho sub ekata meka enakan balan hitiye......

  20. sudeera

    ela haso patta aa... patta wisthare

  21. Sanjeewa Bandara

    Thanks Bro

  22. prasad bls

    Thanks Bro !!!!!!!!!!!!!!1

  23. Gathsara Umesh Kumara

    Hme..iknin deel..mt hithun sub ek d
    Speed ek dkm thundenk..eyin eknk athm ayys..y
    Jywewaa...!!

  24. sam

    Lipiya nm pattetama thibba...thanks kollo

  25. Kulanjana Maduranga

    niayamai…denakam balan hitapu filumak.thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  26. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    හොද කොපියක් එනකම් බලන් හිටියේ...

  27. Udaya Tharanga

    supiri thanku enakan balagena hitiye

  28. Kaushan_P_Herath

    එලම මචන්.සෑහෙන දිග ලිපියක්.එනිවේ සබට තෑන්ක්ස් බොක්ක

  29. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ට හුඩු හසා අයියේ..අරහෙන් ෆිලුම දාලා තියෙනවා දැක්කා..මෙහේ බලද්දී සබ දාලා..පට්ට හොදේ....ලිපියත් සුපිරි..කලින් ස්පයිඩිට වෙච්චි දේ මේයාටත් වෙන්න එපා කියලා ප්‍රර්තනා කරමු. ෆිලුමනම් හෙනම ආතල්.. ඇක්ෂන් සීන් වගේම සිරා ආතල් ටිකක් තියේ.. කැප්ටන් අයියත් අන්තිමේට ඇවිත් ආතල් එකක් දෙනවානේ..මේ රෙකෝඩ් ටික තෝර් එකෙන් කඩනවා.. ආයේ ඔවා සේරම ටික ලීග් එකෙන් කඩනවා.. මර්වල් ද? ඩී.සී ද? අදාල නෑනේ..ඔය දෙකේ මොන ෆිලුම ආවත් අනිවා බැලිල්ලක් තමයි.. සනික සබ් එක දුන්නට බොහොම පිං අයියේ..බී.ආර් ආව ගමන් අප්ඩේට් එකක් දාන්න!
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

    1. කොමික් පිස්සෙක්

      ලීග් එක කඩයි. ඒත් Infinity War එනකන් ඉන්ඩකො.

    2. Sanindu Lakkitha

      අර iMax වල පෙන්නපු Inhumans වගේ සේරම රෙකොඩ් කඩයි නේද සහෝ!

  30. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  31. nisha

    Thanks bro...

  32. Devinda

    Ty malli gdk Pin....

  33. anujaya

    සබ් එකට තැන්ක්ස්….
    හොද කොපියක් එනකම් බලන් හිටියේ…

  34. Sanjaya

    බොහොම ස්තූතියි.. ☺☺☺
    ජය වේවා..!! 

  35. Hima Benaragama

    sub 1ta godaak sthuthii...

  36. Silent$

    Thnxxxxxxxxxxxx

  37. avindu umesh

    Enakammi hitiye bro tnx for sub!!!!!!

  38. danushka

    thanks for sub.hoda link ekak nadda bros

  39. මලිත් සංදීප

    සබ් එකට තෑන්ක්ස් හසන්ත අයියා
    මේක කවදා එයිදෝ කියලා බලන් හිටියේ..
    ෆිලුම නම් ඩවුන් වෙන්න දාලා තියේන්නේ..
    මේවගේ පට්ටම ෆිලුමකින් නැවත හමු වෙමු
    #ජය

  40. Udara Damith B/K

    මන් නම් ඉතින් මේ ස්පයි ඩියට වැඩි කැමැත්තක් නෑ
    කලින් පොර වගේ නෙමෙඉ නිසා එත් බලනවා
    ලිපියනම් නියමයි ...
    ලිපිය නම් නියමයි සුපිරියි
    මේ වගේම පුලුවන්නම් අර උඩ ඔයා google එකේ sarch කරන්ඩ කිව්ව පොර ගැන( Mac Gargan.)
    විස්තරයක් සිංහලෙන් baiskop මන්සලට දානවද ඕක google sarch කරත් තේරෙන එකක්යැ අපිට
    තව මොන හරි මතක් උනොත් කියන්නම්
    ෆිල්ම් එක බලන්ඩ තියෙනවා
    මන් ගියෝ............................

    1. කොමික් පිස්සෙක්

      ඒවුනාට bro Tom Holland චරිතයට හොදටම සාධාරනයක් ඉෂ්ඨ කරලා තියනවා. bat man චරිතය Ben කලා වගේ....

    2. Udara Damith B/K

      එහෙම අවුලක් නෑ
      අලුත් පොර හොදයි
      මන් කිවුවේ ඉතින් අපි පුරුදු වෙලා තිබුනේ කලින් පොරටනේ එකයි

  41. Sachintha

    Thanks For Sub

  42. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  43. ඩිලාන් හසිත

    සබ් එකට තෑන්ක්ස් අයියේ
    ස්පයිඩිගෙ ෆිලුමක් නම් කොහොම මග අරින්න ද ඉතින්

  44. ආසිරි ප්‍රියන්ත

    බෑවෙන ගමන්, අදම බලන්නොන කොමහරි.
    එකනේවී, ලිපිය ඔක්කොම කියෙව්වා හොදේ.

  45. danushka

    sub ekata thanks..yaluwane hoda link ekak nadda

  46. Rimesh DIlshan

    Thanx Bro Sub ekata.....

  47. kelum chathuganga abeysekara

    thanks bro..

  48. asela

    film eka baluwe naha habayi ubage deshnawanam maru. maru kiyanne mare maru.

  49. Nüwäñthå Dúlån

    තැන්කූ හසා අයියා,
    මෙන්න ගත්තා එහෙනම්,
    ජය!!!

  50. wajira

    thaks machan

Load more comments