Watch Trailer

Oru Cinemakkaran (2017) With Sinhala Subtitles | තවත් එක් සිනමාකරුවෙක්..! [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලයකට පස්සේ ආයෙත් මලයාලම් ෆිලුමක් අරගෙන බයිස්කෝප් එකට එන්න පුළුවන් වුනා.මේක Crime, Drama, Mystery කියන ප්‍රභේදයන්ට අයත්වන ෆිලුමක්. Aby (2017) මලයාලම් ෆිලුමේ ප්‍රධාන නළුවා-Vineeth Sreenivasan ම තමයි මේකෙත් ප්‍රධාන රංගනයට දායක වෙන්නේ.මේක හොඳම මට්ටමේ මලයාලම් ෆිලුමක් නොවුනත්,නොවැරදීම හැම මලයාලම් ෆ…

ටික කාලයකට පස්සේ ආයෙත් මලයාලම් ෆිලුමක් අරගෙන බයිස්කෝප් එකට එන්න පුළුවන් වුනා.මේක Crime, Drama, Mystery කියන ප්‍රභේදයන්ට අයත්වන ෆිලුමක්. Aby (2017) මලයාලම් ෆිලුමේ ප්‍රධාන නළුවා-Vineeth Sreenivasan ම තමයි මේකෙත් ප්‍රධාන රංගනයට දායක වෙන්නේ.මේක හොඳම මට්ටමේ මලයාලම් ෆිලුමක් නොවුනත්,නොවැරදීම හැම මලයාලම් ෆිලුමක්ම නරඹන අයට මේකත් අරගෙන බලන්න කියලා ආරාධනා කරනවා! ඒ වගේම මේක ගොඩක් හාස්‍යයට බර ෆිලුමක්,ඒක නිසා ඒ වගේ ෆිලුම් බලන්න කැමති අයත් මේකට කැමතිවෙයි.

කතාව ගැන කිව්වොත් ඇල්බි කියන්නේ සිනමාව එක්ක වැඩ කරන,කවදාහරි දවසක තමන්ගේම කියලා චිත්‍රපටියක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න තරුණයෙක්.මෙයාගේ පෙම්වතිය තමයි සාරා.ඇල්බිගේ දෙමව්පියෝ ඇල්බි සිනමාව තෝරා ගැනීම ගැන අකමැත්තෙන් හිටියත් සාරා නම් මේ දේ ගැන වරදක් දකින්නේ නෑ .ෆිලුමේ මුලින් පෙන්වන විදියට මේ දෙන්නා බොහොම ආදරයෙන් ඉන්න දෙන්නෙක්.කොහොමවුනත් දෙපාර්ශවයේම දෙමව්පියන් මේ සම්බන්ධයට අකැමැති වෙන හින්දා මේ දෙන්නා,දෙන්නගේ කැමැත්තට කසාද බැඳලා නගරයේ මහල් නිවාසයකට පදිංචියට යනවා.මෙහි එක්තරා දවසක සිද්දවෙන සිද්දියක් හින්දා ඇල්බිගේ ජීවිතේ ගොඩක් වෙනස්ම මඟකට යොමු වෙනවා.ඒ විදියේ කතාවක් තමයි ෆිලුමේ තියෙන්නේ.

නොවැලැක්විය හැකි හේතු කිහිපයක් එක දිගට යෙදුනු නිසා හිතපු තරම් ඉක්මනට නම් උපසිරැසිය අරගෙන එන්න බැරි වුනා.කොහොමවුනත් ඒ වැඩ අස්සේ හරි මේක අරගෙන ආවේ මේ ෆිලුමේ සබ් එකක් එනකල් ඉන්න මලයාලම් රසිකයින් කිහිපදෙනෙක් හරි අනිවාර්යෙන් ඉන්න නිසා.ඒ වගේම වෙනදා වගේම මතක් කරනවා,ඔයාලා උපසිරැසිය සම්බන්ධව පල්ලෙහායින් පළ කරන අදහස ගොඩක් වටින බව.ඒක නිසා කැමති අය ෆිලුම බලලා උපසිරැසිය ගැන හිතෙන ඕනෙම දෙයක් පල්ලෙහායින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න.එහෙමනම් තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු,එතෙක් ඔබට ජය!

Oru Cinemakkaran (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Oru Cinemakkaran (2017) Malayalam DVDRip x264

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

4,644 downloadsDownload Oru-Cinemakkaran-2017.zip62 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තරිඳු රසාංග

Subtitles

4,644 downloadsDownload Subtitles62 KB

16 comments

  1. manoj

    ela machan thanks

  2. shasith sandaruwan

    තවත් මලයාලමක්. යකූ උඹ නම්... :P
    කොහෙන් වෙලාව හොයාගන්නවද මන්දා..
    දිගටම මේ විදිහට සබ් දෙමු ආ...
    ඔබට ජය!

  3. kanthaDLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. C. R. ජයලත්

    නියමයි සහෝ ජය වේවා!!!!!

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  6. rangika Kariyawasam

    ජය ජය ජය හෝ.........

    ෆිලුම ටැමිල්රොකර් එකට ආව දවසෙම බෑවා සහෝ... මේ ෆිලුමට සබ දෙන්න හිතපු එක නමි ෆටිටයි තරිඳු සහෝ .ඇත්තමයි සහෝ අලුත් සබි එකක් අරන් එනකමි ඇගිලි ගැන ගැන හිටියෙ.

    මලයාලමි ෆිලුමි මොනා උනත් කමක් නෑ ඔින වෙලාවක් බැලුව හැකි.ඒ තරමි ෆටිටයි.

    ලස්සන ෆිලුමක් වෙනදා වගේම සහෝ සබ ලෙසටම කරලා තියෙනවා. නියම විදියටම.

    ගොඩක් වැඩ කාර්ය බහුලතාවයන් මැද අපට මලයාලමි ෆිලුමක් දුන්නට තැන්කු සහෝ.ඉදිරියට එන්න තියෙන මලයාලමි ෆිලුමි වලට සහ මෑත කාලයේ ආපු

    Avarude raavukal (2017)
    Role Models (2017)
    Adventure of Omanakuttan (2017)
    Electra (2017)

    මෙි ෆටිට ෆිලුමි ටිකටත් පුලුවන් වෙලාවට සබ දෙන්න සහෝ. අපි වෙනුවෙන් ඔබ කරන මෙි මහගු කාර්ය අපි හද පතුලෙන්ම අගය කරනවා...

    ජයවෙිවා ....

  7. Kulanjana Maduranga

    niayamai…malayalam film nm ithin nobala in na ne...aniwa bamak thama.....thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. රුවන්

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන් ඔබට ගොඩක් පින් සහෝ.................බුදු සරනයි

  9. SPD

    ෆිලුම දකිනකොටම හිතුනා මචන් සබ කරන්න ඇත්තේ උඹ තමයි කියල.
    වැඩ රාජකාරී ගොඩක් තියාගන අපි වෙනුවෙන් කරන මේ සේවය ඇත්තටම අගය කරනවා.
    බොහොම ස්තුතියි මචං.
    ජය වේවා...!!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. Thara

    thanks machan...

  13. සිසිල ප්‍රසාද්

    උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තුතියි, සහෝ.
    දිගටම මේ වගේ හොඳ චිත්‍රපටි වලට උපසිරසි යොදමු.
    ජයවේවා!!!

  14. Dinu

    thank you saho

  15. malith

    Ela ela

  16. kasun sudangama

    supiri wedak tharindu ub sub karapu malayalam film ekak beliwama thama filk eka beluwa kiyala hithenne jaya wewa