Watch Trailer

Mulk (2018) Sinhala Subtitles | ත්‍රස්තවාදීන්ගේ අඬහැරය..!! [සිංහල උපසිරැසි සමග]

‘අපරාදේ බන් ඩේටා ටික! වෙලාවත් අපරාදේ.. හෙනම බොරු ෂෝ එකක්…’ 2020දි ආපු එක්තරා චිත්‍රපටියක් ක්‍රියාදාම වලින් පිරුණු, ආදායම කෝටි 100 ඉක්මවපු.. ඉන්ටනෙට් ආපු ගමන්, වැල නොකැඩි ඩවුන්ලෝඩ් කරලා පැය දෙකහමාරක් වැය කරලා බලපු IMDb අගය 2.0ට ආසන්න වුණු එක්තරා චිත්‍රපටියක්. චිත්‍රපටිය Play වෙන්න දාලා ඒක ඉස්සරහා ඉඳ…

‘අපරාදේ බන් ඩේටා ටික!
වෙලාවත් අපරාදේ..
හෙනම බොරු ෂෝ එකක්…’

2020දි ආපු එක්තරා චිත්‍රපටියක්
ක්‍රියාදාම වලින් පිරුණු,
ආදායම කෝටි 100 ඉක්මවපු..
ඉන්ටනෙට් ආපු ගමන්, වැල නොකැඩි ඩවුන්ලෝඩ් කරලා
පැය දෙකහමාරක් වැය කරලා බලපු
IMDb අගය 2.0ට ආසන්න වුණු
එක්තරා චිත්‍රපටියක්.

චිත්‍රපටිය Play වෙන්න දාලා
ඒක ඉස්සරහා ඉඳගත්තු ඔයාමයි ආයේ නැගිටින්නත් ඇත්තේ.
ඔලුවට එකතු වෙච්ච දෙයක් නම් නෑ.

මේක 2018 චිත්‍රපටියක්..
අවුරුද්ද දැකපු ගමන් ඒ Page එකටවත් එන්නැති
බානවා තියා හිතන්නෙවත් නැති,
පෝස්ටරේ දැක්ක ගමන් පැත්තකට කරලා දාන්න හිතෙන,
බැලු බැල්මට අතිශය සාමාන්‍ය,
එක්තරා චිත්‍රපටියක්.

නමුත් දන්නවද,
මේ පැය දෙකයි විනාඩි 15 අවසානයේ
ඔබ නැගිටින්නේ වෙනස්ම ඔලුවක් එක්ක.
අරගල කරන බුද්ධියක් එක්ක,
හිතන්න ගොඩක් දේවල් හිරකරගත්තු
බර හදවතක් එක්ක.
ඒ වගේම කුතුහලයෙන් බර
හොඳම සිනමා අත්දැකීමක් විඳපු
ගෙවුණු පැය කිහිපය ගැන අතිශය තෘප්තිමත් වෙච්ච
ජයග්‍රාහි ප්‍රේක්ෂකයෙක් විදිහට.

මේ ඔබ නරඹන්නේ 2018 වසරේ,
ඉන්දියාව වැඩියෙන්ම වෛර කරපු චිත්‍රපටිය
ඒ වගේම වැඩියෙන්ම ආදරේ කරපු චිත්‍රපටිය.
ඒ වගේම ඔබ ශ්‍රී ලාංකිකයෙක් නම්,
2019 අප්‍රේල් 21වෙනිදා උදේ 8.45 විනාඩියෙන් ඇරඹුණු
ඒ කාලකන්ණි පරිච්ඡේදය අත්දැකපු කෙනෙක් නම්
මෙය ඔබත් වැඩියෙන්ම වෛර කරන චිත්‍රපටිය වේවි
නැතිනම් ඔබ වැඩියෙන්ම ආදරය කරන චිත්‍රපටිය වේවි.
තමන්ගේ ආකල්පයන් මත ඒ දේ තීරණය වෙයි.
කාවවත් විනිශ්චය කරන්නේ මොකටද?


(Caption : You will Love it or Hate it)

මෑතකදි ජීවන රඟමඩල හැරගිය රිෂී කපුර් සමඟ
කවදත් වෙනස් චරිතයන්ට පණ දෙන තාප්සි පන්නු එක් වන,
අනුභව් සිංහා 2.0ගේ ආන්දෝලනාත්මක පළමු නිර්මාණය
විඳින්න කරන ගෞරවාන්විත ආරාධනයයි මේ.

මෑතකදි වෙච්ච සිදුවීමකට සම්බන්ධ කතාවක් එක්ක සමුගන්නම්!

මැරෙන්න හිතාගෙන ගඟට පැන්නේ දෙමළ කෙල්ලෙක්.
ඒ කෙල්ලව බේරගන්න ගිහින් ජීවිතේ පූජා කරේ මුස්ලිම් කොල්ලෙක්
ඒ කෙල්ලව බේරගත්තේ සිංහල මිනිහෙක්.
මනුස්සකමට කොහෙද බොලව් ජාති බේදයක්??
කවදාහරි, මොකෙක්හරි ඇවිදින්
අපි හොඳ අය, එයාලා නරක අය කියලා
අපිව බෙදන්න හදනවා වගේ නම්,
ගෙදර ගිහින් කැලැන්ඩරේ බලපන්,
ඡන්දෙට තව දවස් කීයද කියලා…!!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

8,302 downloadsDownload Mulk-2018.zip75 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

8,302 downloadsDownload Subtitles75 KB

35 comments

  1. Udaya

    Thanks machan

  2. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි..........

    මියගිය සුපිරි නළුවන් දෙදෙනා රඟපෑ මේ චිත්‍රපට කිහිපයටත් උපසිරැසි ලබාදෙන්න පුලුවන්ද?

    Rishi Kapoor

    Rajma Chawal - 2018
    Jhootha Kahin Ka - 2019

    Irrfan Khan

    Doob: No Bed of Roses - 2017
    The Song of Scorpions - 2017

  3. Helili Hemamali

    කැලැන්ඩරේ බලන්න යන ගමන්. පොඩි අවුලක්. ඡන්දෙ කවද්ද දන්නෙ නෑනේ.

    1. Pradeep

      All the people need to watch this movie. In every tv channel must telecast this.

  4. සොහාන් ජයසූරිය

    මයුරයියා දුන්නා කියන්නෙ ඉතින් සුපිරියක් තමා.. සබ් එකට පින් ඒනම් ඈ.. ජය වේවා..

  5. Sohan Jayasooriya

    තැන්කූ වේවා!

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Anonymous

    අර උඩ කියල තියෙන්නේ baaghi 3 ගැන නෙවෙයි නේ
    මොනව වුනත් කතාව නම් සහතික ඇත්ත
    මේ ෆිලුම එහෙම නැතුව ඇති නේ
    බලලම ඉමු
    ජය වේවා!!

    1. Supun s

      ඒක ගැන තමයි........

  8. Anonymous

    සබට ගොඩක් ස්තුතියි.
    මෙච්චර ඉක්මනට දෙයි කියල නම් හිතුවේ නම් නෑ..

  9. D.Chamara

    aniwa balillak thama bohoma sthuthi

  10. benukanimsena

    ආව හැටියේ බාපු ෆිල්ම් එකක්
    සබට බොහොම ස්තූතියි මයුර අයියේ

  11. indika75

    thanks..

  12. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා...ජය වේවා.... දෙවි පිහිටයි.....

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. sandun

    thanks bro

  15. Suranjan

    Thanks jayawewa.....!

  16. Chamindu Lakshitha

    මේක බලන්න කොච්චර ආසාවෙන් ඉඳියාද කියනවනන් සබ් එක හොයලම පණ ගියා..මොනවා කරන්නද කියලා දැනට මාස 6කට විතර උඩදි english sub එකෙන්ම බැලුවා ..මේකට සබ් දෙන්න කියලා කීප වතාවක් ම comment කරා..මෙච්චර හොඳ film එකකට සබ් දෙන්න ඇයි මෙච්චර පරක්කු වුණේ.. දැන් හරි දාපු එක ගැන සතුටුයි..Thanks....ANUBHAV SINHA+TAPSEE PANNU+RRISHI KAPOOR = MASTERPIECE..

  17. malithmadhushan45

    නියමයි මයුර අයියේ මේක දෙනකන් බලන් හිටිය එකක් සුපිරිම කතාවක් ෆිල්ම් එක බාගෙන හිටියේ සැහෙන කාලෙක ඉඳන්. බොහොම ස්තුතියි සබ් එකට

  18. isuru srinath sjs

    සුපිරියක් වෙන්න ඇති නේ... බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!

  19. නිරෝෂ්

    ස්තුතියි මයුර සහෝ.ජය!

  20. Ricado

    Mayura Suraj & Baiscope team Thank you very much for the SUB❤️❤️ හැමදාම වගේ සුපිරියටම තිබ්බා ජයවේවා බයිස්කෝප් ටිම් එකට❤️❤️

  21. Thilina

    Wow it really change my view of terrorism and so many things. Thanks for that sir.

  22. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  23. R_deshan

    වෙන බලන්න එකක් නැති කමට මේක බෑවෙ.ෆිල්ම් එක ගැන හිතන් හිටියෙ සාමාන්‍ය ත්‍රස්තවාදය ගැන කියවෙන කතාවක් විදියට.ඒත් පලවෙනි පැයෙන් පස්සෙ අදහස සම්පූර්ණ වෙනස් වෙලා කතාව බැලුවෙ.කවදාවත් බලල නෑ ත්‍රස්තවාදය ගැන මෙච්චර හොඳට විග්‍රහ කරපු ෆිල්ම් එකක්.කියල වැඩක් නෑ ෆිල්ම් එක නියමයි.බාන්න වැයවුණු ඩේට ටික ගැනයි බලපු පැය දෙක ගැනයි උපරිම තෘප්තිමත්.ලිපියෙ මුලින්ම කියල තියෙන්නෙ baaghi 3 ගැනනම් ඒ කතාවත් ඇත්ත.ඒ වගේ ගොබ්බ ෆිල්ම් මේ වගේ ඒව ඉස්සරහ තුට්ටුවකට වටින්නෙ නෑ.සහෝගෙ සබ් එක මාර උදව්වක් උනා මේක හරියට රසවිඳින්න.සබට තුති කිව්වා!!!පුලුවන් නම් සයිෆ් ගෙ 2019 ආපු laal kaptaan ෆිල්ම් එකටත් සබ් දෙන්න කියල ඉල්ලනවා.

  24. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...ඉතාම සරලව කිව්වොත් උබලා නැත්තම් මේ වගේ සුපිරි නිර්මාණ සිය ගානක් බලනවා තියා දන්නෙවත් නෑ අපි..ජය..!

  25. Supun s

    Thanks

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. Anonymous

    Thanks bro

  28. Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

  29. Dilip

    Manika oya kiyana hinda gannawa mokada ochchara reting adu welath sub karanda one nane film balana kolleknam u dannawa eka hodaida kiyala elaaa ban uba ehema thama inda one ane apita sub denawa ubalata godak pin manika.

  30. Pramukmili

    thanx bro...............

  31. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි මයුර සහෝදරයා මේ චිත්‍රපටයට උපසිරැසි ලබාදුන්නට..ඔබට ජය !!

  32. kalhan

    Thanks Bro...!!

  33. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!