Watch Trailer

He’s Out There (2018) Sinhala Subtitles | මනෝ ව්‍යාධිකයෙකුගේ භිහිසුණු ක්‍රියා කලාපය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් බයිස්කෝප් යාලුවන්ට, ඔන්න අද මම ඔයාලට අරන් ආව 2018 වර්ශයේ නිකුත් වෙච්ච චිත්‍රපටයක්. මගෙ යාළුවෙක් වෙන කසුන් සහෝ තමයි මට මේක ගැන කීවේ. මේක සම්පූර්ණයෙන්ම රූප ගත කරල තියෙන්නෙ කැනඩාවේ මොන්ට්‍රියල් ප්‍රදේශයේ සුන්දර පලාතක. The Strangers (2008), Vacancy (2007), Them (2006), The Silent House (20…

කොහොමද ඉතින් බයිස්කෝප් යාලුවන්ට, ඔන්න අද මම ඔයාලට අරන් ආව 2018 වර්ශයේ නිකුත් වෙච්ච චිත්‍රපටයක්. මගෙ යාළුවෙක් වෙන කසුන් සහෝ තමයි මට මේක ගැන කීවේ. මේක සම්පූර්ණයෙන්ම රූප ගත කරල තියෙන්නෙ කැනඩාවේ මොන්ට්‍රියල් ප්‍රදේශයේ සුන්දර පලාතක. The Strangers (2008), Vacancy (2007), Them (2006), The Silent House (2011), High Tension (2003), ‍You’re Next (2011), Kidnapped (2010) වගේ චිත්‍රපටි බලපු කෙනෙක්නම් අනිවාර්යෙන්ම මේකට කැමති වෙයි. මොකද මේකත් ඒ වර්ගයේම චිත්‍රපටයක් නිසා. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Quinn Lasher කියන නවක අධ්‍යක්ෂකවරයෙක් විසින්. ඒ වගේම මේක ඔහුගේ පළමු නිර්මාණයද වෙනවා. ධාවන කාලය පුරා පැයකුත් විනාඩි විසි නවයක් දිවයන මෙහි ප්‍රධාන චරිතය සඳහා The Predator (2018), I,Frankenstein (2014), Killer Elite (2011) වැනි චිත්‍රපට වල රඟපෑ ‍Yvonne Strahovski කියන ඕස්ට්‍රේලියානු නිළිය රංගනයෙන් දායක වී තිබෙනවා, ඊට අමතරව Anna Pniowsky, Abigail Pniowsky සහ Ryan McDonald කියන නළු නිළියන් සෙසු චරිත සදහා දායක වෙලා තියෙනවා. Imdb අගය 5.2ක් සහ Google පරිශීලකයන් මෙයට 77% ක මනාපයක් ලබා දී තිබෙනවා. මේක අයත් වෙන්නේ Horror | Thriller යන කාණ්ඩ වලට.

අම්මයි එයාගෙ පුංචි දුවල දෙන්නයි එක්තරා දුර බැහැර ප්‍රදේශයකට යනවා සති අන්ත නිවාඩුවක් ගත කරන්න කියල හිතාගෙන. මෙයාලගෙ තාත්ත ඒ අවස්තාවේ මෙයාලත් එක්ක ඒ ගමන යන්න එන්නෙ නෑ. තාත්තාගෙ පසුවට පැමිණීමේ පොරොන්දුවත් පිට අම්මයි දුවල දෙන්නයි පමණක් ගමන පිටත් වෙනවා. මේ යන ප්‍රදේශයේ මිනිස් වාසයක් නැති තරම්. එකම එක පවුලක් විතරයි ඒ ප්‍රදේශයේ ජීවත් වෙන්නෙ. කොහොම හරි මෙයාල මේ ගෙදර නැවතිලා ඉන්න පළමු රාත්‍රියේම හදිසියෙන් එක් දියණියක් අසනීප වෙනවා. ඉතින් මේත් එක්කම තමයි බයානක සිද්දීන් ඔක්කොම පටන් ගන්නෙ. හරි එහෙනම් මීට වඩා කතාව කීවොත් බලල වැඩක් නෑනේ. ඔයාලම බලන්නකො මොනාද ඊට පස්සෙ වෙන්නෙ කියල.

එහෙනම් මං ගිහිල්ල එන්නම්. නැවත උපසිරසියකින් හමුවෙන තුරු හැමෝටම ජය. බුදු සරණයි!

https://www.youtube.com/watch?v=Q9v-UQDRcMI

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.

2,955 downloadsDownload Hes-Out-There-2018.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චානක ලක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-07-02
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චානක ලක්ෂාන්

Subtitles

2,955 downloadsDownload Subtitles24 KB

14 comments

  1. Kalpa

    Aluth films ho sub nathi films oana tharam tyeddi Kaalekata kalin sub karala tyena ewata aapahu sub karana eka aparade wadak. Okata yana mahansi ya wena sub nathi ekakata yodawanna thibba. Jaya!

  2. Damith Sameera

    sub ekta thanks.puluwnnam long shot 2019 ekta sub denko

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි.සහෝ පුළුවන්නම් ju on series එකෙ ඉතුරු ෆිල්ම් ටිකටයි sadako 2019
    සබ් දෙන්න බලන්න.ජය වේවා!

  4. Sohan Jayasooriya

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. maleesha

    Thankz chanaKalhan Aiya ❤ ❤ ❤ ❤ ❤ apita Horrer triller movies aka dinako ai hari the

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Suranjan

    Thanks jayawewa.....!

  9. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි !!

  10. Sanjaya

    thanks brother

  11. Anonymous

    Thanks brother .
    Little children (2006)
    Wonder wheel (2017)
    Film wala sub aka denawada

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Dewadithya

    Thanks for sub!

  14. හසිත

    සබ් එක දුන්නට ස්තුතියි.