ආයුබෝවන්.. නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝටම. ඉතින් ඔන්න මම අදත් ඔයාල වෙනුවෙන් ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේ දවස් වල අඩවියේ සෑහෙන්න සබ් තියනවා. චිත්‍රපට රූපවාහිනී කතා මාලා. ඉතින් පුළුවන් තරම් ගෙදරට වෙලා චිත්‍රපටයක් බලලා පරිස්සමට ඉන්න බයිස්කෝප් යාළුවෝ සේරම. රටේ උවදුර…

ආයුබෝවන්.. නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාල හැමෝටම. ඉතින් ඔන්න මම අදත් ඔයාල වෙනුවෙන් ලස්සන චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. මේ දවස් වල අඩවියේ සෑහෙන්න සබ් තියනවා. චිත්‍රපට රූපවාහිනී කතා මාලා. ඉතින් පුළුවන් තරම් ගෙදරට වෙලා චිත්‍රපටයක් බලලා පරිස්සමට ඉන්න බයිස්කෝප් යාළුවෝ සේරම. රටේ උවදුරක් තියන වෙලාවේ ගෙදරට වෙලා ඉන්න ඔයාල වෙනුවෙන් දිනපතා සිංහල සබ් අරන් එන අඩවියේ සියලුම උපසිරසිකරුවන්ට මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. අපි එහෙනම් චිත්‍රපටය පැත්තට හැරෙමු.
අපි හැමෝටම අරමුණක් තියනවා. ජය ගන්න ඉලක්කයක් තියනවා. අපි අපේ හැමදේම අපේ අරමුණ වෙනුවෙන් අපේ ඉලක්කය වෙනුවෙන් කැප කරනවා. ඩේවිඩ් ගේල් කියන්නෙත් අන්න එහෙම කෙනෙක්.
මේ චිත්‍රපටය Charles Randolph විසින් රචනාකල Alan Parker විසින් අධ්‍යක්ෂනය කල කුතුහලයේ කෙළවරටම ගෙනයන චිත්‍රපටයක් කිව්වොත් හරි. පටන් ගන්න තැන ඉදන් අන්තිම මොකක් වෙයිද කියලා එක දිගටම බලන්න හිතෙන, බලන්න වටින චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ නිෂ්පාදනය රටවල් තුනක සම නිෂ්පාදනයක්. ඒ කියන්නේ ඇමරිකාව, ජර්මනිය සහ එංගලන්තය යන රටවල් තුනේ නිෂ්පාදනයක්. ඩේවිඩ් ගේල් යනු විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක්. මරණ දඬුවමට එරෙහිව කටයුතු කරන සංවිධානයක ක්‍රියාකාරී සාමාජිකයෙක්. ඔහුගේ සහයිකාව වන කොන්ස්ටන්සි හැරවේ ගේ ඝාතනයට වරදකරු වන්නේ ඩේවිඩ් ගේල්ය. පවතින සියළුම සාක්ෂි ඔහුට විරුද්ධවයි තියෙන්නේ. ඔහුට මරණ දඬුවම නියම කරන දවස් තුනකට කලින් ඔහු ඔහුගේ කතාව මාධ්‍යයට හෙලිකරන්න හදනවා. ඒ සදහා ඔහු තෝරගන්නේ බිට්සි බ්ලූම් නම් මාධ්‍යවේදිනියයි. ඇය වරෙක වැඩසටහනක් වෙනුවෙන් අධිකරණය හා වාද කර සිරගත වූ කෙනෙක්. පැය දෙක බැගින් දින තුනක් පුරා සිදුවන මෙම සම්මුඛ සාකච්ඡාවෙන් පසු බිට්සිට පෙනී යන්නේ ඩේවිඩ් වැරදිකරු නොවන බවයි. ඉන්පසු බිට්සි උත්සහ දරන්නේ ඩේවිඩ්ව මරණයෙන් ගලවා ගන්නයි. අපි බලමු බිට්සිට ඇයගේ උත්සහය සාර්ථක කරගන්න පුළුවන්ද කියලා.
ඇකඩමි සම්මානලාභී Kevin Spacey මෙහි ඩේවිඩ් ගේල් ලෙසත්, ඇකඩමි සම්මානලාභී Kate Winslet බිට්සි බ්ලූම් ලෙසත්, Laura Linney කොන්ස්ටන්සි හැරවේ ලෙසත් අති විශිෂ්ඨ රංගනයක් කරනවා. එයට අමතරව Gabriel Mann සැක් ස්ටීමන්ස් ලෙසත්, Rhona Mitra බර්ලින් ලෙසත්, Leon Rippy බ්‍රැක්ස්ටන් බෙලියු ලෙසත්, Matt Craven ඩස්ටි රයිට් ලෙසත් චිත්‍රපටයේ රංඟනයෙන් එකතු වෙනවා. මෙම චිත්‍රපටය විවිධ ස්ථාන රාශියක රූගත කරලා තියනවා. ඒ අතර ටෙක්සාස් වල හන්ට්ස්විල්, සෑම් හූස්ටන් ප්‍රාන්ත විශ්ව විද්‍යාලය, ඔස්ටින් වල ටෙක්සාස් විශ්ව විද්‍යාලය, ගැරිසන් හෝල්, මෙට්‍රෝ එස්ප්‍රෙසෝ බාර්, ඇබෙල්ස් බාර්, ලුසියානා ස්ටයිල් කැෆේ, බාසිලෝනා වල ප්ලානා රියල් ඒ අතර වේ. Alan Parker අධ්‍යක්ෂකවරයෙක් ලෙස අවසන් වරට කටයුතු කල චිත්‍රපටය The Life of David Gale වේ. නිෂ්පාදනය Alan Parker, Nigel Sinclair සහ ජනප්‍රිය රංගන ශිල්පී Nicolas Cage ය. සංගීතය Alex Parker සහ Jake Parker ගෙනි. යුනිවර්සල් චිත්‍රපට සමාගමේ බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය 2003 පෙබරවාරි 21 වන දා ඇමරිකාවේත්, මාර්තු 13 ජර්මනියේත් සහ මාර්තු 14 වන දා එක්සත් රාජධානියේත් තිරගතවී ඇත.
ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ යන භාෂා දෙකෙන්ම තිරගත වූ මෙම චිත්‍රපටය විනාඩි 130ක ධාවන කාලයකින් යුක්තය. මෙම චිත්‍රපටය සඳහා IMDb 7.6 ක අගයක් ලැබී ඇත.
ඩේවිඩ් ගේල්ගේ ජීවිතය… අරමුණද… මරණයද..
එහෙනම් අදට මං ඔයාලගෙන් සමුගන්නම්.. ආයෙත් දවසක මේ වගේම චිත්‍රපටයකට සබ් අරගෙන ඔයාලව හම්බවෙන්න එන්නම්. එතෙක් ඔයාල හැමෝටම නිරෝගිමත් සුබ දවසක් වේවා..

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,054 downloadsDownload The-Life-Of-David-Gale-2003.zip112 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
14 comments
Shamal manojan
Anonymous
හොයන ජාතියේ ෆිලුමක්
ස්තුතියි සහෝ
ජය වේවා!!!Shaggy
සබට බොහොම ස්තූතියි සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ...
Anonymous
Little children (2006)
Wonder wheel (2017)
Film wala subtitles denawadaරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
sameera
thanksbro
sameera
thanks bro
Anonymous
මෙම විශිෂ්ඨ ච්ත්‍රපටයේ උපසිරස කාලයක සිට බලා සිටියා. මෙය ලබා දීම පිළිබද ඔබට මාගේ ප්‍රණාමය
jagath55
Thanks
MAALNATH
Thanks ............good luck .............
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Life of David Gale (2003) Sinhala Subtitles | ඩේවිඩ් ගේල්ගේ ජීවිතය [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/The-Life-of-David-Gale-2003.jpg)
උපසිරැසියට බොහොම ස්තූතියි...........
Request...........
Romeo and Juliet - 1968
Romeo + Juliet - 1996