Watch Trailer

Mumbai Police (2013) | මිත්‍රත්වය වෙනුවෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න ටික දවසකට පස්සෙ තවත් අලුත් චිත්‍රපටයක් අරගෙන ආවා ඔයාලට. Rosshan Andrrewsගෙ අධ්‍යක්ෂණයෙන් Prithviraj, Jayasurya, Rahman රංගනයෙන් දායක වුණ 2013 මැයි 13 වෙනිදා නිකුත් වුණ Mumbai Police චිත්‍රපටය තමා අද මම අරගෙන ආවේ. Mumbai Police ඇත්තටම ත්‍රාසයෙන්, කුතුහලයෙන් පිරුණු වෙනස්ම කතාවක්. අන්තිම වි…

Mumbai Police (2013)ඉතින් ඔන්න ටික දවසකට පස්සෙ තවත් අලුත් චිත්‍රපටයක් අරගෙන ආවා ඔයාලට. Rosshan Andrrewsගෙ අධ්‍යක්ෂණයෙන් Prithviraj, Jayasurya, Rahman රංගනයෙන් දායක වුණ 2013 මැයි 13 වෙනිදා නිකුත් වුණ Mumbai Police චිත්‍රපටය තමා අද මම අරගෙන ආවේ. Mumbai Police ඇත්තටම ත්‍රාසයෙන්, කුතුහලයෙන් පිරුණු වෙනස්ම කතාවක්. අන්තිම විනාඩිය වෙනකම්ම මොකක්ද වෙන්නෙ, මොකක් වෙයිද, කියලා පොඩ්ඩක්වත් මඟහැරගන්න හිතෙන්නෙ නැති චිත්‍රපටියක් තමා Mumbai Police කියන්නෙ. 7.4/10 ක් වගේ ඉහළ මට්ටමක IMDb අගයක් ලබාගන්නත් මේ චිත්‍රපටය සමත්වෙලා තියෙනවා. ඒකෙන්ම ඔයාලට චිත්‍රපටය ගැන යම් සහතිකයක් ලබාගන්න පුළුවන්නෙ. ඉතින් එහෙනම් අපි දැන් කතාව පැත්තට ටිකක් හැරෙමු.

ACP ඇන්ටනී මෝසස් නැත්නම් මැර මෝසස් කියලා හඳුන්වන පොලිස් නිලධාරියා අනතුරකට ලක්වෙන දර්ශනයකින් තමා චිත්‍රපටය ආරම්භ වෙන්නෙ. මේ අනතුරේදි එයාගෙ මතකය නැතිවෙනවා. ඒත් අනතුර සිදුවෙන්න කලින් එයා හොයාගන්නවා එයාගෙ යාළුවා ACP ආර්යන් ජෝන් ජොකොබ්ගෙ මරණයට වග කිව යුතු පුද්ගලයව. ආර්යන්ව මරා දමන්නෙ දාක්ෂිණ්‍ය සම්මාන උලෙළදි ස්නයිපර් ප්‍රහාරයක් මඟින්. ඇන්ටනි මෝසස් සහ එයගෙ මස්සිනා පොලිස් කමිසනර් ෆර්හන් සහ ආර්යන් හොඳම යාළුවො. ඉතින් ආර්යන්ගෙ මිනීමැරුම ගැන හොයන්න ෆර්හන් පත් කරන්නෙ ඇන්ටනිව. ඇන්ටනී මිනීමරුවා හොයාගත්තත් ඒක දැනුම්දෙන්න කලින් සිදුවුණ අනතුරෙන් මතකය අහිමිවෙලා. රෝහලෙ ඉඳන් එන ඇන්ටනීගෙ මතකය අහිමිවීම ගැන දන්නෙ ෆර්හන් සහ ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා විතරයි. ඒක රහසක් විදිහට තියාගෙන ෆර්හන් කරන්නෙ ආයෙ ආර්යන්ගෙ මරණය ගැන හොයන්න ඇන්ටනීට භාර දෙන එක. ඉතින් මතකය සම්පූර්ණයෙන්ම අහිමි වුණ ඇන්ටනී තමන්ගෙ මිතුරාගෙ මිනීමැරුම ගැන ආයෙත් හොයන්න පටන්ගන්නවා. හැමදේම මුල ඉඳලා පටන්ගන්න ඔහුට සිද්ධවෙනවා. ඒ අතරෙ මතකය අහිමි වීම රහසක් හැටියට තියාගන්නත් ඔහුට සිද්ධවෙනවා. ඉතින් ඇන්ටනීට සාර්ථක වෙන්න පුළුවන්වෙයිද? තම මිතුරාගෙ මිණීමරුවව හොයාගන්න ඇන්ටනිට හැකිවෙයිද? ඔන්න තියෙනවා ඔයාලට කුතුහලය පිරුණු කතාවක් බලන්න අවස්ථාවක්. වෙනස්ම කතාවක්.

මේ චිත්‍රපටයත් වෙනදා වගේම මට කරන්න භාර දුන්නෙ අපේ විකියා සහෝදරයා. උපසිරැසි නිර්මාණය කරලා අහවර කරන්න ටිකක් කල් ගතවුණා. වැඩ රාජකාරි කීපයක් නිසා. ඒකට ඔයාලගෙන් සමාව අයදිනවා. එහෙනම් ඔයාලට චිත්‍රපටය රසවිඳින්න ඉතිරි කරලා තවත් අලුත් චිත්‍රපටයක් සමඟින් ළඟදිම මුණගැහෙන බලාපොරොත්තුවෙන් මම ඔයාලගෙන් සමුගන්නවා.

යන්න කලින් තව දෙයක්:

හිතන දේ සිදු නොවෙන්න පුළුවන්. සිදුනොවෙන දේ හිතෙන්න පුළුවන්. අවසානයෙදි සියල්ල නිරවුල් වෙද්දි ආර්යන්ගෙ ඝාතකයා ඔබව මවිත කරාවි..

එහෙනම් ඔබට ජය..!!!

Mumbai Police (2013) on IMDb

 

 

660 MB කොපිය මෙතනින් බාගන්න F507CE9C66D55BD618327DCC99463064F3DF23F1 1.5 GB කොපිය මෙතනින් බාගන්න 828164187BFE2954F502E91968C2E52ECAAEF6DB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,664 downloadsDownload Mumbai-Police-2013.zip143 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කැලුම් රණවක

Subtitles

6,664 downloadsDownload Subtitles143 KB

81 comments

  1. කැළුම්

    මම 2 අද පට්ටම ෆිල්ම් එකක් වගේ

  2. h[a]s

    සුපිරිම කතාවක් වගේ :)

  3. quik

    thanks

  4. dilan

    niyama story akak ne machan thaz

  5. rakitha ranathunga

    maxxa film ekakne
    thanks sub ekata

    1. කැලුම් රණවක

      බොහොම ස්තුතියි..සහෝ..
      ඔයලගෙ අදහස් තමා අපිට පන්නරයක් වෙන්නෙ ඉදිරියට..

  6. ositha

    elane hoda film wage aniwa balanna one

  7. නුවන් හසංක

    නියමයි සහෝ
    නියම කතාව
    ජය වේවා!

  8. ranga

    niyamai yaluwa oya dena films pattta

    1. කැලුම් රණවක

      බොහොමත්ම ස්තුතියි සහො..

  9. tharanga

    නියමම පහරක් මේ බස්සලා තියෙන්නේ අනිවා බැලීමක් මේක නම්

  10. එරංග

    එලස් ගත්තා

  11. yasas

    Thanks machan elama thama

  12. isuru

    supiri meywa nam aniwa balanwa kohomath jaya!

  13. sanjeewa

    thanx bro...niyamay.....mechchara ekmanata dipu1ka gena satutuy...thanx bro....WELL DONE!!!!!!!!!!!!!!!

  14. sds

    thx lokka

  15. chamath cafe

    පට්ට පට්ට සුපිරි එකක් බස්සලා තියෙන්නේ මේ

  16. vee

    maxxa macho

  17. anil

    tx lot

  18. mihin ලංකා

    බොහොම තුති සහෝ

  19. ccnp

    Thanks

  20. wow

    wow,maru :D

  21. #ChalinduDeshan (කිනා)

    ඕං ඉතිං ඒකෙත් හැටි බලාංකෝ කැලුමෝ.
    උබ ඉදලා ඉදලා එකක් ගේද්දී ගෙනාවේ,
    අපි ඉදලා ඉදලා බලාගෙන හිටපු බයිස්කෝප් එකක් නොවෑ.
    එලනේ ඈ.
    ස්තූතියි.
    අනිව බෑමක්.
    ජයවේවා!

    1. කැලුම් රණවක

      :)

  22. Hiruni

    thanx... :)

  23. dushman

    thnks kiwa onna eahenam
    sub 1ta thanks

  24. kanthaDLA

    Thanks very much...http://yify-torrents.com/browse-movie wala
    honda films thiyanawa.aluth ewa..
    old films ehemath thiyanawa... english sub ekkama..
    sinhalen sub dala ewath denna puluwannam loku deyak..
    seed godak wedi yifi torrent wala..
    thanks again...wasanaweewa..pinsiduweewa...

    1. ඇඩ්මින්

      සහෝ, කමෙන්ට් එකට ලින්ක් දාපුවාම ඔයාගේ ඒවා ඔටෝම ස්පෑම් ගොඩට යනවා. දිගටම ස්පෑම් ගොඩට ගියොත් ඔයාව ඔටෝම බෑන් වෙන්න පුලුවන්. ඒ නිසා මෙහෙම ලින්ක් දාන්න එපා කමෙන්ට් එකට.

      ඒවගේම මේ yifi සයිට් එක ගැන අපි දාන්නවා. ඒ වගේම අපි සබ් එක දෙන වෙලාවට yifi ගෙ ටොරන්ට් තිබ්බොත් අනිවා ඒකෙන් තමා ටොරන්ට් එක දෙන්නේ... :)

  25. tharindu

    Ela mekath blnna onee..white house down webrip ekak avillaneee...sub eka dennakooo

  26. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    patta wage macho me kathawa nam...
    onnna baanna dammaa ara anthima chedaya nisaa ma...
    dan laga nawana eka adu wela wage neh...
    jaya wewa....

  27. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    bole meka දෙමල එකක් නොවැ...
    මම හිතන් උන්නේ හින්දි එකක් කියලා.
    ට්‍රේලරේ දැක්කම දන ගත්තේ...
    හත්යිලව්වයි....

    1. කැලුම් රණවක

      සහෝ..මේක දෙමල නෙවෙයි..මලයාලම් ෆිල්ම් එකක්..
      දෙමල ෆිල්ම් වලට වඩා තාත්වික නිරිමාණ තියෙනවා මලයාලම් ෆිල්ම් අතරෙ.
      අරන් බලන්න..දෙමල එකක් කියලා හිතෙන්නෙ නෑ..

  28. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය කොල්ලා.............

  29. martin

    ela Machan Jaya wewa!!!!!!!!!!!!!!!

  30. ඩොක් අයියා

    දැනට තැන්කු, විස්තර ෆිල්ම් එක බලලම කියන්නම් සහෝ

  31. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො

  32. ඩොක් අයියා

    මෙන්න මේකටත් සබ් එකක් දාන්න මල්ලියෝ

    Tum Hi Ho (Aashiqui 2)

    1. කැලුම් රණවක

      Aashiqui 2 ෆිල්ම් එකට අපේ හේවා සහෝ සබ් කරලා තියෙනවා.
      ඒ සබ් එකේ Tum Hi Ho සොන්ග් එකේ සබ් එක තියෙනවා සහෝ.. :)

  33. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි කැලුම් සහෝ වැඩ රාජකාරි අතරතුරේදිත් මේ චිත්‍රපටිය සිංහල උපසිරැසි සමගින් ලබා දුන්නට.. ජයවේවා!!!

  34. amila migara

    thanx ban

  35. Ashain

    hoda ekak wage.....thnx saho

  36. Nilanka

    ela ela jayen jaya saho.!!!!!!!!!!!!!!

  37. AspenK

    බොහොම ස්තුත්යි සහෝ...

  38. dinuk

    thank u yaluwa mata puluwannam kiyala denna puluwanda dvd rip walata thiyana sub file eka kohomada brrip walata hadanna kiyala

  39. sachith

    Thanks Sahooo hoda film ekak wageee.....

  40. sachith

    Thanks machan

  41. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  42. dilan

    thanks

  43. ශාන් විමුක්ති [ විමා]

    කැලුමා එල හොදේ
    සබට බොහොම තුති
    සමාව පමාවට අදහසක් දක්වන්න

    1. කැලුම් රණවක

      :)

  44. mudiya / මුදියා

    කැලුම කාලෙකින් ෆිල්ම් එකක් දීල තියෙන්නෙ.කතාවෙ හැටියට නම් බලන්නම වෙයි වගේ.ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!

    1. කැලුම් රණවක

      ෆිල්ම් එක නම් නියමයි මුදියා.. :)

  45. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ප්‍රමාදයට සමාව. ජය෴෴ :P :P

    1. කැලුම් රණවක

      :D

  46. Menu

    Niyama movie ekak!

    Thank you bro :)

  47. dasun merlin

    a yalu mama kemathi tamil film walalath song wala sinhala sub tiyenawanam puluwannam eka karanna

  48. mindika

    Thanks !!!!!

  49. සංජය

    1බොහොම ස්තුතියි කැළුම් සහෝ..

Load more comments