Watch Trailer

Sixteen (2013) | 16 ට හැදෙන විසේ [සිංහල උපසිරැසි සමඟ]

සාදරයෙන් පිළිගන්නවා දාසයේ ලෝකයට 😀 දැන් හිතනව ඇති දාසයේ ලෝකය කිව්වේ මොකකටද කියලා. අද දෙන්න යන්නේ අවුරුදු දාසයේදී, ඒ කියන්නේ පාසල් කාලය ගැන කියවෙන චිත්‍රපටියක්. ඉතින්, කාටද පාසල් කාලය අමතක කරන්න පුළුවන් නේද?! මේ වයස තුළදීනේ කට්ටිය වැඩිහිටියෝ බවට පත්වෙන්න පටං ගන්නෙත්. එතකොට ඉතින් කරන්නේ කට්ටියම අලුත්…

Sixteen (2013)සාදරයෙන් පිළිගන්නවා දාසයේ ලෝකයට 😀 දැන් හිතනව ඇති දාසයේ ලෝකය කිව්වේ මොකකටද කියලා. අද දෙන්න යන්නේ අවුරුදු දාසයේදී, ඒ කියන්නේ පාසල් කාලය ගැන කියවෙන චිත්‍රපටියක්. ඉතින්, කාටද පාසල් කාලය අමතක කරන්න පුළුවන් නේද?! මේ වයස තුළදීනේ කට්ටිය වැඩිහිටියෝ බවට පත්වෙන්න පටං ගන්නෙත්. එතකොට ඉතින් කරන්නේ කට්ටියම අලුත් ජීවිතයක්, සම්බන්ධතාවයන්, අලුත් යාළුවන්, ආදරය සහ මිත්‍රකම අතර ඇති අතර වෙනස, තණ්හාව වගේම කාමයත් ආරම්භ වෙන්නේ මේ අවුරුදු දාසයේදී තමයි. ඉතින් මේ හැම සිඳුවීමක්ම ඉතාමත් සිත් අඳගන්නා සුලු විදිහට චිත්‍රපටියේ අධ්‍යක්ෂක වන රාජ් පුරෝහිත් මේ SIXTEEN කියන චිත්‍රපටියෙන් පෙන්වලා දෙනවා. චිත්‍රපටිය ප්‍රදර්ශනය වුණේ 2013 ජූල් 13 වෙනිදා ඉන්දියාවේදී. විනාඩි 138ක් පුරා දිවෙන කතාව ඇත්තම කිව්වොත් මාවත් මගේ අවුරුදු දාසයේ වයසට අරගෙන ගියා කිව්වොත් නිවැරදියි. මොකද ඒ කරපු හැම පිස්සු වැඩක්ම පාහේ ඇතුළත් වෙලා තියෙන නිසා.

අවුරුදු දාසයේ වෙනස තේරෙන්නේ අවුරුදු තිහක් විතර ගියාට පස්සෙලුනේ. අනික මේ කාලේ ඉන්න අවුරුදු දාසයේ ඈයොනම් හිතාගෙන ඉන්නේ එයාල හැමදේම දන්නවා කියලා. අන්තර්ජාලය සහ තාක්ෂණය පිළිබඳව, ෆේස්බුක්, ටුවිටර්, චැට් රූම්ස් පිළිබඳව ගොඩක් තරුණ පිරිස් යොමු වෙනවා. මේ කාලේ ඉන්න බොහෝ ළමයි සම්ප්‍රදායන්ට පිටින් යන්න උත්සාහ කරනවා. ඒ හැම දෙයක්ම වේගෙන් කරන්න ගිහින්. අන්න ඒ වේගෙන් කරන්න ගිහින් හොට බිම ඇනගන්න වෙන කෙල්ලෝ තුන්දෙනෙකුයි, කොල්ලෙකුයි ගැන තමයි මේ කතාවෙදි කියවෙන්නේ.

SIXTEEN කියන මේ චිත්‍රපටියෙන් තරුණ ජීවිත ඔවුන් ඔවුන්ගේ ආදරය හොයාගෙන යන හැටි, සිහින සහ ඔවුන් විනාශ වීමට ඇති ඉඩ කඩ, නිවස තුළදී වගේම නිවසෙන් පිටදී මේ චිත්‍රපටියෙන් මනාව පෙන්නුම් කරන තවත් සාධකයන්. මේකේ කතා තේමවා වෙන්නේ යාළුවෝ වගයක් ඉන්නවා. එයාලට ඕන ඉක්මනින්ම වැඩිහිටියො වෙන්න. ඉක්මනින්ම වැඩිහිටියො කරන දේ කරන්න. ඉතින් මෙච්චර කියවපු එකේ කතාව ටිකක් කියන්නම්.

ගැහැණු ළමයි තුන්දෙනෙක් ඉන්නවා. අනූ කියන්නේ එක ගෑනු ළමයෙක්නේ නමක්. අනූට තියෙන්නේ කොල්ලන්ව අල්ලගෙන, එයාලත් එක්ක ලිංගිකව හැසිරිලා එයාල අතෑරලා දාන පුරුද්දයි, දෙමාපියන් හම්බකරන සල්ලි ඩිස්කෝ වලට වියදම් කරන පුරුද්දයි, මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදිහට පත්තරේක මුල්පිටුවෙ ඉන්නයි. අනිත් කෙනා තමයි ටනීසා. ටනීසා හිතාගෙන ඉන්නේ ලෝකයේ කවුරුත්ම පරිපූර්ණ කෙනෙක් නෑයි කියලා. ඒත් එයාට සම්බන්ධකමක් ඇතිකරගන්නත් ඕන පරිපූර්ණ කෙනෙක් එක්ක. ඉතින් ටනීසා යාළුවෙන්න හදන හැමෝම එයාගෙන් ඇහුවට ඇත්තටම එයාට ආදරේ කරන අය නෙමෙයි. නමුත් ටනීසා ජීවත් වෙන්නේ එයාගේ නැන්දගේ ගෙදර. නැන්දගේ ගෙදර කුලියට දෙනවා එක කොටසක්. මේකට ලන්ඩන් වල ඉදලා වික්‍රම් කියලා ලේඛකයෙක් එනවා. වික්‍රම්ට ටනීසා ගැන හිතයනවා වගේම, ටනීසාගේ නැද්දට වික්‍රම් ගැන හිත යනවා. වික්‍රම් ටණීසට හිත යන්නේ යම් කිසි කාරණයක් මත. ඒ කාරණේ දැනගන්න චිත්‍රපටිය බලන්න. ඒ වගේම තව නිධී කියලා ගෑනු ළමයෙක් ඉන්නවා.නිධී කාර්තික් කියලා කොල්ලෙට ආදරේ කරනවා. ඉතින් මෙයාල කරන්නේ ඉස්කෝලෙට ගිහින් රැස්වීමට යන්නෙ නැතිව බොරු අසනීප දාලා දෙන්න ලව් කරන එක. ඒත් කාර්තික්ට ඕන නිධී එක්ක ලිංගිකව හැසිරෙන්න වුණත් නිධී ඒකට ඉඩ දෙන්නේ නෑ. ඒත් අන්තිමේදී ඕකෙ අනිත් පැත්ත සිද්ධ වෙනවා. ඒ වගේම තව එක කොල්ලෙක් ඉන්නවා. අශ්වින් කියලා. අශ්වින් කියන්නේ හොඳට ඉගෙන ගන්න කොල්ලෙක්. ඒ වගේම හීන් සැරේ ටණීසට ලයින් පාරකුත් දානවා. කොහොම නමුත් අශ්වින් කොච්චර හොඳට වැඩකරත් එයාගෙ තාත්තා හැමදාම රෑට මොක්ක හරි වැරැද්දක් හොයාගෙන හොදටම අස්වින්ට ගහනවා. ඉතින් එක දවසක් අස්වින්ට ගහද්දී අශ්වින් තාත්තව මරනවා. මෙතනින් තමයි කතාව පටං ගන්නේ. ඒ වගේම ටණීසට, නිදීට, අනූට ලොකු කරදර වලට මුහුණ දෙන්න වෙනවා. අනූට පාසලෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා කලින්ම. නිදීට දෙමාපියන්ට මුහුණ දෙන්න බැරි තරම් දෙයක් සිද්ධ වෙනවා. ටණීසට හිතාගන්න බැරි දෙයක් සිද්ධ වෙනවා. අස්වින්ට මොකද එතකොට වෙන්නේ….ඒ හැම සිද්ධියකටම චිත්‍රපටිය බලන්න වෙයි.

අවසානෙට මට දෙයක් කියන්න තියෙනවා. හැමදේකටම කාලයක් තියෙනවා. ඒ දේ, ඒ කාලෙට කලින් කරන්න ගිහින් මේ හතර දෙනා වගේ අමාරුවේ වැටෙන්න එපා. හමදාම දෙමාපියන්ගේ අණට කීකරු වෙන්න. අවුරුදු දාසයේ අයට වුණත්, අවුරුදු විසිපහක් වුණත්, මේ චිත්‍රපටිය ඕනම කෙනෙක්ට ගැලපෙනවා

එහෙනම් තවත් උපසිරැශියකින් හම්බවෙමු! ජයවේවා!!

Sixteen (2013) on IMDb

 

700 MB කොපිය මෙතනින් බාගන්න 0f2390de3b74e659235e86c8516a13921ca25721 970 MB කොපිය මෙතනින් බාගන්න D66D665D92C3EEC50B0FC7EA5EBFE97C513D92AD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,683 downloadsDownload Sixteen-2013.zip110 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චලිදු දේශාන්

Subtitles

6,683 downloadsDownload Subtitles110 KB

50 comments

  1. naleen

    ado kina supirima akak bassla thiyenne aniwa balanwa

  2. ositha

    16 ta hadena wise leysi na hode

    thxz

  3. eranga

    patta machan niyamai

  4. yasas

    subs nam baiscope maru

  5. damith

    thanks kina denne niyama parawal thama kawadath

  6. lasidu

    දැක්ක ගමන් බාන්න දැම්ම මචෝ

  7. pathum

    elane kollooooooo

  8. quik

    thanks

  9. tharanga

    බලන්න ඕනේ අනිවා කිනා බස්සන්නේ සුපිරි කතානේ බලල තව කමෙන්ට් එකක් දාන්නම්

    ජයවේවා :)

  10. danuka

    thxz lot

  11. venura

    sub aka tx

  12. lk

    good :)

  13. was

    බොහොම පින් වේවා මචෝ

  14. ranga

    aniwa ada balanwa meyka mama nam

  15. bandula

    hindi akak nathuwa hitiye dekakama aka laga deela ne ela

  16. ganidu

    තැන්ක්ස් වේවා!!

  17. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල කිනෝ...
    පට්ටයි හොදේ...

  18. kalinga

    නියමයි සහෝ

  19. එරංග

    එලස් සහෝ

  20. wow

    wow,,,maru :D

  21. ccnp

    Thanks

  22. fd

    mama meyka kalinma download kara gaththa macho dan thiyenne balanna thanks ahenam subs dala apita meyaka dunna akata

  23. jack

    එල එල පට්ට කතාවක් වගේ. ස්තුතියි මචෝ සබ් එකට

  24. shann

    තුති සහෝට

  25. chamath cafe

    අර්ථවත් කතාවක් වගේ මචං සබ් වලට තෑන්ක්ස්

  26. හර්ෂ ලහිරු

    එලකිරි කිනා
    පට්ට කතාවක් වගේ
    සබට ජය

  27. rock hasi

    ela ela thawa 13 ekak demu

  28. uda

    මරු කොල්ලෝ...
    මෙහෙම ඒවා හැදෙන එක වගේම බලන එකත් වටිනවා, මේ වයසේ අයට අවබෝධයෙන් කටයුතු කරන්න මේවා ගැන දැනකියාගැනීම බොහොමත්ම වටිනවා!

    ඒ කාලේ අපි පහුකළානේ... ;) නැද්ද? ඒක නිසා ඉතිං අද්දැකීමෙන්ම දන්නවා මේ කාලේ සිතුවිලි, ගතිසිරිත්, අනම්-මනම් ගැන. 16 හා ආසන්න වයසේ අය ඉන්න අයට කියන්ඩ තියෙන්නේ ඉතින්, බලලා අවබෝධයෙන් නිවැරදිව ජීවිතයට මුහුණදෙන්ඩ කියලා තමා. කල් තියා දැනගන්ඩ මෙහෙමවත් හැකිවීම ප්‍රයෝජනවත් වෙන නිසා, අවබෝධයෙන් බලලා තේරුම් ගන්න කියල ඉල්ලනවා.

    අනිත් උදවියටනම් ඉතින් අතීත සොදුරු මතකයන් සිහිකරමින් සානුකම්පිතව රසවිදින්න තමා තියෙන්නේ... මොකෝ මං අහන්නේ එහෙනම් :D නෙහ්?

  29. Chami.S

    Thankx!!!!!!!!

  30. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ඔයාගෙන් සබ් එකක් නොලැබෙන්නේ එහෙමත් දවසකට තමා නේද. ඒ අතින් ගත්තහම ඔයත් වැඩ්ඩෙක් තමා. ජය෴෴ :P :P

  31. sanju

    tnx saho... onna math banna damma... a wagema saho arrow s2 ekath awilla ekatath baiscope eken sub denawanam godak pin....

  32. me

    Thanks

  33. DDSameera

    sub ekata thanks...yalu..!!!

  34. sanjaya

    Thanks

  35. sumeda

    මරැ අහ නියම වැඩක්.මෙකෙන් ශො බෑවට අද තමා කොමෙන්ට් 1ක් දැම්මෙ...මෙකෙ අඩු කොපියක් තිබ්බනම් මරු.........

  36. “චූටී මල්ලි”

    එල ෆිල්ම් එකක් වගෙ
    සබට තුති
    ඔබට ජය කොල්ලා.............

  37. dushman

    thnks machn sub 1 ta

  38. nalaka

    තෑන්ක්ස් සහෝ

  39. sp පියමල්

    අරන් බලන්න ඕනේ thanks

  40. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  41. AspenK

    බොහොම ස්තුත්යි සහෝ...

  42. lahiru

    Thnx machan !!

  43. mudiya / මුදියා

    හින්දි එකක් නේද.මරුනෙ.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!

  44. Supiri Kolla

    Supiri ekak wage baagenama balamu :) ela

  45. gihan

    බොහොම ස්තුතියි

  46. සංජය

    තෑන්ක්ස් කිනා..

  47. Hasi

    Maru Mv 1k wage :D

  48. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  49. RUMESH Kumara

    ado aniwa balanna oni filumak