Watch Trailer

Mumbai Saga (2021) Sinhala Subtitles | මුම්බායි රජ කළ මැරවරයා..! [සිංහල උපසිරසි]

මුම්බායි සාගා, මේක ගැන පොඩ්ඩක් කතා කරමුද! මෙම චිත්‍රපටය පටන් ගද්දිම ඔයාලට බලාගන්න පුළුවන් “සත්‍ය සිදුවීම් ඇසුරෙනි” කියල නෝටිස් එකක් දාලා තියෙනවා. ඇත්තටම මේක බොම්බේ කියන නගරය මුම්බායි බවට පත්වූණු කෲර කතාවක් කියල කියන්න පුළුවන්. ෆිල්ම් එකේ ටීසරය/ට්‍රේලරය බලද්දී අපිට පෙණූනා ප්‍රධාන නළුවා විදියට ජෝන් ඒ…

මුම්බායි සාගා, මේක ගැන පොඩ්ඩක් කතා කරමුද! මෙම චිත්‍රපටය පටන් ගද්දිම ඔයාලට බලාගන්න පුළුවන් “සත්‍ය සිදුවීම් ඇසුරෙනි” කියල නෝටිස් එකක් දාලා තියෙනවා. ඇත්තටම මේක බොම්බේ කියන නගරය මුම්බායි බවට පත්වූණු කෲර කතාවක් කියල කියන්න පුළුවන්. ෆිල්ම් එකේ ටීසරය/ට්‍රේලරය බලද්දී අපිට පෙණූනා ප්‍රධාන නළුවා විදියට ජෝන් ඒබ්‍රහම් ඉන්නේ මාෆියා කාරයෙක්ගේ චරිතයට කියල. ඒවගේම ඉම්රාන් හශ්මි ඉන්නේ කිලිටි වූ නගරය සුද්ධ කරන්න ඉන්න පොලිස් නිලධාරියෙක් විදියට කියල.මේ කතාව ගොඩ නැගෙන්නේ 80 දශකයේදී ආ මුම්බායි පාතාලය ගැන. ඒ දවස්වල හිටියා ගවුලි ගෑන්ග් කියල කල්ලියක්. මේ කල්ලියේ අය දවසක් මුම්බායි සෙන්ට්‍රල් ස්ටේශමේදී සල්ලි කොල්ලකෑමකට යද්දී පොඩි ළමයෙක්ට කරදර කරලා ඒ පොඩි ළමයගේ අයියා කෝප වෙලා ඒ කල්ලියේ අයත් එක්ක රණ්ඩු වෙන්න ගත්තා. එතනදී තමයි මේ පොඩි ළමයෙගේ අයියා වන අමර් නායක් හෙවත් අමර්තයා රාවෝගේ කතාව පටන් ගන්නේ. මේ රණ්ඩුව නිසා අමර් නායක්ට හිරේ යන්න සිද්ධ වෙනවා. හිරේ ඉන්නකොට අමර්ට මැර කල්ලියන් දැකල මැරයෙක් වෙන්න තරම් පුහුණූවක් ගන්න පුළුවන් වෙනවා. අමර් නායක් හිරෙන් නිදහස් වෙන්නේ බාවු කියල කෙනෙක් නිසා. බාවු නිසා අමර් නායක් ලොකු මැරයෙක් වෙනවා. මේ අමර් නායක් කියන මැරයව කවුරුවත් දැකල නැති වුණාට, එයා ගැන ගොඩක් දේවල් අහල තිබුණා. මේ ඇත්ත කතාව චිත්‍රපටියේ හොඳටම පෙන්වල තියෙනවා. ඒත් සමහර සිද්ධීන් චිත්‍රපටයේ රසස්වාදය වැඩි කිරීමට හේතු වෙලා තියෙනවා.

අමර්තයා රාවෝගේ චරිතයට රඟපාන ජෝන් ඒබ්‍රහම්
හා සත්‍ය කතාවේ අමර් නායක්.

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කෙරෙන්නේ සන්ජය ගුප්තා විසින්. මේකට John Abraham, Emraan Hashmi, Kajal Aggarwal, Mahesh Manjrekar, Rohit Roy, Anjana Sukhani, Prateik Babbar, Samir Soni, Amole Gupte හා Gulshan Grover වැනි ප්‍රසිද්ධ නළු නිළියන් කිහිපදෙනෙක්ම යොදාගෙන තියෙනවා. චිත්‍රපටයේ රූගත කිරීම් 2020 ඔක්තෝම්බර මස ඉවර කෙරුණු අතර 2021 මාර්තු 19 වෙනි දින මෙය සිනමාශාලා වල ප්‍රදර්ශන කිරීම ආරම්භ වුණි. කොවිව්-19 ව්‍යසනයක් එක්ක ඉන්දියාවේ දමන ලද කර්ෆිව් නිසාම මෙම චිත්‍රපටයට බලාපොරොත්තු නොවූ ආදයමක් ලබාගන්නට නොහැකි වූණි. එහෙත් මේක බොක්ස් ඔෆිස් හිට් එකකට යන්න පුළුවන් වුණා. ඒ පළමු දින කෝටි 2.82කුත් පළමු සතිය තුළ කෝටි 8.74කුත් ලබාගන්නට පුළුවන් වුණා. ඉන්දියාව තුළ ප්‍රදර්ශනය කිරීමෙන් කෝටි19.68කුත් ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් කෝටි 2.61කුත් ලබාගෙන සම්පූර්ණ කෝටි 22.29ක ලාභයක් සමඟ මෙය බොක්ස් ඔෆිස් වාර්තා අතරට එන්න හැකියාවක් ලැබුණා. ඉතින් ඔන්න ඔහොමයි චිත්‍රපටයේ විස්තර ටික පෙළගැස්වුනේ. තවත් උපසිරැසියක් අරගෙන එන්නම් එහෙනම්.

සැ.යු.- මෙම චිත්‍රපටය වෙබ්පලේ පෙර පළ කළ තිබුණු අතර හදිසි ක්‍රියාමාර්ගයක් හේතු කොටගෙන එය අයින් කෙරුණි. කලින් මෙම චිත්‍රපටයේ උපසිරැසිය භාගත කළ අයට නොව චිත්‍රපටය නොබැලූ හා මෙහි උපසිරැසිය සොයා පැමිණෙන අය සඳහා හා හින්දි සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක්වූ චිත්‍රපටයක අඩුව පිරවීම නිසාම මෙම චිත්‍රපටයට උපසිරැසිය ගැන්වුවෙමි. ස්තූතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි TRUE WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

6,558 downloadsDownload Mumbai-Saga-2021.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

6,558 downloadsDownload Subtitles46 KB

25 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. DILmin

    Sub ekata thanks! Chehre,Sanak film walatath sub denna

  3. Anonymous

    Patta

  4. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Anonymous

    thanks

  6. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Bobby

    Thank you very much

  9. indika 75

    thanks..

  10. Anonymous

    තෑන්ක්ස් වේවා

  11. Naveen

    උපසිරසියට තුති

  12. Anonymous

    Suppa

  13. Eranda

    Thanks brother

  14. Bhanuka

    Thanks saho

  15. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Jaddu

    Thanks machi

  18. Neo

    Thanks brother
    Keep it up

  19. Anonymous

    thanks wewa

  20. Chami

    සබට තැන්ක්ස් සහෝ

  21. Anonymous

    parana film walata danda yako sub denne
    oka thiyala idaganin

    1. Pasindu Madumal

      නැට්ට පාග ගෙන දගල්ලන්නේ නැතුව
      මුලින් උඩ කියල තියන දේ බලන්න.

  22. Anonymous

    Thanks bro

  23. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  24. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට තුති මල්ලි.
    අදයි ඔන්න බලන්න යන්නේ.