Watch Trailer

Don’t Tell a Soul (2020) Sinhala Subtitles | ආත්මෙකටවත් කියන්න එපා! [සිංහල උපසිරැසි සමඟ] [18+]

හායි යාලුවනේ,කොහොමද හැමෝටම.මම බයිස්කෝප් වෙබ් අඩවියට අලුත් සාමාජිකයෙක්.ඉතින් ඔන්න මගෙ පළමුවෙනි උපසිරැසි නිර්මාණය විදියට අලුතින්ම ආපු ලස්සන චිත්‍රපටියක සිංහල උපසිරැසි උණු උණුවෙම අරං ආවා. ඉතිං අපි වැඩි කතා නැතුව චිත්‍රපටිය ගැන කතා කරමු. මේක ආරම්බ වෙන්නෙ පුංචි කොලු ගැටයො දෙන්නෙක් ගෙන්.එක්කෙනෙක්ගෙ නම තම…

හායි යාලුවනේ,කොහොමද හැමෝටම.මම බයිස්කෝප් වෙබ් අඩවියට අලුත් සාමාජිකයෙක්.ඉතින් ඔන්න මගෙ පළමුවෙනි උපසිරැසි නිර්මාණය විදියට අලුතින්ම ආපු ලස්සන චිත්‍රපටියක සිංහල උපසිරැසි උණු උණුවෙම අරං ආවා. ඉතිං අපි වැඩි කතා නැතුව චිත්‍රපටිය ගැන කතා කරමු.

මේක ආරම්බ වෙන්නෙ පුංචි කොලු ගැටයො දෙන්නෙක් ගෙන්.එක්කෙනෙක්ගෙ නම තමා, ජෝයි එයා වයස අවුරුදු 15 ක විතර පොඩ් කොල්ලෙක්.වැඩිය සමාජ ආශ්‍රයක් නැති මේ කොලුවා තමන් ගෙ අම්මවත් බලාගෙන ගෙදරට වෙලා පාඩුවෙ ඉන්න චරිතයක්. අනික් කෙනා තමයි. මැට් මැට් කියලා කියන්නෙ වයස අවුරුදු 17ක විතර ටිකක්. ටිකක් නෙවෙයි. ගොඩක් මුරණ්ඩු ළමයෙක්.ලොකු සමාජ ආශ්‍රයක් තිබුන මේ මැට් හිටියෙම ගෙදරින් එලියේ. විශේෂයෙන්ම කියන්න ඕන මේ දෙන්නා ඇවිල්ලා එක කුස උපන් සහෝදරයෝ දෙන්නෙක්. ඒත් ඉන්නෙ නම් ජන්මාන්තර වෛරක්කාරයෝ දෙන්නෙක් වගේ.කතාවෙ එන විදියට. මේ දෙන්නගෙ තාත්තා,ඊට අවුරුද්දකට කලින් නැති වෙලා.එයා නැතිවෙලා තියෙන්නෙත් හරිම ඛේදජනක විදියට. ඒ විතරක් නෙවෙයි, මෙයාලා දෙන්නගෙ අම්මා  දරුණු පෙනහලු පිලිකාවකින් පෙලෙන කාන්තාවක් විදියට තමා චිත්‍රපටයෙ දක්වලා තියෙන්නෙ.

ඉතිං මේ අම්මගෙ ලෙඩේට මාසිකව ඕන කරන බේත් හේත් ටික ගන්න තරම් අපේ මේ කොල්ලො දෙන්නටවත්, ඒ අම්මටවත් ආර්ථික වත්කමක් නෑ.එන්න ඒ නිසා දවසක් මැට්, ඒ කියන්නෙ මේ කතාවෙ එන සහෝදරයෝ දෙන්නගෙන් අයියා වෙන කෙනා, දවසක් තමංගෙ මල්ලි වෙන ජෝයිවත් එක්ක යනවා එයාලා ඉන්න නගරෙ තියෙන ගෙයක් බිදින්න.(එයාලා එහෙම කරන්නෙ හොරකම් කරන්න තියෙන ආසාවට නෙවෙයි,තමංගෙ අම්මාව බේර ගන්න වෙන කරන්න දෙයක් නැති තිසා)

ඉතිං එයාලා ඒ ගෙදර තිබ්ලා හොරකම් කරන්නේ ගොඩක් සල්ලි පුරවලා තියෙන රසකැවිලි පෙට්ටියක්. ඒකත් අරං මේ ඩබල පාර දිගේ එද්දි එයාලා ජීවත් වුනු ඒ පුංචි නගරයේ “නරග ආරක්ෂක” කියන හාදෙයට මාට්ටු වෙච්චි!

ඊට පස්සෙ මේ අයියා මලෝ දෙන්නා පනකඩාගෙන ලග තියෙන කැලයක් මැද්දෙන් දුවන්න ගන්නවා. නගර ආරක්ෂත් එයාල පස්සෙ පන්නවා. ටික දුරක් ඔහොම යද්දි මේ නගර ආරක්ෂක කියන හාදෙයා ලිදක් වගේ මොකද්ද කුහරයක් අස්සට වැටෙනවා.ඒක හරියටම තිබුනේ කැලේ මැදට වෙන්න වගේ.ඒ නිසා කවුරුත් ඒ පැත්තට වැඩිය එන්නෙත් නෑ. ඉතිං ඔහොම ගිහිල්ලා..කොහොම හරි අපෙ මේ සහෝදරයො දෙන්නා විතරයි දන්නෙ අර මනුස්සයා කුහරයක් ඇතුලේ සිරවෙලා ඉන්නෙ කියලා.අයියා වෙන “මැට්” ඒ මනුස්සෙයව,එහෙමත් නැත්තම්,නගර ආරෂකව අර කුහරයෙන් එලියට ගන්න කැමති වෙන්නෙ නෑ.ඒත් මල්ලි වෙන “ජෝයි” ට නම් මෙක බලාගෙන ඉන්න බැරි වෙනවා. ඊට ප්ස්සෙ එයා වල ඇතුලෙ ඉන්න “නගර ආරක්ෂක”ට කෑම බීම එහෙම ගෙනත් දීලා එයාව හොදින් බලාගන්න සිදිදියක් තමා කතාව පුරාවටම යන්නෙ.

මේ චිත්‍රපටියෙ එන චරිත ගැන කතා කලොත් එහෙම, මේකෙ ප්‍රදාන චරිතය වන ජෝයිගෙ චරිතය රගදක්වන්නෙ, මීට වසර 4කට විතර උඩදි. ඒ කියන්නෙ 2017 වර්ෂයේ තිරගත කිරීම් ඇරඹුනු IT නැමැති චිත්‍රපටයේ එඩිගේ චරිතය රගදැක්වූ Jack Dylan. ඒ වගේම එයාගෙ අයියගෙ චරිතය වන “මැට්ගේ” චරිතයට පණ පොවන්නෙ,  Fionn Whitehead. ඊට අමතරව මේකේ නගර ආරෂක නොහොත් මිස්ටර් හැම්බි වෙනුවට Rainn Wilson රංගනයෙන් දායක වෙනවා.

Alex McAulay අධ්‍යක්ෂණය කරන ලද මේ Don’t Tell a Soul චිත්‍රපටය අද වන විට IMDb රේටිං 5.9 ත් පහුකරලා හමාරයි. ඒ වගේම Rotten Tomatoes දර්ෂකයේ මේ චිත්‍රපටය 71% විදියට අදවෙනකොට පෙන්නුම් කෙරෙන්නෙ ජාත්‍යන්තර සිනමා උලෙළක තවත් එක් සම්මානයකට දැන් තියාම උරුමකම් කියමින්.

ඇත්තටම කිව්වොත් මේ චිත්‍රපටය,ලංකාවාසී, ලෝක වාසී අපි හැමෝම නැරඹිය යුතුම චිත්‍රපටයක් විදියටයි මමනම් දකින්නෙ.මොකද මේක හුදෙක් වොනෝදාශ්වාදය සදහාම නෙවෙයි, මේ චිත්‍රපටය ඔස්සේ ව්‍යංගයෙන් අපේ ජිවිතයට දෙන ආදර්ශය මහත්ම අගනා වස්තුවක් විදියට මම දකිනවා. ඔයාලගෙ ජීවිතෙ බයානකම තැනකදි තීරණ ගන්න ඕන කොහොමද? අපි අපේ පවුලේ අය එක්ක ආදරේ බෙදාගන්නෙ කොහොමද? මෙන්න මෙ වගේ ගොඩක් දේවල් මේ චිත්‍රපටිය හරහා අපේ හිතට කාවද්දනවා. මට මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය විදිහට මේ වගෙ චිත්‍රපටයක් බයිස්කෝප් සිංහලෙන් පරිශීලක ඔබ සැම වෙත ගෙන එන්න ලැබීම ගැන මම හදවතින්ම සතුටු වෙනවා.

ඉතින් මේ අරුම පුදුම, විශ්මිත සිනමාපටය නැරඹීමට ඔයාලටත් ආරාධනා කරමින්, මේ වගේම තවත් ලස්සන චිත්‍රපටයක උපසිරැසියක් ඔබ වෙත ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අදට මම නවතිනවා.හැමෝටම සුබ දවසක්!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,512 downloadsDownload Dont-Tell-a-Soul-2020.zip38 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

2,512 downloadsDownload Subtitles38 KB

22 comments

  1. Anonymous

    Thanks for 1st attempt

  2. Pahasara

    Thankz.... Good luck saho....

  3. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් මේ ෆිල්ම් දෙකටත් සබ් දෙන්නකෝ.

    Jakob's Wife - 2021
    Separation - 2021

    1. Anonymous

      අනිවාරෙන් දෙන්නම්..

  4. Anonymous

    Thanks

  5. Bimsara Yashan (ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

  6. naara

    පලමු උපසිරැසියට සුභ පැතුම් !!!❤️ ලිපියෙන් කතාව ඔච්චර විස්තර කරන්න එපා ඉස්සරහට.❤️

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  8. Anonymous

    Thanks jayawewa.....!

  9. Naveen

    උපසිරසියට තුති

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. dd

    2 states hindi film eka download website eke nane ? eka dannako

  12. Buddhika Lakmal

    පළවෙනි උපසිරැසියට සුබපැතුම් මචං.. දිගටම කරන් යමු...
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  13. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. ශලිනි මල්ෂා

    නියමයි !!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. mindika

    Thanks !!!

  17. Udara Damith

    edrllllll

  18. tharangani

    thanx

  19. Dewadithya

    Thanks for Sub!

  20. Lakshansilva18

    thanks

  21. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!