Watch Trailer

The Little Vampire 3D (2017) Sinhala Subtitles | පුංචි ඩ්‍රැකියුලා [සිංහල උපසිරැසි සමඟ]

හායි! කොහොමද යාළුවනේ ඔයාලට, මම මුලින් ම Hasantha Wickramarathne අයියටත් Thisara Neo ස්තූති කරනවා මට මේකට උපැසිරැසි කරන්න ඉඩ වෙන් කරලා දුන්නට. ඔන්න මම මේ වතාවේ ඇනිමේෂන් චිත්‍රපටියක් තමයි ඔයාලාට අරගෙන ආවේ. මේක Fantasy / Adventure / Horror ගණයට අයත් වෙන පවුලේ හැමෝටම එකට එකතු වෙලා රසවිඳිය හැකි චිත්‍රපට…

හායි! කොහොමද යාළුවනේ ඔයාලට, මම මුලින් ම Hasantha Wickramarathne අයියටත් Thisara Neo ස්තූති කරනවා මට මේකට උපැසිරැසි කරන්න ඉඩ වෙන් කරලා දුන්නට. ඔන්න මම මේ වතාවේ ඇනිමේෂන් චිත්‍රපටියක් තමයි ඔයාලාට අරගෙන ආවේ. මේක Fantasy / Adventure / Horror ගණයට අයත් වෙන පවුලේ හැමෝටම එකට එකතු වෙලා රසවිඳිය හැකි චිත්‍රපටියක්. හොඳයි කතාව පැත්තට හැරුනොත්,

The Little Vampire”ප්‍රංචි ඩ්‍රැකියුලා”මේ කතාව පැයයි මිනිත්තු 29ක් පුරාවට දිවෙන ඇනිමේෂන් කතාවක්. ජර්මනියේ 2017 ඔක්තෝම්බර් 26 වන දින නිකුත් වුන මේ කතාව IMDB අගය 5.4ක අගයක් ලබා ගන්නවා. Rotten Tomatoes හි අගය 14%ක්. මෙම චිත්‍රපටියේ අධ්‍යක්ෂණය Richard Claus සහ Karsten Kiilerich යන දෙදෙනා විසින් කර ඇති අතර මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට පදනම් වී ඇත්තේ ජර්මානු කතුවරියක් වන Angela Sommer-Bodenburgගේ ජනප්‍රිය පොතක් වන Der kleine Vampir පොතයි.  ඇය තමයි මේ චිත්‍රපටියේ කතාව ලියා තිබෙන්නෙත්.  ඒ වගේම නිෂ්පාදකයින්  Richard Claus සහ Chris Brouwer වන අතර තිර රචනය Richard Claus සහ Larry Wilson වේ.

පවුලේ හැමෝටම බලන්න පුළුවන් මේ චිත්‍රපටියේ සාරාංශය ගැන කියනව නම් මෙහෙමයි.  අනුකම්පා විරහිත වැම්පයර් දඩයම්කරුවෙකු වන රොකරි සහ එයාගේ සගයා ඩ්‍රැකියුලා කණ්ඩායමක් පස්සනේ පන්නනවා. ඒ වෙන මොකටවත් නෙමෙයි එයාලව විනාස කරලා දාන්න. ඉතිං මේ නිසා මේ පිසාචයින්ට මිනිස්සුන්ට වෛර කරනවා. මේ ඩ්‍රැකියුලා වංශයේ එක් සෙල්ලක්කාර පුංචි ඩ්‍රැකියුලා කෙනෙක් ඉන්නවා. එයාගේ නම රූඩොල්ෆ්. ඒ වගේම මෙයා හරිම නිර්භීතයි. තමන්ගේ පවුලේ අයව මේ දඩයක්කාරයාගෙන් බේරගන්න පවුලේ අයව වෙන පැත්තකට යවලා එයාගේ පස්සසෙන් දඩයක්කාරයව ගෙන්න ගන්නවා. රූඩොල්ෆ් පැනලා යන අතර තුරේදී දන්නෙම නැතුව ඉර පායන නිසා මෙයා සැඟවෙන්න තැනක් හොයද්දි පුංචි ඩ්‍රැකියුලා යන්නේ  ඔහුගේ වයසේ පසුවන ටෝනි තොම්සන් කියන මනුස්ස ළමයාගේ කාමරයට. කොහොමින් හරි ටෝනි රූඩොල්ෆ්ට පොරොන්දු වෙනවා එයාගේ පවුලේ අයව බේරගන්න. ඉතිං පුංචි ඩ්‍රැකියුලයි ටෝනියි එකතු වෙලා අවුරුදු ගණනාවක් තිබුණු මැරෙන නොමැරෙන අයගේ වෛරය නැති කරලා  පිසාච පවුල බේරගන්න හදන වෑයම තමයි මේ කතාවේ සාරාශය. නොගැලපෙන දෙන්නෙක්ගේ මිතුරුකම නිසා හැමදේම වෙනස් වෙන මේ චිත්‍රපටිය බලන්න හැමෝටම ඉල්ලීමක් කරමින් මං අදට සමු ගන්නම්.

මේ Film එක උපැසිරැසි කරන්න මට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් Admin මඩුල්ලට හදපිරි ස්තූතිය පුද කරමින් තවත් ලස්සන කතාවකින් නැවත හමුවෙමු.

දෙවි පිහිටයි!

ස්තූතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BDRip පිටපත් සඳහා අදාල වේ

2,830 downloadsDownload The-Little-Vampire-3D-2017.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,830 downloadsDownload Subtitles51 KB

11 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

    1. Himaya

      Kagawada meke film eka thiyenne mata d karanna bene

  2. Pubudu@0909

    Thanks sis sub ekta

  3. lushan...thusi

    Haechi කොරියානු කතාවට උපසිරසි දෙන්නකෝ

  4. rockz2020

    සබ් එක වෙනුවෙන් බොහොම ස්තූතියි dr! ✌❤
    සබ් නැති නිසා බලන්නෙ නැතුව හිටියේ :) දැන් බලන්න පුළුවන්. ජය වේවා! ❤

    1. rockz2020

      ❤✌StarDog and TurboCat 2019✌❤

    2. gaviru

      matath oni e sub eka

  5. thilina

    thq bn mekema ava fil. elath The Little Vampire 2000 ekath maru

  6. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. sanjeewakbg

    thanks sis..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.