කොහොමද යාලුවනේ! ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා. ඉස්සෙල්ලම ස්තූතී කරන්න ඕන සිසිල ප්‍රසාද් අයියා ඇතුලු බයිස්කෝප් ටීම් එකටම මේ ෆිල්ම් එකට සබ් කරන්න මට අවස්තාව දුන්නට.මේ ෆිල්ම් එක ගැන කියනවා නම්, මේක 2020 ආපු IMDb එකේ 8.3 ක අගයක් සටහන් වෙලා තියන ෆිල්ම් එකක්.මේක තෙලිගු ෆිල්ම් එකක්.ආනන්ද් චන්ද්‍රා…

කොහොමද යාලුවනේ! ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකක් අරන් ආවා. ඉස්සෙල්ලම ස්තූතී කරන්න ඕන සිසිල ප්‍රසාද් අයියා ඇතුලු බයිස්කෝප් ටීම් එකටම මේ ෆිල්ම් එකට සබ් කරන්න මට අවස්තාව දුන්නට.මේ ෆිල්ම් එක ගැන කියනවා නම්, මේක 2020 ආපු IMDb එකේ 8.3 ක අගයක් සටහන් වෙලා තියන ෆිල්ම් එකක්.මේක තෙලිගු ෆිල්ම් එකක්.ආනන්ද් චන්ද්‍රා වගේම රාම් ගෝපාල් වර්මගේ අධ්‍යක්ෂනයෙන් හැදිච්ච මේ ෆිල්ම් එක ත්‍රිලර් මූවි එකක් විදියට තමයි හැදෙන්නේ.තෙලිගු ෆිල්ම්ස් බලන්න කැමති අයට මේක හොද ෆිල්ම් එකක් වෙයි.මේ ෆිල්ම් එකේ සහිති අවන්චා (නම්රතා) ,ශ්‍රීකාන්ත් අයින්ගර් (මාධවා රාඕ),ගයාත්‍රී බාර්ගවී (වානජා),ගනේශ් නායිදූ (ප්‍රවීන්) වගේම කේශව් දීපක් (නරසිම්හා) රංගනයෙන් දායක වෙලා තියනවා.
අද සමාජයේ ගොඩක්ම අත්දකින සිදුවීමක් වටා තමයි ෆිල්ම් එක ගලාගෙන යන්නේ. තාත්තා කෙනෙක්ගේ ආදරේ ගැන. තාත්තලා කොහොමත් දුවලට ආදරෙයිනේ ගොඩක්. මේ ෆිල්ම් එකේ තාත්තගේ ආදරේට කරන්න බැරි දෙයක් නැහැ කියන කතාව පෙන්නනවා.තාත්තා කෙනෙක්ට පුලුවන් තමන්ගේ ලමයි වෙනුවෙන් ජීවිතයක් ගන්න වගේම ජීවිතේ දෙන්නත්!
දරුවෙක් ඉපදිච්ච දවසේ ඉදන් ඒ ලමයට දෙන්න පුලුවන් උපරිම සැප දීලානේ දෙමව්පියෝ හදන්නේ. නම්රතාත් එහෙම දරුවෙක්. නම්රතාගේ තාත්තා එයාව හරිම හුරතලේට සැපට හදනවා. තාත්තා දුව ඉල්ලන හැමදේම දෙනවා. කිසිම දේකට බැහැ කියන්නෙ නැහැ.ගහන්නේ බනින්නේ නැතුව හරිම ආදරෙන් හදනවා තමන්ගේ එකම දුවව. මේ තාත්තා හොද පෝසත් කෙනෙක්. ලමයි ඉතින් හැමදාම එකම වගේ ඉන්නේ නැහැනේ. ලමයි ලොකු වෙනවා, කොල්ලොත් එක්ක යාලු වෙනවා, එකක් කියලා නැහැනේ. ඉතින් මේ දුවත් ලොකු වෙලා කොල්ලෙක් එක්ක යාලු වෙනවා. හැබැයි මේ කොල්ලා ටිකක් දුප්පත් එච්චර හොද චරිතයක් නැති කොල්ලෙක්. දුව දන්න මායම් ඔක්කොම දාලා චාටුවෙන් තාත්තට කොල්ලා ගැන කියනවා, කොල්ල බල කරපු හින්දම . තාත්තා එක පාරට මුකුත් කියන්නේ නැහැ, හොයලා බලනවා. මොකද දුව එයාගේ පණනේ හොයලා බලන්න එපැයි මොකෙක් එක්කද මේ යාලු වෙලා ඉන්නේ කියලා. ඉතින් තාත්තා හොයාගන්නවා කොල්ලා එච්චර හොද කෙනෙක් නෙමෙයි කියලා, දුවට පැහැදිලි කරලා දෙනවා, ඒත් දුව නෙමෙයි ඒවා තේරුම් ගන්නේ.කොහොමත් ඒ කාලේට ආදරෙන් වෙලුනම මොකක්ද අමුතූ ලෝකෙකනේ කෙල්ලෝ කොල්ලෝ ඉන්නේ. ඉතින් මේ තාත්තා තමන්ගේ දුව වැටෙන්න යන මේ වලෙන් ගොඩ ගන්න නොකරන දෙයක් නැහැ. අන්තිමට තාත්තා කාටවත් හිතා ගන්න බැරි දේකුත් කරනවා. තමන්ගේ දුවට ඒත්තූ ගන්නන්න කොල්ලා ගැන, තාත්තගේ ආදරේ ගැන.ඒ වගේම තාත්තට ඕන දුවගේ සතුට.
ඉතින් මේ දුවට තාත්තගේ ආදරේ තේරුම් යයිද?තාත්තාගේ ආදරේ මනින්න බැරි තරම්ම මහ විසාලයි කියලා කියන්න ඒ තාත්තා කරන දේ මොකක් වෙන්න පුලුවන්ද? අන්තිමට දුවට මොනවා වෙයිද? ෆිල්ම් එක බලන්න උත්තර හමබවෙයි හැම ප්‍රශ්ණෙකටම.සියලූම පියවරුන්ට මෙම චිත්‍රපටිය උපහාරයක්ම වේවා!හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
6,959 downloadsDownload Murder-2020.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “JAAL” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
JAAL
Subtitles
17 comments
Dil
ශෂික
baiscopedownloads.co
එකෙන් ගන්නකො වද දෙන් නැතුව .. google එකේ හැමදේම නෑ
Sanjaya
Thanks dear....Bs
Prabodha Jayakody
Thanks...
Maxx
මරු..සිතුතී ඔබට...
Maxx
ස්තුතිය ...
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
tharidu16
thanks machi
shashika
thanks kollo.... pin
lakshan
thanks ..........................
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Kataka 2017 movie එකක් තිනවා.ඒකට සබ් ගෙන්නකො.කවුරුත් සබ් දිලා නෑ.imdb rate එකත් 7.6ක් තිනවා
Anonymous
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Murder (2020) Sinhala Subtitles | පිතු සෙනෙහේ! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/01/Murder-2020.jpg)
Film eka download karaganna link ekl denko.
Google hoyaganna nane