Watch Trailer

Soul (2020) Sinhala Subtitles | ජීවිතයේ අරමුණ සොයා [සිංහල උපසිරසි]

අපි මේ ලෝකෙට ආවේ ඇයි කියන එක අපි හැමෝට ප්‍රශ්නයක්..? සමහරු හිතනවා ඒක එයාලා දන්නවා කියලා. ඇත්තටම අපි ඒක දන්නවාද..? පුංචි කාලේ ඉඳන්ම තවත් පිරිසකට අවශ්‍ය විදියට අපි ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් තේරෙන වයසට එනකොට, එහෙම නැත්නම් මොකක්ම හරි දෙයක් ලොකුවට වරද්දගත්තට පස්සේ, එහෙමත් නැත්නම් මොකක්ම හෝ හේතුවක් නිසා…

අපි මේ ලෝකෙට ආවේ ඇයි කියන එක අපි හැමෝට ප්‍රශ්නයක්..? සමහරු හිතනවා ඒක එයාලා දන්නවා කියලා. ඇත්තටම අපි ඒක දන්නවාද..? පුංචි කාලේ ඉඳන්ම තවත් පිරිසකට අවශ්‍ය විදියට අපි ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් තේරෙන වයසට එනකොට, එහෙම නැත්නම් මොකක්ම හරි දෙයක් ලොකුවට වරද්දගත්තට පස්සේ, එහෙමත් නැත්නම් මොකක්ම හෝ හේතුවක් නිසා තමන් හඹා ගියපු හීනයක් බලාපොරොත්තුවක් ඉටු කරගන්න බැරි වුනාම අපි කල්පනා කරනවා, මොකක්ද මේ ජීවිතේ කියලා. ඊට පස්සේ හිතෙන්න ගන්නවා, අපි අපේ ජීවිතේ එක්ක මොකක් මේ කරන විහිළුව කියලා. අන්න එතනදි අපි හැමෝම හොයනවා තමන්ගේ ජීවිතේ අරමුණ මොකක්ද කියලා. සමහරුන්ට ජීවිත කාලය පුරාවටම ඒක හොයාගන්න ලැබෙන්නේ නැහැ. සමහරු එහෙම එකක් ගැන දන්නෙවත් නැතිව ජීවත් වෙලා මැරිලා යනවා.

මුළු ජීවිත කාලයම එකම ආසාවක් පෙරදැරි කරගෙන ජීවත් වෙච්ච මනුස්සයෙක්, තමන්ගේ ජීවිතේ මැදි වයසෙට එළඹිලත් තමන්ගේ හීනය සැබෑ කරගන්න බැරිව, ජීවත් වෙන්න ලෝකය හදලා දුන්න සීමා මායිම් වලට හිරවෙලා ජීවත් වෙන්න බයෙන් ඉන්නවා. එයා මුළු ජීවිත කාලය පුරාව ලඟා කරගන්න උත්සහ කරපු හීනය, අහම්බෙන් දුරකථන ඇමතුමක් හරහා හැබෑ වෙන්නයි යන්නේ. සතුට ඉහවහා ගියපු මේ මනුස්සයාට තමන්ගේ වටපිටාවම අමතක වෙලා යනවා. සතුටින් පාර පුරා දුවනවා. එයා ජීවිත කාලෙම බලන් ඉඳපු අවස්ථාවයි මේ උදා වෙන්න යන්නේ. ඒත් එකපාරටම.. දඩාස්..

ඇස් දෙක ඇරගන්න පුළුවන් වුනු මොහොතේ, එයා බලනවා මොකක්ද ඒ වුනේ කියලා, එයා දන්නෙවත් නැති තැනකට ඇවිත්. තවදුරටත් එයා ලඟ ශරීරයක් නැහැ. ආත්මයක් විතරයි තියෙන්නේ. මරණින් මතු ලෝකයකයට යන්න පෙළගැසුනු තවත් පිරිසක් අතරේ එයා තනිවෙලා. එයා කොහොමද මේක බාරගන්නේ. දරාගන්නේ. එයා මුළු ජීවිත කාලයම බලන් හිටපු අවස්ථාව, ඒ හීනේට යන්න තියෙන මොහොතෙම තමන් මිය යනවා කියලා කොහොමද එයා විශ්වාස කරන්නේ. හිත කීරි ගැහිිිිලා යනවා නේද? ඉතින් මෙයා මොකක් කරාවිද? මරණය බාර ගනීද..?

අපි දන්නේ නැහැ අපි මේ ලෝකෙට ආවේ ඇයි කියලා. සමහරවිට කවදාවත්ම දැනගන්න ලැබෙන එකකුත් නැහැ. ඒත් අපිට ලැබිලා තියෙන මේ ජීවිතේ උපරිම විදියට විඳින්න. හැම මොහොතක්ම ජීවත් වෙන්න අපිට බැරිකමක් නැහැ. අපේ ජීවිත අපිට ලැබුණේ දෛවය නිසා වෙන්නැති. අපේ පාලනයේ නැති සියල්ල දෛවය නිසා වෙන දේවල් වෙන්නැති. ඒත් මේ ජීවිතය සතුටින් පිරුණු ජීවිතයක් කරගන්නවාද, ඛේදාන්තයක් කරගන්නවාද කියන එක අපේ අතෙයි තියෙන්නේ. “Life is all about choices” ජීවිතය කියන්නේ අපේ තෝරාගැනීම්. ඉතින් ඒ තෝරාගැනීම් අපිව දුකට පත් කරනවාද සතුටට පත් කරනවාද කියන දේ අනුව අපි ජීවිතේ විඳිනවද විඳවනවද කියලා තීරණය වෙයි.

මගේ ජීවිතේ බලපු, හොඳම වගේම අර්ථාන්විත ඇනිමේෂන් චිත්‍රපටයක් විදියට මේ Soul (2020) චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. ෆැන්ටසියක් ඇතුලේ මේ තරම් ජීවිතේ ගැන අලුතින් හිතන්න කියා දෙන චිත්‍රපටයක් මම බලලා නැති තරම්. IMDb 8.2 ක ඉහළ අගයක් වගේම Rotten Tomatoes 95% ක ලකුණු ලබාගත් මේ චිත්‍රපටය ඩිස්නි සහ පික්සාර් ඉදිරිපත්කිරීමක්. චිත්‍රපටයේ සාර්ථකත්වය ගැන මේ වාර්තා සාක්ෂි දරන නිසාවෙන් වැඩිපුර ඒ ගැන නොකියා ඉන්නම්. නරඹන්න. ඔබේ අදහස් පළ කරන්න. උපසිරැසිය ගැන වගේම චිත්‍රපටය ගැනත්. මේ උපසිරැස ප්‍රමාද වුන එක ගැන සමාවෙන්න කියන ගමන්, අපේ විමාට ස්තූති කරනවා මේකට උපසිරැසි හදන්න මට අවස්ථාව දුන්නට. එක හුස්මට ආසාවෙන් නරඹන චිත්‍රපටයක් වේවි කියලා සහතික වෙනවා. ස්තූතියි..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

11,659 downloadsDownload Soul-2020-Blu-Ray.zip167 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-12-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

11,659 downloadsDownload Subtitles167 KB

40 comments

  1. Nilush Angana

    Sub ekata thanx

  2. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. Dewadithya

    Thanks for sub!

  5. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට...

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Anonymous

    ගොඩක් ස්තූතියි :-S:-S:-S

  8. Anonymous

    සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ:-$

  9. Anonymous

    Baiscope Sub karanakam hitiye meeka balanna. Thanks Sub ekata

  10. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ.... ♨️

  11. Anonymous

    Thanks lot bro... what a movie like that..

  12. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  13. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සබ් එකට

  14. tharidu

    thanks

  15. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  16. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි ....... (Srimal)

  17. Wayantha Sandaruwan

    Godak Sthuthi! jaya wewa!!!

  18. Dasitha

    Trailer එක බැලුවට වඩා මේ ලිපිය කියෙව්වම ලොකු ආසාවක් ආව බලන්න. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට! ජය!

  19. Anonymous

    ලිපියනම් නියමයි. ඒ හන්දමයි බැලුවේ. හැම මනුස්සයෙක්ම අනිවා බලන්න ඕනම එකක්

  20. Udara Damith Dissanayaka

    elaaaa

  21. Anonymous

    මේ තමයි ජීවිතය.

  22. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝ

  23. Bruce

    Thank you saho sub ekat,

  24. Ruchira

    Thanks for the sub!!!!!

  25. kaviya

    lipiya nm pttama saho..aniwa filumath ehm ethi..thank you for the subtitles...wish you all the best..!!!

  26. mindika

    Thanks !!!!!!

  27. Lakshansilva18

    thanks for sub

  28. Anonymous

    <3

  29. alita

    one of the best fantacies ever...a must watch movie...

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. MAALNATH

    Thanks ............good luck ..........

  32. Pavith Wijesooriya

    Coco වලට පස්සේ මට සෙට් උනු Disney ලගේ හොදම ෆිලුම තමා Soul.ඇත්තටම ලොකු දෙයක් ගැඹුරින් හිතන්න ඉතිරි කරලා තමා මේක ඉවරවුනේ.සෑහෙන වටින ෆිලුමක්.ඉතින් ගොඩාක් ස්තූතියි මේ ෆිලුමට සබ් එක ලබා දුන්නට.සබ් එකත් සුපිරියටම තිබ්බා.නියමයි.ඉදිරියටත් මේ වගේ වටිනා චිත්‍රපටි වලට උපසිරසි ලබා දෙන්න.ජය වේවා!!!

    1. Anonymous

      aniwa

    2. Sayu

      Raya and the last dragon ලස්සනයි

  33. Shaggy

    බොහොම ස්තූතියි

  34. supun

    tz sub ekata.

  35. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  36. හිරාන්

    ගොඩක් ස්තුතියි..෴

  37. viraj

    thanks............

  38. Sayu

    සබ් එක දාලා කතාව කියලා spoil කරන්න එපා එතකොට වැඩක් නෑ