Watch Trailer

Wonder Woman 1984 (2020) Sinhala Subtitle | ඔබ පතන දේ ගැන ප්‍රවේසම් වන්න! [සිංහල උපසිරසි] *300*

🙂 නිදුක්-නීරෝගී සුව සපිරි නව වසරක් වේවා! 🙂 මගේ පළවෙනි සිංහල උපසිරැසිය 2013 වසරේ පෙබරවාරි මාසයේ 27 වැනිදා, Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට, මං හීනෙකින්වත් හිතුවේ නෑ පුරා වසර 7ක් මුළුල්ලේ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. කොහොම මොන දේ කිව්වත්, මේක නවත්තන්න කාලේ හරි කියල හොඳටම දැ…

🙂  නිදුක්-නීරෝගී සුව සපිරි නව වසරක් වේවා! 🙂 

මගේ පළවෙනි සිංහල උපසිරැසිය 2013 වසරේ පෙබරවාරි මාසයේ 27 වැනිදා,  Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට, මං හීනෙකින්වත් හිතුවේ නෑ පුරා වසර 7ක් මුළුල්ලේ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. කොහොම මොන දේ කිව්වත්, මේක නවත්තන්න කාලේ හරි කියල හොඳටම දැනගෙන හිටියත් මේක නවත්තගන්න විධියක් නැතුව ඉන්නෙ දැන් නම්. ඒ නිසා ඉතිං ආයෙත් මේවා ඉස්සරහදි නවතීවි කියල කියන්න යන්නෙ නැහැ. දෙසැම්බර් 25 වෙනිදා ඉඳලා ජනවාරි 3 වැනිදා දක්වාම එක දිගට රයක් දවාලක් නැතුව රාජකාරි කටයුතුවල නිරත වෙන්න සිද්දවුණ නිසයි ඇත්තටම මේක අරගෙන එන්න මේ තරම් ප්‍රමාද වුනෙත්. ෆිල්ම් එකක් සිංහල උපසිරසි එක්ක බලන මිනිස්සු වෙනුවෙන් රස නොමැරු, ගුගල් ට්‍රාන්ස්ලේට් එකකට වැඩි වෙනසක් නැති, උඩින් පල්ලෙන් කරපු උපසිරසි ඇති තරම් තියෙන අතරවාරයේ බයිස්කෝප් එකෙන් අපි දෙනකම්ම ඉන්නව කියල මැසෙන්ජර් එකට ආව මැසේජ් ටික සැහෙන්න දැනුනා. ඔයාල බලාපොරොත්තු වෙන ප්‍රාණවත් වගේම රසවත් උපසිරසියක් අරගෙන එන්න වෙච්ච ප්‍රමාදය සම්බන්ධව ඇත්තටම බොහොම කණගාටු වෙනව මම. මේ වෙච්ච පමාව කොහෙත්ම වලක්වා ගන්න නොහැකි වුණ පමාවක්. 🙁 ඔය මම කියපු දෙන්නම් වාලේ සබ් දෙන උදවිය හරියට ඉංග්‍රීසි නොදන්න අහිංසක මිනිස්සුන්ව ඒ විධියට රවට්ටන්නෙ කොහොමද කියල හිතාගන්න බැහැ. මට ඇත්තටම මේ ටික කියන්න හිතුනේ සබ් එක පරක්කු වෙනකොට ෆේස්බුක් එකට ආව මැසේජ් සහ ස්ක්‍රීන් ෂොට් දැකලා. ඔය මම කියපු උදවිය දැනගන්න ඕනා ඉංග්‍රීසි දන්න මිනිස්සුත් සිංහල සබ් එක්ක ෆිල්ම් බලනව. ඒ මිනිස්සු අපිට ඇවිල්ල කියනවා මෙන්න මේක මෙන්න මෙහෙමයි පුළුවන් නම් ඔයාලගෙන් දෙන උපසිරැසිය ඉක්මනට දෙන්න අපි බලං ඉන්නව කියල.  මිනිස්සු අපිව විස්වාස කරන තරම අපිට එකෙන් වැටහෙනව ඒක ලොකු සතුටක් අපිට. එහෙම නම් ගොඩක් ප්‍රමාද වුණ එකේ ඔහොමම පහත විස්තරය මගහැරලා කෙලින්ම සබ් එක අරගන්න ගියත් තරහ නැහැ ඔන්න. 🙂 😀 

ඉතිං ගිය සැරේ කිව්ව වගේම මේ වෙනකම් උපසිරසි කරන්න තිරය පිටුපස හයිය වෙච්ච, “උඹ ගෙදර ආව වෙලාවේ ඉඳල ඕකටම කොට කොටා හිටපං” කියල ආශිර්වාද ලබාදෙන අම්ම – තාත්තට බොහොම ස්තුතියි මේ වැඩේට දෙන නිහඬ සහයට. ඇඩ්මින් සෙට් එකටත්,  බයිස්කෝප් අමධ්‍යප සංගමයත් 😎 බයිස්කෝප් උපසිරසි කරුවෝ විධියට ඉන්න හිතවත් සහෝදර සහෝදරියෝ සැවොමත්, එකි-මෙකි-නොකී, වචනෙකින් හරි උදව් වෙච්ච, දිරිමත් කරපු සෙට් එකම ආදරෙන් මතක් කරන්න කැමතියි මේ ප්‍රීතිමත් අවස්ථාවේ. ඒ වගේම විශේෂයෙන් මේ කඩයිම වෙනුවෙන් මේක මට ලබාදුන්නු මෙහි නියම උරුමක්කාරිය නිර්මාණි විජේසිංහ අක්කට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනා. කවර් ෆොටෝ එක හදල දුන්නු නලින් අයියටත් ස්තුති වෙන්න ඕන.

එහෙමනම් ඉතිං මට නං-අයුරින් උදව්-උපකාර කල හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි නැවතත්. නම් වශයෙන් මතක් නොකළේ 2013 වසරේ ඉඳලා අද වෙනකම් බයිස්කෝප් එක නිසා අඳුනගත්තු විශාල පිරිසක් ඉන්නව. මට මුණ ගැහුන, ආශ්‍රය කරන්න ලැබුන බයිස්කෝප් වෙබ් අඩවියේ සිටින ආදරණීය මිනිස්සුන්ගෙන් ලද නොමද සහයත්, සබ් එකක් අරගෙන යනකොට කමෙන්ට් එකක් දාල දිරිමත් කරලා ඔබලා විසින් මෙතෙක් මට ලබා දුන් දිරියත් මම අද ඇවිත් ඉන්න ගමන පසුපස රැඳී තියෙනව. මං හිතන්නේ වචන විසි-තිස් දාහක විතර ලිපියක් ලියන්න වෙනවා ඒ හැමෝම ගැන සඳහන් කලොත් ඉතිං කාවවත් මග නොහැරෙන්න හැමෝවම එක එක තැන් වලින් කොටු කරලා සාමුහිකවම ස්තුතිය පල කලේ ඒකයි. අමනාප වෙන්න එපා නම් වශයෙන් මතක් නොකලා කියල. හැමෝටම ආදරෙයි. ❤ ඒ වගේම කැමති නම් ලයික් එකක් දාගෙන යන්න ඔන්න ඕකටත් 😀 මොලේ කුලප්පු උනාම මං සිනමාව පැත්තෙන් ලියන, කියන, කරන හැම ආත බුත වැඩක්ම ඕකෙන් ශෙයා වෙනෝ. දැන් හැරෙමු ෆිල්ම් එක පැත්තට. 

  ” I will fight for those who cannot fight for themselves.”
“සටන් කල නොහැකි අයවලුන් වෙනුවෙන් මා සටන් කරමි ”
~ වොන්ඩර් වුමන් ~

හරියට බැලුවොත් 2020 වසර කියන්නේ සිනමාවට බොහොම අපල වසරක්. සිනමාවට විතරක් නෙමෙයි ඇත්තටම මුළු ලෝකෙටම සෑහෙන්න අපල වසරක්.  ඒ නිසාම 2020 වසරේ එන්න තිබ්බ සිනමාපටවලින් 99.99%ක්ම පාහේ 2021 වසරට කල් ගියා. ඒ අතරින් අවධානමක් අරගෙන නිකුත් කරපු සිනමාපටයක් තමයි මේ සිනමාපටය. තදබල මාවල් රසිකයෙක් විධියට ලේබල් වැදිලා තිබ්බ මට ඒ ලේබල් එක ගලවගන්න ලැබෙන අවස්ථාවක් විධියටත් මට මේක සලකන්න පුළුවන්. මේ තමයි මං උපසිරැසි නිර්මාණය කරන දෙවැනි DC කොමික් හා සබැඳි සිනමාපටය. පළමුවැනි එක චාමර එක්ක කරපු Watchman 2009 සිනමාපටය. දෙවැන්න මේක.  මේ තමයි DCEU එකේ නමවැනි සිනමාපටය. 

“තෙමිස්කිරාව මතකද? පලවෙනි වොන්ඩර් වුමන් සිනමාපටයෙන් අපිට ඒ ගැන යම්කිසි නිශ්චිත දැනුමක් ලබාදුන්නා. මේකේ වාසය කලේ ග්‍රීක දෙවිවරු කොට්ටාශයක්. හිපොල්යාටා රැජින හා ඇතිනා දෙවඟන මැටියෙන් දරුවෙක් නිර්මාණය කරල ඒ දරුවට සියුස් දෙවියන් ලවා ජිවය ලබා දීමක් සිදුකරලා තමයි අපි දන්න කියන වොන්ඩර් වුමන් බිහි කරන්නෙ. මව්වරු දෙදෙනෙක්ට හිමිකම් කියන ඩයානාට, දෙවිවරු හය දෙනෙක්ගේ බලය ලැබෙනවා.

හිපොල්යාටා රැජින නිර්මාණය කරපු මැටි රූපයට පණ දීපු ඇතිනා දෙවඟන විසින් බුද්ධිය හා ධෛර්යයද, ආර්ටිම්ස් විසින් සත්වයන් තේරුම් ගැනීමට අවශ්‍ය ශක්තියද, ඩේමෝටර් විසින් ශක්තියද, හර්මස් විසින් සුපිරි වේගයක්ද, හෙස්ටියා විසින් ගින්දර පාලනය කිරීමට අවශ්‍ය ශක්තියද වගේම අපරෝඩියෙට් දෙවියන් විසින් සියළු දෙනාගේ සිත් ඇදගන්න කදිම රූප සොබාවක්ද දායාද වෙනවා.

මේ සියළු දේවල් වලට හිමිකම් කියලා තමයි පුංචි ඩයානා උපදින්නේ. ඉතින් ඊටපස්සේ හරි කාලයත් එක්කම එයාට කඩු ශිල්පය, දුනු ශිල්පය, විසිකර පහර දීමේ ශිල්පය හුගක් දෑ ඉගෙන ගන්නවා. තෙමිස්කාරාහි සටන් කිරීම්වල නිරත වෙමින් හිටියත් එක්තරා මොහොතක් වෙනකන්ම එයා දන්නෙත් නැහැ එයාට තියෙන බලයන් මොනවාද කියලා. ඒ වගේ දවසකින්ම තමයි එයාගේ ජීවිතේ තවත් වෙනසක් සිද්දවෙන්නේ. 

ඒ තමයි එයාට ස්ටීව් ට්‍රෙවර් මුණගැහෙන දවස. ලෝක යුධ සමයේ යුද්ධයට අධිපති ඒරිස්ව පරද්දන්න ඩයානා ගෝඩ්’ස් කිලර්, එහෙම නැත්නම් “දේව මරුවා” නමැති අසිපතත් අරගෙන තෙමිස්කිරාවෙන් එලියට එනව. ඒ ආවට පස්සෙ ඒරීස් එක්ක කෙරෙන සටනේදී තමයි ඩයානා දැනගන්නේ දේව මරුවා කියන ආයුධය වෙන මොකක්වත් නෙමෙයි තමන් බව. ඒ තමයි පහුගිය සිනමාපටයෙන් අපට දැනගන්න ලැබුණු විස්තරය. ඊට අමතරව ඩයානාගේ විස්තර BVS සහ ජොස් වේඩන්ගේ ජස්ටිස් ලීග් සිනමාපටයෙන් දැකගන්න ලැබුනා. ඉදිරියේදී එන ස්නයිඩර් කට් ජස්ටිස් ලීග් එකෙන් අමතර තොරතුරු දැනගන්න ලැබෙන්නත් පුළුවන්.

පළමු වොන්ඩර් වුමන් සිනමාපටයේ නොසිටි චරිතයක් දෙවැනි වොන්ඩර් වුමන් සිනමාපටයේ ඉන්නව අපිට බලාගන්න පුළුවන්. හැබැයි DC ඇනිමේෂන් සිනමා විශ්වය නරඹලා තියෙන අයටත් DC කොමික් ගැන දන්න අයටත් මෙයා අලුත් කෙනෙක් නම් නෙමෙයි ඉතිං. ඒ තමයි බාබාරා මිනර්වා නොහොත් චීටා. මේ සිනමාපටයේ චිටාගේ චරිතය මුලින්ම ගිහින් තිබ්බේ එමා ස්ටෝන්ට. හැබැයි එයා ඒ චරිතය ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සෙ අධ්‍යක්‍ෂකතුමිය, පැටී ජෙන්කින්ස්ගේ පළමු තේරීම වෙච්ච ක්‍රිස්ටීන් වීග්ට, නැවත මේ චරිතය හිමිවෙලා තියෙනවා. ඇය මේ චරිතයට කෙතරම් සාධාරණයක් ඉටුකරලා තියෙනවද කියල ඔයාලට සිනමාපටය තුලින් දැකබලාගන්න පුළුවන්. ඒ වගේම මෙහි සංගීත නිර්මාපකයා වෙච්ච හාන්ස් සිමර් BVS එකෙන් පස්සෙ සුපර් හීරෝ සිනමාපට සඳහා සංගීත නිර්මාණයෙන් ඉවත් වෙන බව කිව්වත් X-Men: Dark Phoenix (2019) සිනමාපටයට සංගීත නිර්මාණයෙන් දායක වෙනවා විතරක් නෙමෙයි ආයේ වොන්ඩර් වුමන් දෙවැනි සිනමාපටයටත් සංගීත නිර්මාණය කරන්න එකතු වෙනව. මතක ඇතිනේ එයාගේ සංගීතය මේ චරිත එක්ක ගැලපිලා ගිය අපුරුව.

ඒ වගේම තමයි මෙහි ප්‍රධානතම දුෂ්ඨයා විධියට ඉන්නෙ මැක්ස්වෙල් ලෝඩ්. කොමික්වලට අනුව නම් මෙයා මනස පාළනය කිරීමේ හැකියාවෙන් යුතු උපායශීලී අයෙක්. මේ චරිතයට -පණ දෙන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන් කතා මාලාවේ ඔබෙරින් මාටෙල් ලෙසත් මැන්ඩලෝරියන් කතා මාලාවේ මැන්ඩලෝරියන් ලෙසත් ජන හද දිනාගත් පේද්‍රෝ පැස්කල් විසින්. හැබැයි මේ සිනමාපටයෙන් ඔහුගේ මුලාරම්භය කොමික් වලින් වෙනස් වෙනවා. මෙහිදී ඔහුට බලය ලැබෙන්නේ ඩ්‍රීම් ස්ටෝන් නමැති ප්‍රාර්ථනා පාශානයකින්.ඉතිං වැඩිදුර විස්තර සහ කතාව සිනමාපටය තුලින් ඔයාලට දැක බලාගන්න ඉතුරු කරමින් මම ගිහින් එන්නම්. නැවත හමුවෙමු!

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය.

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් සමුහය.

 

 

 

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත්  සඳහා ලබා දී ඇත.

17,347 downloadsDownload Wonder-Woman-1984-2020-Blu-Ray.zip117 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

17,347 downloadsDownload Subtitles117 KB

95 comments

  1. Kaviru madushanka

    300 වැනි සබ් එකට මගෙන් සුභ පැතුම් ..අශාන් විමුක්ති සහෝ.....තවත් දීර්ඝ ගමනකට ජය....

  2. RVMENDIS85

    Thanks for sinhala sub...

  3. Anonymous

    කඩයිමට සුබ පැතුම් විමුක්ති අයියේ...

  4. මයුර

    හදවතින්ම සුබ පතනවා 6වන කඩයිමටත්.
    තවත් කඩයිම් ගණනාවක් පසු කරන්න ලැබේවා.

  5. Max

    Godak dukai baiscope eke dan subtitles parakku weema gana. film eka relesed wela tika dawasak wenawa dan.

  6. එල්.සී. දමැල්

    300ට හදවතින්ම සුභපැතුම් විමා අයියෙ :)
    ඊළඟ කඩයිමෙනුත් හම්බෙමු ‍එහෙනම් ඉක්මනින්.

  7. සනිඳු ලක්ඛිත

    මට නිකමට හිතෙනවා Black Widow එකෙන් හරි Eternals එකෙන් හරි 300 ගහන්න ගිය කොල්ලට නෙහ් මේ DC එකකට කරගහන්න උනේ කියලා
    300 වෙනි කඩඉමට හදවතින්ම සුභපැතුම් විමෝ.. අමුතු බයිලා ඕනි නෑ. බයිස්කෝප් පවුලේ හොදම උපසිරස නිර්මාණකරුවෙක් තමා උබ. කරන වැඩේ කොලටියටම කරලා දෙනවා. ඉක්මනට දෙන එකට වඩා වටින්නේ කරන වැඩේ හරියට කරලා දෙන එක. ෆිල්ම් එක බැලුවා. ඒ ගැන කතා නොකර ඉමු. කොහොමත් සබ එක්ක ආයේ බලනවා. බොහොම ස්තූති උපසිරසට.. තව තවත් උපසිරස කරන්න ලැබේවා කියලා වගේම කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා.. බුදුසරණයි..!

  8. isuru srinath sjs

    300 වෙනි සිංහල උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා අයියේ... ඉදිරි ගමනත් සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය!!

  9. Pasindu Madumal

    300 වෙනි කඩයිට උණුසුම් සුබ පැතුම් විමා අයියේ,
    ඉදිරි වැඩ කටයුතු ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා,
    ඊළග කඩයිමටත් ඔහොම යමු ❤️

  10. Supun Kaushalya

    300වෙනි සබ් එකට සුබ පැතුම් සහෝ සබ් එකටත් ස්තූතියි ගොඩක්

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    300 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  12. R_deshan

    300වෙනි සබ් එකට සුබපැතුම් සහෝ...ඔයාගෙ සබ් වල ලොකුම ෆෑන් කෙනෙක් උනේ මැන්ඩලෝරියන් සීරීස් එක නිසා.මේක ඔයාගෙ සබ් එක්ක බලන්න ලැබුන එක ලොකු දෙයක්.ඊයෙ පෙරේද අහසින් වැටුන වෙබ්සයිට් වල ww84 එකේ සබ් තියනව දැක දැක ඉවසන් හිටියෙ බයිස්කෝප් එකෙන් දෙනකන්.දිගටම වැඩේ කරන් යන්න අවශ්‍ය කාලය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!!

  13. Dewadithya

    300 වෙනි උපසිරැසියට සුබපැතුම්!!!

  14. තාරක නුවන් දිල්හාර

    ත්‍රිත්ව ශතකයට සුභ පැතුම් මා මිතුර...
    තද කොර යෝ යෝ නිග...
    ජයෙම් ජය..!!!!
    හමුවෙමු!

  15. ඩොක් අයියා

    ඔන්න එහෙනම් මමත් ජයග්‍රාහී 300 වෙනි උපරැසියට සුභ පැතුවා මල්ලියෝ, ඒවගේම ලැබුවාවූ 2021 නව වසර නිරෝගිමත් වාසනාවන්ත නව වසරක් වේවා. තවත් අපිට උපරැසි දෙන්න වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවා

  16. Shaggy

    සුබ පැතුම්..ඒ වගේම බොහොම ස්තූතියි සබ් එකට <3

  17. Sahan Prabhasara

    Good luck.

  18. tharindunish

    thank you

  19. මධුකප්‍රිය පෙරේරා

    300වැනි උපසිරසියට හෘදයාංගම සුබපැතුම්!
    බයිස්කෝප් එකේ ඉන්න සුපිරියටම සබ් කරන
    එකෙක් බව කවුරුත්ම දන්නවා නෙව ඉතින්..
    සබ පරක්කු නිසා අමුවෙන්ම බලලා දැම්මට දැන්
    ඉතින් උඹේ සබත් එක්ක ආයෙම බලනවා...
    එහෙමනම් හනිකට 350ටත් යන්න ලැබේවා..

  20. හෙළිලි

    උණුසුම් සුබ පැතුම් මේ දැවැන්ත කඩයිමට! බොහොම ස්තූතියි මේ කරන කැපකිරීමට.. ගොඩක් අයට නොතේරෙනකමද, කුහකකමද කියන්න දන්නෑ සිංහල උපසිරැසිකරුවෙක්ගෙ වටිනකම අවතක්සේරුවට ලක් කරනවනේ සෑහෙන. කොහොම කොයි තරම් ඉංග්‍රීසි ලිව්වත්, කතා කරත් අදටත් සිංහල උපසිරැසිය නැතුව චිත්‍රපටයක් බලන්න හිත හදාගන්න බෑ. හේතුව ඒ අපේ මව්බස නොවීමත්, ඒ නිසා ඒ රසය ඒ ආකාරයෙන්ම නොදැනීම. හැබැයි ඉතින් හිතට දැනෙන්න විදේශ චිත්‍රපටයක් බලන්න ඕන නම් උපසිරැසියේ ගුණාත්මක බවත් ඉහළ වෙන්න ඕනෙ. ඔය කාරණා නිසා විමාට ස්තූතියි අපි වගේ අය වෙනුවෙන් මේ කරන මෙහෙයට. ජය!

  21. KasunRe

    බොහොම ස්තූතියි සහෝ...

  22. හසන්ත වික්‍රමරත්ත

    300 වෙනුවෙන් සුබ පැතුම් විමා! කොහොමහරි අන්තිමේදී පිහිටට ආවේ DC ෆිල්ම් එකක් :P

    කඩඉමට අදාළ උනේ නැතත් සිංහල සබ් වලට ගරහන එක එක්තරා පිරිසකගේ පුරුද්දක් වෙලා. හැබැයි ඒක එහෙම වෙන්න එකම හේතුව සිංහල සබ් වලත් චයිනීස් වර්ෂන් ගූගල් ට්‍රාන්ස්ලේට් විදිහට දෙක පහේ සයිට් වලින් එලියට එන එක. කොහේ දෙල් ගෙඩියක් වැටුනත් අර ගරහන පිරිස හුරු වෙලා ඉන්නේ බයිස්කෝප් බයිස්කෝප් කියල නැට්ට පාගන් හතර වටේ දුවන්න මිසක් මේක කොහෙන් කොහොම එලියට ආවද කියන්න හොයන්න තරම් වත් අබ ඇටයක් තරම් වත් මොළයක් නැහැ. කරන දේ හොයල බලලා වගකීමකින් දෙන්න පුරුදු වෙන්න කියලයි කාගෙන් උනත් ඉල්ලන්නේ. එතකොට කාලයක් පවතීවි. නැත්තන් හතු තරම් වත් පවතින එකක් නැහැ.

  23. Sohan Jayasooriya

    එහෙනම් සයිට් එකේ හැන්ඩි අයියත් 300 ගැහුවා ඈ.. හදවතින්ම සතුටුයි අයියේ..සයිට් එකේ සුපිරියටම සබ් කරන අයගෙන් තවත් එක සුපිරි, සුහදශීලි චරිතයක්.. 300ක් ගහනව කියන්නෙ සෙල්ලමක් නෙමේ..සෑහෙන කාලයක්, මහන්සියක් වැය කරන්න වෙනවා.. ඉතින් තව තවත් කඩඉම් වලට යන්න ඒ වගේ කාලය, හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ජයෙන් ජයම වේවා අයියේ..

  24. Buddika

    Thank you very much for the sub

  25. Buddika

    Thank you very much for the sub

  26. Sachintha Benat

    සබ් 300 ක් කියන්නේ ලේසි පහසු වැඩැක් යැ! කවදත් සුපිරිම ෆිල්ම් සබ් හම් බෙන්නේ අයියගෙන් තමා. ඉතින් 300 වෙනි කඩයිමට සුබ පැතුම් සහෝ..❤

  27. නිමේෂ් කාවින්ද

    හොද පැහැදිලි කිරීමකින් යුත් ලිපියක් සහ චිත්‍රපටයට අදාළව , ප්‍රමිතිගත උපසිරැසියක් ලබා දීම සම්බන්ධයෙන් මම ඔබට කෘතඥ පූර්වක ස්තූතිය පිරි නමමි !!!!

  28. Anonymous

    thank you bro balan hitiya sub ekak.....jayawewa

  29. tharindu jayasekara

    thank you balan hitiy sub ekak good luck........

  30. Thilankadissanayake

    Thank you. Congratulations for the milestone

  31. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම 300 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

  32. Anonymous

    අඩෝ අඩෝ... 300ට සුබපැතුම්...

  33. Anonymous

    Congrats for 300th sub
    Habai meka blala dn tika dwasak weno

  34. Gathsara

    300ට හදවතින්ම සුබපැතුම් අයියේ...350ත් මේ වගේම ගහමු නේද..ජයෙන් ජයම පාර්තනා කරනවා අයියට...!

    1. shami

      thanks sub ekt,puluwn nm Elektra(2005) film eke bluray sub eka denna.jaya

  35. රොෂාන් ශමීර ජයසිංහ

    300 වෙනි සිංහල උපසිරසියට හදවතින්ම සුබ පතනවා සහෝදරයා..
    නිදුක් නිරෝගී සුව නව වසරක් වේවා..
    ~ජය වේවා~

  36. Udaya Fdo

    Thank you and best wishes

  37. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    මුලින්ම 300 වෙනි සිංහල උපසිරැසි නිර්මාණයට මගේ හඳවතින්ම සුභ පතනවා. ඒවගේම ඉක්මනින් 350 වෙනි කඩඉමටත් යන්නට ලැබේවායි කියලත් ප්‍රාර්ථනා කරනවා. බයිස්කෝප් සිංහලෙන් පවුලේ ඉන්න දැකපු සහ ආශ්‍රය කරන නිහතමානීම කෙනෙක් විදියටත් අදුන්වන්නට පුලුවන් ඕනම වෙලාවක උදව්වක් ඉල්ලුවාා බෑ නොකියන බයිස්කෝප් සිංහලෙන් අඩවියේ වැඳගත් කාර්භාර්යක් ඉටුකරන කාර්‍යශූර්ය උපසිරැසිකරුවකු විදියටත් අඳුන්වන්නට පුලුවන්.! ඔබගේ ඉදිරි කටයුතු බෙහෙවින්ම සාර්ථක වේවා.

  38. saman jayasena

    thanks bro . keep it up

  39. Prabodha Jayakody

    Thanks...

  40. Kantha_DLA

    300 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  41. Prabhasoft

    Thanks Bro.. Jaya Wewa...!!!

  42. indika75

    300වෙනි උපසිරැසියට උණුසුම් සුබපැතුම් !!!!!

  43. Dineth siriwardhana

    සුබ පතනව සහෝ ජය වේවා

  44. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    300 වැනි උපසිරසියට සුභ පැතුම්

  45. Rasitha Pradeep

    300 වැනි උපසිරැසියට හදවතින්ම සුබපැතුම් සහෝ.....
    ඒ වගේම 350 වැනි කඩඉමත් ඉක්මණින්ම පසුකිරීමට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා....
    උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ....

  46. Anonymous

    Thanx bro.Good luck...

  47. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  48. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට... 300වෙනි සබ් එකට සුභ පැතුම් .....

  49. Kps

    එල එල නියමයි. ස්තූතියි .
    ඒ වගේම 300 වෙනි කඩයිමටත් සුභ පතනවා..

  50. kelum abeysekara

    thanks

Load more comments