හරි.. අද දවස මට ටිකක් සුවිශේෂීයි. මොකද අද තමා මගේ ජන්ම දිනය. ඉතින් අපේ බයිස්කෝප් පවුලේ එක සම්ප්‍රදායක් තමා තමන්ගේ ජන්ම දිනය දවසේ යම් කිසි නිර්මාණයකට උපන්දිනය නිමිති කරගෙන උපසිරසියක් නිර්මාණය කරලා ඔයාලට දෙන එක. ඉතින් ඒ නිසා මමත් ඒ නිසා ළගඳි ආව නිර්මාණයක් වෙනුවෙන් උපසිරසි අරගෙන ආවා ඒ නිසා. හරි එහෙනම්…

හරි.. අද දවස මට ටිකක් සුවිශේෂීයි. මොකද අද තමා මගේ ජන්ම දිනය. ඉතින් අපේ බයිස්කෝප් පවුලේ එක සම්ප්‍රදායක් තමා තමන්ගේ ජන්ම දිනය දවසේ යම් කිසි නිර්මාණයකට උපන්දිනය නිමිති කරගෙන උපසිරසියක් නිර්මාණය කරලා ඔයාලට දෙන එක. ඉතින් ඒ නිසා මමත් ඒ නිසා ළගඳි ආව නිර්මාණයක් වෙනුවෙන් උපසිරසි අරගෙන ආවා ඒ නිසා. හරි එහෙනම් බහිමු කතාවට.
මම මේ අරගෙන ආවේ 2020 මැයි 21 වෙනිදා ස්ට්‍රීමින් සර්විස් හරහා නිකුත් කරපු Horror, Thriller, Mystery ගනයට අයත් වෙන අපේ ඩ්‍රැගන් ක්වීන් එහෙම නැත්තම් Emilia Clarke රංගනයෙන් දායක වෙන අලුත්ම නිර්මාණය. මේක ටිකක්, ටිකක් කිව්වට සෑහෙන වෙනස් සිනමා කෘතියක්. හුඟක් අයට අපහාසයට, උපහාසයට ලක් වුන එකක්. රේටින් ගත්තත් IDMb පිටුවේ අගය පවා තියෙන්නේ 2.4ක ඉතා පහල අගයක. එයට හේතුව වෙන්න ඕන මේකේ තියෙන අධික පැටළුණු ස්වභාවය. මේක එක ෆිල්ම් එකක් උනාට මේකේ ඇතුලේ කතා කිහිපයක් තියෙනවා. කට්ටිය එක ෆිල්ම් එකක් කියලා බලන හේතුව නිසා කිසිම තේරුමක් නැති ෆිල්ම් එකක් කියලා හිතලා මේක අප්‍රසන්න වෙනවා වෙන්න ඕන. හරි ඒ හින්දා මම මේක බලන්නම කියලා කියන්නෙ නෑ. ඊට කලින් ට්‍රේලර් එක පොඩ්ඩක් බලලා, රිවීව් එකක් දෙකක් කියවලම බලන්න කියලා ඉල්ලනවා. මොකද හුඟක් අයට මේක සෙට් වෙන එකක් නෑ, බොරුවට ඇගේ ගහලා වැඩක් නැති නිසා.
මේකේ මෙහෙමයි සිද්ධිය වෙන්නේ මේ එක ෆිල්ම් එක ඇතුලේ කෙටි කතා හතරක් තියෙනවා, ඒ කතා ටික තමයි…
1. කුඩා දැරියකගේ බියකරු සිහින ලෝකයක ඉඳලා යථාර්තයේ බියකරු සිහිනය කරා යන ගමන.
2. සමලිංගික යුවලක් පාම් ස්ප්‍රින්ග්ස් වල ආදර සබඳතාවක් මිනීමරු බවට පත් වීම.
3. ධාවන පථය මාරාන්තික බවට පත්වෙන තරුණියක්.
4. සර්කස් එකක වහල්භාවයේ සිටින ගැහැණු ලමයෙකු තම ස්වාමි පුරුෂැයා විසින් බේරගැනීම.
ඔය කියන කතා ටික තමා මේකේ මූලිකව ගොඩනැගෙන්න මූලික වෙලා තියෙන්නේ. පැයයි විනාඩි තිහක් පුරා කතා ටික දිව යනවා. හරි එහෙනම් තව වැඩිය මුකුත් කියන්නේ නෑ. අවසාන වශයෙන් කියන්නේ ආයේත් කියන්නේ ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා ෆිල්ම් එක ගන්න. ජය වේවා..!!

![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,835 downloadsDownload Murder-Manual-2020.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
19 comments
Udaya Saman
Pasindu Madumal
ඒක හොද පුරුද්දක්..!
සුබම සුබ උපන්දිනයක් මලයා..!
සබට තුති අහ්.
Horror එකක් අතාරින්නේ කොහොමද ඔන්න ගත්තා. ❤️Anonymous
Happy birthday bro
Udaya Fdo
Happy birthday malli.
Anonymous
Happy b'day bro.....
"අවසාන වශයෙන් කියන්නේ ආයේත් කියන්නේ ගන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා ෆිල්ම් එක ගන්න"
......බොරු වර්නණා නැතුව බලෙන් ඇගේ ගහන්නේ නැති ඒ සිතුවිල්ලට අපේ ආචාරය!!
ජය වේවා!!!සනිඳු ලක්ඛිත
සුභම සුභ උපන්දිනයක් වේවා මචං... අපිනම් ඉතිං අපේ උපන්දිනේකට අනිත් අයගෙන් තෑග්ගක්නේ බලාපොරොත්තු වෙන්නේ. ඒත් උබ අපිට තෑගි දෙනවා...පම්පෝරිය නැතුව ෆිල්ම් එක ගැන කියලා තියෙන ටිකත් පට්ට... උපසිරසටත් බොහොම ස්තූති...දීර්ඝායූ ප්‍රාර්ථනා කරනවා..ජය වේවා..බුදුසරණයි..!
Chinthaka Viduranga
Thank you
Happy Birth Day BrotherAnonymous
Happy birthday ayye.thank u for subtitle
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
isuru srinath sjs
අද ඔයාට ගොඩක් සතුටු දවසක් කියලා දන්නවා මල්ලි... කොහොම කියන්නද කියලා මටත් තෙරෙන් නෑ.. සුබ උපන්දිනයක් වේවා කියලම මාත් කියන්නම්.. !! බොහොම ස්තුතියි මල්ලි සිංහල උපසිරැසියට .. ජය!!
indika75
සුබ උපන්දිනයක් වේවා !!! උපසිරැසියට ස්තූතියි .
Harshani414
Happy birthday...!!!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……(psarips/torrentgalaxy/yts
site wala thiyana honda aluth
movies walata sub denna plz..)Suranjan
Thanks.....jayawewa.....!
Sohan Jayasooriya
සුභ උපන්දිනයක් වේවා මලයෝ..
Kavinu
සුබ උපන්දිනයක් ලුසියෝ!
චිත්‍රපටිය බලලම හොඳ නරක කියන්නම්,
ජය වේවා...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Ela ela
Me film walata sub denn puluwand
Born a champion 2021
No mans land 2021
Lazarus 2021
Trigger point 2021Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඉස්සෙල්ලම සුභම සුබ උපන් දිනයක් වේවායි කියනවා.. ......ඒ වගේම උපසිරසියටත් බොහොම තුති මලේ....මේ වගේ දවසකට මෙහෙම දෙයක් තෑගි දෙනවට තුති..