ඉතින් ආයුබෝවන් කියලා සුපුරුදු විදිහට ලිපිය කියවන හැමදෙනාවම පිලිගන්නවා.දැන් නම් ටිකක් කල් ඉදන් මේ වැඩේ කරන් යන හින්දා පොඩ්ඩක් පුරුදුයි.ඉතින් අදත් අරන් එන්න හිතුනා සබ් එකක් ටික කාලෙකින් එකක් කලේ නැති හින්දා.හැමතැනම බැලුවා බැලුවා හොද ෆිලුමක් හම්බෙයි කියලා.හම්බවුන හැම ෆිලුමම බයිස්කෝප් පිටුවෙ හොයලා බලද්…

ඉතින් ආයුබෝවන් කියලා සුපුරුදු විදිහට ලිපිය කියවන හැමදෙනාවම පිලිගන්නවා.දැන් නම් ටිකක් කල් ඉදන් මේ වැඩේ කරන් යන හින්දා පොඩ්ඩක් පුරුදුයි.ඉතින් අදත් අරන් එන්න හිතුනා සබ් එකක් ටික කාලෙකින් එකක් කලේ නැති හින්දා.හැමතැනම බැලුවා බැලුවා හොද ෆිලුමක් හම්බෙයි කියලා.හම්බවුන හැම ෆිලුමම බයිස්කෝප් පිටුවෙ හොයලා බලද්දි තියෙන එව්වා. ඔය අතරෙ තමා මට හම්බුනේ මේ ෆිලුම.ඇත්තටම මේ ප්‍රංශ ෆිලුමක්.ඒක නිසා වැඩේ පොඩ්ඩක් විතර අමාරු උනා කියන්නත් පුලුවන්.කොහොමත් මම පාවිච්චි කරන සොෆ්ට්වෙයා එකේ පොඩි අවුලක් වෙලා සබ අවසන් කරන්න ඔන්න මෙන්න වගේ තියෙද්දි එක පාරට ටයිප් කරපු ඔක්කොම මැකිලා ගියා.ඒකයි ටිකක් කල් ගියේ සබ ගෙන්න.අනික මේ සබේ ටයිමින් හදන්න සෑහෙන්න මහන්සි වෙන්න උනා.හරි,ඒවා ඉතින් මට වෙච්චි දේවල්නෙ!!!
ෆිලුම ගැන කතා කරන්න ගත්තොත්,මේක ඇනිමේශන් ගනයට වැටෙන ෆිලුමක්.ඒ වගේම 2012දි තමා මේක එලියට ආවෙ.මං දැකලා තියෙන අනිත් සාමාන්‍ය ඇනිමේෂන් ෆිලුම්වලට වලට වඩා මේක ටිකක් වෙනස් කියලා කියන්න පුලුවන්.අනික මුල ඉදන් අගට වෙනකන්ම කිසිම කම්මැලි කමක් නැතුව නරඹන්න පුලුවන් හොද විහිලු එහෙමත් තියෙනවා මේ ෆිලුමෙ.මේ අවුරුද්දෙ මං බලපු හොදම ඇනිමේෂන් ෆිලුම කියලා උනත් කියන්න පුලුවන්.මං කලින් කිව්වනෙ මේ ෆිලුමෙ පොඩි පොඩි වෙනස්කම් වගයක් තියෙනවා කියලා.ඒ වගේ පොඩි වෙනසක් තමා මේ සම්පූර්ණ ෆිල්ම් එකේම දකින්න තියෙන්නෙ Handdraw animations. ඒ කිව්වෙ පරිගණක වලින් වැඩිය සංස්කරණය නොකරපු සාමාන්‍ය අතින් ඇදපු චිත්‍රවලින් තමයි මේ ෆිල්ම් එක හදලා තියෙන්නෙ.ඒ කියන්නෙ ඉතින් අපි බලලා තියෙන ඩිස්නි,පික්සාර් සමාගම්වලින් හදන ෆිලුම් තරම් නම් මේකෙ ග්‍රැෆික්ස් නං කොලිටි නෑ ඕං.දැන් ඕගොල්ලො හිතනවා ඇත්තෙ “අයියෝ,ෆිල්ම් එක කොලිටිත් නෑලු.එතකොට මොකද්ද මේකෙ තියෙන විශේෂෙ?”කියලා.මටත් ඕක මුලින්ම හිතුනා ෆිලුම ගන්න යන වෙලාවෙ.පස්සෙ තමා දැක්කෙ මේ ෆිලුමට imdb මීටරේ 7.9ක අගයක් දීලා තියෙනවා වගේම 97%ක කුනු තක්කාලි අගයකුත් දීලා තියෙන්නෙ කියලා.සෙල්ලන් නෑනෙ.සාමාන්‍යයෙන් අපි බලල තියෙන හොදම ෆිලුම් ගත්තත් ගොඩක් ඒවට තියෙන්නෙ ඊට වඩා අඩු අගයක්. උදාහරණයක් විදිහට කොන්ජූරින් 1 (7.5) සහ 2 (7.3) ෆිලුම් දෙකෙන් එකකටවත් මේ ලකුණ ඉක්මවා යන්න බැරිවෙලා තියෙනවා. ටයි ටයි වගේ තමා ඒත් මේ ෆිලුමෙ අගය වැඩීනෙ. අනික අපි හැමෝම පොඩි කාලෙ ඉදලා ආසාවෙන් බලපු කතාංගයක් වෙච්ච ස්කූබි ඩූ කතාමාලාවට 2020 වෙද්දි තවත් චිත්‍රපටියක් එකතු උනා.ඒත් පුදුමේ කියන්නෙ ඒ ෆිලුමට ලැබුනෙත් imdb මීටරෙ 6.1ක අගයක්.මං මේ උත්සහ කලේ ඒ කතා පහත් කරන්න නම් නෙවෙයි හොදේ.
හරි,දැන් ෆිලුමට ලැබිලා තියෙන සම්මාන ගැන කතා කරමුකෝ. සම්මාන නම් තොගයක් හම්බවෙලා තියෙනවා.හොදම ඇනිමේෂන් ෆිල්ම් එක වෙනුවෙන් ප්‍රංශයේ සීසර් සම්මානය. තව වසරේ හොදම ඇනිමේෂන් ෆිල්ම් එක වෙනුවෙන් ඔස්කාර් සම්මානය.ඒ වගේම ඇනී සම්මාන 6කුත් ලබාගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා.තව ගොඩාක් සම්මාන ලැබිලා තිබුනත් අපි ෆිල්ම් එකේ කතාවට බහින්න ඕනෙ හින්දා මෙතනදි සදහන් කරපු නැති එකට මට සමාවෙන්න ඕනා.ඉතින් ඔය වගේ හේතු නිසා තමයි මගෙ 3වෙනි උපසිරැසිය විදිහට මේ ෆිලුම ඔයාලා ලගට අරන් එන්න හිතුනේ.
මේ ෆිලුම නිෂ්පාදනය කරන්න පාදක වෙලා තියෙන්නෙ ගේබ්‍රියල් වින්සන්ට් කියලා ලේකකයෙක්ගෙ කතන්දර පොත් මාලාවක්.හරියට ජේ.කේ රෝලින් මහත්මියගෙ අපි කවුරුත් දන්න හැරී පොටර් කතාමාලාව වගේ.මේ ෆිලුම ගලාගෙන යන්නෙ හරි අපූරු විදිහෙ මිත්‍රත්වයක් එක්ක.සෙලස්ටීන් කියන මී පැටියයි අර්නස්ට් කියන වලහයි දෙන්නා අතරෙ සිද්දවෙන සිද්දිත් එක්ක මෙයාලා මොනවා කරගනීද?සාමාන්‍යයෙන් අපිත් අපේ යාලුවොත් අතරෙ ඕන තරම් වෙනස්කම් තියෙනවා.මං නම් ඒක අත්දැකලම තියෙනවා පොඩි කාලෙ ඉදලාම.ඒත් ජයග්‍රහණය තියෙන්නෙ ඒ යාලුවගෙ අඩුපාඩුව නැතිකරගන්න උදව් කරලා ඉස්සරහට හොදින් මූණ දෙන එකෙයි.මෙතනදිත් බැලූ බැල්මට පේන දේ තමා වලහෙක්ගෙයි මීයෙක්ගෙයි තියෙන ප්‍රබල වෙනස.ශරීර ප්‍රමාණය ගත්තත්,හැසිරීම ගත්තත් දෙගොල්ලො අතරෙ විශාල වෙනසක් තියෙනවා.කතාවෙත් මේ මං කියන දේ හොදින්ම පෙන්නලා දෙනවා.කොහොමහරි තමන් අතරෙ තියෙන මේ අසමානකම් ගලපගෙන එකට ඉන්න මේ වලහටයි මීයටයි පුලුවන් වෙයිද?උත්තරේ දැනගන්න ඕගොල්ලො හැමෝටම මං ආරාධනා කරනවා මේ පැයයි විනාඩි 14ක කාලයක් ධාවනය වෙන ෆිල්ම් එක බලන්න කියලා. සුපුරුදු විදිහට මේ පාරත් එහෙනම් ලිපිය කියවපු හැමෝටම ස්තූති කරනවා.මං විශ්වාස කරනවා මේ ලිපිය කියවපු හුග දෙනෙක් මේ ෆිල්ම් එක බලයි කියලා.මොකද මේක නිකන්ම නිකන් මීයෙකුයි වලහෙකුයි ඉන්න කතාවක් නෙවෙයි.ඊට වඩා ජීවිතේට ගන්න පුලුවන් දේවල් හුගක් තියෙනවා.මං කලිනුත් කිව්වනෙ.හරි ඉතින් මම එහෙනම් තව කතා කරන්න යන්නෙ නෑ.ලගදිම තව සබ් එකක් ගේන බලාපොරොත්තුව උඩ මං එහෙනම් ගිහින් එන්නම්….!!!
හෝව්..!හෝව්..! මේ මට පොඩි ඉල්ලීමක් කරන්නත් තියෙනවා.මේ ෆිලුම ගැන බලන්න ආපු හැමෝම අනේ තරහ නැතුව තමන්ගෙ අදහසක් දක්වලා කමෙන්ටුවක් හලාගෙන යමුද පල්ලෙහායින්?ඇත්‍තටම ඉතින් ඔයා දක්වන ප්‍රතිචාරෙ ගොඩක්ම වටිනවා මං කරන්න බලාපොරොත්තු වෙන ඉදිරි වැඩවලට…..
හරි.. එහෙනම්…බොහොම ස්තූතියී…..!

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
987 downloadsDownload Ernest-and-Celestine-2012.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිහස් සෙන්හිරු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිහස් සෙන්හිරු
Subtitles
10 comments
Ravisara Dharmapala
Amila Wickramasinghe
Thank you so much!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
Anonymous
Thanks for sub bro
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි !!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
PaThUm_WiNcHeStEr (පැතුමා)
thanks you bro
rockz2020
තද තද උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
StarDog and TurboCat (2019)wayantha
wooow supiri film ekak godak pin me wage ewata sub karanawata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Ernest & Celestine (2012) Aka Ernest et Célestine Sinhala Subtitles | අර්නස්ට් සහ සෙලස්ටීන් [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/Ernest-Celestine-2012.jpg)
Thnks saho lasna animation ekk nimeta krla tynwa sub ekt thnks digtma sub krnda..