මගේ තුන්වන උපසිරැසිය විදියට මේ පාරත් මං අරන් ආවේ කොරියානු චිත්‍රපටයක්. මේකත් ගොඩක් ලස්සන චිත්‍රපටයක්. ජූඩෝ ක්‍රීඩාව ගැන වැඩියෙන් කියැවෙන මේ චිත්‍රපටයේ අයියෙකුගෙයි, මල්ලියේකුගෙයි සහෝදර බැඳීමක් ගැන හරිම ලස්සනට කියවෙනවා. ගෝ දෝ යොන්ග් දක්ෂ ජූඩෝ ක්‍රීඩකයෙක්. දවසක් ජූඩෝ තරගයක් අතරතුරදී සිදුවන අනතුරක් හේත…
මගේ තුන්වන උපසිරැසිය විදියට මේ පාරත් මං අරන් ආවේ කොරියානු චිත්‍රපටයක්. මේකත් ගොඩක් ලස්සන චිත්‍රපටයක්. ජූඩෝ ක්‍රීඩාව ගැන වැඩියෙන් කියැවෙන මේ චිත්‍රපටයේ අයියෙකුගෙයි, මල්ලියේකුගෙයි සහෝදර බැඳීමක් ගැන හරිම ලස්සනට කියවෙනවා.
ගෝ දෝ යොන්ග් දක්ෂ ජූඩෝ ක්‍රීඩකයෙක්. දවසක් ජූඩෝ තරගයක් අතරතුරදී සිදුවන අනතුරක් හේතුවෙන් එයාගෙ ඇස් පෙනීම නැතිවෙලා යනවා. අම්මා, තාත්තා නැති දෝ යොන්ග් ඊට පස්සෙ දුක්ඛිත ජීවිතයක් ගත කරනවා. මෙයාගෙ දුක සැප හොයලා බලන්නෙ ජූඩෝ කෝච් විතරයි. එයා හරිම ලස්සන කෝච් කෙල්ලක්.
දෝ යොන්ග් කියන්නෙ දෝ යොන්ග්ගෙ තාත්තාගේ දෙවන විවාහයෙන් පස්සෙ ලැබෙන පුතා. පළමු විවාහයෙන් ලැබෙන පුතා වන ගෝ ඩූ සික් ඉන්නේ හිරගෙදර. මේ ඩූ සික් මාර කපටියෙක්. ඒ කපටිකම නිසාම දෝ යොන්ග් ගැන කියලා මෙයා හිරගෙදරින් නිදහස් වෙලා එනවා. දෝ යොන්ග් හා ඩූ සික් කොහොමත් සහයෝගයෙන් ඉන්න දෙන්නෙක් නෙවෙයි. මේ දෙන්නා එකතු වෙලා හරි හරි වැඩ කරනවා. ඒ වගේම කතාව අවසානයේදී මේ දෙන්නගේ ජීවිත වලට ලොකු ලොකු වෙනස්කම් වෙනවා.
සහෝදර බැඳීම ගැන ලොකු දෙයක් කියවෙන චිත්‍රපටයක් වන මෙය කොරියාවේ තිරගත වෙලා තියෙන්නේ 2016 නොවැම්බර් 23. තිරගත වෙලා දවස් හතරක් ඇතුළතදී මිලියන එකකට වඩා පිරිසක් මේ චිත්‍රපටය නරඹලා තියනවා. මෙහි IMDb අගය 7.4ක්. කරදරකාර අයියා විදියට රඟපාන්නෙ Jo Jung- suk. ජූඩෝ ක්‍රීඩක දෝ යොන්ග් විදියට රඟපාන්නෙ Do Kyung- soo. ඒ වගේම ලස්සන කෝච්
විදියට රඟපාන්නෙ කොරියාවේ විතරක් නෙවෙයි ලංකාවෙත් ගොඩක් ජනප්‍රිය Park Shin- hye. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kwon Soo- kyung. මෙහි අන්ධ චරිතය රඟපාන Do Kyung- sooට එම චරිතය සඳහා සම්මාන කිහිපයක්ම ලැබිලා තියනවා. ඇමරිකානු ඩොලර් මිලියන 20.6ක ආදායමක් උපයපු මේ චිත්‍රපටය බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ආයෙත් ලස්සන කොරියානු චිත්‍රපටයකින් හමුවෙමු.
ජයවේවා!!!!!!!

Due to copyright issues, we do not provide any torrent links.
My.Annoying.Brother.2016.HDRip.720p.H264.AAC-STY
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4,844 downloadsDownload My-Annoying-Brother-2016.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/Maheshi-Chathurika.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මහේෂි චතුරිකා
Subtitles
18 comments
ඉෂාන් මදුෂ
Soori
උපසිරැසිය ගත්තා. බොහොම ස්තුතියි මහේෂි සොයුරියේ....!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Chami.S
Thanks..
Good Luck..Dilan
Lassana film ekak wage.oyata jaya wewa sahodari.
Tharu
Sub ekata Thank you Maheshi.thawath Korean kathawalata sub denna shakthiya diriya labewa
Sanindu Lakkitha
:::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::::Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Dish
Tnx sis
Mahesh
Sub ekata thanx
Chamith Mihiranga
Thanks Sis..
silent$
Thnxxxx
Chamu
Thaxxx sub ekata lassana film ekak.puluwan nam me wage thawa lassana katha tikak denna.
Chalana
thnx sis...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shanthani
Tnx. Yalu korean tv seiries akakatah sub demu neda
Kasun
Tnx. Meeka bluray ekatath hariyanawada??
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තූතියි.
ජය වේවා!